Arsenic Problem

Kidney disease and Arsenic? Prof Priyani Paranagma 1


Kidney disease and Arsenic? Prof Priyani Paranagma 2


ආසනික්‌වලට සීනි දමන අලජ්ජී මහ ඇදුරෝ!

Saturday , 01 September 2011,  9.00 p.m












කාලයක පටන් මේ රටට බත සැපයූ රජරට ගොවි රජුන් ඇතුළු ජනතාව වකුගඩු රෝගීන් කර පරලොව යෑවූ සහ මුළු මහත් ජාතියම රෝගීන් කළ යක්‍ෂයා කෘෂි රසායන ත්‍රස්‌තවාදීන් අපට ශරීරගත කළ ආසනික්‌, කැඩ්මියම් ඇතුළු මාරාන්තික වස විෂ බව දැන් පැහැදිලිව සනාථ වී තිබෙන්නකි. අද මේ යක්‍ෂයා රජරට බිමට එල්ල කර ඇති ප්‍රහාරය කොතරම් භිහිසුණු වී තිබේද? බලධරයනි. දැනටමත් රජරට මිනිසුන් විසි දෙදහසක්‌ මියගොස්‌ සිටිති. තවත් දහනව දහස්‌ අටසියයක්‌ දෙනා සිටිනුයේ වකුගඩු නරක්‌ වී රෝහල් සායන වෙත යමිනි.

තත්ත්වය එසේ වෙද්දී මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානය මගින්ද රජරට වකුගඩු මාරයා කවරෙක්‌දැයි තහවුරු කර ඇත්තේය. ඒ කෙසේද? එය සිදු කර ඇත්තේ එම සංවිධානය පැහැදිලි ලෙසම රජයට ඉදිරිපත් කර ඇති වාර්තා ත්‍රිත්වයක්‌ මගිනි. ඉන් පළමු වාර්තාව නිකුත් වන්නේ 2011 වසරේ ජුනි මස 6 සහ 8 යන දින අතරතුරය. එහි සඳහන්ව ඇති සුවිශේෂී කරුණු කිහිපයක්‌ මෙසේ පෙන්වා දිය හැක. 

උතුරු මැද සහ ඌව පළාත් තුළ අවුරුදු 15-70 අතර ජනගහනයෙන් සියයට 15 ක්‌ හඳුනානොගත් වකුගඩු රෝගයකට ගොදුරු වී සිටිති. ඒ අතරින් වයස අවුරුදු 40 වැඩි වසර දහයකට වඩා ගොවිතැනෙහි නිරත වූ පිරිමින් රෝගය වැළඳීමේ වැඩි අවදානමකට ගොදුරුව සිටී.

මෙම රෝගය වැළඳුණු පිරිමින් හා කාන්තාවන් බහුතරය සිය මුත්‍රා සමග ඉහළ ආසනික්‌ සහ කැඩ්මියම් ප්‍රමාණයක්‌ පිට කරන අතර වකුගඩු සඳහා විෂ සහිත සාධක කිහිපයක එකතුවකින් මෙම වකුගඩු රෝගය වැළඳෙන බව පෙනී යයි. ඒ ආසනික්‌, කැඩ්මියම් සහ වකුගඩු විෂ සහිත කෘෂි රසායන වේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දෙවන වාර්තාව නිකුත් වී ඇත්තේ 2011 වසරේ ඔක්‌තෝබර් මස 5-7 යන දිනවලය. එහිදී පළමු වාර්තාවේ කරුණුද පෙන්වා දෙමින් දෙවන වරටත් මේ පිළිබඳ රජයට දැනුම් දී ඇති එම සංවිධානය එකී දෙවන වාර්තාවේ සඳහන් කර ඇති විශේෂිත කරුණක්‌ මෙසේ දැක්‌විය හැකිය.

විෂ සහිත මූලද්‍රව්‍ය පරිසරය තුළ ඒකරාශී වීම බරපතල සෞඛ්‍ය ගැටලු ගණනාවක්‌ නිර්මාණය කරයි. මේ සඳහා නිසි පියවර ගැනීම ප්‍රමාද කිරීම තරුණ පරම්පරාවද සෞඛ්‍ය ගැටලු ගණනාවකට ඇද දමන බවද අවධාරණය කරමු.

2012 වසරේ පෙබරවාරි මාසයේදී ලෝක සෞඛ්‍ය සංවිධානය සිය තෙවන වාර්තාව නිකුත් කරමින් පවසා ඇත්තේ කුමක්‌ද? 

අපි රජරට වකුගඩු රෝගීන් 496 දෙනකුගෙන් ගත් සාම්පල පරීක්‍ෂාවක්‌ සිදු කළෙමු. ඔවුන් අතරින් සියයට 56 දෙනෙක්‌ මුත්‍රා සමග ඉහළ කැඩ්මියම් ප්‍රමාණයක්‌ පිට කරති. සියයට 63 දෙනෙක්‌ මුත්‍රා සමග ඉහළ ආසනික්‌ ප්‍රමාණයක්‌ පිටකරති. මෑතකාලීන පර්යේෂණ අනුව මෙසේ කැඩ්මියම් සහ ආසනික්‌ මුත්‍රාවල පැවැතීම ක්‍රමයෙන් වකුගඩුවලට හානි සිදු වී ඒවා අකර්මණ්‍ය වීමට හේතු වේ. 

මේ සටහන් කෙරුණේ එකී වාර්තා ත්‍රිත්වය මගින් ලෝක සෞඛ්‍ය සංවිධානය රජරට වකුගඩු රෝගය සම්බන්ධයෙන් සුවිශේෂීකොට රජයට අවධාරණය කර තිබෙන කරුණු කිහිපයකි. නමුත් එම සංවිධානය මෙකී අනාවරණය කරන විට රජරට වකුගඩු රෝගයේ මාරයා කෘෂි රසායනවල ඇති ආසනික්‌ ඇතුළු මාරාන්තික විෂ බව මෙරට විද්වත් පිරිසක්‌ද වටිනා හෙළිදරව්වක්‌ කර තිබිණි. ඒ මහාචාර්ය නලින් ද සිල්වා, මහාචාර්ය ප්‍රියානි පරණගම සහ මහාචාර්ය මාලා අමරසිංහ යන මහත්ම මහත්මීන් ප්‍රධාන රටට ආදරය කරන විද්වත් පිරිසකි.

එහෙත් පැහැදිලිවම සනාථ වී ඇති රජරට වකුගඩු මාරයා සේම සමස්‌ත ජාතියම රෝගීන් කරන යක්‍ෂයාගේ කතාව මෙසේ වෙද්දී අද මාරයාට කඩේ යන ඉහතකී මහාචාර්යවරුන්, මහාචාර්යවරියන් සහ ආචාර්යවරුන් කියන කතාව වී තිබෙන්නේ කුමක්‌ද? එය නින්දිතය. මොවුන්ගේ එකී නින්දිත කතා පසුපස ඇත්තේ බහුජාතික කෘෂි රසායන ත්‍රස්‌තයන් අතදිහැර පුදන ඩොලර් කුට්‌ටිද විය හැකිය.

මේ රැළේ එක්‌තරා මුග්ධ මහාචාර්යවරකු සිටින්නේය. හැට පැන්නත් වඳුරා බිම නොයන්නේය යන න්‍යාය අමාරුවෙන් අනුගමනය කරන හේ බණක්‌ භාවනාවක්‌ කරගෙන යන තැනකට යමක්‌ කරගත යුතු වයසේ පසුවුවද තවමත් එක්‌ විශ්වවිද්‍යාලයක සිටිමින් කෘෂි රසායන ත්‍රස්‌තවාදය හමුවේ ජාතිය වනසන මාරයාට කඩේ යන්නේ මෙසේය.

"කවුද කියන්නේ රජරට වකුගඩු රෝගයට හේතුව කෘෂි රසායනවල තියෙන ආසනික්‌ ඇතුළු විෂ කියලා. ඒක අමූලික බොරුවක්‌. ආසනික්‌ ලංකාවේ භූමියේ හැම තැනම තියෙනවා. එහෙනම් ඔක්‌කොටම වකුගඩු ලෙඩ හැදෙන්න ඕනේ. 

මේකට හේතුව ආසනික්‌වත්, කෘෂි රසායනවත් නොවේ. රජරට වකුගඩු රෝගයට එකම හේතුව ඒ පළාතේa භූගත ජලයේ තිබෙන ෆ්ලෝරයිඩ්.. ඔහු අද සැබෑව යටපත් කරමින් සිටින්නේ එලෙසිනි. ඔහුගේ එකී ෆ්ලෝරයිඩ් කතාව පසුපසද ඇත්තේ මහාචාර්ය අභිමානය පිළිබඳව වූ තුට්‌ටු දෙකේ නිමිත්තකි.

එහෙත් අපි එය හෙළි නොකරන්නෙමු. මන්ද එසේ කළහොත් මේ මිනිසා අමු අමුවේම නිරුවත් වන බැවිනි. මෙම මහාචාර්යවරයා දෙසන මුසාවාදයට පැහැදිලිව උත්තර දෙන්නට අප සතුව ඕනෑ තරම් කරුණු තිබේ. නමුත් මුග්ධයකු වුවද මොහුද මහාචාර්යවරයෙකි. එහෙයින් ඔහු හා සමාන දැනුමැති විද්වතකු වෙතින්ම ඔහුට පිළිතුරු දීම වැදගත් වේ.

අපි එය එසේ කළෙමු. මේ බිමේ ආසනික්‌ නිධන්ගතව තිබෙන බවද කියන අතරේ මෙකී මහාචාර්යවරයා රජරට වකුගඩු රෝගය හමුවේ වපුරමින් සිටින ෆ්ලෝරයිඩ් සාධකය පිළිබඳ කතාව අපි කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්වරියන් දෙදෙනකු වූ ප්‍රියානි පරණගම සහ මාලා අමරසිංහ මහත්මීන් වෙත ඉදිරිපත් කළෙමු. 

ගෙවෙන මොහොතක්‌ පාසා රජරට ජනතාව පරලොව යවමින් සිටින මාරයා සොයා යැමේ කාර්යයේදී රටේ ජනතාව වෙනුවෙන් සිය දැනුම සමග ශ්‍රමයද කැප කළාවූ විද්වතියන් දෙදෙනකු වන ඔවුන් ඉහත මහාචාර්යවරයාගේ කතාවට Rජුව පිළිතුරු දුන්නේ මෙලෙසිනි.

නැහැ. ලංකාවේ භූමියේ ආසනික්‌ තිබෙන බවට මෙතෙක්‌ කිසිදු ආකාරයකින් අනාවරණය වී නැහැ. ඒ සම්බන්ධයෙන් භූ විද්‍යාත්මකව තහවුරු වීත් නැහැ. අවම තරමින් මෙරට භූගතව ආසනික්‌ තිබෙන බවට මෙතෙක්‌ කිසිම විද්‍යාත්මක වාර්තාවක්‌ හෝ ඉදිරිපත්ව නැහැ. 

සාමාන්‍යයෙන් කිසියම් භූමියක භූගත ආසනික්‌ තත්ත්වයක්‌ ඇති වීමට බලපාන සාධක කිහිපයක්‌ තිබෙනවා. ගිනි කඳු පිපිරීම් සිදුවන ප්‍රදේශවල, ඉතා ගැඹුරු උණු දිය උල්පත් තිබෙන ප්‍රදේශවල සහ රත්‍රන් පතල් ආදී ලෙසින් ඉතා ගැඹුරු පතල් කැණීම් සිදුවන ප්‍රදේශවල එසේ විය හැකියි.

එසේ වන්නේ සිදුවන ක්‍රියාදාමය තුළ පාෂාණවල ඇති ආසනික්‌ අපද්‍රව්‍යයක්‌ ලෙසින් මතුවීම හේතුවෙන්. එහෙත් ශ්‍රී ලංකාවේ ගිනි කඳු පිපිරීම්, ඉතා ගැඹුරින් මතුවන උණුදිය උල්පත් හෝ ගැඹුරින් සිදුවන පතල් කර්මාන්ත නැහැ. ඉතින් කොහොමද මෙරට භූ+මියෙන් ආසනික්‌ තත්ත්වයක්‌ මතුවෙන්නේ.

මෙහිදී පැහැදිලිවම කිවයුතු කරුණක්‌ තිබෙනවා. ඒ තමයි අප රජරට වකුගඩු රෝගය සම්බන්ධයෙන් සිදු කළ පර්යේෂණවලදී රජරට බිමේ ආසනික්‌ තැන්පත් වී තිබුණේ මතුපිට භූමියේ පමණක්‌ බව තහවුරු වීම. භූමියේ අඩියෙන් අඩිය ගැඹුරට යමින් අප ඒ පර්යේෂණය සිදු කළා. 

එහිදී හොඳින්ම පෙනී ගියා ගැඹුරට යන්නට යන්නට ආසනික්‌ ප්‍රමාණය අවම වන බව. අඩි පහළව, විස්‌ස වගේ ගැඹුරු මට්‌ටම්වලදී ආසනික්‌ මුලද්‍රව්‍ය තිබුණේම නැති තරම්. ඉතින් ශ්‍රී ලංකාවේ භූගත ආසනික්‌ තත්ත්වයක්‌ තිබෙනවා නම් අපේ පර්යේෂණයේදී ගැඹුරට යනවිට පවතින ආසනික්‌ ප්‍රමාණය අවම වෙන්නේ කොහොමද? ශ්‍රී ලංකාවේ භූගතව ආසනික්‌ නිර්මාණය වී තිබෙනවා නම් එලෙස ගැඹුරට පරීක්‍ෂා කිරීමේදී ආසනික්‌ මට්‌ටම අවම වීමක්‌ කෙසේවත් සිදුවිය නොහැකියි. මේකයි ඔය කියන මහාචාර්යවරයාගේ කතාවට දෙන්න පුළුවන් පැහැදිලි පිළිතුර.

අනික මතුපිට භූමියේ ආසනික්‌ තිබීම සහ ගැඹුරට යැමේදී අවම වීම යන කරුණ තුළින් සෘජුවම ගම්‍ය වන්නේ කිසියම් ක්‍රියාකාරකමක්‌ හේතුවෙන් රජරට බිමට ආසනික්‌ එකතු වූ බවයි. ඒ ක්‍රියාකාරකම තමයි රජරට ගොවීන් වසර ගණනාවක්‌ තිස්‌සේ ඉහළ ආසනික්‌ ප්‍රමාණයක්‌ අඩංගු කෘෂි රසායන භාවිතා කිරීම.

අපි මේ පර්යේෂණය සඳහා යොදා ගත්තේ රජරට කුඹුරු යායක්‌ සහ පදවිය වැවේ භූමිය කියන ස්‌ථාන. ඒ හැම පර්යේෂණයකදීම ලැබුණේ එකම පිළිතුර. මතුපිට භූමියේ ආසනික්‌ හමු වුණාට ගැඹුරට යද්දී ඒක එහෙම වුණේ නැහැ.

මේ විෂෙන් මියයන්නේ අපේ ජනතාව. රෝගීන් වෙන්නේ අපේ ජනතාව. මේක ජාතික ගැටලුවක්‌. අපේ පෞද්ගලික ප්‍රශ්නයක්‌ නෙමෙයි. අන්න ඒ නිසා අපි මේ ප්‍රශ්නයේදී එක එක මත ප්‍රකාශ කරන ඔය ආචාර්ය මහාචාර්ය හැමෝගෙන්ම ඉල්ලනවා, මේ ගැටලුව හඳුනාගන්න කියලා. අපි ඉගෙන ගත්තේ රටට සේවයක්‌ කරන්න. එනිසා රටම විනාශ වෙන බව දැන දැනත් පටු ආත්මාර්ථ ඉදිරියේ රටත් ජනතාවත් අමතක කිරීම අපේ අතින් සිදු නොවිය යුතුයි. 

ඊළඟ කරුණ තමයි රජරට වකුගඩු රෝගයට හේතුව ෆ්ලෝරයිඩ් කියන එක. ඒකෙත් කිසිදු සත්‍යතාවක්‌ නැහැ. රජරට ජලයේ ෆ්ලෝරයිඩ් තිබෙන බව ඇත්තක්‌. නමුත් ලංකාවේ මොණරාගල, හම්බන්තොට, වැල්ලවාය, යාපනය ආදී ප්‍රදේශවල ජලයේත් ෆ්ලෝරයිඩ් තිබෙනවා. ඒත් ඒ ප්‍රදේශවල රජරට වගේ වකුගඩු රෝගීන් හමුවන්නේ නැහැ. ඒ වගේම රජරටත් අධීකව ෆ්ලෝරයිඩ් තියෙන සමහර ප්‍රදේශවල රෝගීන් නැහැ.

මෙරට ෆ්ලෝරයිඩ් සිතියම හා රෝගීන් හමුවන ආකාරය නිරීක්‍ෂණය කිරීමේදී මේ තත්ත්වය හොඳින් පැහැදිලි වෙනවා. අනෙක මේ වෙනකම් කෙරී ඇති කිසිම ජාත්‍යන්තර පර්යේෂණයකදී සනාථ වී නැහැ වකුගඩු රෝග සඳහා ෆ්ලෝරයිඩ්වල Rජු බලපෑමක්‌ තිබෙන බවට. ඉතින් රජරට වකුගඩු රෝගයට ෆ්ලෝරයිඩ් සාධකයක්‌ වෙන්නේ කොහොමද?

අප කළ පර්යේෂණයේදී පෙනී ගිය අනෙක්‌ කාරණය තමයි කිසියම් පෝෂක ද්‍රව්‍යයන් රඳවා ගැනීමේදී රජරට පසේ ඊට ඇති හැකියාව. ලංකාවේ භූමියේ විවිධ පස්‌ වර්ග තිබෙනවා. රජරට පවතින්නේ රතු දුඹුරු පස. එය ඉතා සාරවත් පසක්‌. ඒ රතු දුඹුරු පසේ ආසනික්‌ වැනි දේ ර¹ පවතිනවා කියලා මේ වන විට ජාත්‍යන්තර මට්‌ටමින් තහවුරු වී තිබෙනවා.

මෙන්න මේ රතු දුඹුරු පස, රජරට ප්‍රදේශයේ ජලයේ පවතින අධික කිවුල් බව සහ කෘෂිරසායන සමග ඒ බිමට එකතු වෙන ආසනික්‌ ඇතුළු මාරාන්තික විෂ තමයි අද ඒ ජනතාව වකුගඩු රෝගීන් බවට පත්වී මියයැමට ප්‍රබලම සාධකය වී තිබෙන්නේ.

කිවුල් ජලය තිබෙන්නේ සහ කෘෂි රසායන භාවිත කරන්නේ රජරට විතරද කියලා දැන් කෙනෙක්‌ තර්ක ඉදිරිපත් කරන්න පුළුවන්. ඔව්. මෙරට අම්පාර ආදී තවත් ප්‍රදේශ කිහිපයක කිවුල් ජලය පවතිනවා. නමුත් ඒ ප්‍රදේශවල තිබෙන්නේ රතු දුඹුරු පස නොවෙයි. එනිසයි එම ප්‍රදේශවලින් වකුගඩු රෝගීන් මේ විදිහට වාර්තා නොවෙන්නේ. කෘෂි රසායන භාවිත කළාට එම ප්‍රදේශවල පසේ ආසනික්‌ වැනි විෂ රැඳෙන්නේ නැහැ. මේකයි නියම තත්ත්වය. 

මේ ගැටලුවට විසඳුමක්‌ ලබාදෙන ගමන් මෙරටට ආනයනය කරන කෘෂි රසායනවල තත්ත්වය පිළිබඳ අප සැළකිලිමත් නොවුණහොත් අනාගතයේදී රතු දුඹුරු පස පවතින තවත් ප්‍රදේශවලත් රජරට වගේ තත්ත්වයක්‌ නිර්මාණය විය හැකියි. මුලතිව් පැත්ත දැනට ඒ අයුරින් අප හඳුනාගෙන තිබෙන ප්‍රදේශයක්‌. මොකද ඒ ප්‍රදේශයේ තිබෙන්නෙත් රතු දුඹුරු පසමයි.

මෙතෙක්‌ ඒ ප්‍රදේශවල මෙවන් තත්ත්වයක්‌ ඇති නොවීමට හේතු වුණේ පසුගිය කාලයේ පැවැති යුදමය ගැටුම් සමග කෘෂි රසායන භාවිත කරමින් ගොවිතැන් කිරීමක්‌ එහි සිදු නොවුණ නිසයි. මේ හැමදේම අප පර්යේෂණයෙන් පස්‌සේ පැහැදිලි කළා. ඒත් කණගාටුවට කරුණ කවුරුවත් ඒකට ඇහුම්කන් දුන්නේ නැහැ. 

අද කවුරු කොහොම කිව්වත් ශ්‍රී ලංකාවේ භාවිත වන පොහොරවල ආසනික්‌ අඩංගු බව මීට පෙර අවස්‌ථාවක මහාචාර්ය රොහාන් චන්ද්‍රජිත් ඇතුළු පිරිසක්‌ කළ පර්යේෂණයකදීත් අනාවරණය කරලා තිබුණා. අවාසනාව වුණේ කවුරුවත් ඒ පිළිබඳ අවධානය යොමු නොකරපු එකයි.

පසුගිය කාලයේ රජරට වකුගඩු රෝගය පිළිබඳ පරීක්‍ෂා කිරීමේ ව්‍යාපෘතියක්‌ ක්‍රියාත්මක වුණා. ඒ ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා. ඊට වෙන් කෙරුණු මුදල ඇමරිකන් ඩොලර් මිලියන හාරසියයක්‌. ඒ සඳහා ශ්‍රී ලංකාව ඩොලර් මිලියන දහනවයක්‌ යෙදවූවා.

මෙකී මුදල් කුට්‌ටි පිටින් ගිලමින් රට සවාරි ගිය ඇතැම් මහාචාර්යවරියන් කෘෂි රසායන ත්‍රස්‌තවාදීන්ට කත් ඇද රටම අන්දවා ඇති අයුරු පිළිබඳවද කියන්නට අප සතුව ඕනෑ තරම් කරුණු තිබේ. එහෙත් අපි ඒවා දැනට හෙළි නොකරන්නෙමු. ඒ මතු ප්‍රයෝජනයට අවැසි වන බැවිනි.

"ඒ ව්‍යාපෘතියට අනුව අදාළ පරීක්‍ෂණ කළෙත් අද කෘෂි රසායනවල පැත්ත අරගෙන කතා කරන මේ වගේ සමහර මහාචාර්යවරුන් සහ මහාචාර්යවරියන්මයි. ඒත් ඔවුන් නියම දේ සොයා බැලුවේ නැහැ. මේ පර්යේෂණවල ප්‍රගතිය පිළිබඳ පසුගිය 2011 ජනවාරි මාසයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ රැස්‌වීමක්‌ පැවැතුණා. ඒකටත් ගියේ ඔය මහාචාර්යවරුන්මයි. නමුත් අපිත් එදා ඔවුන්ට රහසේ ඒ රැස්‌වීමට ගියා.

එතැනදී අපි කිව්වා රජරට ගිලගන්න මාරයා කෘෂි රසායන සමග එන ආසනික්‌ ඇතුළු වස විෂ බව. අපි ඒක කිව්වහම මේ මහාචාර්යවරු එදා එතැනදීත් කෑගහන්න ගත්තා අපි කියන්නේ බොරු කියලා. ඒත් ලෝක සෞඛ්‍ය සංවිධානය එහිදී තීරණය කළා ඔවුන්ගේ පැත්ත නොගෙන අපි කියන දේ පිළිබඳව පර්යේෂණ කරන්න. ඒ පර්යේෂණ වාර්තා තමයි අද එළි දක්‌වලා තිබෙන්නේ. ඒ පර්යේෂණ අනුව තමයි ලෝක සෞඛ්‍ය සංවිධානය අද තහවුරු කරන්නේ රජරට වකුගඩු රෝගයට හේතුව ශ්‍රී ලංකාවේ භාවිත කරන කෘෂි රසායනවල ඇති ආසනික්‌, කැඩ්මියම් ඇතුළු වස විෂ කියලා.

