Cantact Us

Water News


වැඩිම වැස්‌ස මඩකලපුවට
Thursday 14 February 2013 1.00 a.m.

වායු ගෝලයේ හට ගෙ
න ඇති කැළඹිලි තත්ත්වය හේතුවෙන් ඊයේ (13 වැනිදා) වැඩිම වර්ෂාපතනයක්‌ මඩකලපුව දිස්‌ත්‍රික්‌කයට ඇති වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එය මිලි මීටර් 108.4 ක්‌ වූ අතර, ත්‍රිකුණාමලය, වව්නියාව, පොතුවිල්, පොලොන්නරුව, හම්බන්තොට, නුවරඑළිය, බණ්‌ඩාරවෙල යන දිස්‌ත්‍රික්‌කවලට ද සැලකිය යුතු වර්ෂාපතනයක්‌ ලැබී තිබිණි.

මේ හේතුවෙන් පසුගිය දිනවල වාන් දමමින් තිබූ ජලාශ රැසක්‌ යළි වාන් මට්‌ටමට පැමිණ තිබේ.

පරාක්‍රම සමුද්‍රය, කවුඩුල්ල, මින්නේරිය, ජලාශවල වාන් දොරටු විවර කර තිබූ බැවින් ඒ අවට පහත් බිම් කිහිපයක්‌ ද ඊයේ වන විට ජලයෙන් යට වී තිබිණි.

මාතර, දෙනියාය, ගල්දොළ ප්‍රදේශයේ අධිබල විදුලි රැහැන් පද්ධති තුනකට දැඩි සුළඟින් හානි සිදු වී තිබූ අතර විදුලි කණු 10 ක්‌ ද කැඩී තිබිණි.

මෙයින් විදුලිබල මණ්‌ඩලයට සිදු වූ පාඩුව රුපියල් ලක්‍ෂ 6 කි.

මාතර, අගලකඩ, බෝපාගොඩ, විඡේතුංගපුර, ධම්මරතන ගම ප්‍රදේශවලට ද සුළඟින් විපත් සිදු වූ අතර විදුලි කණු 6 ක්‌ කැඩී ගොස්‌ තිබිණි.

නිවාස දේපල රැසකට ද සුළඟින් හානි සිදු වී ඇත.

එසේම නුවරඑළිය, කෑගල්ල, මහනුවර, කුරුණෑගල, අනුරාධපුරය යන දිස්‌ත්‍රික්‌කවල ගම්මාන කිහිපයකට ද දැඩි සුළඟින් හානි සිදු වී තිබූ අතර විදුලි කණු 10 ක්‌ ද කැඩී තිබිණි. 

එම දිස්‌ත්‍රික්‌කවල පවුල් සියයකට ආසන්න සංඛ්‍යාවක්‌ දැඩි සුළඟ හේතුවෙන් විපතට පත් වූ අතර හානියට පත් නිවාස සංඛ්‍යාව 97 කි.

තවදුරටත් දිවයිනේ උතුර, උතුරු මැද. ඌව, මධ්‍යම, නැගෙනහිර, දකුණ පළාත්වලට වැසි හා සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


ලෝකයේ සියලු භූතල මායිම්වල භූමිකම්පා
Friday 13 April 2012 11,00 p.m.

අද රාත්‍රී නමයට අවසන් වූ විසිහතර පැයේදී  ලෝකයේ සියලු භූතල මායිම්වල භූමිකම්පා සිදුවූ බව ඇමරිකාවේ භූ විද්‍යා පර්යේෂණ ආයතනය කියයි. රිච්ටර් මාපකයේ අගය හතර ඉක්මවූ භූමිකම්පා 30 කින් 15 ක්ම සුමාත්‍රා අසළ මුහුදේ සිදුව ඇත. උතුරු ඉන්දියාවේ රිච්ටර් මාපක 4.3 ක හා චීනයේ රිච්ටර් මාපක 4.5 ක භූමිකම්පාවක් සිදුව ඇත. ජපානය හා ඒ අවට භූම්කම්පා පහක් සිදුව ඇති අතර රිච්ටර මාපකයේ 5.0, 5.6 සහ 5.7 අගයන් වලින් යුතු භූමිකම්පා තුනක් ඒ අතර වේ.

 



නව භූතලයක් නිර්මාණයවන ලකුණු
Friday 13 April 2012 6.00 a.m.

ශ්‍රි ලංකාවට ඈත දකුණු මුහුද ආශ්‍රිතව භූචලන කලාප හඳුනාගැනීම හේතුවෙන් ඇතැම් භූ විද්‍යාඥයින් එම ප්‍රදේශය ආශ්‍රිතව නව භූතලයක් නිර්මාණය වෙමින් ඇතැයි විශ්වාස කරන බව භූවිද්‍යාව පිළිබද ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල දහනායක පවසයි.