වරක්‌ අගමැති කාර්යාලයේ තිබුණ සාකච්ඡාවකදී පවතින තත්ත්වය හොඳින් පැහැදිලි කරමින් අපි කිව්වා රජරට තිබෙන අධික කිවුල් ජලය සමග ආසනික්‌ මිශ්‍රවීමෙන් ඇතිවන කැල්සියම් ආසනේට්‌ තත්ත්වය නිසයි මේ වකුගඩු රෝගය පැතිරෙන්නේ කියලා. එතැනදීත් ඔය මහාචාර්යවරු කිව්වේ කැල්සියම් ආසනේට්‌ වතුරේ දිය වෙන්නේ නැහැ කියලා. ඒත් එදා අපි මේ මහාචාර්යවරුන්ට විද්‍යාත්මකව ඔප්පු කරලා පෙන්නුවා ඒ දේ වෙන ආකාරය.

ඒත් ඔවුන් පිළිගත්තේ නැහැ. මේකට කියන්නේ අධිපතිවාදය කියලා. නමුත් දවස්‌ දෙකකට සැරයක්‌ වකුගඩු රෝගයෙන් එක මනුෂ්‍යයෙක්‌ මිය යන රටක විය යුත්තේ ඒකද? කළ යුත්තේ තමන් හරි කියමින් මුදුණා වෙන්නට යැමද? මේ මාරක තත්ත්වයට පැහැදිලිවම විසඳුම් තිබෙනවා. ඇයි වගකිවයුත්තන් ඒ ගැන අවධානය යොමු නොකරන්නේ. රජරට මිනිස්‌සු අද ලෙඩවෙලා ඉන්නේ අපි වෙනුවෙන් ගොවිතැන් කලරා. ඒ නිසා අපි මේකට විසඳුමක්‌ දිය යුතුමයි.

මෙතනදී තව එකක්‌ කිව යුතුයි. නොයෙක්‌ විජාතික බලපෑම් සමග අපේ මිනිස්‌සුන්ට අපේකම, අපේ ගොවිතැන අමතක වුණා. ඒ පාරම්පරික දේ අමතක කිරීමේ විපාකයි අද අපි මේ විඳවන්නේ.

මහාචාර්ය ප්‍රියානි පරණගම මහත්මිය සහ මහාචාර්ය මාලා අමරසිංහ මහත්මිය අප කළ විමසීමට අනුව රජරට වකුගඩු මාරයා පිළිබඳ සැබෑ යථාර්ථය පැහැදිලි කරන්නට වූයේ එලෙසිනි. ආණ්‌ඩුවේ වගකිවයත්තනි මේ යක්‍ෂයා කොතරම් බියකරුද?

ප්‍රභාකරන් අප වැනසූ අතීතයේ ඌට කඩේ ගියවුන්ද මේ බිමේ සිටියේය. එහෙත් අවසානයේ සියල්ල පරදා ප්‍රභාකරන්ගෙන් රටත් ජාතියත් මුදා ගන්නට ජනාධිපතිවරයාට හැකි විය. 

ඉහත කී මුග්ධ මහාචාර්ය, ආචාර්ය රැළ අද කරමින් සිටින්නේද එදා ප්‍රභාකරන්ට කඩේ ගිය වුන් කළ දේ හා සමානම කාර්යයක්‌ වන්නේය. කථාව එසේනම් ජනපතිතුමනි මේ ත්‍රස්‌තවාදයෙනුත් රටත් ජනතාවත් ගලවා ගන්නට ඔබට හැකි නොවේද? 

ලෝක පූජිත විද්‍යාඥයකු වූ ශ්‍රීමත් අයිසෙක්‌ නිව්ටන් මහතා වරක්‌ මෙසේ කියා තිබේ. ස්‌වභාවධර්මයා විස්‌තර කිරීම එක්‌ මිනිසකුට තබා එක යුගයකටවත් කළ නොහැක්‌කකි... එබැවින් අප කළ යුත්තේ අපට කළ හැකි දෙය නිවැරදිව කර අන් අයටද නිවැරදිව කිරීමට යමක්‌ ඉතුරු කිරීම වන්නේය... 

අධිපතිවාදයෙන් පෙළෙමින් මාරයාට බිලිවන මිනිසුන්ගේ මළකඳන් ගණනට මල්ල පුරවා ගැනීමට හදන ඉහතකී මුග්ධ පැළැන්තියේ මහාචාර්ය විද්වතුනි. මේ කථාව අවබෝධ කර ගැනීමටවත් නුඹලාගේ මොලගෙඩි තුළ යම ඉඩක්‌ මතු වන්නේ නම් එය ජාතියේ වාසනාවක්‌ම බවද අවසානයට කිව යුතුව ඇත.

සමන් ගමගේ



Tuesday , 13 December 2011,  5.00 p.m.



විෂ රසායනික හේතුවෙන් ආබාධිත වූවන් සඳහා වන අන්තර් ජාතික දිනය දෙසැම්බර් 03 දිනට යෙදෙයි.

Thursday , 01 December 2011,  9.45 p.m.


විෂ රසායනික හේතුවෙන් ආබාධිත වූවන් සඳහා වන අන්තර් ජාතික දිනය දෙසැම්බර් 03 දිනට යෙදෙයි. ඊට සමගාමීව ජාතික උවදුරක්‌ වන මැහිතෙල් විෂෙන් අත්මිදීම සඳහා විද්වත් සාකච්ඡාවක්‌ දෙසැම්බර් 03 වැනි සෙනසුරාදා පෙරවරු 10.00 කොළඹ ඡේ. ආර්. ජයවර්ධන කේන්ද්‍රයේ දී පැවැත්වීමට නියමිත ය. මෙහි දී මහින්ද කුමාර දළුපොතයන් විසින් රචිත අපේ කෙම් පහන් නම් සාම්ප්‍රදායික පළිබෝධ මර්දන ක්‍රමෝපාය හෙළි කරන කෘතියත්, දිය හොල්මන නම් කෘතියත් එළිදැක්‌වීමට නියමිත ය.

මේ විද්වත් සාකච්ඡාවට වෛද්‍ය චන්න සුදත් ජයසුමන, ආචාර්ය පී. අයි. යාපා, ආචාර්ය පද්මලාල් මානගේ, මාධ්‍යවේදී තිඹිරියාගම බණ්‌ඩාර, වෛද්‍ය අජිත් කල්යාන අමරසිංහ වැනි විද්වතුන් රැසක්‌ සහභාගී වීමට නියමිත ය. කාබනික ගොවිතැන හා බැඳුණු විද්‍යාත්මක සංස්‌කෘතියට ඇලුම් කරන සියලු දෙනාට මේ සංවාදය විවෘත ය. 



වස විසට එරෙහිව නැගිටිති

Thursday , 01 December 2011,  9.00 p.m.


ශ්‍රී ලංකාවට ආනයනය කැර දැනට රේගුවේ ගබඩා කර ඇති ආසනික් හා රසදිය අඩංගු උග‍්‍ර විෂසහිත පළිබෝධ නාශක තොගය වෙළෙඳ පොළට නිකුත් නොකරන ලෙසට බලකරමින් හා ඒවායේ අහිතකර බලපෑම් පිළිබඳව දැනුම්වත් කරමින් ”ආසනික් විරෝධී සංවිධාන එකමුතුව” විසින් අද සවස කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී පත‍්‍රිකා බෙදා හැරියේය.

ආසනික් හා රසදිය අඩංගු පළිබෝධනාශක ලෝකයේ බොහෝ රටවල් තහනම් කර ඇතිබවත් මේවා පොළොවට උරා ගත්පසු වසර සියගණනක් වුවද පැවැතීමට ඉඩ ඇති බවත් රජරට බහුලව දැකිය හැකි වකුගඩු රෝගී තත්ත්වය උග‍්‍රවීමටද මෙම ආසනික් බලපාන බවත් ඔවුහු පවසති.

පළිබෝධ නාශකවල ආසනික් ඇද්ද නැද්ද යන තීරණය කැරෙන පළිබෝධනාශක තාක්ෂණික උපදේශක කමිටුව හෙට මහනුවරදී රැස්වීමට නියමිතය.


ආසනික් විසවීමෙන් ශී‍්‍ර ලංකාව තවත් බංගලිදේශයක් නොවීමට නම්

බෙංගාල කලාපය යනු අද ලෝකයේ වැඩිම ජන ඝනත්වයක් සහිත ප‍්‍රදේශයයි. ඉන්දියාවේ බටහිර බෙංගාල ප‍්‍රාන්තය සහ බංගලිදේශය මීට අයත් වේ. මේ කලාපයේ ජනතාව සහ අපේ ජනතාව අතර සමානකම් බොහොමයකි. ඔවුන්ගේ හැඩරුව, උසමහත බොහෝ විට සමානය. ගති පැවතුම්වලද ඇත්තේ කිට්ටු බවකි. අපේ සිංහබාහු කතාවට සමාන කතාවකින් කියැවෙන පරිදි ඔවුන්ට ද සිංහයන් සමග ළග සබඳකමක් තිබේ.

සාමාන්‍යයෙන් ජනමාධ්‍යයක එතරම් කතා නොකෙරෙන මාතෘකාවක් සම්බන්ධයෙන් බංගලාදේශ විද්වතකු පළ කළ පොතක් නිසා වෛද්‍යවරුන්ගේ සහ පරිසර විද්‍යාඥයන්ගේ අවධානය බංගලාදේශය වෙතට යොමු විය. මේ පොත ලියා ඇත්තේ ජමාල් අන්වර් නම් බංගලාදේශ භූ විද්‍යාඥයෙකි. හෙතෙම බංගලාදේශ උගතුන් අතර සම්භාවනාවට පාත‍්‍ර වූ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයෙකි. ගත් කතුවරයෙකි. පොතේ මාතෘකාව ‘‘බංගලාදේශයේ ආසනික් විස වීම – ශිෂ්ටාචාරයක අවසානය’’ ය. පිටු 336ක් පුරා පරිච්ඡෙද 12ක් ඔස්සේ දිග හැරෙන කතාන්දරය අපූරු එකකි. එය බංගලාදේශයට පමණක් නොව අපට ද අදාළ එකකි.

2010 අවසාන වනවිට බංගලාදේශයේ ජනගහනය මිලියන 143 කි. ඉන් හරි අඩකටත් වඩා එනම් මිලියන 77ක ජනගහනයක් දිගු කාලීන ආසනික් විෂවීමකට ලක්ව ඇත. එපමණම විශාල ජනගහනයක් ඉන්දියාවට අයත් බෙංගාල ජන කලාපයේ ද ආසනික් විෂවීමට ලක්ව ඇත. මේ සම්බන්ධයෙන් පර්යේෂණය කළා යැයි පැවසූ බොහෝ බටහිර විද්‍යාඥයන් මෙන්ම ඔවුන් පිටුපස ගිය ඇතැම් බංගලිදේශ විද්‍යාඥයන්ද තහවුරු කිරීමට උත්සාහ දැරුවේ මීට අවුරු≥18,000 කට පෙර ගසා ගෙන ආ ආසනික් අඩංගු ඛනිජ විශේෂ බෙංගාල කලාපයේ පසේ ගැඹුරෙහි ඇති බවත් භූගත ජලයට ඒවා මිශ‍්‍ර වීම නිසා නල ළිං ඔස්සේ ආසනික් පානීය ජලයට පැමිණ විෂ වීම හටගත් බවය. මේ අදහස ස්ථාපිත කළේ බි‍්‍රතාන්‍ය භූ විද්‍යා සමීක්‍ෂණ ආයතනයයි. මේ සම්බන්ධ පර්යේෂණ කටයුතු සඳහා පමණක් පවුම් මිලියන ගණනක් වැය කර ඇති බව සඳහන්ය. මේ විදේශ විද්‍යාඥයන්ගේ කතාව වූයේ ලෝක බැංකු ආධාර ඇතිව පානීය ජලයෙන් වසංගත රෝග පැතිරයාම වැළැක්වීම අරමුණු ලෙස දක්වා බංගලිදේශය පුරා නල ළිං ඉදිකළ බවත් එම නල ළිංවලින් ලබා ගත් භූගත ජලය පානය කිරීමෙන් බංගලාදේශය ලෙඩවූ බවත් ය. පසුගිය වසර 30 පමණ කාලය තුළ මේ ප‍්‍රශ්නය පැන නැගි අකාරය ඔවුන් සධාරණීකරණය කළේ එලෙස ය.

නමුත් ජමාල් අන්වර් ඔහුගේ කෘතියෙන් අද මේ සියල්ල අභියෝගයට ලක් කර ඇත. භූගත ජලයේ ආසනික් නිසා මේ තත්වය ඇති වූවා යැයි පවසනවුන්ගෙන් ඔහු අසන ප‍්‍රශ්න කිහිපයකි.

1. ආසනික් තැන්පත් වී ඇත්තේ ගැඹුරු පසේ නම් බංගලාදේශයේ නොගැඹුරු ජල ප‍්‍රභවයන්ගේ පවා ආසනික් අඩංගු වන්නේ කෙසේද?

2. එතරම් ගැඹුරු නැති නල ළිංවල සාපේක්ෂව වැඩි ආසනික් ප‍්‍රමාණයක් අඩංගු වන්නේ කෙසේද?

3. රටේ සමහර ස්ථානවල පමණක් ආසනික් මට්ටම සැලකිය යුතු ලෙස ඉහළ යන්නේ කෙසේද?

4. හිමාල බලපෑමට යටත් නොවන ඉන්දු-බුරුම කලාපයට අයත් චිතගොන් ප‍්‍රදේශයේ ඉහළ ආසනික් ප‍්‍රමාණයක් හමුවන්නේ කෙසේද?

මේ ආකාරයෙන් බටහිර විද්‍යාඥයන්ගේ මතය අභියෝගයට ලක් කරන බංගලාදේශ භූ විද්‍යාඥයා සාධක සහිතව පෙන්වා දෙන්නේ මේ තත්වයට හේතුව ආසනික් අඩංගු පළිබෝධනාශක සහ රසායනික පොහොර බවයි. හරිත විප්ලවයේ නාමයෙන් ඉවක් බවක් නැතිව රටට ගලාගෙන ආ බාල පළිබෝධනාශක සහ රසායනික පොහොර කිසි≥ පරීක්‍ෂාවකට ලක් නොකළ බවත් ආසනික්, රසදිය, කැඞ්මියම් හා යුරේනියම් ඒ සමග මදි නොකියන්නට රට තුළට පැමිණි බවත් දීර්ඝ ලෙස කරුණු දක්වමින් ජමාල් අන්වර් පැහැදිලි කරයි. 1973 වසරෙදී සිට ලෝක බැංකුව පොහොර සහනාධාරයක් ලෙස ඝෘජුවම පොහොර නිෂ්පාදකයන්ට ඇමෙරිකන් ඩොලර් බිලියන ගණනක් ලබා දී ඇති බව සඳහන් කරන අන්වර් ඒ ඔස්සේ බටහිර රටවල කාර්මික අපද්‍රව්‍ය සහ න්‍යෂ්ටික අපද්‍රව්‍ය බංගලාදේශයේ ගොඩගැසූ බවද පවසයි. 1992 ඇති වූ සිද්ධියක් මේ පොතේ විස්තර කෙරෙන අතර ඒ අනුව ඇමෙරිකා එක්සත් ජනපදයේ සිට පොහොර නමින් බංගලාදේශයට ගෙන ආ ද්‍රව්‍ය පරීක්‍ෂා කිරීමෙන් හෙළි වී ඇත්තේ ආසනික්, රසදිය, කැඞ්මියම් හා යුරේනියම් සාමාන්‍යයෙන් පැවතිය හැකි උපරිම අගයට වඩා දහස් ගුණයකටත් වඩා වැඩි ප‍්‍රමාණයකින් එහි අඩංගු වූ බවයි. මේ අයුරින් නිතී විරෝධී ලෙස බැර ලෝහ රටට ගෙන ඒම සඳහා අදාළ සමාගම වැරදිකරුවන් වුවද ඒවන විටත් එම ද්‍රව්‍ය මෙට්ටි‍්‍රක් ටොන් 4000ක් රට පුරා බෙදා හැර තිබිණි. මෙවන් සිද්ධි බංගලිදේශයෙන්  ඕනෑ තරම් සොයාගත හැකි බව කතුවරයා පවසයි.

හරිත විප්ලවය, බංගලිදේශයේ සාම්ප‍්‍රදායික කෘෂිකර්මය විනාශ කළ අතර කෝටි සංඛ්‍යාත ජනතාවක් ලෙඩ කරවා ඇත. මේ වන විට දියවැඩියා රෝගීන් මිලියන 50ක් සහ වකුගඩු රෝගීන් මිලියන 20ක් බංගලිදේශයෙන් හමුවී ඇත. වකුගඩු රෝගයෙන් පමණක් වසරකට බංගලිදේශ ජනතාව 40,000 මිය යන බව මේ වන විට ගණන් බලා ඇත. බටහිරයන්ගේ කාර්මික සහ න්‍යෂ්ටික අපද්‍රව්‍ය නිසා බංගලිදේශය අද සොහොන් පිටියක් වී ඇති බවත් මේ උවදුරෙන්ම බංගලිදේශ ශිෂ්ටාචාරය අවසන්ව යනු ඇති බවත් ආචාර්ය ජමාල් අන්වර් පවසන්නේ සිද්ධිය යටපත් කිරීමට ඇතැම් විද්‍යාඥයන් ගත් උත්සාහයද හෙළිදරව් කරමිනි.

අද ශී‍්‍ර ලංකාවේද ක‍්‍රම ක‍්‍රමයෙන් ඇති වෙමින් පවතින්නේ මෙවන් තත්වයකි. බංගලිදේශයේ තරම් දරුණු නොවුවද පළිබෝධනාශක රසායනික පොහොර නිසා දියවැඩියා, පිළිකා, වකුගඩු රෝග ක‍්‍රම ක‍්‍රමයෙන් උත්සන්න වෙමින් පවතී. රජරට ප‍්‍රදේශයේ පැතිර යන වකුගඩු රෝගයට හේතු කාරකය පළිබෝධනාශක සහ රසායනික පොහොර මගින් එක්වන ආසනික් බව රටට හෙළි කළ මොහොතේ සිට එය යටපත් කිරීමට විවිධ උත්සාහයන් ගැනිණි◊. බංගලිදේශයට හිමාලයෙන් ආසනික් පැමිණියා යැයි කීවාක් මෙන් ලංකාවේ ෆ්ලෝරයිඞ් කතාවක් ඉස්මතු විය. එවන් කතා අහිංසකය, ස්වභාවිකවම සිදුවූ දේ නිසා වැරදිකරු සොබා දහමමය, කෘෂි රසායන සමාගම්, පොහොර සමාගම්, බාල නිෂ්පාදන ගෙන ඒමට සහාය දුන් දේශපාලනඥයන්, නිලධාරීන් ලෝක බැංකුව මේ සියල්ලෝම නිවැරදිකරුවෝය. කෙසේ වෙතත් අපේ රටේ ඇතිවූ ආසනික් විරෝධී පිබිදීම දේශපේ‍්‍රමී ජාතිමාමක සංවිධාන සහ පුද්ගලයන්ගේ මැදිහත්වීමෙන් බොහෝ ඉදියට පැමිණ ඇත. එය යටපත් වීමට ඉඩ නොදී රැුක ගෙන ඇත. කෘෂිකාර්මික ස්වයංපෝෂිත බව, ආර්ථික සමෘද්ධිය මේ සියල්ල අපට කතා කළ හැක්කේ නිරෝගී ජනතාවක් සිටිය හොත් පමණි. විශේෂයෙන් ගොවි ජනතාව ලෙඩ වූ පසු ගොවිතැන් කරන්නේ කවුරුන්ද යන ප‍්‍රශ්නය ගැඹුරින් අධ්‍යයනය කළ යුත්තේ පදවිය වැනි ප‍්‍රදේශවල ජනතාව ප‍්‍රදේශ හැර යන තත්වයක් උද්ගත වී ඇති බැවිනි. පසුගිය වසරේදී පමණක් පිළිකා සඳහා ලබා දෙන ඖෂධ සදහා රජය රුපියල් මිලියන 2000ක් වැය කර ඇත. රජරට වකුගඩු රෝගීන්ගේ ප‍්‍රතිකාර සදහා වැය වූ මුදල ඊටත් වඩා වැඩිය.

බටහිර චින්තනයට, ඔවුන්ගේ ජීවන දැක්මට, සංවර්ධන ක‍්‍රමයට යා හැක්කේ තව සීමිත දුරක් බව පැහැදිලිය. ආසනික් ඔස්සේ මතු වූ සංවාදය කෙළවර විය යුත්තේ බටහිර ජීවන ක‍්‍රමය අත්හැරීමෙනි. ඒ අතර විවිධ හැලහැප්පිලි, තර්ජන ගර්ජන, අභියෝගවලට මුහුණ දීමට අපට සිදු≥වනු ඇත. එය ජයගත නොහැකි වුවහොත් අඩුම තරමින් ශක්තිමත්ව ඊට මුහුණ දී ගත නොහැකි වුවහොත් ඉදිරි වසර කිහිපය ඇතුළත බංගලිදේශයට අත් වූ ඉරණමම අපට ද අත්වනු නිසැකය.

- වෛද්‍ය චන්න සුදත් ජයසුමන


Tuesday , 18 October 2011,  7.45 a.m.





රසදිය අවදානම
Thursday , 13 October 2011,  7.45 a.m.

වෛද්‍ය චන්න ජයසුමන -

රසදිය ආව
ර්තිතා වගුවේ අපට හමු වන මූලද්‍රව්‍යයකි. එහි පරමාණුක ක්‍රමාංකය 80 වේ. කරුණු කිහිපයක්‌ නිසා රසදිය සුවිශේෂීත්වයකින් යුත් මූලද්‍රව්‍යයකි. ඉතිහාසයේ විවිධ ශිෂ්ටාචාරවල මිනිසුන් විවිධ ආකාරයට රසදිය යොදාගෙන ඇත. පෙරදිග කලාපයේ වෛද්‍ය ශාස්‌ත්‍රයන්හි "රස වෙදකම" යනුවෙන් හඳුන්වන කොටසක්‌ ඇත. එහි දී රසදිය සංයෝග ප්‍රතිකාර සඳහා ද යොදාගෙන ඇත. 

"ඩී" ගොනුවට අයත් බැර ලෝහයක්‌ වන රසදිය සාමාන්‍ය උෂ්ණත්ව පීඩන තත්ත්ව යටතේ ද්‍රවයක්‌ ලෙස පවතින එක ම ලෝහය ලෙස සැලකේ. ඒ හැරුණු කල සාමාන්‍ය උෂ්ණත්ව පීඩන තත්ත්ව යටතේ ද්‍රවයක්‌ ලෙස පවතින මූලද්‍රව්‍යය බ්‍රොaමීන් ය. එහෙත් එය අලෝහයකි. සෙල්සියස්‌ අංශක -38.83 දී රසදිය ඝන තත්ත්වයට පත් වන අතර සෙල්සියස්‌ අංශක 357.73 දී වායු තත්ත්වයට පත් වේ. "දිය වුණු රිදී" යන අරුත ඇති Hydragyrum නම් ලතින් ඌරුවක්‌ ඇති ග්‍රීක වචනය නිසා රසදියවලට Hg නම් සංකේතය ලැබී ඇත. සාමාන්‍ය පිළිගැනීමට අනුව රසදිය යනු පොළෝ තලය මත අතිශය දුර්ලභ මූලද්‍රව්‍යයකි. රසදිය පොළොවේ තැන්පත් ව ඇත්තේ "මර්කියුරික්‌ සල්ෆයිඩ්" (HgS) ආකාරයෙනි. චීනය මේ වන විට ලෝකයේ ප්‍රමුඛතම රසදිය නිෂ්පාදකයා වන අතර කිර්ගිස්‌ථානය දෙවැනි තැන උසුලයි. 

සාමාන්‍ය භාවිතයේ දී රසදිය හෝ රසදිය සංයෝග භාවිත කරන අවස්‌ථා කිහිපයකි. උණුවතුර බෝතල්, ෆ්ලොරසන්ට්‌ බල්බවල රසදිය සංයෝග අඩංගු වේ. බටහිර වෛද්‍යවරුන් භාවිත කරන උණකටුවේ සහ රුධිර පීඩන මානයේ ද රසදිය අඩංගු ය. එන්නත් කල් තබා ගැනීමට සහ දිලීර නාශකයක්‌ ලෙස රසදිය සංයෝග යොදා ගත්ත ද ඉන් පරිසරයට සතුනට සහ මිනිසුන්ට ඇති වන අහිතකර බලපෑම නිසා ඒවා භාවිතය දැන් ලෝකයෙන් ඉවත් වෙමින් ඇත. මේ හැරුණු කල තීන්ත, විදුලි උපාංග, රත්රන් නිස්‌සාරණය වැනි කර්මාන්ත සඳහා ද රසදිය භාවිත කර ඇත. එහෙත් රසදියවල උග්‍ර විෂ ස්‌වභාවය නිසා කර්මාන්ත සඳහා රසදිය හෝ රසදිය සංයෝග භාවිතය බොහෝ රටවල් තහනම් කර ඇත. 

සෞඛ්‍ය අවදානම

රසදිය යනු ජීවී සෛලවලට උග්‍ර විෂ සහිත මූලද්‍රව්‍යයකි. රසදියවල සෞඛ්‍ය අවදානම පිළිබඳව බොහෝ දෙනකු ගේ ඇස්‌ ඇරුණේ ජපානයේ ඇති වු මිනමාටා රෝගයත් සමගය. ජපානයේ මිනමාටා නම් වෙරළාශ්‍රිත නගරයක Chisso Corporation නම් රසායන ද්‍රව්‍ය කර්මාන්තශාලාවකින් මිනමාටා බොක්‌කට එකතු වූ කාර්මික අපද්‍රව්‍ය සහිත ජලය නිසා මේ රෝගය හට ගැනිණි. මේ දූෂිත ජලයේ තිබූ මෙතිල්මර්කරි නම් රසදිය අඩංගු සංයෝගය නිසා දහස්‌ ගණනක සත්ත්ව සංහතියක්‌ මරු වැළද ගත්තේ ය. 1956 දී පළමු වරට නිරීක්‍ෂණය කළ මිනමාටා රෝගය නිසා මිනිසුන් 1784 දෙනකු මිය ගිය බව ජපාන රජයේ සංඛ්‍යාලේඛන තහවුරු කරයි. මෙතිල් මර්කරි ශරීරගත වූ මාළු ආහාරයට ගැනීම නිසා මේ තත්ත්වය උදා වූ බව පසුව සනාථ කෙරිණි. මේ සිද්ධිය නිසා මිනමාටා රෝගයෙන් පීඩාවට පත් 10000කට අධික පිරිසකට ලංකාවේ මුදලින් නම් රුපියල් මිලියන 9000ක (ඇමෙරිකන් ඩොලර් මිලියන 85ක්‌) වන්දියක්‌ ගෙවීමට අවසානයේ Chisso Corporarion සමාගමට සිදු විය. මිනමාටා රෝගය නිසා දහස්‌ ගණනක ජපනුන් ගේ ස්‌නායු පද්ධතිය දුර්වල විය. අංග විකල දරුවන් දහස්‌ ගණනක්‌ බිහි විය. තවත් වැදගත් කරුණක්‌ වනුයේ Chisso Corporarion හි ප්‍රධාන නිෂ්පාදනය වූයේ රසායනික පොහොර බවයි.

මිනමාටා සිද්ධියත් සමග රසදියවල ඇති සෞඛ්‍ය අවදානම පිළිබඳව වැඩි වශයෙන් අවධානය යොමු විය. එහි ප්‍රතිඵලයක්‌ ලෙස පසුගිය වසර 20ක පමණ කාලය තුළ ඉතා කුඩා රසදිය ප්‍රමාණයක්‌ ශරීරගත වීමෙන් ඇති වන ලෙඩ රෝග ගණනාවක්‌ පිළිබඳව හෙළිදරව් විය. 

රසදිය නිසා ප්‍රධාන වශයෙන් ප්‍රශ්න ඇති වන්නේ ස්‌නායු පද්ධතියට ය. මොළයේ චාලක කටයුතු පාලනය කරන ප්‍රදේශයට සහ මතකයට අදාළ කොටසට රසදිය නිසා ඉහළ බලපෑමක්‌ ඇති කරන බව මේ වන විට සනාථ වී ඇත. කලල අවධියේ සහ ළදරු අවධියේ මේ අවදානම ඉහළ ම බව සොයාගෙන ඇත. රසදිය අඩංගු ආහාර ගන්නා මවක ගෙන් මවුකිරි හරහා මේ බැර ලෝහය කුඩා දරුවන් ගේ සිරුරට ඇතුළු වන බවත් ඒ නිසා පූර්ව ළමා ස්‌නායු විකසනය දුර්වල වන බවත් පර්යේෂකයෝ පෙන්වා දෙති.

මර්කරිවල ස්‌නායු විෂ පිළිබඳ තවත් අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ ඩෝපැමින් නම් පණිවිඩ ගෙන යැමට වැදගත් වන රසායනික සංයෝගය නිපැදවීමට සහ එහි ක්‍රියාකාරීත්වයට මර්කරි බාධා පමුණුවන බවයි. ඩෝපැමින්වල ක්‍රියාකාරීත්වයේ වෙනස්‌කම් නිසා පාකින්සන් රෝගය ඇති වන බව වෛද්‍ය විද්‍යාත්මක පිළිගැනීමයි. 2002 වසරේ දී කරන ලද පර්යේෂණයකට අනුව ඇල්ෂයිමර් රෝගය ඇති වීමට ද දිගුකාලීන අංශු මාත්‍ර රසදිය විස වීම හේතුවකි. ඇමිනෝ අම්ලවල ඇති ඩයිසල්ෆයිඩ් කාණ්‌ඩයට සහ ප්‍රොaටීනවල සල්ෆයිඩි්‍රල් කාණ්‌ඩයට රසදිය ඉතා පහසුවෙන් බැඳේ. බොහෝ හෝමෝන සහ එන්සයිම ඇමයිනෝ අම්ලවලින් සෑදුණු ප්‍රොaටීන ය. මේ හේතුවෙන් මිනිස්‌ සිරුරේ ක්‍රියාකාරීත්වයට අතිශය වැදගත් වන හෝමෝන සහ එන්සයිම ගණනාවක ක්‍රියාකාරීත්වය රසදිය නිසා ඇණහිටී. විශේෂයෙන් ස්‌නායු පද්ධතියේ දී මේ බලපෑම වඩා ඉහළ බව මේ වන විටත් සනාථ කරගෙන ඇත. 

මේ හැරුණු කල ඇසීමට සහ දැකීමට අදාළ ස්‌නායුවලට සහ ඊට අදාළ මොළයේ ප්‍රදේශවලට රසදිය නිසා බලපෑමක්‌ ඇති වන බව සතුන් යොදාගෙන සිදු කළ පර්යේෂණවලින් හෙළි වී ඇත. ජපානයේ මිනමාටා ප්‍රදේශයේ ඇති වූ රසදිය විෂ වීමෙන් වසර 20කට පමණ පසුත් එහි බලපෑම නිසා ඊට ගොදුරු වූවන් ගේ ඇසීමේ සහ දැකීමේ දුර්වලතා ඇති වූ බව සඳහන් වේ. රසදිය යොදාගත් කර්මාන්තවල සේවයේ නියුතු වූවන් පිරිසක්‌ යොදාගෙන කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත්තේ ඔවුන් ගේ මතකය, යමක්‌ දෙස ඇති වන අවධානය සහ සිරුරේ අවයව අතර ඇති සමායෝජනය සැලකිය යුතු ලෙස පහළ ගොස්‌ ඇති බවයි.



සිරුරට ඇතුළු වන රසදිය ඒකාරාශී වන ප්‍රධාන අවයවය වකුගඩු ය. 1998 වසරේ දී හුසෙන් ඇතුළු පර්යේෂණ කණ්‌ඩායම සිදු කළ පර්යේෂණයකට අනුව ඒ බව සනාථ කරගෙන ඇත. මර්කියුරික්‌ ක්‌ලෝරයිඩ් යනු උග්‍ර වකුගඩු විෂක්‌ බව වෛද්‍ය විද්‍යා පොත පතවල සඳහන් වේ. වකුගඩු සෛලවලට DNA ආරක්‌ෂාවට වැදගත් වන NF-KB නම් සංයෝගයේ තයෝල් කාණ්‌ඩයට රසදිය බැඳීම නිසා එහි ක්‍රියාකාරීත්වය අඩු වන බවත් ඒ හේතුවෙන් වකුගඩු සෛලවල න්‍යෂ්ටික ද්‍රව්‍ය විනාශ වී වකුගඩුවල පෙරීමේ හැකියාව ක්‍රමයෙන් අඩු වන බවත් පර්යේෂණාත්මකව පෙන්වා දී ඇත. ඒ හැරුණු විට සෛලවලට හානි පමුණුවන "මුක්‌ත ඛණ්‌ඩක"වලින් සෛල ආරක්‌ෂා කරන යාන්ත්‍රණය බිඳ දැමීම මඟින් ද වකුගඩු සෛල විනාශ වන බව පර්යේෂණාත්මකව තහවුරු වී ඇත. 

කාර්මික ක්‍රියාවලි නිසා දූෂණය වූ ජලයේ සිටින මත්ස්‍යයන් අනුභවයෙන් වළකින ලෙස ඇමෙරිකා එක්‌සත් ජනපදය විසින් 1970 දශකයේ දී විශේෂයෙන් එරට තරුණ පරම්පරාවට, අවවාද කරන ලදි. ඊට ප්‍රධාන හේතුව වූයේ එවැනි මාළුන් ගේ සිරුරේ එකතු වන රසදිය මිනිස්‌ සිරුරට ඇතුළු වී වඳභාවය ඇති කරන බව සොයා ගැනීමයි. ඇ. එ. ජනපදයේ කරන ලද පර්යේෂණයකට අනුව වඳභාවය ඇති තරුණියන් ගේ සිරුරේ සැලකිය යුතු ලෙස මෙතිල් මර්කරි අඩංගු බව සොයාගෙන ඇත. අනෙක්‌ අතට මෙතිල් මර්කරි ශරීර පටකවල තැන්පත් වූවන් ගේ ගබ්සා වීමේ ප්‍රතිශතය ඉතා ඉහළ බවත් එවැනි අයට උපදින දරුවන් ගේ ස්‌නායු ආබාධ වැඩි බවත් සනාථ කරගෙන ඇත. ඉතා කුඩා රසදිය ප්‍රමාණයක්‌ වුව දිගු කලක්‌ ශරීරගත වූ පිරිමින් ගේ ශුක්‍රාණුවල ජීවී ස්‌වභාවය 80%කින් පමණ අඩු වන බවත් ඒවායේ චාලක හැකියාව 90%කින් පමණ අඩු වන බවත් තවත් පර්යේෂණයකින් පෙන්වා දී ඇත.

 

අංශුමාත්‍ර රසදිය නිර්ණය කිරීමේ නවීන උපකරණයක්‌

ප්‍රතිශක්‌තිකරණ පද්ධතියට රසදිය නිසා ඇති වන බලපෑම පිළිබඳව ද විද්‍යාඥයන් පර්යේෂණ පවත්වා ඇත. ස්‌ව ප්‍රතිශක්‌ති ආබාධ (Auto immune diseases) සහ අසාත්මික තත්ත්වයන් ඉස්‌මතු කිරීමට රසදිය මගින් දූෂණය වූ ආහාරපාන හේතු වේ. දද, කුෂ්ඨ වැනි තත්ත්ව උග්‍ර කිරීමටත්, ඇට මිදුළුවල ඇති වන රෝගී තත්ත්වයන් ඉස්‌මතු කිරීමටත් මයික්‍රොග්රෑම් ගණනක රසදියවලට ඇති හැකියාව බටහිර වෛද්‍ය විද්‍යා ලෝකය දැනගෙන දැන් 30 වසරක්‌ පමණ වේ. ඇතැම් රසදිය සංයෝග උග්‍ර පිළිකා ජනක ලෙස නම් කෙරුණේ 1980 දශකයේ දී ය. ජීවි සෛලයක්‌ ගුණනය වන අවස්‌ථාවේ න්‍යෂ්ටික ද්‍රව්‍ය ද දෙගුණ විය යුතු ය. මේ කටයුත්ත නිසි ලෙස සිදු කිරීමට සෛල තුළ තර්කුව නම් සියුම් ව්‍යqහයක්‌ ගොඩනැඟේ. රසදිය නිසා මේ තර්කු තන්තුවල ක්‍රියාකාරීත්වය විකෘත වන අතර එහි ප්‍රතිඵලයක්‌ ලෙස ගොඩනැඟෙනුයේ ද විකෘති වීම් සහිත දුහිතෘ සෛල ය. 

මේ අනුව පැහැදිලි වනුයේ මයික්‍රොග්රෑම් ප්‍රමාණයක්‌ වුව ද ශරීරගත වුවහොත් රසදිය නිසා සෞඛ්‍ය අවදානමක්‌ ඇති වන බවයි. මිනිසුන්ට පමණක්‌ නො ව සතුන්ට සහ ශාකවලට ද එසේ ම ය. රසදිය නිසා දූෂණය වූ පසේ වැඩෙන ශාකවල පවා ජාන විකෘති වීම් ඇති වන බව උද්භිද විද්‍යාඥයන් නිරීක්‍ෂණය කර ඇත. 

ආවර්තිතා වගුවේ අපට හමු වන මූලද්‍රව්‍ය අතුරින් රසදිය උග්‍රතම විෂ සහිත මූලද්‍රව්‍යයකි. රසායනික සංයෝගයක්‌ විෂ සහිත වුව ද ඇතැම් විට කල්ගත වීමත් සමග ඒවා වියෝජනයට ලක්‌ වී එහි විෂ සහිත ස්‌වභාවය අඩු විය හැකි ය. එහෙත් ආසනික්‌, රසදිය, කැඩ්මියම්, යුරේනියම් වැනි මූලද්‍රව්‍යවල විෂ සහිත ස්‌වභාවය කෙතරම් කල් ගත වුව ද වෙනස්‌ නො වේ. ඊට හේතුව ඒවා මූලද්‍රව්‍ය වන නිසා පරමාණු මට්‌මමින් ම ඒවා විෂ සහිත වීමයි. මේ නිසා වෛද්‍ය සහ විෂවේදය පිළිබඳ ප්‍රාමාණිකයන් ගේ අදහස වූයේ රසදිය අංශු මාත්‍රයක්‌ වත් නැති ආහාර පාන පරිභෝජනය කිරීම සුදුසු බවයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ අනුව පානීය ජලයේ තිබිය හැකි උපරිම රසදිය ප්‍රමාණය ලීටරයකට මයික්‍රොග්රෑම් 1කි. මේ අගයන් ගැන ද නිවැරැදි අවබෝධයක්‌ ලබා ගැනීම වැදගත් ය. 

ලෝක සෞඛ්‍ය සංවිධානය හෝ වෙනත් ආයතනයක්‌ ආහාරයට හෝ පානීය ජලයට මෙවැනි අගයක්‌ පණවන්නේ මනුෂ්‍යයාට නියත අවදානමක්‌ ඇති නො වීමට නම් එම අගයට අඩු මට්‌ටමකින් විෂ ද්‍රව්‍ය තිබිය යුතු හෙයිනි. එහෙත් ඇතැමුන් මෙය 

වැරැදියට අර්ථ දක්‌වන අතර එහි ප්‍රතිඵලයක්‌ ලෙස ඇතැම් උගතුන් යෑයි හඳුන්වාගන්නවුන් ආසනික්‌වල පානීය ජලයේ උපරිම සීමාව වන මයික්‍රොග්රෑම් 10 අර්ථ දැක්‌වූයේ බොන වතුරේ ආසනික්‌ මයික්‍රොග්රෑම් 10ක්‌ තිබිය යුතු යෑයි කියන හෝ මයික්‍රෝග්රෑම් 10ක්‌ තිබුණාට කිසිදු ප්‍රශ්නයක්‌ නැතැයි යන ආකාරයෙනි. 

විෂ සහිත මූලද්‍රව්‍යයක්‌ ඒ හා බැඳෙන අනෙකුත් සංයෝගයේ ස්‌වභාවය අනුව කාබනික අකාබනික ලෙස හඳුන්වයි. උදාහරණයක්‌ ලෙස ආසනික්‌ සමග ආකාබනික සංයෝගයක්‌ හෝ මූලද්‍රව්‍යයක්‌ බැඳුණු පසු එය අකාබනක ආසනික්‌ ලෙසත්, කාබනික සංයෝගයක්‌ සමග බැඳුණු පසු කාබනික ආසනික්‌ ලෙසත් හඳුන්වයි. එසේ වූ පමණින් මුල් ආසනික්‌වල විෂ සහිත ස්‌වභාවය නැති නො වන අතර පසුව බැඳුණු කොටස අනුව විෂෙහි සාපේක්‌ෂව වෙනසක්‌ සිදු වේ. සාමාන්‍යයෙන් අකාබනික ආසනික්‌ ජීවී සෛලවලට වඩාත් විෂ සහිත ලෙස පිළිගැනේ. එහෙත් ලෙවිසයිට්‌, ක්‌ලාර්ක්‌ 1, ක්‌ලාර්ක්‌ 2 නම්වලින් හඳුන්වන කාබනික ආසනික්‌ සංයෝග මනුෂ්‍ය වර්ගයා නිපදවූ උග්‍රතම විෂ වර්ග ලෙස සැලකේ. ඒවා දෙවැනි ලෝක යුද සමයේ දී රසායනික අවි ලෙස භාවිත විය. 

රසදිය සම්බන්ධයෙන් ගත් කල වඩා විෂ සහිත ලෙස සැලකෙන්නේ කාබනික සංයෝග සමග බැඳුණු රසදිය ය. විශේෂයෙන් මෙතිල් කාණ්‌ඩ කෙරෙහි රසදිය විශේෂ ලැදියාවක්‌ දක්‌වන අතර ඉන් ගොඩනැඟෙන මෙතිල් මර්කරි, රසදියවලටත් වඩා උග්‍ර විෂකි. පොළොවට එක්‌ වන රසදිය ශාක මඟින් අවශෝෂණය කරගෙන තැන්පත් වන්නේ මෙතිල් මර්කරි ලෙස ය. ආහාර ඔස්‌සේ සිරුරට ඇතුළු වන මෙතිල් මර්කරි පහසුවෙන් ආහාර ජීර්ණ පද්ධතියෙන් අවශෝෂණය කරගෙන රුධිරයට එක්‌ වේ. මෙතිල් මර්කරි ඉතා හොඳින් ලිපිඩ සංයෝගවල ද්‍රාව්‍ය වේ. මේ ගුණය නිසා රුධිරයේ ඇති මෙතිල් මර්කරි මොළයට සහ ස්‌නායු පද්ධතියට ඇතුළු වී තැන්පත් වේ. සාමාන්‍යයෙන් බැර ලෝහ ජීවී පටක තුළ තැන්පත් වූ පසු ලෙහෙසියෙන් පිට ව නො යයි. බැර ලෝහ අඩංගු මිනිසකු හෝ ජීවියකු මිය ගිය පසු ද අවසානයේ නැවතත් ඒවා එක්‌ වන්නේ ද පස්‌වලට ය. එම පස්‌ ඔස්‌සේ ශාක සහ සතුන්ටත්, පසුව මිනිසුන්ටත් රසදිය ද ඇතුළු බැර ලෝහ නැවත නැවතත් ගමන් කරයි. එනම් වරක්‌ එක්‌ වූ පසු ස්‌වාභාවික චක්‍රයකට පිවිසේ. මූලද්‍රව්‍යයක්‌ විෂක්‌ වූ විටත් එම විෂ කෘත්‍රිම ක්‍රියාකාරකම් නිසා රටකට, විශේෂයෙන් දූපතකට පැමිණීමත් නිසා ඇති වන භයානක ම තත්ත්වය මේ අයුරින් ස්‌වාභාවික චක්‍රයකට එය ඇතුළු වීම ය. 

කෘෂිකර්මාන්තය සහ රසදිය 

රසදිය අඩංගු කෘෂි යෙදවුම් දෙවැනි ලෝක යුද සමයේ දී හඳුන්වා දෙනු ලැබිණි. කෘමිනාශක සහ විශේෂයෙන් ම දීලීරනාශක ලෙස රසදිය සංයෝග ඉතා ඉහළ සාර්ථකත්වයක්‌ පෙන්නුම් කළේ ය. කෙසේ වෙතත් මිනමාටා සිද්ධියත් සමග රසදියවල ඇති උග්‍ර විෂ ස්‌වභාවය ගැන කරුණු හෙළිදරව් වූ හෙයින් බොහෝ රටවල් රසදිය අඩංගු සංයෝග කෘෂිකර්මාන්තයෙන් ඉවත් කළේ ය. පරිභෝජනයට ගනු ලබන කිසිදු ආහාරයකට සම්බන්ධ වගාවක්‌ සඳහා රසදිය අඩංගු කෘෂිරසායන භාවිතය 1969 දී ඇමෙරිකා එක්‌සත් ජනපදයේ තහනම් කෙරිණි. 2009 වසරේ දී ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ පළිබෝධනාශක වර්ගීකරණයට අනුව රසදිය සංයෝග අයත් වන්නේ අතිශය විෂ සහිත (Extremely hazardous) 1a කාණ්‌ඩයට ය. එම වර්ගීකරණයේ සඳහන් වන පරිදි කලක්‌ පළිබෝධනාශකයක්‌ ලෙස යොදාගත් පීනයිල් මර්කරි ඇසිටේට්‌ නම් සංයෝගය කෘමීන්ට සහ දිලීරවලට මෙන්ම ක්‍ෂීරපායින්ට ද අතිශය උග්‍ර විෂකි. එහි ඉතා ම කුඩා මාත්‍රාවකින් වුව වකුගඩුවල ක්‍රියාකාරීත්වය අඩපණ විය හැකි ය. අපේ රටේ නීතිය අනුව ද පළිබෝධනාශකයක රසදිය අඩංගු විය නොහැකි ය. 1995 වසරේ දී එවැනි තහනමක්‌ හඳුන්වා දුන් අතර 2001 වසරේ දී අති විශේෂ ගැසට්‌ පත්‍රයක්‌ මඟින් එය තවදුරටත් තහවුරු කරන ලදී. 