කෙසේ වෙතත් ඔහු ප්‍රකාශ කළේ ලෝක භූ විද්‍යා සමුහය මෙය ස්ථිරව පිළිගෙන නොමැති බවය.

භූමිකම්පා පිළිබදව පුර්ව අනාවැකි පළ කළ නොහැකි බව ද ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල දහනායක පෙන්වා දෙයි.

ඉන්දුනිසියාවේ උතුරු සුමාත්‍රාහි බටහිර වෙරළට නුදුරු මුහුදේ ඊයේ පස්වරුවේ රික්ටර් මාපකයේ ඒකක 8.6 ක ප්‍රබල භූ කම්පනයක් හටගැනිණි.

පස්වරු 2.08 ට හටගත් මෙම භූකම්පනයත් සමග පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීම් මධ්‍යස්ථානය නිකුත් කළ අනතුරු ඇඟවීම පස්වරු 6.30 ට පමණ ඉවත් කළේය.


නව භූතලයක් නිර්මාණයවන ලකුණු






සුමාත්‍රා මුහුදු පතුල දිගටම හෙල්ලුනත් සුනාමියක් නෑ

මහාචාර්ය කෙහෙල්පන්නල කියයි

Thursday 12 April 2012 1.00 p.m.

සුමාත්‍රා දූපත අසළ මුහුදේ ඉදිරි දින කිහිපයේ සිදුවන භූ කම්පන වලින් සුනාමියක් ඇතිවිය නොහැකි බව මහාචාර්ය විල්මට් කෙහෙල්පන්නල මහතා කියයි. ඔහු දකුණු අප්‍රිකාවේ සිට ප්‍රකාශකළේ ගතවූ පැය විසි හතරේදී එම ප්‍රදේශයේ අඩු ප්‍රබලත්වයකින් යුතු භූමි කම්පා 22 ක් සිදුව ඇති බවයි. භූ තල මායිම තිරස් අතට චලනය වීමෙන් මෙම භූමිකම්පා සිදුවන බවද රිච්ටර් මාපක 8.6 ට වැඩි භූ කම්පන සිදුවිය නොහැකි බවත් ඒ මහතා කියයි. භූතල මායිමක විශාල කම්පනයක් සිදුවූ පසු තල මායිමේ ඇතිවූ වෙනස්කම සමපාත වීම සදහා පසුකම්පන ඇතිවීම ස්වභාවික බවත් මෙම පසු කම්පන රිච්ටර් මාපක 8.6 ඉක්මවා නොයන බවත් මහාචාර්යවරයා පවසයි.

ඉන්දුනීසියා භූ චලනයෙන් ඉන්දීය භූ තලයේ තිරස් පැල්මක්
Thursday 12 April 2012 10.00 a.m.

ඉන්දුනීසියාව ආශ්‍රිත සාගර කලාපයේ ඊයේ හටගත් ප්‍රබල භූචලනය ඉන්දීය භූතලය තුළ සිදු වු ප්‍රබල භූ කම්පනයක් බව විද්‍යාඥයෝ පවසති.
 

බ්‍රිතාන්‍ය භූ විද්‍යා සමීක්ෂණ ආයතනයේ විද්‍යාඥ රොගර් මියුසන් පෙන්වා දෙන්නේ, මෙහිදී භූ තලය තිරස් පැල්මකට ලක්ව ඇති බවයි.

එය පසුගිය සමයේ ඉන්දුනීසියාව ආශ්‍රිතව හටගත් බෝහෝ භූ චනයන්ගෙන් වෙනස් වන බව ද මියුසන් පෙන්වා දෙයි.

මෙහිදී පොළව මහාද්වීපික තට්ටු අතරට තල්ලුවීමක් සිදුව ඇති බව ඔහුගේ අදහසයි.

භූ චනයක් මේ අයුරින් සිදුවන අවස්ථාවක සුනාමියක් හටගැනීමට ඇති ඉඩකඩ විරල බව ද විද්‍යාඥවරු පවසති.

ඊට හේතු වශයෙන් ඔවුන් පවසන්නේ, මෙහිදී විශාල ජල කදක් තල්ලුවීමකට ලක් නොවීමයි.

ඊයේ පස්වරුවේ ඉන්දුනීසියාවේ අචේ පළාතට ඔබ්බෙන් සාගරයේ රික්ටර් පරිමානයේ ඒකක 8.6ක ප්‍රබලත්වයක් සහිත භූ චනලයක් සහ ඒකක 8.2ක ප්‍රබල පසුකම්පනයක් මෙන්ම තවත් පසු කම්පන කිහිපයක් සිදු විය.








World Water Day 2012

March 22, Thursday, 2012 7:30 p.m.


The U.N. designates March 22 as the day of the year when we spotlight the global safe water and sanitation issue and the collective efforts underway to get solutions to those struggling and in need.


Comments