කෙසේ වෙතත් අප රටේ වෙළෙඳ පොළේ අලෙවි වන කෘමිනාශක, දිලීර නාශක සැලකිය යුතු ගණනක විවිධ ප්‍රමාණවලින් රසදිය අඩංගු වන බව මේ වන විට පර්යේෂණාත්මකව සනාථ වී ඇත. රාජ්‍ය ආයතන දෙකකින් කළ පර්යේෂණ අනුව ලංකාවේ පළිබෝධනාශකවල රසදිය 100-10000 µg/kg ප්‍රමාණයට රසදිය අඩංගු බව හෙළි වී ඇති අතර එය පළිබෝධනාශක පරික්‍ෂා කිරීම සඳහා ම අන්තර්ජාතික ප්‍රමිතිය ලැබූ විදේශ පර්යේෂණාගාරයකින් ද සනාථ කර ඇත. මීට අමතරව ලංකාවේ භාවිත වන ඇතැම් රසායනික පොහොරවල ද විවිධ මට්‌ටම්වලින් රසදිය අඩංගු වන බවට සාධක ලැබී ඇත. මේ කුමන ආකාරයෙන් පැමිණිය ද අවසාන වශයෙන් උග්‍ර විෂ සහිත රසදිය එකතු වන්නේ අපේ රටේ පසට ය, ජලයට ය. ක්‍රමයෙන් මේවා ආහාර පාන ඔස්‌සේ අප ගේ සිරුරට ඇතුළු නො වන්නේ ද? ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානය මෑතක දී එළිදැක්‌වූ වාර්තාවකට අනුව ඒකක බිම් ප්‍රමාණයකට යොදන රසායනික පොහොර ප්‍රමාණය අතින් ලංකාව සිටින්නේ ඉහළ ම තැනක ය. ලොව බොහෝ රටවල් ක්‍රමිකව එම ප්‍රමාණය අඩු කර ගනිද්දී ලංකාවේ රසායනික පොහොර භාවිතය පසුගිය වසර කිහිපය තුළ ශීඝ්‍රයෙන් ඉහළ ගොස්‌ ඇත. අද අපේ රටේ ඇතැම් කෘෂිකර්ම නිලධාරීන් ක්‍රියා කරන්නේ ඉතා උඩඟු සහ නොහික්‌මුණු විලාසයෙනි. පළිබෝධනාශක සහ රසායනික පොහොර නිසා ඇති වෙමින් පවතින භයංකර තත්ත්වය වෛද්‍ය විද්‍යානුකූලව පෙන්වා දුන් පසු ඔවුහු නෑසූ කන් ව සිටිති. එපමණක්‌ නො ව එය සාධාරණීකරණයට බොරු ගොතා කියති. (මෑතක දී එක්‌තරා ගුවන් විදුලි වැඩසටහනකට සහභාගි වූ පළිබෝධනාශක රෙජිස්‌ට්‍රාර්වරයකු පැවසුවේ ආසනික්‌ යනු මනුෂ්‍ය ශරීරයට අත්‍යවශ්‍ය මූලද්‍රව්‍යයක්‌ බවයි.) රසදිය සම්බන්ධයෙන් ජාතික වශයෙන් සිදු කෙරෙන මැදිහත්වීමක්‌ ලහි ලහියේ සිදු විය යුතු අතර, එසේ නො වන්නට කෘෂි රසායන මගින් ලක්‌ පොළොවට එකතු වන විෂ ද්‍රව්‍ය නිසා ජාතිය ම අනතුරේ බව නැවතත් අනතුරු ඇඟවිය යුතු ය. 

වස විස කියා දෙන - ඒ සැම පැණි රස ලු
රසදිය, ආසනික්‌ - විටමින් වගෙ හොඳ ලු
හොඳ හිත ඇති ව - කියනා දේ සැම බොරු ලු 
අනේ අපොයි - සිරිලක දැන් අතුරේ ලු

වෛද්‍ය චන්න ජයසුමන -

පළිබෝධ නාශක ගැන ඉක්‌මන් පියවරක්‌ 
නොගත්තොත් ශ්‍රී ලංකාවත් බංගලාදේශයක්‌ වේවි

- ආසනික්‌ විරෝධී ජාතික ව්‍යාපාරයේ සභාපති - පියරතන නාහිමි 


එප්පාවල - රත්න බී. ඒකනායක 


බංගලාදේශයේ පලිබෝධ නාශක භාවිතය පිළිබඳ පොතක්‌ ලියා ඇති ආචාර්ය ජමාල් අන්වර් විද්‍යාඥයා එරට ජනගහණයෙන් කෝටිහතකට වකුගඩු රෝගය වැළඳි ඇති බවත්, අවුරුදු පතා හතළිස්‌ දහස බැගින් මියයන බවත්, ඉදිරි දශක දෙක තුනේදී බංගලාදේශය ජනශූන්‍ය රටක්‌ විය හැකි බවත් සඳහන් කර තිබෙනවා. පිලිබෝධනාශක පිළිබඳව වහ වහා අවශ්‍ය පියවර නොගතහොත් ශ්‍රී ලංකාවද දෙවැනි බංගලාදේශයක්‌ වන්නේ යෑයි ආසනික්‌ විරෝධී ජාතික ගොවි ව්‍යාපාරයේ සභාපති මහමාංකඩවල ශ්‍රී පියරතන නාහිමියෝ පැවසූහ. 

පලිබෝධනාශක බහුල ලෙස පාවිච්චි කරන රජරට ප්‍රදේශයෙන් තමයි මෙම ජාතික ව්‍යසනයේ තොරතුරු ප්‍රථමවරට හෙළිදරව් වුයේ. පසුගිය කාලයේ රජරට පමණක්‌ වකුගඩු රෝගයෙන් විසි දහසකට වඩා මැරිලා. විසිදහසකට වඩා වකුගඩු රෝගය හැදිලා. මෙය රජරටට පමණක්‌ සීමා වූ විනාශයක්‌ නෙමෙයි. දැන් දැන් වෙනත් ප්‍රදේශවලිනුත් පිළිකා, වකුගඩු, දියවැඩියා, හෘදයාබාධ, රුධිර රෝග වැනි රෝගීන් පිළිබඳ තොරතුරු අනාවරණය වෙනවා. මෙවැනි රෝගියකු නැති ගෙදරක්‌ අද සොයාගන්නට බැරිතරම්. මෙම විෂකාරක මිශ්‍රවූ ආහාර බෝග ගැනීමෙන් මිනිසුන්ගේ ස්‌වාභාවික ප්‍රතිශක්‌තිය හීනවී විවිධ රෝගවලට ගොදුරුවෙනවා අද මුළු ශ්‍රී ලංකාවම රෝගීන්ගෙන් පිරුණු රෝහලක්‌ වගේ යෑයි නාහිමියෝ සඳහන් කළහ. 

තවදුරටත් කරුණු විස්‌තර කළ නාහිමියෝ මෙසේද පැවසූහ. 

මේ පලිබෝධ නාශක හා රසායනික පොහොරවල ආසනික්‌, සයනයිඩ්, කැඩ්මියම් වැනි විෂකාරක ගණනාවක්‌ තියෙනවා. එහෙම තිබුණත් ආණ්‌ඩුව කියන්නේ සාමාන්‍ය ප්‍රමාණයකින් මේවා තිබුණට මිනිසුන්ට හානියක්‌ නෑ කියලයි. එහෙම නං මේ තරම් ලෙඩ්ඩු සංඛ්‍යාවක්‌ ඇතිවෙලා තියෙන්නේ මොකද? මේ වසවිෂ සමාගම්වලින් වාර්ෂිකව ලැබෙන විශාල බදු මුදල් කුට්‌ටියට ආණ්‌ඩුව ලෝබවෙලා කුඩු කෑ අය වගේ ගොළුවෙලා ඉන්නවා. 

ආණ්‌ඩු කරන්න ජනතාවක්‌ ඉන්න ඕනෑ. තමන්ට ලැබෙන අසීමිත වරදානවලට ලොල් වෙලා මැති ඇමැතිවරු කටපියාගෙන ඉන්නවා. ජනතාව ලෙඩ හැදිලා මැරිලා යනවා. ජනතාවගෙන් බලයට පත්වී, ඊළඟට ජනතාව ගැන නොහිතන මැති ඇමැතිවරුන්ගේ තනතුරු ඊළඟ ඡන්දෙදි ඉවරයි. රටේ මුළු මහත් ජනතාව වඳවී යන මේ ව්‍යසනයෙන් ජාතිය බේරාගන්න සියලු පලිබෝධ නාශක තහනම් කරන ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිනවා. 

මේ රැස්‌වීමේදී කරුණු පැහැදිලි කළ අනුරාධපුර වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්ය සහ වකුගඩු පර්යේෂණ කණ්‌ඩායමේ මාධ්‍ය ප්‍රකාශක චන්න ජයසුමන මහතා මෙසේ කීය. 

අපේ රටට වස, විෂ විකුණන සමාගම් විශාල ලෙස ගෙවන බදු මුදල් මගින් ආණ්‌ඩුව අල්ලාගෙන විශාල ලෙස ඇතැම් මාධ්‍ය ආයතනවලට මුදල් ගෙවා මාධ්‍ය ආයතන නිහඬකරගෙන ඇතැම් විශ්වවිද්‍යාලවල ආචාර්ය මහාචාර්යවරුන්ට කුට්‌ටි පිටින් මුදල් අතයට ගෙවා පළිබෝධ නාශක, මිනිස්‌ සිරුරට අහිතකර නොවන බවට විවිධාකාරයේ ප්‍රකාශන ලබාගෙන මොවුන් මේ සල්ලි බලෙන් කරගෙන යන්නේ බංගලාදේශයේ වගේ මුළු ජාතියම වඳ කිරීමක්‌. 

මේ අමානුෂික ව්‍යාපාරය වහාම නැවැත්විය යුතුයි. රජය කෙළින් නැගී සිටිය යුතුයි. ජනතාව බේරාගත යුතුයි. 

වෘත්තීය සමිති නායකයකු වන බාලා තම්පෝ මහතා ඇතුළු තවත් කීපදෙනෙක්‌ මෙහිදී අදහස්‌ දැක්‌වූහ. 
 

පරිසරයේ හමු වන බැර ලෝහ හඳුනාගැනීමේ ක්‍රමවේද

03 SE$P 2011 5:00 PM

මූලික අධ්‍යයන ආයතනය
මහනුවර

සබරගමුව  සරසවියෙන් විද්‍යාවේදී උපාධි ය ලබාගත් ආචාර්ය මෙත්තිකා විතානගේ සිය පශ්චාත් උපාධිය ලබාගත්තේ පේරාදෙනිය විශ්වවිද්‍යාලයයෙනි. ඒ සඳහා මූලික පර්යේෂණය කෙරුණේ ආසනික්‌ පිළිබඳව ය. අනතුරුව ශ්‍රී ලංකාවේ පස්‌ වර්ග භාවිතයෙන් ජලයේ තිබෙන ආසනික්‌ ඉවත් කරන්නේ කෙසේ ද යන්න අළලා කළ පර්යේෂණය තුළින් ඇය පශ්චාත් උපාධිය ලබා ගත්තා ය. ඇය ආචාර්ය උපාධිය ලබාගත්තේ ඩෙන්මාර්කයේ කෝපන්හේගන් විශ්වවිද්‍යාලයයෙනි. ඒ සඳහා ඇය කළ පර්යේෂණය වූයේ භූගත ජලය දූෂණයට ලක්‌ වන ආකාරය හා එම දූෂක ගලා යන ආකාරය පිළිබඳව ය. 


මේ වන විට ආචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය මහනුවර මූලික අධ්‍යයන ආයතනයේ පර්යේෂිකාවක ලෙස සේවය කරයි. ඇය ගේ පර්යේෂණ ක්‌ෂේත්‍රය ශ්‍රී ලංකාවේ භූගත ජලයේ අන්තර්ගත බැර ලෝහ පිළිබඳව ය. ඇයට අනුව කිසියම් ප්‍රදේශයකින් ලබාගන්නා පස්‌ නියෑදියක්‌ හෝ ජල නියෑදියක්‌ හෝ විද්‍යාත්මකව පර්යේෂණයකට ලක්‌ කරන්නේ නම් ඒ සඳහා ක්‍රමවේද කීපයක්‌ භාවිත කළ හැකි ය. මේ ක්‍රමවේද සියල්ල ම ලොව පිළිගත් ඒවා වන නමුත් එයින් ලැබෙන ප්‍රතිඵල පර්යේෂකයා ගේ දැනුම, පළපුරුද්ද, උපකරණවල තත්ත්වය හා ස්‌වභාවය අනුව වෙනස්‌ විය හැකි ය. එසේ ම ඒ සඳහා භාවිතයට ගන්නා රසායනික ද්‍රව්‍යවල ප්‍රමාණය හා තත්ත්වය අනුව ද වෙනස්‌ විය හැකි ය. මේ පර්යේෂණ ක්‍රම පිළිබඳව ආචාර්ය මෙත්තිකා විතානගේ විදුසර හා දැක්‌වූ අදහස්‌ ඇසුරින් මේ ලිපිය සැකසෙයි.

අපි පර්යේෂණයක්‌ සඳහා පස්‌ නියෑදියක්‌ හෝ ජල නියෑදියක්‌ තෝරා ගත් විට ඒවා විශේෂ තත්ත්වයන්ට ලක්‌ කරනවා. නිදසුනකට ජල නියෑදියක්‌ ගනිමු. මේ ජල නියෑදිය කොටස්‌ දෙකකට බෙදනවා. ඉන් එක නියෑදියකට සාන්ද්‍ර නයිටි්‍රක්‌ අම්ලය ස්‌වල්පයක්‌ එකතු කරනවා. 

අනෙක්‌ නියෑදිය ඒ ආකාරයෙන් ම ඇනායන වන නයිටේ්‍රට්‌, නයිට්‍රයිට්‌, ෆොස්‌ෆේට්‌, ෆ්ලෝරයිඩ්, හා ක්‌ලෝරයිඩ් ආදිය පරීක්‌ෂාවට ලක්‌ කරනවා. මෙවන් අවස්‌ථාවක දී සාන්ද්‍ර නයිටි්‍රක්‌ අම්ලය එකතු කරන්නේ නෑ. සාන්ද්‍ර නයිටි්‍රක්‌ අම්ලය එකතු නො කරන්නේ ජල නියෑදිය ලබාගත් තත්ත්වයේ තිබිය යුතු නිසයි. නයිටි්‍රක්‌ අම්ලය එකතු කළොත් තත්ත්වය වෙනස්‌ වෙනවා.

ජලය නියෑදියක්‌ ලබාගන්නා අවස්‌ථාවේ දී ම ඒ නියෑදියට සාන්ද්‍ර නයිටි්‍රක්‌ අම්ලයෙන් බිංදු දෙකක්‌ හෝ තුනක්‌ එකතු කිරීම මගින් අපිට ජල නියෑදියේ තිබෙන බැර ලෝහ, අයන ආකාරයට තබා ගැනීමේ හැකියාව ලැබෙනවා. එසේ නො වුණොත් ජලයේ තිබෙන අවලම්බිත ද්‍රව්‍ය, ජලයේ තිබෙන බැර ලෝහ, මැටි අංශු වලට එකතු වෙලා අධිශෝෂණයට ලක්‌ වෙනවා. එසේ වුණොත් බැර ලෝහ නිරීක්‍ෂණය කරන්න අපහසු වෙනවා. ඒ නිසයි ජල නියෑදියක්‌ ගත් විගස ම සාන්ද්‍ර නයිටි්‍රක්‌ අම්ලයෙන් බිංදු කීපයක්‌ එකතු කරන්නේ.

මේ ජල නියෑදිය රසායනාගාරය තුළ පෙරීමකට ලක්‌ කරනවා. ජල නියෑදිය පෙරීම සඳහා පටල පෙරහන් (membrane filters) භාවිත කරනවා. පටල පෙරහන් විවිධ ප්‍රමාණවලින් තිබෙනවා, සාමාන්‍යයෙන් භාවිත කරන්නේ සිදුරක විශාලත්වය මයික්‍රෝන 45 ඇති පටල පෙරහන්. මේ පෙරහන් ඉතා කුඩා සිදුරු සහිත නිසා අවලම්බිත ද්‍රව්‍ය ඉවත් වෙනවා. ඉන්පසු ඉතිරි වන්නේ බැර ලෝහ අඩංගු ජලයයි. පරීක්‍ෂණයට ලක්‌ කරන්නේ මේ ජල නියෑදියයි. 

ජලයේ තිබෙන නයිටේ්‍රට්‌, ෆොස්‌ෆේට්‌, සල්ෆේට්‌ වැනි පෝෂක ද්‍රව්‍ය පරීක්‌ෂාවට ලක්‌ කරනවා නම් ජල නියෑදිය ලබා ගන්නා අවස්‌ථාවේ දී ම පරික්‍ෂාවට ලක්‌ කරනවා. හේතුව නයිටේ්‍රට්‌ වැනි දේ වෙනස්‌ වීමකට ලක්‌ විය හැකි නිසා. ඒ නිසා පැය 24ක්‌ වැනි කාලයක්‌ තුළ දී ජල නියෑදිය පරීක්‍ෂාවට ලක්‌ කළ යුතු වෙනවා. 

ඔබ කියනවා ජල නියෑදියක්‌ පැය 24ක්‌ තුළ පරීක්‍ෂාවට ලක්‌ කළ යුතුයි කියා. එහෙම නම් දුර බැහැර ප්‍රදේශයකින් ලබාගත් ජල නියෑදියක්‌ පරීක්‌ෂාවේ දී ගැටලුවක්‌ ඇති වෙනවා. නේ ද? එවිට ගන්නා ක්‍රියාමාර්ගය කුමක්‌ ද?

සාමාන්‍යයෙන් කෙරෙන්නේ ඒ වෙලාවේ ම පරීක්‌ෂාවට ලක්‌ කිරීමයි. මොකද ජලයේ තත්ත්වය හා ස්‌වභාවය වෙනස්‌ විය හැකි නිසා.

ඈත ප්‍රදේශයකින් ජල නියෑදියක්‌ රසායනාගාරයට ගෙන ඒමේ දී පැය 24කට වඩා වැය වනවා නම් ඒ නියෑදිය සෙල්සියස්‌ අංශක 4ක්‌ වැනි පහළ උෂ්ණත්වයක්‌ තබාගෙනයි රසායනාගාරයට ගෙන එන්නේ. 

ජලයේ නයිටේ්‍රට්‌, ෆොස්‌ෆේට්‌, ක්‌ලෝරයිඩ්, ෆ්ලෝරයිඩ් ආදිය පරීක්‌ෂා කිරීම වගේ ම ජලයේ සන්නායකතාව ද සොයා බලන්නේ පාරජම්බුල වර්ණාවලික්‍ෂය (Ultraviolet spectrometer) ආධාරයෙනුයි. 

ජලයේ ඇති නයිටේ්‍රට්‌, නයිට්‍රයිට්‌, ෆොස්‌ෆේට්‌, සල්ෆේට්‌, ක්‌ලෝරයිඩ්, ෆ්ලෝරයිඩ් ආදිය පරීක්‌ෂා කිරීමේ දී වගේ ම ජලයේ විද්යුත් සන්නායකතාව සොයාබැලීමට අප පාරජම්බුල හා දෘෂ්‍ය වර්ණාවලීක්‌ෂය (Ultraviolet visible spectrometer), අයන සඳහා සුවිශේෂී වූ ඉලෙක්‌ට්‍රොaඩ (Ion selective electrode) ආදි උපකරණ භාවිත කරනවා.

පස්‌ නියෑදියක්‌ පරික්‌ෂණයට ලක්‌ කිරීමේ දී අනුගමනය කරන්නේත් මේ ක්‍රමවේදය ද නැත්නම් වෙනත් ක්‍රමවේදයක්‌ ද?

පස්‌ නියෑදියක්‌ පරීක්‍ෂා කිරීමේ දී අනුගමනය කරන්නේ වෙනස්‌ ක්‍රමවේදයක්‌. පස්‌ නියෑදියේ අඩංගු බැර ලෝහ සෙවීමට අවශ්‍ය නම් ඒ සඳහා භාවිත කරන ක්‍රම කීපයක්‌ තිබෙනවා. නිදසුනක්‌ ලෙස පසේ තිබෙන ආසනික්‌ ගනිමු. 

මෙහි දී අප විද්‍යාගාරවල පවතින තාක්‌ෂණය අනුව යොදාගන්නා ක්‍රමවේදය වෙනස්‌ වනවා.

අපි ඝන අවස්‌ථාවේ තිබෙන පස්‌ නියෑදියක්‌ ගනිමු. මෙහි දීත් ක්‍රම කීපයකට පරීක්‍ෂා කරන්න පුළුවන්. අපිට මෙහි දී X කිරණ ආධාර කරගැනීමේ හැකියාව තිබෙනවා. නැත්නම් X කිරණ ප්‍රතිදීප්තිය හෝ ප්‍රකාශ ඉලෙක්‌ට්‍රොaන වර්ණාවලිය භාවිතයෙන් පරීක්‍ෂණය සිදු කරන්නත් පුළුවන්.

පස්‌ නියෑදිය ද්‍රව අවස්‌ථාවට පත් කර ඉන් පසුව අපට විවිධ උපකරණ යොදාගෙන එහි විශ්ලේෂණ කිරීමට හැකියාව පවතිනවා. ඉන් එක්‌ ක්‍රමයක්‌ තමයි පරමාණුක අවශෝෂක වර්ණාවලිය (Atomic Absorption Spectrometer) භාවිත කිරීම. 

මෙහි දීත් ක්‍රම දෙකක්‌ ආධාරයෙන් පරික්‌ෂා කිරීමේ හැකියාව තිබෙනවා. ඉන් එක ක්‍රමයක්‌ තමයි හයිඩ්‍රයිඩ් උත්පාදක පරමාණුක අවශෝෂක වර්ණාවලිය (Hydride Generation Atomic Absorption Spectrometer). මේ ක්‍රමයෙන් ඉතා ම ක්‍ෂුද්‍ර ප්‍රමාණයේ අංශු ඒ කියන්නේ බිලියනයකට කොටස්‌ (parts per billion-ppb) වශයෙන් මැනීමට හැකියි. ඊට වඩා විශාල අංශු කොටස්‌ ඒ කියන්නේ මිලියනයකට කොටස්‌ වශයෙන් (parts per million-ppm) මැනීමට නම් සිළු පරමාණුක අවශෝෂක වර්ණාවලිය Flame Atomic Absorption Spectrometer) භාවිත කළ යුතුයි. 

ද්‍රව වර්ණලේඛ විශ්ලේෂක ස්‌කන්ධ වර්ණාවලිය (Liquid Chromatograph Mass
Spectrometer) හා ප්‍රේරක ඈඳුම් ප්ලස්‌මා විශ්ලේෂක වර්ණාවලිය (Induction Coupled
Plasma Spectrometer) වැනි උපකරණ ආධාරයෙන් හා ඊට අදාළ ක්‍රම මගින් ද ආසනික්‌ වැනි මූලද්‍රව්‍ය මැන ගන්න පුළුවන්. මේ ක්‍රමවේදවලින් අපි තෝරාගන්නා ක්‍රමය තීරණය වන්නේ පරික්‍ෂණයට ලක්‌ කරන නියෑදිය හා රසායනාගාරය සතු සම්පත් අනුව බව කිව යුතුයි.

මේ ක්‍රමවේද ලෝකයේ දියුණු යෑයි සම්මත රසායනාගාරවල වගේ ම ශ්‍රී ලංකාවේත් භාවිත වනවා ද? අපේ රටේ භාවිත කරන ක්‍රමවේද මොනවා ද? ඒවා භාවිත කරන තැන් මොනවා ද? 

ශ්‍රී ලංකාවේ බහුලව භාවිත වන්නේ ඔක්‌සිඇසිටිලින් හෝ නයිටි්‍රක්‌ ඔක්‌සයිඩ් දැල්ල භාවිතයෙන් පර්යේෂණ කරන සිළු පරමාණු අවශෝෂක වර්ණාවලි (Flame Atomic Absorption Spectrometer) ක්‍රමවේදයයි. මෙය සාමාන්‍යයෙන් ලෝහ වර්ග හඳුනාගැනීම සඳහායි භාවිත කරන්නේ. ආසනික්‌ හඳුනාගැනීම සඳහා භාවිත කරන්නේ හයිඩ්‍රයිඩ් උත්පාදක අවශෝෂක වර්ණාවලියේ ක්‍රමවේදයයි. මේ ක්‍රමවේදය පේරාදෙනිය විශ්වවිද්‍යාලය, කැලණිය විශ්වවිද්‍යාලය සහ කාර්මික තාක්‍ෂණික ආයතනය වගේ ම මූලික අධ්‍යාපන ආයතනය ආදී ස්‌ථාන කිහිපයක භාවිත කරනවා. මේ ක්‍රමවේදය ඉතා අධික වියදමක්‌ යන දෙයක්‌. මේ ක්‍රමවේදයේ දී සෝඩියම් බෝරෝහයිඩ්‍රයිඩ් කියන රසායන ද්‍රව්‍ය භාවිත කරන්න ඕනේ. මේ ඉතා ම මිල අධික රසායන ද්‍රව්‍යයක්‌. මෙයින් ග්රෑම් 25ක්‌ රුපියල් 25000ත් 50000ත් අතර ප්‍රමාණයක්‌ මිල වෙනවා. මෙයින් මිලිලීටර් 250ක ද්‍රdවණයක්‌ හදාගන්න සෝඩියම් බෝරෝහයිඩ්‍රයිඩ් ග්රෑම් 1.5ක්‌ පමණ අවශ්‍ය වෙනවා. මේ ප්‍රමාණයෙන් නියෑදි 10ත් 20ත් අතර ප්‍රමාණයක්‌ තමයි පරීක්‍ෂාවට ලක්‌ කරන්නට හැකි වන්නේ. ආසනික්‌ වැනි ද්‍රව්‍යයක්‌ හඳුනාගන්න නම් එක නියෑදියකින් නැවතත් නියෑදි තුනක්‌ පමණ වෙන් කරගෙන පරීක්‍ෂාවට ලක්‌ කරන්න අවශ්‍යයි. එවිටයි නිවැරැදිව දත්ත ලබා ගත හැකි වන්නේ. මේ දත්ත ද, උපකරණවල, ඉලෙක්‌ට්‍රොනික උපාංගවල සුළු වශයෙන් හෝ පවතින දෝෂ හෝ වෙනත් දෝෂ නිසා වෙනස්‌ වෙන්න බොහෝ විට ඉඩ තිබෙනවා. ඒ නිසා අපි සාමාන්‍යයෙන් උපකරණය, නියෑදිය පරීක්‌ෂාවට පෙර ප්‍රශස්‌ත මට්‌ටමට ගෙන ආ යුතුයි. මෙය සිදු කෙරෙන්නේ පිළිගත් විදේශ විද්‍යාගාරයක දී කල් තබා ම අගයයන් මැන, සටහන් කර ඇති නියෑදියක්‌ (Reference sample) අපේ උපකරණයෙන් නැවත විශ්ලේෂණය කර බැලීමෙනුයි. එහි දී එම නියෑදිය අපේ උපකරණයෙන් පරීක්‌ෂා කර, එම නියෑදියේ සටහන් කර ඇති අගය අපේ උපකරණයෙන් පෙන්නුම් කරන්නේ කවර මට්‌ටමක නිරවද්‍යතාවකින් ද යන්න ගැන අදහසක්‌ ලබා ගන්නවා. ඒ අනුව අප මනින්නට යන නියෑදිය උපකරණයෙන් පරීක්‌ෂා කළ පසු ලැබෙනු ඇති අගයෙහි නිරවද්‍යතාව ගැන සන්සන්දනාත්මක අදහසක්‌ ලබාගත හැකියි. 

ඒ, ඒ, සැම ලෝහ අයන විශ්ලේෂණයක්‌ සඳහා ම බොහෝ විද්‍යාගාරවල පරීක්‌ෂා කර තහවුරු කරගත් ජාත්‍යන්තරව පිළිගත් ක්‍රමවේදයක්‌ ඇති අතර මේ ක්‍රමවේද ප්‍රසිද්ධියට පත් කර තිබෙනවා. අප පාවිච්චි කරන්නේ ඒ ක්‍රමවේද. උදාහරණයක්‌ වශයෙන් පසේ ආසනික්‌ විශ්ලේෂණය සඳහා සහ ජලයේ ආසනික්‌ විශ්ලේෂණය සඳහා වෙන වෙන ම ක්‍රමවේද තිබෙනවා. විවිධ උපකරණ සඳහා ද අනුගමනය කළ හැකි ජාත්‍යන්තරව පිළිගත් විවිධ ක්‍රමවේද තිබෙනවා. විශ්ලේෂණයක්‌ කරද්දී මේ කරුණු කෙරෙහි අප සැලකිලිමත් විය යුතුයි. අප සාමාන්‍යයෙන් යොදාගන්නේ Standard Methods For The Examination of Water and Waste water නම් ග්‍රන්ථයෙහි අඩංගු වඩාත් පොදු ක්‍රවේදයන්.

ඝන පස්‌ නියෑදියක්‌ පරීක්‍ෂාවේ දීත් හයිඩ්‍රයිඩ් උත්පාදක අවශෝෂක වර්ණාවලිය භාවිත කළ හැකියි ද?

සාමාන්‍යයෙන් ඝන පස්‌ නියෑදියක්‌ පරික්‍ෂාවට ලක්‌ කිරීමේ දී මේ ක්‍රමවේදය කෙළින් ම භාවිත කරන්නට අපහසුයි. පස්‌ ඝන ස්‌වභාවයක්‌ ගන්නා නිසා ද්‍රවමය ස්‌වභාවයකට පත් කළ යුතුයි. ද්‍රව ස්‌වභාවයෙන් පරීක්‍ෂණය කරන්න නම් ක්‍ෂුද්‍ර තරංග අධාරයෙන් පස්‌ නියෑදිය ජීර්ණය කරන්නට අවශ්‍යයි. මේක ඉංග්‍රීසියෙන් හඳුන්වන්නේ microwave digestion කියලයි. මෙවැනි පරීක්‍ෂණයක්‌ සඳහා පස්‌ නියෑදිය හොඳින් මිශ්‍ර කර එයින් ග්රෑම් 0.5ක්‌ වැනි ප්‍රමාණයක්‌ ගත යුතුයි. 

මුලින් ම කිසියම් පස්‌ නියෑදියක්‌ අරගෙන ඉතා සියුම් අංශුවලට වෙන් කර ගත යුතුයි. සාමාන්‍යයෙන් පස්‌ පරික්‍ෂා කරන කොට ගන්නේ මිලි මීටර් 2කට වඩා කුඩා පස්‌ අංශුයි. මෙතරම් කුඩා පස්‌ අංශු තෝරාගැනීම සඳහා මිලිමීටර් 2ක්‌ වැනි කුඩා සිදුරු ඇති පෙරහන්වලින් හළා පෙරා ගන්නවා. මෙහි දී මිලිමීටර් 2ට වඩා විශාල පස්‌ අංශු ඉවත් වෙනවා. මේ ආකාරයට හළා පෙරාගත් මිලිමීටර 2ට වඩා කුඩා සියුම් පස්‌ නියෑදියට අධි සාන්ද්‍ර නයිටි්‍රක්‌ අම්ලය (HNO3), අධි සාන්ද්‍ර හයිෙඩ්‍රාෆ්ලෝරික්‌ අම්ලය (HF), පර්ක්‌ලෝරේට්‌ (ClO4) වැනි අම්ල එකතු කරනවා. මේ අම්ලවලින් හයිඩ්‍රක්‌ලෝරික්‌ සහ පර්ක්‌ලෝරේට්‌ යන අම්ල ඉතා ම ප්‍රබලයි. මේ අම්ලවලට පස්‌වලට බැඳිල තිබෙන සියලු ම ද්‍රව්‍ය (ආසනික්‌ වුණත්) ජීර්ණය කරල වෙන් කර ගැනීමේ හැකියාව තිබෙනවා. මේ සියලු ම ද්‍රව්‍ය ද්‍රව බවට පත් වෙනවා. මේ ද්‍රව, පරමාණුක අවශෝෂක වර්ණාවලියෙන් පරීක්‍ෂාවට ලක්‌ කළ හැකියි මූලික අධ්‍යයන ආයතනයේ බොහෝ විට මෙවැනි පර්යේෂණ සඳහා භාවිත කරන්නේ පරමාණුක අවශෝෂක වර්ණාවලියයි. ආසනික්‌ හා රසදිය පර්යේෂණ කරනවා නම් හයිඩ්‍රයිඩ් උත්පාදක පරමාණුක අවශෝෂක වර්ණාවලිය භාවිත කරනවා. 

ශ්‍රී ලංකාවේ ආසනික්‌ තිබෙනවා ද?

ආචාර්ය මෙත්තිකා විතානගේ මහත්මියට අනුව මිහිතලයේ භූ ගර්භයේ ඕනෑ ම තැනකින් ගත් පස්‌ නියෑදියක්‌ පරීක්‌ෂාවට ලක්‌ කළ හොත් ආසනික්‌ කිසියම් ප්‍රමාණයක්‌ හෝ හඳුනා ගැනීමේ හැකියාවක්‌ ඇත. එහෙත් ආසනික්‌ වැනි ලෝහ පරිසරයේ පැවතිය යුතු මට්‌ටම පිළිබඳ සම්මත අගයන් ඇත. ඒ අගයට අනුව ශ්‍රී ලංකාවේ පසේ තිබෙන ආසනික්‌ ප්‍රමාණය ඉතා ඉහළ අගයක්‌ ගන්නේ ද එසේත් නැත හොත් අවම අගයක්‌ ගන්නේ ද යන්න විමසිය යුතු ව ඇත. මේ පිළිබඳව ආචාර්ය මෙත්තිකා විතානගේ දරන්නේ මෙවන් අදහසකි.

භූ විද්‍යාත්මකව සොයා බලන විට මෙවැනි බැර ලෝහ පස්‌වලට ලැබෙන්නේ පාෂාණ හා ඛනිජවලින්. ඛනිජ සැදීමට මැග්මා ක්‍රියාකාරීත්වයක්‌ අවශ්‍යයි. මැග්මා දැඩි උෂ්ණත්වයකට හා පීඩනයකට ලක්‌ වීමෙන් සැදෙන ඛනිජවල සංයුතියේ වෙනස්‌කම් ඇති විය හැකියි. ඛනිජවල සංයුතියට ආසනික්‌, ක්‍රෝමියම්, නිකල්, මැංගනීස්‌ වැනි ඕනෑ ම බැර ලෝහයක්‌ ඇතුළත් විය හැකියි. 

ලංකාවේ හමු වන ඛනිජවල ආසනික්‌ බහුලව දක්‌නට ලැබෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ආසනික්‌ ලෝකයේ 20 වැනි තැන ගන්නා මූලද්‍රව්‍යය. ආසනික්‌ භූ තලයේ ඕනෑ ම තැනක විවිධ ප්‍රමාණවලින් තියෙන්න පුළුවන්. ලංකාවේ ආසනික්‌ අඩංගු ඛනිජ ද්‍රව්‍ය වශයෙන් දිය රත්රන්, මැග්නටයිට්‌, තලාතු මිනිරන් දක්‌වන්නට පුළුවන්. එප්පාවල ඇපටයිට්‌ නිධියේ වුවත් ක්‍ෂුද්‍ර ප්‍රමාණයෙන් ආසනික්‌ තිබෙන්න පුළුවන්.

ලෝකයේ පිළිගත් මතය අනුව පස්‌ කිලෝග්රෑම් 1ක ආසනික්‌ තිබිය යුත්තේ මිලිග්රෑම් 5ත් 10ත් අතර ප්‍රමාණයක්‌. ලංකාවේ මේ තරම් දක්‌නට ලැබෙන්නේ නෑ. සාමාන්‍යයෙන් හමු වන්නේ පස්‌ කිලෝග්රෑම් 1කට ආසනික්‌ මිලිග්රෑම් 1ක්‌ වැනි ප්‍රමාණයක්‌. ලෝකයේ ආසනික්‌ වැඩිපුර දක්‌නට ලැබෙන්නේ ගිනිකඳු ආශ්‍රිත හා භූතල ක්‍රියාකාරී ප්‍රදේශවලයි. සමස්‌තයක්‌ ලෙස ගත් විට ශ්‍රී ලංකාවේ ආසනික්‌ ඉතා සුළු වශයෙන් හමු වුණත් ගංගා නිම්න ආශ්‍රිත ප්‍රදේශවල තරමක ප්‍රමාණයක්‌ දක්‌නට ලැබෙනවා. විශේෂයෙන් මහවැලි ගඟ ආශ්‍රිත ප්‍රදේශ, රත්නපුර, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ. 

මහවැලි නිම්නයේ නළ ළිඳක්‌ කැණීමේ දී ලබාගත් ජලයේ ආසනික්‌ තිබුණු බැව් හෙළිදරව් වුණා. අනෙක්‌ ප්‍රදේශවලට වඩා වැඩියෙන් ගංගා නිම්න ආශ්‍රිතව දක්‌නට ලැබෙන්නේ ඛනිජ පාෂාණ ජීර්ණය වීමෙන් ඇති වූ පස්‌ ජලය සමග ගලා විත් තැන්පත් වීම නිසයි. 

රජරට ප්‍රදේශයේ මම පර්යේෂණ නො කළ නිසා එහි තිබෙන ආසනික්‌ පිළිබඳව මට කියන්න බැහැ. ඒත් හම්බන්තොට හා යාපනය යන ප්‍රදේශවල භූ ජලයේ විවිධ පර්යේෂණ කරල තිබෙනවා. ඒ පර්යේෂණවලින් කිලෝග්රෑමයට මයික්‍රොග්රෑම් 5ක පමණ ප්‍රමාණයකින් ආසනික්‌ හමු වී තිබෙනවා.

මතුපිට ජලයට හා පසට ආසනික්‌ එකතු වීමට තිබෙන ප්‍රධාන මාර්ග ලෙස කාර්මික අපද්‍රව්‍ය හා කෘෂිකර්මාන්තය සඳහා භාවිත කරන පළිබෝධනාශක වැනි රසායනික සංයෝග හඳුන්වා දෙන්න පුළුවන්. 

ඒ වගේ ම ස්‌වාභාවික ක්‍රියාකාරීත්වය හේතුවෙන් බැර ලෝහ භූගත ජලයට එකතු වීමේ හැකියාව තිබෙනවා. උස්‌සන්ගොඩ ප්‍රදේශයේ තිබෙන රතු පැහැති පස්‌ පරික්‍ෂාවට ලක්‌ කළ අපිට නිකල් ලෝහය බහුලව හමු වුණා. එම ප්‍රදේශයේ භූගත ජලයට නිකල්, මැංගනීස්‌ වැනි ලෝහ එකතු වීමේ හැකියාව තිබෙන බව පෙනෙනවා. 

පළිබෝධනාශක බහුවල භාවිත කරන ප්‍රදේශවල පරිසරයට එකතු වන පළිබෝධනාශකවල අඩංගු අහිතකර රසායන ද්‍රව්‍ය භූගත ජලයට එකතු වීමේ සම්භාවිතාව කොපමණද යන්න පිළිබඳව ඇය දැක්‌වූයේ මෙවන් අදහසකි.

පළිබෝධනාශක බහුලව භාවිත කරන ප්‍රදේශවල අහිතකර රසායන ද්‍රව්‍ය භූගත ජලයට එකතු වීමේ ප්‍රවනතාව ප්‍රදේශය අනුව වෙනස්‌ වෙන්න පුළුවන්. කල්පිටිය, යාපනය, මඩකලපුව ආශ්‍රිත ප්‍රදේශවල භූගත ජලයට මේ රසායන ද්‍රව්‍ය එකතු වීමේ ප්‍රවනතාව වැඩියි. හේතුව වැලි මිශ්‍ර පස්‌ හා හුණුගල් ආශ්‍රිත පස්‌ තිබීම. මෙවැනි පස්‌ අංශු අතර තිබෙන ජීද්‍ර අවකාශ විශාලයි. ඒ නිසා රසායනික අපද්‍රව්‍ය පස තුළට කිඳා බැසීම පහසුවෙන් සිදු වනවා. නමුත් ශ්‍රී ලංකාවේ අනෙක්‌ ප්‍රදේශවල තිබෙන පස්‌වල ජීද්‍ර අවකාශය ඉතා ම කුඩා නිසා රසායනික ද්‍රව්‍ය පස තුළට කිඳා බැසීම සිදු වන්නේ ඉතා ම අඩුවෙන්. ඒ නිසා ශ්‍රී ලංකාවේ ප්‍රදේශ විශාල ප්‍රමාණයක භූගත ජලයේ බැර ලෝහ දක්‌නට ලැබෙන්නෙ නෑ. 

මධ්‍ය කඳුකරයේ නුවරඑළිය, වැලිමඩ වැනි ප්‍රදේශවල කෘෂිකර්මාන්තය සඳහා ප්‍රමාණය ඉක්‌මවා පළිබෝධනාශක වගේම විවිධ කෘෂිරසායනික ද්‍රව්‍ය භාවිත කරන නිසා එම ප්‍රදේශවල මතුපිට ජලයේ හෝ වැඩිපුර බැර ලෝහ දකින්නට පුළුවන්. පසත් දූෂණයට ලක්‌ වෙන්න ඉඩ තිබෙනවා. 

මේ ප්‍රදේශවල පසේ දක්‌නට ලැබෙන බැර ලෝහ පිළිබඳව අදහස්‌ දැක්‌වූ ආචාර්ය මෙත්තිකා විතානගේ... 

සාමාන්‍යයෙන් ඊයම්, කැඩ්මියම් වැඩිපුර තිබෙන්නට හැකියාව තිබෙනවා. ඊයම් බහුලව පසටත් පරිසරයටත් එකතු වෙන්නේ ඛනිජ තෙල් දැවීමෙන්. ඒත් පළිබෝධනාශක භාවිතයෙනුත් පසට කැඩ්මියම් වැනි බැර ලෝහ එකතු වෙන්න ඉඩ තිබෙනවා. 

බොහෝ දෙනා ගේ වැඩි අවධානයක්‌ යොමු වන්නේ රසායනික දූෂක හෙවත් කාබනික නො වන දූෂක පිළිබඳවයි. ඒත් කාබනික දූෂක යනු තවත් පරිසර දූෂකයක්‌ බැව් බොහෝ දෙනකු නො දන්නවා විය හැකියි. ඔබ කාබනික දූෂක දූෂණ පිළිබඳව දරන්නේ කවර අදහසක්‌ ද? අප මතු කළ ඒ පැනයට ඇය පිළිවදන් දුන්නේ මේ අයුරිනි. 

ඔව් අපි නො දන්නා, අවධානය යොමු නො කරන පැත්තක්‌ තමයි කාබනික දූෂක, කාබනික දූෂකවල මොනවා ද, කොපමණ ප්‍රමාණයක්‌ තිබෙනව ද කියල ලංකාවේ කිසි ම කෙනෙක්‌ සොයල නැහැ. පර්යේෂණයකට ලක්‌ කරලත් නැහැ. හේතුව තමයි පර්යේෂණයට ලක්‌ කිරීමේ අපහසුතාව. ඒ සඳහා විශාල වියදමක්‌ දැරීමට සිදු වීම. ඒ නිසා කෘත්‍රිම වර්ණක, පොහොර, පළිබෝධනාශක වැනි සැම නිෂ්පාදනයක ම කාබනික ද්‍රව්‍ය අඩංගුයි. කාබනික සංයෝග බහුලව අඩංගු වෙනවා. මේ කාබනික සංයෝග ප්‍රතික්‍රියා කරන්නේ කොහොම ද, පසේ අඩංගු වන්නේ කවර ආකාරයකින් ද යන්නත් ජලයේ තිබෙන්නේ කවර ආකාරයකින් ද යන්නත් පිළිබඳව අපේ රටේ කිසි ම අධ්‍යයනයක්‌ කරලා නැහැ.

මේ කාබනික දූෂක අතරට පොලික්‌ලොරිනේට්‌ බයිෆීනයිල් (PCB) අයත් වෙනවා. මේවා රත්මලාන, ජාඇල වැනි ප්‍රදේශවල තිබෙන කර්මාන්ත ආශ්‍රිතව භාවිත කරනවා. ට්‍රයික්‌ලෝරොඑතිලින් (TCE) වැනි කාබනික සංයෝග අති විශාල ප්‍රමාණයක්‌ දූෂක ලෙස ක්‍රියා කරනවා. මේ කාබනික සංයෝග පිළිබඳව අපේ රටේ පර්යේෂණ කෙරිලා නෑ. වර්ණක වර්ග ගැන තරමකට පර්යේෂණ කරලා තිබෙනවා. ඒත් ඒවා ජීර්ණයට භාජන වෙන්නේ කොහොම ද, පැතිරෙන්නේ කොහෙ ද, අපද්‍රව්‍ය ලෙස ජලයට එකතු වීමෙන් සිදු වන්නේ කුමක්‌ ද, ශරීරගත වෙන්නේ කොහොම ද, ශරීරගත වීමෙන් පසු කුමක්‌ සිදු වන්නේ ද යන්න පිළිබඳව තවමත් කිසි ම පර්යේෂණයක්‌ කෙරිලා නෑ. ඒ නිසා වර්තමානයේ කාබනික සංයෝග පිළිබඳව පර්යේෂණ කළ යුතු මයි. අකාබනික සංයෝගවලට වඩා කාබනික සංයෝග මිනිස්‌ සිරුරට වඩාත් විෂ සහිත වෙන්න ඉඩ තිබෙනවා.

ආසනික්‌ ගැන කථා කරන්නේ ආසනික්‌ අහිතකර බැව් දන්නා නිසා. කාබනික සංයෝග පිළිබඳව නො දන්නා නිසා ඒ ගැන කථා කරන්නේ නෑ. ඒත් කාබනික සංයෝග මිනිස්‌ සිරුරට අහිතකරයි. අපි දන්නා මෙවැනි කාබනික සංයෝගයක්‌ තමයි DDT. 

මූලික අධ්‍යයන ආයතනය ශ්‍රී ලංකාවේ ස්‌ථාපිත ප්‍රධාන පර්යේෂණාගාරයකි. විද්‍යාත්මත ක්‍ෂේත්‍ර පැතිකඩ ගණනාවක්‌ අළලා විවිධ පර්යේෂණ කරන ආයතනයකි. මේ පර්යේෂණායතනය ගැන ආචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය විස්‌තර කළේ මෙලෙස ය. 

මූලික අධ්‍යයන ආයතනයේ ආසනික්‌ හැරුණු කොට විවිධ බැර ලෝහ පිළිබඳව පර්යේෂණ සිදු කරනවා. විශේෂයෙන් දැනට මහනුවර, ගොහාගොඩ, කසළ බැහැර කරන ප්‍රදේශවල කසළවලින් නිකුත් වන බැර ලෝහ නිසා පසත් ජලයත් දූෂණය වෙන්නේ කොහොම ද යන්න පිළිබඳව සොයා බලනවා. ගොහාගොඩ කසළ කන්ද පිහිටා තිබෙන්නේ මහවැලි ගඟ ආශ්‍රිතවයි. මේ හැරුණු කොට උස්‌සන්ගාඩ ප්‍රදේශයේ පස පිළිබඳව පර්යේෂණ සිදු කරනවා. උස්‌සන්ගොඩ පස ඒ ප්‍රදේශයට විශේෂ වුවත් ඒ පස ශ්‍රී ලංකාවේ තවත් ප්‍රදේශවල තිබෙනවා. උඩවලව ප්‍රදේශයේ ඉඳිකොළපැළැස්‌ස ප්‍රදේශයේ පස්‌, ගිනිගල්පැලැස්‌ස, වස්‌ගමුව වැනි ප්‍රදේශවල පස්‌ පරික්‍ෂාවට ලක්‌ කරනවා. එම ප්‍රදේශවල පස්‌ හා භූගත ජලයට බැර ලෝහවලින් සිදු වන හානිය පිළිබඳවයි පර්යේෂණය කරන්නේ. මෙයට අමතරව ජාත්‍යන්තර ජල කළමනාකරණ ආයතනය (International Water Management Institute - IWMI) සහ යාපනය විශ්වවිද්‍යාලයයේ පර්යේෂකයන් සමග එකතු වෙලා යාපනය ප්‍රදේශයේ තිබෙන ළිංවල ජලයේ තිබෙන නයිටේ්‍රට සම්බන්ධව සොයා බලනවා. මෙහි දී ජලයට එකතු වන නයිටේ්‍රට ප්‍රමාණය කොපමණ ද, නයිටේ්‍රට කොපමණ ප්‍රමාණයක්‌ පසේ ඉතිරි වෙනවා ද, ජලයට එකතු වන ප්‍රමාණය කොපමණ ද යන්න පිළිබඳව පර්යේෂණ රැසක්‌ සිදු කරගෙන යනවා. 

ඊට අමතරව ලංකාවේ බහුලව හමු වන මැටි පිළිබඳව පර්යේෂණ සිදු කරනවා. පුත්තලමේ රතු පස, බොරලැස්‌ගමුවේ මැටිපස කබොක්‌ පස පිළිබඳව පර්යේෂණ සිදු කරනවා. මේ පර්යේෂණවල අරමුණ මේ පස්‌ භාවිතයෙන් පසේ බැර ලෝහ ඉවත් කරන්න පුළුවන් ද යන්න පිළිබඳව සෙවීමයි. මෙයටත් අමතරව ජලයෙන් ෆ්ලෝරයිඩ් ඉවත් කරන ක්‍රම පිළිබඳව පර්යේෂණ සිදු කරනවා. හැලජන ගණයට අයත් ෆ්ලොරයිඩ් ඉතා ම ක්‍රියාශීලී අයනයක්‌. අද ලෝකයට ම ප්‍රශ්නයක්‌ වෙලා තිබෙන්නේ ජලයෙන් මේ ෆ්ලෝරයිඩ් ඉවත් කරන්නේ කොහොම ද යන්න. ඉතිං අපි පර්යේෂණ කරන්නේ ලංකාවේ හමු වන ද්‍රව්‍ය භාවිතයෙන් ෆ්ලෝරයිඩ් ඉවත් කිරීම පිළිබඳවයි. මෙතෙක්‌ කරපු පර්යේෂණවලින් මීට විසඳුම් ලෙස සොයාගෙන තිබෙන ද්‍රව්‍ය තමයි ගිනි ගඩොල්, කබොක්‌ වැනි ද්‍රව්‍ය. ඒත් ගඩොල් ප්‍රදේශයෙන් ප්‍රදේශයට අනුව වෙනස්‌ වන නිසා ගඩොල් භාවිතයෙන් ෆ්ලෝරයිඩ් ඉවත් කිරීමත් ගැටලුවක්‌. 

පස දූෂක ඉවත් කිරීමට හැකි තරම් උත්සාහ ගන්නවා. මිනිසා වැඩිපුර දූෂක එකතු කිරීමයි ගැටලුව. නමුත් ස්‌වාභාවිකව ලැබෙන දූෂක, පස මගින් මිනිසාට බලපෑමක්‌ නො වන ආකාරයට ඉවත් කර දමනවා. පසේ තිබෙන විශේෂ ලක්‌ෂණයක්‌ තමයි මේ සැම දූෂකයක්‌ ම උරාගැනීමට තිබෙන හැකියාව. ඒ නිසා තමයි අපේ පරැන්නන් මැටි වළංවල ආහාර පිසීමත්, මැටි ගුරුලේත්තුවලින් හා මැටි කළෙන් වතුර බීමත් කළේ. ගොහාගොඩ ප්‍රදේශයේ කළ අධ්‍යයනයේ දී පෙනී ගිය දෙයක්‌ තමයි, මේ ප්‍රදේශයේ තිබෙන පසට බැර ලෝහ වැනි අපද්‍රව්‍ය උරාගැනීමේ හැකියාවක්‌ තිබෙන බව.

මීට අමතරව මූලික අධ්‍යයන ආයතනයේ තවත් බොහොමයක්‌ පර්යේෂණ සිදු කෙරෙනවා. අඩු වියදමකින් වැඩි ශක්‌ති ප්‍රමාණයක්‌ පරිවර්තනය කරගැනීම හා නිපදවීම සඳහා සූර්යකෝෂ තාක්‌ෂණය පිළිබඳව මේ ආයතනයේ පර්යේෂණ සිදු කෙරෙනවා. නැනෝ තාක්‌ෂණය විවිධ පර්යේෂණ සඳහා යොදාගත හැකි ආකාරයත් එමගින් පාරිසරික දූෂක ඉවත් කිරීම පිළිබඳ වත් නොයෙකුත් අධ්‍යයනයන් සිදු කෙරෙනවා. කාබන් තිර කිරීම මගින් වායුගෝලීය CO2 අඩු කිරීම, ජෛව පොහොර නිෂ්පාදනය, ශාක කොටස්‌ යොදාගෙන ස්‌වාභාවික නිෂ්පාදක ලබා ගැනීම, භූතාපය යොදාගනිමින් ශක්‌තිය නිපදවීමේ හැකියාවැති ස්‌ථාන සිතියම්ගත කිරීම, ක්‌ෂය රෝගය පිළිබඳ පර්යේෂණ, ශ්‍රී ලංකාවේ ජෛවවිවිධත්වය හැදෑරීම හා කෘත්‍රිම බුද්ධිය පිළිබඳ පර්යේෂණ මේ ආයතනය තුළ සිදු කෙරෙන පර්යේෂණ බොහොමයක්‌ අතරින් කිහිපයක්‌. 

ශ්‍රී ලංකාවේ වැසියෝ මෑතක සිට නළ ළිං භාවිතයට හුරු වී සිටිති. නළ ළිංවලින් භූගත ජලය ලබා ගන්නා බැවින් උල්පත් ජලයට වඩා ලවණ වර්ග අඩංගු විය හැකි ය. මේ සම්බන්ධව ආචාර්ය මෙත්තිකා දක්‌වන අදහස්‌ මෙසේ ය. 

නළ ළිං භාවිතය ප්‍රදේශයට අනුව නිවැරැදිව කළ යුතුයි. අපි මඩකලපුව ප්‍රදේශය ගනිමු. මඩකලපුව ප්‍රදේශයේ නළ ළිඳක්‌ අඩි 5ක්‌ පමණ ගැඹුරට සවි කළ විට ඉතා ම පිරිසිදු ජලය ලැබෙනවා. ඊට වඩා ගැඹුරට නළ ළිඳ සවි කළොත් ලැබෙන්නේ ලුණු විතරයි. ඒ, ප්‍රදේශයේ තිබෙන ජල සංචිතයේ ස්‌වභාවයයි. 

වියළි කලාපයේ ප්‍රශ්නය ඊට වඩා වෙනස්‌. වියළි කලාපයේ පස්‌වල කැල්සියම් හා මැග්නීසියම් අධික ප්‍රමාණයක්‌ තිබෙනවා. ඒ නිසා ජලයේත් මේ මූලද්‍රව්‍ය අඩංගු වෙනවා. හේතුව කාලගුණික හා දේශගුණික ස්‌වභාවයයි. තෙත් කලාපයට විශාල වර්ෂාපතනයක්‌ ලැබෙනවා. උෂ්ණත්වය සාමාන්‍ය අගයක්‌ ගන්නවා. වියළි කලාපයේ වර්ෂාපතනය අඩුයි. උෂ්ණත්වය ඉහළ අගයක්‌ ගන්නවා. නිදසුනකට ෆ්ලෝරයිඩ් ගනිමු. තෙත් කලාපයේ වර්ෂාපතනය නිසා පසේ තිබෙන ෆ්ලෝරයිඩ් ජලය සමග පහළට ගලා යනවා. ඒ නිසා පානය කරන ජලයේ ෆ්ලෝරයිඩ් අඩංගු වන්නේ නෑ. වියළි කලාපයේ වර්ෂාපතනය අඩු නිසා ෆ්ලෝරයිඩ් අඩංගු ජලය වාෂ්ප වී ෆ්ලෝරයිඩ් හා අනෙක්‌ බැර ලෝහ (කැල්සියම්, මැග්නීසියම් වැනි) පසේ තැන්පත් වෙනවා. ඒ නිසයි වියළි කලාපයේ ෆ්ලෝරයිඩ් ප්‍රශ්නය ඇති වෙලා තිබෙන්නේ. 

අතීතයේ අපට ඉතා හොඳ වාරි ශිෂ්ටාචාරයක්‌ තිබුණා. එහි දී සිදු වුණේ භූගත ජලය පෝෂණය කිරීමයි. වැවක්‌ තිබුණා. වැව වටා වන වැස්‌මක්‌ තිබුණා. දියුණු ඇළ මාර්ග තිබුණා. වන වැස්‌ම නිසා පසට ජලය උරාගන්නේ බිංදු වශයෙන්. ඒ නිසා අපේ භූගත ජලයේ බැර ලෝහ අඩංගු වුණේ නෑ. ඒ ජලය ඇළ මාර්ග දිගේ කුඹුරට ගලා ගියා. ඇළ මාර්ග දෙපසින් වන වැස්‌මක්‌ තිබුණා. එයිනුත් ඉතිරි බැර ලෝහ ලවණ වර්ග පසට උරාගෙන පිරිසිදු ජලය කුඹුරට ගලා ගියා. පානයට ගත්තේ ඒ පිරිසිදු ජලයයි. 

අද අපට පැරැණි වාරි ශිෂ්ටාචාරය නෑ. පැරැණි වාරි තාක්‍ෂණය ක්‍රියාත්මක වෙන්නේ නෑ. ඒ නිසයි අද වියළි කලාපයේ ෆ්ලෝරයිඩ් වැනි බැර ලෝහ ගැටලුවක්‌ ඇති වී තිබෙන්නේ. අතීත වාරි ශිෂ්ටාචාරයට අනුව අපි ජීවත් වුණා නම් අද මේ ගැටලු ඇති වෙන්නේ නෑ. අද අපිට අතීත වාරි ශිෂ්ටාචාරයට එක වර ම යන්නත් බෑ. ඉතිං අපි කළ යුත්තේ නවීන විද්‍යාත්මක ක්‍රමවේද භාවිතයෙන් මේ ප්‍රශ්නවලට නිවැරැදිව පිළිතුරු සෙවීමයි.

(විශේෂ ස්‌තුතිය - මූලික අධ්‍යයන ආයතනයේ අධ්‍යක්‌ෂ මහාචාර්ය සී. බී. දිසානායක, සහ හසින්ත විඡේසේකර, නදීකා සෙව්වන්දි, අනුෂ්කා උපමාලි යන මහත්ම මහත්මීන්ට)

සාකච්ඡා කළේ අමල් උඩවත්ත VIDUSARA



ආධානග්‍රාහී අයින්ස්‌ටයින්

03 SE$P 2011 5:00 PM


කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨයේ පීඨාධිපති 
මහචාර්ය නලින් ද සිල්වා

බටහිර විද්‍යාවේ ඕනෑ ම අයකුට කළ හැකි පරීක්‍ෂණ යනුවෙන් හැඳින්වෙන්නේ පාර තොටේ හමුවන ඕනෑ ම අයකුට කළ හැකි පරීක්‍ෂණ නො ව බටහිර විද්‍යාව හදාරා ඒ ඒ ක්‍ෂෙත්‍රයෙහි යම් පරිණතභාවයකට පත් වූ අයකුට කළ හැකි පරීක්‍ෂණ බව අපි දුටුවෙමු. එහෙත් බටහිර විද්‍යාවේ හා විද්‍යාවේ දර්ශනයේ එසේ නො කියෑවෙනවා පමණක්‌ නො ව ජනතාවට වැරැදි නිගමනවලට පැමිණීමට ඉඩ සලසවමින් ඒ පාරතොටේ හමු වන ඕනෑ ම අයකුට වුව ද කළ හැකි පරීක්‍ෂණ ලෙස ඒත්තු ගැන්වෙන අයුරෙන් ඉදිරිපත් කෙරෙන බව පැහැදිලි ය.

බටහිරයන් එසේ කරන්නේ එක්‌තරා තක්‌කඩි අදහසකින් යෑයි සිතමි. එසේ බටහිර විද්‍යාවේ පරීක්‍ෂණ පාරතොටේ වුවත් හමු වන ඕනෑ ම අයකුට කළ හැකි පරීක්‍ෂණ ලෙස හඳුනා ගැනීමට සැලැස්‌වූ කල අනෙක්‌ දැනුම් පද්ධතියක්‌ ද ඕනෑ ම අයකුට දැනගැනීමට හැකි අයුරෙන් තිබිය යුතු බවට නිර්ණායකයක්‌ පැනවීමට බටහිරයන්ට අවකාශ ලැබෙයි. ඒ තම දේශපාලන ආධිපත්‍යය පවත්වාගෙන යැම උදෙසා කරන සටකපට ප්‍රයෝගයක්‌ වේ. බටහිරයන් අනෙක්‌ අය ගෙන් ඉල්ලන්නේ තමන් ද නො රකින ප්‍රතිපත්තියක්‌ රැකීමට ය. පාරතොටේ හමු වන ඕනෑ ම අයකුට තබා විශ්වවිද්‍යාලයකින් භෞතික විද්‍යාව පිළිබඳ ප්‍රථම උපාධියක්‌ ලත් අයකුට වත් ගිබ්ස්‌ බෝසෝනය ඇත් ද නැත් ද යනුවෙන් දැනගැනීමට පරීක්‍ෂණයක්‌ කළ නොහැකි ය.

පළමුවෙන් ම ඒ සඳහා බටහිර භෞතික විද්‍යාව පිළිබඳ අදාළ පශ්චාත් උපාධි පාඨමාලාවක්‌ හදාරා තිබිය යුතු ය. දෙවනුව ඒ සඳහා පරීක්‍ෂණ කරන කණ්‌ඩායමක්‌ සමඟ එකතු විය යුතු ය. එවැනි කණ්‌ඩායම් ලෝකය පුරා හතු පිපී ඇත්තාක්‌ මෙන් දැකගත හැකි නො වේ. එයට හේතුව ඒ සඳහා විශාල ධනස්‌කන්ධයක්‌ වැය කිරීමට සිදු වීම ය. තමන් ගේ වියදමින් එවැනි පරීක්‍ෂණ කණ්‌ඩායමක්‌ ඇති කර ගැනීමට හැකියාවක්‌ හා උනන්දුවක්‌ ඇති පුද්ගලයකු ඇතැයි සිතිය නො හැකි ය. ගිබ්ස්‌ බෝසෝනය ඕනෑ ම අයෙකුට කළ නො හැකි පරීක්‍ෂණයක්‌ සඳහා දිය හැකි එක ම උදාහරණය නො වේ. බොහෝ සාමාන්‍ය පරීක්‍ෂණ පවා ඕනෑකම තිබිණ ද ඕනෑ ම අයකුට කළ හැකි නො වේ.

අනෙක්‌ අතට බටහිර විද්‍යාව ප්‍රථම උපාධි මට්‌ටමට වත් හැදෑරීමට අවකාශ ලැබෙන්නේ කීයෙන් කී දෙනාට ද? බොහෝ දෙනකු සාමාන්‍ය පෙළ මට්‌ටමෙන් ඉහළට බටහිර විද්‍යාව නො හදාරති. එයට විවිධ හේතු තිබිය හැකි ය. අදාළ පාසලේ අවශ්‍ය පහසුකම් නැති වීම එයට එක්‌ හේතුවක්‌ පමණකි. ඇතැමුනට බටහිර විද්‍යාව ඉගෙනීමට එතරම් කැමැත්තක්‌ නැති වීම තවත් හේතුවකි. ඔවුන් වඩා කැමැති මානව ශාස්‌ත්‍ර, සමාජයීය විද්‍යා විෂය හැදෑරීමට ය. තවත් අයට බටහිර විද්‍යාව ඉගෙන ගැනීමට අවශ්‍ය චින්තනය නැත. විශේෂයෙන් ම බටහිර භෞතික විද්‍යාව හැදෑරීමට තරමක වුවත් වියුක්‌ත චින්තනයක්‌ අවශ්‍ය වෙයි. බොහෝ බටහිර ජෛවීය විද්‍යා ශිෂ්‍යයනට තරමක වියුක්‌ත චින්තනයක්‌ තිබිණි ද බටහිර භෞතික විද්‍යාව හැදෑරීමට අවශ්‍ය තරමේ වියුක්‌ත චින්තනයක්‌ නැත.

ආධ්‍යාත්මික ගුණ වගාවෙන් හෝ දෙවිවරුන් ගෙන් හෝ අත්පත් කරගන්නා දැනුම් සම්බන්ධයෙන් ද කිව හැක්‌කේ එවැනි ම කරුණු ය. ඕනෑ ම අයකුට එසේ දැනීම ලබාගැනීමේ හැකියාව නැත. ඒ සඳහා සසර කරන ලද කුසල් තිබිය යුතු ය. ඇතැම් විට පාරමී ශක්‌තිය වර්ධනය කර තිබිය යුතු ය. බටහිරයන් තමන් ගේ ආධිපත්‍යය රැක ගැනීම සඳහා ඕනෑ ම අයකුට දැනගත හැකි වන අයුරින් අදාළ දැනුම ඉදිරිපත් කරන ලෙස කියා සිටිය ද අප එසේ කිරීමට බැඳී නැත. එයට ප්‍රධාන හේතුව වන්නේ බටහිරයන් ගේ පරීක්‍ෂණ ඕනෑ ම අයකුට කළ හැකි ගණයේ ඒවා නො වීම ය. ප්‍රතිශතයක්‌ වශයෙන් ගත් කල බටහිර විද්‍යාවේ පරීක්‍ෂණ කිරීමට හැකියාව ඇත්තේ ලෝක ජනගහනයෙන් කී දෙනකුට ද?

එසේ නම් ආධ්‍යාත්මික ව දැනුම ලබාගැනීමේ හැකියාව ඇති අය ගේ ප්‍රතිශතය එයටත් වඩා අඩු විය යුතු ය. සමස්‌ත සත්ත්ව සංඛ්‍යාව ගත හොත් මිනිස්‌ භවයක්‌ ලබාගෙන ඇත්තේ ඉන් ඉතා සුළු ප්‍රතිශතයක්‌ බව ඉතා පැහැදිලි ය. මිනිසුන් අතර ආධ්‍යාත්මික ශක්‌තියෙන් හෙබි අය ගේ ප්‍රතිශතය ඉතා කුඩා වීම අරුමයක්‌ නො වේ. ඒ සඳහා කුසල් ශක්‌තිය අවශ්‍ය වෙයි. මට ද ආධ්‍යාත්මික ව දැනුම ලබාගැනීමට තරම් වාසනාවක්‌, කුසල ශක්‌තියක්‌ නොමැති බව ප්‍රකාශ කළ යුතු ය. එහෙත් එවැනි ශක්‌තීන් ඇති පුද්ගලයන් සිටින බව පිළිගැනීමට මගේ නොහැකියාව ප්‍රශ්නයක්‌ නො වේ.

අප බොහෝ දෙනකු බොහෝ දෑ විශ්වාස කරන්නේ අප ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සියලු අධ්‍යයනයන් කිරීමෙන් පසුව නො වේ. එසේ කිරීමට ගිය හොත් අපට කිසිවක්‌ කරගත නො හැකි වනු ඇත. අප බොහෝ දෑ විශ්වාස කරන්නේ අපේ විශ්වාසය දිනා සිටින පුද්ගලයන් ඒ දේ කියන බැවිනි. අප ඉලෙක්‌ට්‍රොaන ඇති බව විශ්වාස කරන්නේ අප ඉලෙක්‌ට්‍රොaන දැක ඇති නිසා නො වේ. අප තබා කිසිවකු ඉලෙක්‌ට්‍රොaන දැක නැති සන්දර්භයක අප ඉලෙක්‌ට්‍රොaන ඇති බව විශ්වාස කරන්නේ අපේ විශ්වාසයට පාත්‍ර වූ පුද්ගලයන්, ගුරුවරුන්, ඊනියා බුද්ධිමතුන් ආදීන් ඉලෙක්‌ට්‍රොaන ඇතැයි යන හැඟීම අපට දී ඇති බැවිනි. බොහෝ විට ඒ අයට ද ඒ හැඟීම ඇත. ඉලෙක්‌ට්‍රොaන ගැන නො ව විද්යුතය ගැන වත් කිසි ම පරීක්‍ෂණයක්‌ නො කළ අය ඉලෙක්‌ට්‍රොaන ඇතැයි විශ්වාස කරන්නේ පරීක්‍ෂණවල බලමහිමය නිසා නො වන බව පැහැදිලි ය. ඔවුන්ට එසේ විශ්වාස කිරීමට පරීක්‍ෂණ පැවැත්වීමේ අවශ්‍යතාව පැන නො නඟී. ඔවුහු ඒ ගැන ප්‍රශ්න කිරීමකින් පවා තොර ව ඉලෙක්‌ට්‍රොaන ඇති බව විශ්වාස කරති.

උගත් යෑයි සම්මත අය ආධ්‍යාත්මික ශක්‌තිය ඔස්‌සේ දැනුම ලබාගන්නන් කියන දේ විශ්වාස නො කරන බව ප්‍රකාශ කරන්නේ ඔවුන්ට ඒ අය පිළිබඳ ප්‍රසිද්ධියේ විශ්වාසයක්‌ ඇති කර ගැනීමට සමාජයෙන් ඉඩක්‌ නො ලැබෙන බැවිනි. මෙරට උගතුන් යෑයි සම්මත වූවනට අයින්ස්‌ටයින් කියා ඇති මෝඩ කතාවක්‌ වුව ද විශ්වාස කිරීමට හා එය පුනරුච්චාරණය කිරීමට බාධාවක්‌ නැත. දෙවියන් වහන්සේ දාදු කෙළින්නේ නැතැයි අයින්ස්‌ටයින් ප්‍රකාශ කර ඇත්තේ ක්‌වොන්ටම් භෞතිකයේ කෝපන්හේගන් විවරණය ගැන එකඟ නො වෙමිනි.

කෝපන්හේගන් විවරණයේ අඩුපාඩුකම් ඇති බව පැහැදිලි ය. එහෙත් ක්‌වොන්ටම් භෞතිකයේ මිනුම් ගැන ද නිව්ටෝනීය හා අයින්ස්‌ටයිනීය භෞතිකයේ මිනුම් ගැන මෙන් කල් ඇති ව ප්‍රකාශ කළ හැකි විය යුතු යෑයි යමකු ප්‍රකාශ කරන්නේ නම් ඒ ආධානග්‍රාහීව (dogmatically) කරන මෝඩ ප්‍රකාශයක්‌ පමණකි. ක්‌වොන්ටම් අංශූ හා ඊනියා සම්භාව්‍ය අංශූ එක ම ආකාරයකින් හැසිරිය යුතු යෑයි අපට උපකල්පනය කිරීමට ඇති අයිතිය කුමක්‌ ද? එහෙත් අයින්ස්‌ටයින් ගේ ප්‍රකාශය මහදැනමුත්තකු ගේ ප්‍රකාශයක්‌ ලෙස ඉදිරිපත් කිරීමට මෙරට උගතුන් යෑයි සම්මත අය ගෙන් ඒ ප්‍රකාශය ගැන කියවා ඇති අය (ඔවුන් මහා පරිමාණයෙන් සොයාගත නො හැකි ය) සැදී පැහැදී සිටිති. ක්‌වොන්ටම් භෞතිකය සම්බන්ධයෙන් අයින්ස්‌ටයින් ඉතා ම ආධානග්‍රාහී පුද්ගලයකු ලෙස එයට විරුද්ධව විවිධ ප්‍රකාශ කළේ ය.

දෙවියන් දැක ඇති අය දෙවියන් සිටින බව කී විට මෙරට උගතුන් ඒ විශ්වාස නො කරන්නේ ඇයි? අද නාථ දෙවියන් නමින් පෙනී සිටින දෙවි කෙනෙක්‌ හා තවත් දෙවිවරු, විශේෂයෙන් ම විපස්‌සක දෙවියන්, ඔවුන් සමඟ සම්බන්ධකම් පවත්වන එක්‌ කාන්තාවකට සිංහල නිල වෙදකම හා සිංහල ගොවිකම පිළිබඳව විවිධ උපදෙස්‌ දෙති. මට දෙවිවරුන් සමඟ සම්බන්ධ වීමට තරම් කුසල් ශක්‌තියක්‌ නොමැති නමුත්, ආධ්‍යාත්මික ව දැනුම ලබාගැනීමට තරම් වාසනාවක්‌ නැති නමුත්, ඉතා මෑතක දී මගේ හෘදයාබාධයක්‌ සුව කරන ලද්දේ මේ දෙවිවරුන් විසින් බව මා කිහිප වතාවක්‌ ම ප්‍රසිද්ධියේ කියා ඇත. මේ දෙවිවරුන් සිටින බව මම විශ්වාස කරමි. එසේ ම ඒ දෙවිවරුන්ට ඉතා විශිෂ්ට වූ දැනුමක්‌ ඇති බවත් මම දනිමි.

එහෙත් ඒ දැනුම පිළිබඳ විශ්වාසයක්‌ ඇති කර ගැනීමට උගත් සමාජයෙන් අපට බාධා එල්ල වෙයි. මේ උගතුන් ගෙන් බොහෝ දෙනා කතරගම යන බව ද පෞද්ගලික ව දෙවියන් විශ්වාස කරන බව ද මම දනිමි. එපමණක්‌ නො ව ඔවුන් ගෙන් කිහිප දෙනකු පෞද්ගලික ව විපස්‌සක හා නාථ දෙවිවරුන් ගෙන් ප්‍රතිකාර ගෙන තමන්ට වැළඳී තිබූ අසනීප සුව කරගත් බවත් දනිමි. අවශ්‍ය වුව හොත් ඔවුන් ගේ නම් ගම් හෙළිදරව් කිරීමට ද මම පසුබට නො වෙමි. එහෙත් ඒ නාථ දෙවියන් ම රජරට වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව ආසනික්‌ (ආසනේට්‌) බව ද ඇතැම් පෙදෙස්‌වල ඇති කිවුල සහිත ජලය හා කුඹුරු පස ද එයට අවශ්‍ය වන බව ද පවසන විට මේ උගත්තු එයට විරුද්ධ වෙති.

මේ නාථ දෙවියන් යනු මතු බුදු වන මෛත්‍රී බෝසතාණන් වහන්සේ යෑයි ඔවුන් සමඟ සම්බන්ධකම් පවත්වන කාන්තාව කියයි. එය ඇත්ත වුවත් නැතත් මේ දේව මණ්‌ඩලයෙහි ප්‍රධානියා නාථ නම් දෙවි කෙනකු බව මම විශ්වාස කරමි. එසේ ම ඒ දෙවියන් කවරකු වුවත් තවමත් බුද්ධත්වයට පැමිණ නොමැති බැවින් එතුමන් අතින් ඇතැම් විට වැරැදි සිදු විය හැකි බවත් මම විශ්වාස කරමි. එමෙන් ම එතුමන්ට ද යම්කිසි දේශපාලනයක්‌ ඇති බවත් මෙරට සුබ සිද්ධිය සඳහා මේ මේ දේ මේ මේ ආකාරයට සිදු විය යුතු යෑයි එතුමන් විශ්වාස කරන බවත් මට තේරුම් ගොස්‌ ඇත. ඒ දේශපාලන ව්‍යාපෘතියෙහි මා සිටියත් නැතත්, එතුමන් ගේ සැම ක්‍රියාවක්‌ සමඟ ම මට එකඟ වීමට නොහැකි වුවත්, සිංහල බෞද්ධ විද්‍යාවක්‌ ගොඩනැඟීම හා සිංහල බෞද්ධ සමාජයක්‌ නැවත ඇති කිරීම යන කරුණුවල දී මම එතුමන්ට සහාය වෙමි.

එතුමන් ගේ ඇතැම් අදහස්‌ සමග මා එකඟ නො වන්නේ මට වැටහෙන ආකාරයට බව අමුතුවෙන් කිව යුතු නො වේ. මට වැටහෙන අයුරින් මා ඇතැම් කරුණුවල දී එතුමන් සමඟ එකඟ නො වන්නේ වෙනත් අයකු සමග එකඟ නො වන ආකාරයෙන් ම ය. වර්තමානය සම්බන්ධයෙන් මේ දෙවිවරුන්ට ඇති දැනුම අති විශිෂ්ට ය. ඒ දෙවිවරු තම දැනුම ප්‍රකාශ කිරිමේ දී මාධ්‍යයක්‌ ලෙස ඇතැම් විට බටහිර විද්‍යාවේ බස ද යොදා ගනිති. ඒ අපේ පහසුව සඳහා ය. විපස්‌සක දෙවියන් ගේ දැනුම සම්බන්ධයෙන් එතුමන්ට නොබෙල් තෑගි දෙන්නේ නම් රාශියක්‌ ම දිය හැකි ය. එහෙත් අනාගතය ගැන දෙවිවරුන්ට වුව ද සියයට සියයක විශ්වාසයකින් ප්‍රකාශ කළ හැකි නො වේ. රහතන් වහන්සේ අතර ද ඒ ඒ කාරණා සම්බන්ධයෙන් අගතැන් පත් වූවෝ සිටිය හ. එසේ නම් දෙවිවරුන් අතර අනාගතය කීම සම්බන්ධයෙන් ද විවිධ හැකියාවන්a ඇති අය සිටීම අරුමයක්‌ නො වේ.

පෞද්ගලික ජීවිතයෙහි දී නාථ දෙවියන් විශ්වාස කරමින් එතුමන් ගෙන් ප්‍රතිකාර ගනිමින් ප්‍රසිද්ධ ජීවිතයෙහි දී නාථ දෙවියන් නැතැයි කීමට තරම් ඊනියා උගතුන්, විද්‍යාඥයන් යෑයි කියාගන්නා තාක්‍ෂණ ශිල්පීන් (මේ, තාක්‍ෂණ ශිල්පීන්ට කරන අගෞරවයක්‌ ලෙස නො සැලකිය යුතු ය) කුහක වන්නේ ඔවුන් බටහිර විද්‍යාවේ ආධිපත්‍යයට ඇති බිය මේ යෑයි පෙන්නුම් කරමිනි. අයින්ස්‌ටයින් මොන තරම් මෝඩ ආධානග්‍රාහී ප්‍රකාශයක්‌ කළත් එය පිළිගැනීමටත්, නාථ දෙවියන් හා විපස්‌සක දෙවියන් සංයුක්‌තව වර්තමානයේ දී තමන්ට දැනෙන දේ ප්‍රකාශ කළ විට ඒ ප්‍රතික්‍ෂේප කිරීමටත් ඊනියා විද්‍යාඥයන් පෙලඹෙන්නේ බටහිර දැනුම් ආධිපත්‍යය මෙරට ක්‍රියාත්මක වන බැවින් ය. වත්මන් දේශපාලනය ප්‍රධාන වශයෙන් ම බටහිර දැනුම ඔස්‌සේ ක්‍රියාත්මක වෙයි. ඊනියා දැනුම් සමාජ ආදී සංකල්ප බටහිරින් අපට එවන්නේ මේ ආධිපත්‍යය උපයෝගී කරගනිමිනි. අනෙක්‌ පැත්තෙන් ඒ සංකල්ප ඔස්‌සේ බටහිර ආධිපත්‍යය දිගට ම පැවැත්වෙයි. 

කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨයේ පීඨාධිපති 
මහචාර්ය නලින් ද සිල්වා


නාථ දෙවියන් නිසා මතු වන දේශපාලනය

24 AUG 2011 9:00

කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨයේ පීඨාධිපති 
මහචාර්ය නලින් ද සිල්වා

බටහිර විද්‍යාවේ නිරීක්‍ෂණ, පරීක්‍ෂණ හා සම්පරීක්‍ෂණ ඇත. තාරකා විද්‍යාවේ දී කෙරෙන්නේ නිරීක්‍ෂණ ය. ඒ නිරීක්‍ෂණ කිරීමටත් යම් ආකාරයක සූදානමක්‌ අවශ්‍ය බව පැහැදිලි ය. මන්දාකිණියක රක්‌ත වික්‍ෂිප්තය මැනීමට ග්‍රහලෝකාගාරයක හෝ වෙනත් නිරීක්‍ෂණාගාරයක හෝ අවශ්‍ය උපකරණ සූදානම් කරගත යුතු ය. එහෙත් මන්දාකිණියත් සමඟ බටහිර තාරකා විද්‍යාඥයන්ට සෘජුව ම සම්බන්ධ විය හැකි නො වේ. ඔවුන්ට කළ හැක්‌කේ මන්දාකිණියෙන් අපට ලැබෙන දත්ත එකතු කර ගැනීම පමණ ය. ඒ දත්ත ලැබෙන්නේ විවිධ දුරේක්‍ෂ ඔස්‌සේ ය.

එහෙත් බටහිර භෞතික විද්‍යාවේ වෙනත් අංශවල හා බටහිර රසායන විද්‍යාවේ බටහිර විද්‍යාඥයෝ බොහෝ විට පරීක්‍ෂණ කරති. එහි දී ඔවුහු තමන් පර්යේෂණයට භාජන\ කරන වස්‌තුවලට විවිධ දේ එකතු කරති. එහි විවිධ වෙනස්‌කම් කරති. එසේ කර ඇති වන ප්‍රතිඵල නිරීක්‍ෂණය කරති. බටහිර භෞතික විද්‍යාඥයාට වායුවක පරිමාව වෙනස්‌ කර එහි පීඩනයට සිදු වන්නේ කුමක්‌ දැයි මැනගත හැකි ය. ඒ විචල්‍ය දෙක අතර යම් සම්බන්ධයක්‌ ඇත් දැයි දැනගත හැකි ය. යම් පරාසයක වායුවක පරිමාව පීඩනයට ප්‍රතිලෝම වශයෙන් සමානුපාතික බව බටහිර විද්‍යාඥයන් නිරීක්‍ෂණය කර ඇත.

එහෙත් එසේ නිගමනවලට පැමිණීමේ දී බටහිර භෞතික විද්‍යාඥයන් එක්‌ දත්ත කට්‌ටලයකට වඩා ගත යුතු බව පැහැදිලි ය. එය පරීක්‍ෂණවලට මෙන් ම නිරීක්‍ෂණවලට ද පොදු ය. වායු ආදිය සම්බන්ධයෙන් නම් විවිධ වායු වර්ග ද සැලකිය යුතු ය. එසේ කිරීමෙන් බටහිර විද්‍යාඥයෝ ඕනෑ ම වායුවකට සරිලන්නේ යෑයි කියන ඊනියා ආනුභාවික සම්බන්ධතා ගොඩනඟති. එහෙත් ඒවා ද හුදු ආනුභාවික නො වන්නේ කිසි දා සියලු වායු නිරීෂCණය කළ නොහැකි බැවිනි. අනෙක්‌ අතට ඒ සම්බන්ධතා ප්‍රවාද නො වේ. පරිමාව හා පීඩනය අතර සම්බන්ධයක්‌ ඇත්තේ ඇයි දැයි "තේරුම් ගන්නේ" ඊනියා ප්‍රවාදයක්‌ ඇසුරෙනි. තේරුම් ගැනීම යන්නෙන් අදහස්‌ කරන්නේ කුමක්‌ ද යන්න වෙනම ම තේරුම් ගත යුතු යෘ ඒ වාක්‍යය වුවත් ඇරිස්‌ටෝටලීය න්‍යායෙන් තේරුම් ගත නොහැකි යෘ

උදාහරණයක්‌ වශයෙන් ගැලීලියෝ විසින් පීසා නුවර ඇල වන කුලුනෙහි දී සිදු කරන ලද පරීක්‍ෂණයෙන් නිගමනය කෙරුණේ පොළොව ආසන්නයේ දී නිදැල්ලේ වැටෙන්නේ යෑයි කියන වස්‌තු එක ම ත්වරණයකින් බව ය. එහෙත් එසේ වන්නේ ඇයි ද යන්නට ප්‍රවාදයක්‌, නැත්නම් කතාවක්‌ ගෙතුවේ නිව්ටන් ය. ඒ අතින් ගත හොත් ගැලීලියෝ පරීක්‍ෂණාත්මක විද්‍යාඥයකු විණි නම් නිව්ටන් සෛද්ධාන්තික විද්‍යාඥයෙක්‌ විය. නිව්ටන් ගේ කතාවෙන්, එසේත් නැත්නම් ඊනියා ප්‍රවාදයෙන්, අඩු ම තරමෙන් පොළොව ආසන්නයේ දී වස්‌තු එක ම ත්වරණයකින් පොළොවට වැටෙන්නේ ඇයි දැයි තේරුම් ගත හැකි යෑයි කියෑවෙයි. එහෙත් අවාසනාවක මහත, නිව්ටන් ගේ ගුරුත්වාකර්ෂණය බොරු යෑයි අයින්ස්‌ටයින් කීවේ ය. එසේ නම් බටහිර විද්‍යාඥයන් එපමණ කල් තේරුම් ගෙන සිටියේ අහවල් කෙංගෙඩියක්‌ ද? අයින්ස්‌ටයින් ද කියන්නේ බොරුවක්‌ බැවින් බටහිර විද්‍යාඥයන් පොල් වැටෙන්නේ ඇයි දැයි තේරුම් ගන්නේ කව දා ද?

ජෛවීය විද්‍යාවන්හි බටහිර විද්‍යාඥයෝ බොහෝ විට සම්පරීක්‍ෂණ (Controlled experiments) කරති. බටහිර විද්‍යාඥයෝ එහි දී යම්කිසි සංසිද්ධියකට හේතුව අහවල් සාධකය දැයි දැනගැනීමට අවශ්‍ය වූ විට එක්‌ නියෑදි කුලකයක ඒ සාධකය නැතුවත් තවත් නියෑදි කුලකයක ඒ සාධකයත් මුල් නියෑදි කුලකයකට අදාළ අනෙක්‌ සියලු සාධකත් සහිත ව සංසිද්ධිය නිරීක්‍ෂණය කරති. නියෑදි කුලක දෙක අදාළ සාධකය සම්බන්ධයෙන් හැර අනෙක්‌ සියලු සාධක සම්බන්ධයෙන් සමාන වෙයි. වෛද්‍ය විද්‍යාව යනු බටහිර විද්‍යාවන් මත යෑපෙන තාක්‍ෂණික දැනුමක්‌ පමණකි. එහි බොහෝ විට බටහිර ජෛවීය විද්‍යාවට අදාළ දැනුම යොදා ගැනෙන බැවින් එහි ද සම්පරීක්‍ෂණවලට වැදගත්කමක්‌ ලැබෙයි.

එහෙත් ගැලීලියෝ ගේ පටන් බටහිර විද්‍යාවන්හි නිරීක්‍ෂණ, පරීක්‍ෂණ හා සම්පරීක්‍ෂණ කෙරෙන්නේ අදාළ කොන්දේසි සියල්ල සපුරා ලමින් නො වේ. ගැලීලියෝ කිසි දිනෙක ඇල වන කුලුන අසල රික්‌තයක්‌ නිර්මාණය නො කළේ ය. එහෙත් ඔහු ගේ ඊනියා පරීක්‍ෂණය වලංගු වන්නේ රික්‌තයක ය. එහෙත් ගැලීලියෝ රික්‌තය නොමැති ව පරීක්‍ෂණය කළා පමණක්‌ නො ව අනෙක්‌ අයට ද එහි ප්‍රතිඵල ඒත්තු ගැන්වීමට සමත් විය. ඔහු පොළොව චලිතයක යෙදෙන බව පෙන්වූයේ, නැත ඒත්තු ගැන්වූයේ කිsසි ම පරීක්‍ෂණයක්‌ නො කර ය. ඔහු අඩු ම තරමෙන් චිත්ත පරීක්‍ෂණයක්‌ වත් (Thought experiment) නො කළේ ය.

නිරීක්‍ෂණ, පරීක්‍ෂණ, සම්පරීක්‍ෂණ ආදියෙන් කරන්නේ කුමක්‌ ද? ඒ හුදෙක්‌ නිරපේක්‍ෂ දත්ත එකතු කිරීමක්‌ පමණක්‌ නො වේ. යම්කිසි රාමුවක දත්ත එකතු කිරීමකි. බටහිර විද්‍යාව පිළිබඳ දර්ශනයෙහි බටහිර විද්‍යාව යනු ආනුභවික (Empirical) විද්‍යාවක්‌ යෑයි පම්පෝරි ගැසෙයි. එනම් බටහිර විද්‍යාව ඉන්ද්‍රිය ගෝචර දත්ත මත ර¹ පවතින්නේ යෑයි බටහිර විද්‍යාඥයෝ කියති. එහෙත් හුදු ආනුභවයෙන් පමණක්‌ යම් සංසිද්ධියකට හේතුව මේ යෑයි කිව හැකි නො වේ. ගල් දෙකක්‌ ඇතිල්ලීම හා ගිනි පත්තු වීම එකක්‌ පසුපස සිදු වන සිද්ධි දෙකක්‌ වෙයි. මෙයින් අදහස්‌ වන්නේ ගල් දෙකක්‌ ඇතිල්ලූ සැම විට ම ගිනි පත්තු වන බව නො වේ. එහෙත් බොහෝ විට එසේ වන්නේ යෑයි සිතමු. මෙයින් කියෑවෙන්නේ ගල් දෙකක්‌ ඇතිල්ලීමෙන් ගිනි පත්තු වේ ය යන නිගමනයට අපට පැමිණිය හැකි බව ද? බටහිර දාර්ශනිකයකු වූ හියුම් ඉතා පැහැදිලිව පවසා ඇත්තේ එවැනි නිගමනයකට පැමිණීමට කිසිවකුට නො හැකි බව ය.

ගල් දෙකක්‌ ඇතිල්ලීම ආනුභවික ය. එමෙන් ම ගිනි පත්තු වීම ද ආනුභවික ය. එනම් ඒ සංසිද්ධි ඉන්ද්‍රිය ගෝචර වෙයි. මේ ඊනියා ආනුභවිකත්වය ද හුදු ආනුභවිකත්වයක්‌ නො වේ. ගල් ඇතිල්ලීම යන්න සමඟ සංකල්ප කිහිපයක්‌ බැඳී ඇත. ගල, ඇතිල්ලීම, ගල් ආදී සංකල්ප නොමැති ව ගල් ඇතිල්ලීම යන්න අපට ගෝචර නො වේ. බටහිර දාර්ශනිකයෝ හුදු ආනුභවිකත්ව ගැන කියති. එහෙත් ඒ එසේ නො වන බව අපි ඉහත දී පෙන්වා දී ඇත්තෙමු සංජානනයක්‌ කිසි විටෙකත් සංකල්පයකින් තොර ව ඇති නො වේ. අඩු ම තරමෙන් සිතෙන් වත් මවාගත නොහැකි වියුක්‌ත සංකල්ප තිබුණ ද, සංකල්පයක්‌ නොමැති ව සංජානනයක්‌ හට නො ගනියි.

එමෙන් ම හුදු දත්ත සාධක කරුණු (Facts) යනුවෙන් කිසිවක්‌ නො පවතියි. සැම දත්තයක්‌, කරුණක්‌ පිටුපස යම්කිසි ප්‍රවාදයක්‌, මතවාදයක්‌, සංකල්පයක්‌ ඇත. මගේ බැංකු ගිණුමෙහි අද දවස ගත වන විට මෙතරම් මුදලක්‌ තිබිණි යන්න සංකල්ප, මතවාදවලින් විනිර්මුක්‌ත වූ දත්තයක්‌ නො වේ. මුදල්, බැංකු ගිණුම ආදිය නො දත් අයකුට එහි කිසි ම තේරුමක්‌ නැත. එය දත්තයක්‌ වන්නේ ඒ සංකල්ප දන්නා අයට පමණකි. එයටත් වඩා ප්‍රවාද මත රඳා පවතින දත්ත වෙයි. පොල් ගෙඩියක්‌ පොළොවට වැටීම යන සංසිද්ධිය ගනිමු. පොල් ගෙඩි දහයක්‌ ගස මුල ඇත යන්න හුදු දත්තයක්‌ ද? එය ගස මුල, පොල් ගෙඩිය ආදී සංකල්ප මත පදනම් වෙයි.

ඒ අතර ඇතැමුන් පොල්ගස මුල පොල් දකින්නේ ගුරුත්වාකර්ෂණය ද සමගිනි. නිව්ටන්ට පෙර සිටියවුන් එසේ නො දැක්‌ක ද ගුරුත්වාකර්ෂණය ඉගෙනීමෙන් පසු ඇතැමුන්ට ගස මුල ඇති පොල් ගුරුත්වාකර්ෂණයෙන් තොර ව නිරීක්‍ෂණය කළ නොහැකි ය. බටහිරයන් කොපර්නිකස්‌ ගෙන් පසුව දකින්නේ සූර්යයා වටා යන පොළොවකි. එහෙත් එයට පෙර ඔවුන් දුටුවේ පොළොව වටා යන ඉරකි. ගුරුත්වාකර්ෂණය අද කෙතරම් ඊනියා යථාර්ථයක්‌ වී ඇත් ද යත හොත් මෙරට ඇතැම් බටහිර විද්‍යා කථිකාචාර්යවරුන්ට ගුරුත්වාකර්ෂණය ද දැනෙන්නට පටන්ගෙන ඇත. ඒ කිනම් ඉන්ද්‍රියකට දැයි පැහැදිලි නැති වුවත් නැති ගුරුත්වාකර්ෂණය දැනෙන්නට පත් කිරීමට තරම් සංකල්පයක්‌ කෙතරම් බලවත් විය යුතු ද?

හියුම් ඉතා පැහැදිලිව පෙන්වා දී ඇත්තේ හේතුඵල ධර්මය ආනුභවික නො වන බව ය. අපට සංකල්ප ආධාරයෙන් වුව ද දැකිය හැක්‌කේ ගල් දෙකක්‌ ඇතිල්ලීම හා ගිනි පත්තු වීම යන සංසිද්ධි දෙක ය. මෙයින් ගල් දෙකක්‌ ඇතිල්ලීම හේතුව ලෙසත් ගින් පත්තුවීම ඵලය ලෙසත් අපි කියමු. එහෙත් එලෙස ඒ සංසිද්ධි දෙක හේතුව හා ඵලය ලෙස ගැනීම ආනුභවික නො වේ. එය හේතුව හා ඵලය ලෙස දැනෙන ඉන්ද්‍රියක්‌ වේ ද? එය හේතුව හා ඵලය ලෙස ගෙන ඇත්තේ මනස විසිනි. හේතුව හා ඵලය යන්න මනස විසින් සකස්‌ කරගෙන ඇති සංකල්පයක්‌ පමණකි.

අප හියුම්ට ද ඔබ්බට යන්නේ අප බෞද්ධයන් නිසා ය. අපට හුදු සංජානන, ආනුභවික ධර්ම නැත. ඒ සියල්ල සංකල්ප සමඟ බැඳී ඇත. අප කලින් පැහැදිලි කර දී ඇති පරිදි නිල් බව (Bluishnenss) යන්න හුදු ආනුභවික සංජානනයක්‌ නො වේ. නිල් බව යන සංකල්පය නොමැති ව අපට නිල් බවක්‌ නො පෙනෙයි. හියුම් බටහිර පුරෝගාමී ආනුභවිකවාදියෙක්‌ විය. එහෙත් ඔහු නො දැන සිටි දෙය නම් මනසක්‌ හා මනස විසින් නිර්මාණය කෙරෙන සංකල්ප නොමැති ව ආනුභවිකත්වයක්‌ නැති බව ය.

අද ඇතැමුන් ආනුභවික යෑයි කියන නිරීක්‍ෂණ, පරීක්‍ෂණ හා සම්පරීක්‍ෂණ ගැන කතා කරන්නේ ඒවා මනසෙන් ස්‌වායත්ත යෑයි සලකමිනි. අනෙක්‌ අතට අද අපෙන් රජරට වකුගඩු රෝගයට හේතුව ආසනික්‌ යෑයි අප කියන්නේ අසවල් අසවල් සම්පරීක්‍ෂණවලින් පසුව දැයි අසන්නන් මෙයට පෙර වකුගඩු රෝගයට හේතුව මේ යෑයි විවිධ හේතු= පෙන්වූ අය ගෙන් ඒ කිසිවක්‌ නො අසන්නේ ඇයි? ඔවුන් කර ඇති සම්පරීක්‍ෂණ කවරේ ද? ඔවුන් මහාචාර්ය කාලෝ ෆොන්සේකා ගේ ගිනි පෑගීම පිළිබඳ ඊනියා පර්යේෂණය සම්බන්ධයෙන් සම්පරීක්‍ෂණ නියෑදි නො ඉල්ලන්නේ ඇයි? ආචාර්ය ජානක වංශපුර මහතා අසන ආකාරයට ගිනි පෑගීම පිළිබඳ පරීක්‍ෂණය එක්‌ පුද්ගලයකු මත පමණක්‌ රැඳී ඇති එකක්‌ ද? ඒ මහතා ගේ පත්‍රිකාව ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ සැසිවාරයකට ඉදිරිපත් කෙරුණේ ඊනියා සාම්‍ය සමාලෝචනයකට පසුව විය යුතු ය. එහෙත් එසේ සමාලෝචනය කළවුන් ඊනියා පරීක්‍ෂණයේ අඩුපාඩුකම් කිසිවක්‌ දැක නැත. සාම්‍ය සමාලෝචන පිළිබඳව මේ එක ම කරුණෙන් මම නිගමනයකට බැස නො ගනිමි. එහෙත් සාම්‍ය සමාලෝචනවලින් පිළිගැනෙන පත්‍රිකාවල ඇති අඩුපාඩුකම් පිළිබඳව මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා ද දනියි.

මහාචාර්ය කාලෝ ෆොන්සේකා තම ඊනියා පරීක්‍ෂණයෙන් බැසගත් නිගමනය කුමක්‌ ද? ගිනි පෑගීමකට කිසිවකුට වත් දෙවියන් ගේ බලය (බැල්ම, අනුහස) අනවශ්‍ය බව ද? එසේත් නැත්නම් දෙවියන් ගේ බලය නැති වත් ගිනි පෑගිය හැකි බව ද? දෙවියන් ගේ බලය ඇති ව ගිනි පෑගීම බොරුවක්‌ බව ද? මත්පැන් බී ගිනි පාගන අයට දෙවියන් ගේ බලය නො ලැබෙන බව මහාචාර්යතුමා ගේ ඊනියා පරීක්‍ෂණයෙන් සනාථ වේ ද? පඬියන් එවැනි ප්‍රශ්න මහාචාර්ය කාලෝ ෆොන්සේකා, මහාචාර්ය ඔලිවර් ඉලේපෙරුම, මහාචාර්ය ජනිතා ලියනගේ, මහාචාර්ය ධම්මිකා මැණිකේ ආදීන් ගෙන් නො අසන්නේ ඇයි? ඔවුන් ඒ කිසිදු සම්පරීක්‍ෂණයක්‌ කර නැති බව පැහැදිලි වුවත් අපේ ඊනියා විධික්‍රමය පිළිබඳව පමණක්‌ ප්‍රශ්න කරන්නේ ඇයි? එය නාථ දෙවියන් නිසා මතු වන දේශපාලන ප්‍රශ්නයක්‌ බව අපි දනිමු.

මහාචාර්ය නලින් ද සිල්වා



ආසනික්‌, රසදිය සහ සයනයිඩ්වලින් මිදීමට නම්

24 AUG 2011 9:00

වෛද්‍ය නිරෝෂ් සමරවික්‍රම
දැඩි සත්කාර ඒකකය භාර වෛද්‍ය නිලධාරී, 
උතුරු කොළඹ (රාගම) මහ රෝහල 


ආසනික්‌ සහ රසදිය පමණක්‌ නො ව සයනයිඩ් ද කෘෂි රසායනවල අඩංගු බව පසුගිය දා මැලේසියාවේ ජාත්‍යන්තර මට්‌ටමේ විද්‍යාගාරයක දී කරන ලද පර්යේෂණවලින් තහවුරු වී තිබිණි. ශ්‍රී ලංකාවේ දී මහාචාර්ය නලින් ද සිල්වා ප්‍රමුඛ පර්යේෂණ කණ්‌ඩායම විසින් සිදු කරනු ලැබූ පර්යේෂණ ප්‍රතිඵලයක සත්‍යතාව මින් නැවතත් තහවුරු විය. 

මේ සමග ම කැලණිය විශ්වවිද්‍යාලයයේ රසායානාගාරයේ පරීක්‍ෂණ පිළිගත නොහැකි බවට වූ මතය සම්පූර්ණයෙන් ම බිඳ වැටී ඇත. එම රසායනාගාරයේ පර්යේෂණ ජාත්‍යන්තර තලයේ ප්‍රමිතියට අනුකූල බව මෙමඟින් සනාථ වී තිබේ.

ආසනික්‌ කෘෂි රසායනවල අඩංගු බව මුලින් ම හඳුනාගත් අවස්‌ථාවේ ඇතැමුන් පැවසුවේ එය අවිද්‍යාත්මක සොයාගැනීමක්‌ ලෙස ය. විද්‍යාව සහ අවිද්‍යාව අතර වෙනස අද සිටින විද්වතුන් හඳුනන්නේ දැයි ප්‍රශ්නාර්ථයක්‌ නිරන්තරයෙන් ම වාගේ මා මනසට නැඟෙන බැවින් මෙසේ ලියන්නට සිතුවෙමි. 

අද ලෝකයේ විද්‍යාව යනුවෙන් සහ විද්‍යාත්මක තාක්‍ෂණය යනුවෙන් සමාජය පිළිගෙන ඇත්තේ බටහිර ලෝකය විසින් හඳුන්වා දෙනු ලැබ ඇති වැඩිදියුණු කරන ලද සිද්ධාන්තික මත සමූහයකි. එමගින් යම් පර්යේෂණයක්‌ සිදු කර එය පර්යේෂණාගාර මට්‌ටමෙන් සාධනය කළ නොහැකි විට එය අවිද්‍යාව හෝ මිථ්‍යාව ලෙස හැඳින්වීමට ඔවුහු පුරුදු වී සිටිති. පංචශීල ප්‍රතිපත්තියක්‌ නොමැති සමාජයක ආධ්‍යාත්මය පිළිබඳව කතා කිරීම ගැටලුවක්‌ වී ඇත්තේ ද එහෙයිනි. බුදු දහමේ සඳහන් කර ඇති භාවනා ක්‍රම මගින් මනස දියුණු කර නිවැරැදි දේ හඳුනාගැනීමේ විද්‍යාව වටහා ගැනීමට ශක්‌තියක්‌ ඔවුනට නොමැත. ආසනික්‌, රසදිය හා සයනයිඩ් කෘෂිරසායනවල ඇති බව මුලින් ම හඳුනාගෙන ඇත්තේ මෙලෙස ආධ්‍යාත්මික බවින් යුතු විද්‍යාත්මක පදනමකිනි. 

දේව සංකල්පය පිළිබඳව ද යමක්‌ සඳහන් කිරීම වටී. බුදු දහම තුළ දේව භක්‌තිය ප්‍රතික්‍ෂේප කර නොමැත. බුදුදහම ආරක්‌ෂා කෙරෙනුයේ ද සම්‍යක්‌දෘෂ්ටික දෙවි දේවතාවුන් විසිනි. බුදු දහමේ දැක්‌වෙන පරිදි මතු බුදු වන මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ මෙවන් යුගයක, මිනිසුන් මිනිසුන්ට වස විස කවන විට අප හට පිහිට වීමට කිනම් අයුරකින් හෝ සම්බන්ධ වේ නම් අප ඒ පිළිබඳව සතුටු විය යුතු ම ය. විශේෂයෙන් ම කෘෂිරසායන භාවිතයෙන් සිදු කරන ප්‍රාණඝාත අකුසලයන් හා ඉන් සමාජයට සිදු වන හානිය අප ගේ මනසට නො වැටහුණත් එය සම්‍යක්‌ දෘෂ්ටික දෙවියන්ට පෙනීම අරුමයක්‌ නො වේ. 

ආසනික්‌ කතාබහේ දී ඇතැම් විද්වතුන් යෑයි කියාගන්නා අය කරන ප්‍රකාශ ඉතා හාස්‍යජනක ය. පසුගිය දිනක සති අන්ත පුවත්පතක රසායන විද්‍යා මාහාචාර්යවරයෙකු රජරට වකුගඩු රෝගීන් ගේ ආසනික්‌ විෂ ලක්‍ෂණ නොමැති බව ප්‍රකාශ කර තිබිණි. එයින් ගම්‍ය වූයේ ඔහු ගේ නොදැනුවත්භාවයයි. තමන් නො දන්නා ක්‍ෂේත්‍රයක්‌ පිළිබඳව කතා නො කිරීමට වගබලා ගන්නේ නම් එය ද සමාජය වෙනුවෙන් කරන මෙහෙවරකි. වෛද්‍යවරයකු වශයෙන් මා අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ ඈත කෙළවරක සිට වාහල්කඩ රෝහලේ සේවය කළ කාලයේ එනම් 2003 සිට 2005 අතර කාලයේ කෙතරම් වකුගඩු රෝගීන් සංඛ්‍යාවක්‌ සිටින්නේ ද යන වග මට පැහැදිලි විය. එසේ ම සියුම්ව පරීක්‍ෂා කර බැලුව හොත් බොහෝ රෝගීන් තුළ ආසනික්‌ විෂ වූ ලක්‍ෂණ විද්‍යමාන වේ. මා තුළ වකුගඩු රෝගය සහ කෘෂිරසායන අතර සම්බන්ධතාවක්‌ ඇති බවට සැකයක්‌ පැවතුණ ද එය ස්‌ථිර කර ගැනීමට මඟක්‌ නො වී ය. එහෙත් දැන් එයට හේතුව පැහැදිලි වෙමින් තිබේ. 

මේ කෘෂි රසායන ගෙන්වූ බහුජාතික සමාගම්වල මෙරට ප්‍රධානීන් මෙරට උපන්, මෙරට බත් පත ආහාරයට ගන්නා ශ්‍රී ලාංකිකයන් ය. ඔවුන් ආහාර පිටරටින් ඇණවුම් කරනු ඇතැයි සිතිය නොහැකි ය. ඔවුන් ආහාරයට ගන්නේ ද, ඔවුන් ගේ බිරිඳ, දරුවන්, මාපියන්, නෑදෑයන්, හිතමිතුරන් ආහාරයට ගන්නේ ද එම සමාගම විසින් ම බෙදා හරිනු ලබන කෘෂිරසායන මගින් වස විස විෂ මුසු කර නිෂ්පාදනය කළ ආහාර බව අවබෝධ කරගත යුතු ය. එවන් කෘෂි රසායන ගෙන්වා බෙදාහැරීම පිළිබඳව එම සමාගම් ප්‍රධානීන් සිය හෘද සාක්‍ෂියෙන් නැවත විමසා බැලිය යුතු ය. 

මේ අවස්‌ථාවේ දී කෘෂි රසායන සමාගම්වලට ද විවෘත ආරාධනයක්‌ කරමි. එනම් වස විෂ නැති හෙළ ගොවිතැන ප්‍රචාරය කර එය ව්‍යාප්ත කිරීමට ඔබට ද මූලිකත්වය ගෙන කටයුතු කළ හැකි ය. දේශීයව ඉතා පහසුවෙන් සකසා ගත හැකි විෂ නැති සරල ගොවිතැන් ක්‍රමයක්‌ මේ වන විට පර්යේෂණ කණ්‌ඩායම විසින් හඳුන්වා දෙනු ලැබ ඇති බැවින් අවශ්‍ය නම් එය වැඩිදියුණු කර ගොවීන් අතර ප්‍රචලිත කළ හැකි වේ. එසේ ම පැරැණි සහල් වර්ග වගා කර බෙදාහැරීම ද සිදු කළ හැකි ය. 

අප සමාජය අනෙකුත් ආසියානු ජන සමාජ මෙන් නො ව ඉතා උසස්‌ මනසකින් යුතු බුදුදහම හා බැඳුණු ජන සමාජයක්‌ බැවින් කෘෂි රසායනවල ආසනික්‌ සහ සයනයිඩ් ආදිය නොමැති බවට කරනු ලබන මිථ්‍යාව දිගට ම සිදු කරගෙන යා නොහැකි ය. සත්‍යය පෙනි පෙනී, සත්‍යය දැක දැක ම අසත්‍යය ප්‍රකාශ කළ නොහැකි ය. යමකු එසේ කරන්නේ නම් එය මුළු ජාතිය ම නොමඟ යෑවීමකි. දේශයට ෙද්‍රdaහී වීමකි. 

මේ ආසනික්‌, රසදිය හා සයනයිඩ් විෂ වීම ඇතැමකුට සුළුවෙන් පෙනුණත් මෙහි ඇතුළාන්තය ඉතා භයානක ය. කුඩා දරුවන් ගේ පටන් වැඩිහිටියන් දක්‌වා සැම තරාතිරමක ම අය රෝගී වීම ඉතා භයානක ය. කුඩා ළමයින් ගේ ප්‍රතිශක්‌තිය අඩු වීම, නිතර නිතර උණ වැළඳීම, රෝගී ළමා පරපුරක්‌ බිහි වීම සැබැවින් ම සෝචනීය වේ. එසේ ම වකුගඩු රෝගීන් වැඩි වීම, දියවැඩියාව බහුල වීම, පිළිකා බහුල වීම, වඳ භාවය, ප්‍රජනක හෝමෝන වෙනස්‌ වීම, ස්‌නායු ආබාධ ප්‍රමුඛ ය. 

මෙහි දී ඖෂධ සහ සෞඛ්‍ය කටයුතු වෙනුවෙන් රජයට දරන්නට වන පිරිවැය ඉතා අධික ය. වකුගඩු පෙරන ඒකක සඳහා දැනුදු රජය අතිවිශාල මුදලක්‌ වැය කරයි. එසේ ම සිදු වන පරිසර විනාශය සුළුපටු නො වේ. අද පදවිය ප්‍රදේශයේ පසේ ගැඩවිලකු සොයාගත නොහැකි ය. කපුටකු සොයාගත නොහැකි ය. පරිසර අසමතුලිතතාව එතරම් ම වැඩි වී ඇත. 

රජයේ පාර්ශ්වයෙන් මෙහි දී ගත හැකි ක්‍රියාමාර්ග කීපයකි. පළමුව රජය පැහැදිලිව ම මෙහි භයානකකම අවබෝධ කරගත යුතු වේ. එය මහජනයා වෙත වටහා දිය යුතු වේ. සාමූහික කැබිනට්‌ තීරණයක්‌ ගෙන රජය මේ ප්‍රශ්නයට සෘජුව මැදිහත් විය යුතු ය. කෘෂි රසායන විෂවලින් තොර වූ හෙළ ගොවිකම ගොවීන්ට හඳුන්වා දිය යුතු ය. ගොවි සංවිධාන, ගොවිජන සේවා ආයතන හරහා මෙය සිදු කළ හැකි ය. විද්යුත් හා මුද්‍රිත මාධ්‍ය ද මෙහි දී වැඩි වශයෙන් දායක කරගත යුතු ය. පර්යේෂණ කණ්‌ඩායම හඳුන්වා දී ඇති වගා ක්‍රමය ද මෙහි දී භාවිත කළ හැකි වේ. විද්‍යාත්මක පර්යේෂණයන්ට අනුව මෙසේ කාබනික යෙදවුම් ප්‍රමාණය වැඩි වන විට වී ගසට උරාගන්නා විෂ ප්‍රමාණ අඩු වී යනු ඇත. 

කෘෂි රසායන ආනයනයේ දී දැඩි නීති රීති සම්පාදනය අත්‍යවශ්‍ය ය. ආසනික්‌ උග්‍රතම පිළිකා ජනකයක්‌ බැවින් ඇමෙරිකාවේ ආසනික්‌ භාවිතය 2008 වසරේ දී සම්පූර්ණයෙන් ම තහනම් කරන ලදී. ශ්‍රී ලංකාවේ ද රජය මැදිහත් වී අවශ්‍ය නීති සම්පාදනය කර වස විෂ අඩංගු කෘෂි රසායන ගෙන්වීම තහනම් කළ යුතු ය. 

අද අපට බත සපයන ගොවියා ගේ ශරීර සෞඛ්‍යය ඉතා දුර්වල තත්ත්වයකට පත් වෙමින් පවතී. ඔවුන් ගේ දරුවන් ද රෝගීන් ය. අනාගත ගොවි පරම්පරාවට කුමක්‌ වනු ඇත් ද? අපට බත සපයන ගොවීන් වකුගඩු හා පිළිකා ලෙඩුන් බවට පත් වන විට අපේ රටේ ආර්ථිකයේ කොඳු නාරටිය වන කෘෂිකර්මයට කුමක්‌ වනු ඇත් ද? මෙයට වහ වහා පියවරක්‌ ගත යුතු ම ය. 

රජයේ පාර්ශ්වයෙන් මේ කෘෂි රසායනවලින් තොර වූ ගොවිතැන රජයට ඉතා ලාභදායී ව්‍යාපාරයකි. වසරකට රජය වැය කරන පොහොර සහනාධාරයත්, කෘෂි රසායන ආනයනය සඳහා වැය කරන අධික මුදලත් රටට ඉතිරි කරගත හැකි ය. එසේ ම දීර්ඝකාලීනව වකුගඩු රෝගීන්, දියවැඩියා රෝගීන්, පිළිකා රෝගීන් අඩු වීම මගින් එම රෝගීන් සුවපත් කිරීම සඳහා වැය කරන අධික වියදම ඉතිරි කරගත හැකි ය. ඒ සැම විට ම වඩා වටිනුයේ උතුම් ම ලාභය වන නිරෝගී සැප
තත් ආධ්‍යාත්මිකව පෝෂණය වූ සමාජයකුත් මේ ධර්මද්වීපය තුළ බිහි වීමයි.

වෛද්‍ය නිරෝෂ් සමරවික්‍රම
දැඩි සත්කාර ඒකකය භාර වෛද්‍ය නිලධාරී, 
උතුරු කොළඹ (රාගම) මහ රෝහල 


රස කර කර වස කෑම

12 AUG 2011 9:00

වෛද්‍ය චන්න සුදත් ජයසුමන

රජරට ප්‍රදේශයේ එනම් ශ්‍රී ලංකාවේ වත්මන් අනුරාධපුර පොළොන්නරු දිස්‌ත්‍රික්‌ක දෙකේ බොහෝ ප්‍රදේශ ද ඇතුළත පිහිටි රටේ, දැනට වසර විස්‌සක, විසි පහක කාලයක්‌ පුරා පැතිර යන වකුගඩු රෝගයක්‌ පිළිබඳව මා ද ඇතුළත් පර්යේෂණ කණ්‌ඩායමක්‌ විසින් සිදු කරන ලද පර්යේෂණයක්‌ නිසා, එම පර්යේෂණයේ ප්‍රතිඵල නිසා, මාස කිහිපයක කාලයක්‌ තිස්‌සේ රටේ යම් කැළඹීමක්‌ ඇති ව තිබේ. 

මේ වකුගඩු රෝගය "රජරට වකුගඩු රෝගය" ලෙස නම් කිරීම යුක්‌ති යුක්‌ත බව 2008 වසරේ දී මම කරුණු සාධක සහිතව පෙන්වා දුන්නෙමි. මේ රෝගය හා ආසනික්‌ නම් විෂ ද්‍රව්‍යයේ සම්බන්ධයක්‌ ඇති බව අප පර්යේෂණ කණ්‌ඩායම හේතු සාධක සහිතව පෙන්වා දුන් පසු ඒ නිසා තමන්ට අවාසියක්‌ අත් වේ යෑයි සිතූ පාර්ශ්ව ගණනාවක්‌ අවි අමෝරාගෙන ආසනික්‌ කතාව යටපත් කිරීමට උත්සාහ දැරූ හ. ඔවුන් ගෙන් ඇතැමෙක්‌ අප ගේ පර්යේෂණය බටහිර විද්‍යාත්මක ක්‍රමවේදයට පටහැනි යෑයි පවසමින් අසත්‍ය ප්‍රචාරයක්‌ දියත් කළ නමුත් ඔවුන් ඒ සඳහා යොදාගත් ඇතැම් කරුණු බටහිර විද්‍යාවට තබා කිසිදු සම්මත සදාචාරාත්මක ක්‍රමවේදයකට එකඟ නො වේ. 

අප පර්යේෂණ කණ්‌ඩායම මතු කළ එක්‌ කරුණක්‌ වූයේ ලංකාවේ භාවිත වන පළිබෝධනාශකවල එනම් කෘමිනාශක, වල්නාශක, සහ දිලීරනාශකවල ආසනික්‌ අඩංගු බවත් එය රටේ නීතියට පවා පටහැනි දෙයක්‌ බවත් ය. මේ සම්බන්ධයෙන් වගකිවයුතු රජයේ නිලධාරියා වන පළිබෝධනාශක රෙජිස්‌ට්‍රාර්වරයා ආරම්භයේ දී පැවසූයේ ලංකාවේ අලෙවියට තබා ඇති පළිබෝධනාශකවල ආසනික්‌ අඩංගු නො වන බවයි. ඔහු ඒ සඳහා කෙතරම් ඉක්‌මන් වූවා ද කිව හොත් අප ගේ පර්යේෂණයේ ප්‍රතිඵලයක්‌ ලෙස ශ්‍රී ලංකා රේගුව ආසනික්‌ ඇති බවට සැක කර රඳවාගත් බහාලුම්වල ආසනික්‌ තිබේ දැයි පරීක්‍ෂා කිරීමටත් පෙර ඒවායේ ආසනික්‌ නැති බව ප්‍රකාශ කළේ ය. (2011 ජූනි 11 සෙනසුරාදා ඩේලි මිරර්හි පළමු පිටුව). කෙසේ වෙතත් කාර්මික තාක්‍ෂණ ආයතනය සිදු කළ පරීක්‌ෂණවලට අනුව ඔවුන් පරීක්‍ෂා කළ පළිබෝධනාශක වෙළෙඳ නාම 31කින් 9ක ආසනික්‌ අඩංගු බව තහවුරු කිරීමත් සමග "පළිබෝධනාශකවල ආසනික්‌ නැත" යන කතාව තවදුරටත් පැවසීමට පළිබෝධනාශක රෙජිස්‌ට්‍රාර්වරයාට හැකි වූයේ නැත. ඊළඟට තවත් කාරණා දෙකක්‌ ඉස්‌මතු විය. ඉන් පළමුවැන්න ආසනික්‌ ඇත්තේ මයික්‍රොග්‍රෑම් ප්‍රමාණවලින් බවත් ඒ අපද්‍රව්‍ය (Impurities) ලෙස බවත් ය. දෙවැන්න ආහාරවල පවා ආසනික්‌ අඩංගු බවත් ප්‍රමිතිකරණ ආයතනය හඳුන්වා දී ඇති ප්‍රමිති අනුව ද ආසනික්‌ ආහාරවල යම් ප්‍රමාණයක්‌ අඩංගු විය හැකි බවත් ය. මේ කතා දෙක ආරම්භයේ දී පැවසූයේ පළිබෝධනාශක රෙජිස්‌ට්‍රාර්වරයා ය. ඔහු ඒ බව දක්‌වමින් පුවත්පත් කිහිපයකට ලිපි සැපයී ය. ඊළඟට පළිබෝධනාශක මෙරටට ගෙන්වන සමාගම් එක්‌ ව තනාගත් ක්‍රොප්ලයිෆ් නම් ආයතනයක්‌ එම කතාව පැවසී ය. තෙවනුව විශ්වවිද්‍යාල කිහිපයක ආචාර්යවරු මේ කතාව පැවසූ හ. 

දැන් අපි එකින් එක මේ කතා දෙකේ ඇත්ත නැත්ත විමසා බලමු. ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ සහභාගීත්වය ඇති ව ශුද්ධ සහ ව්‍යවහාරික රසායනය සඳහා වන අන්තර්ජාතික සංගමය (IUPAC) පළිබෝධනාශකවල තිබිය හැකි අපද්‍රව්‍ය පිළිබඳ දීර්ඝ වාර්තාවක්‌ සකසා ඇත. ඒ අනුව ආසනික්‌ හෝ ආසනික්‌ අඩංගු සංයෝග අපද්‍රව්‍යයක්‌ ලෙස හෝ තිබිය හැක්‌කේ පළිබෝධනාශක වර්ග 6ක පමණි. ඒවා නම් ඇලුමිනියම් ෆොස්‌ෆයිඩ් (Aluminium Phosphide), කොපර් ඔක්‌සික්‌ලෝරයිඩ් (Copper Oxychloride), ඩී. එස්‌. එම්. ඒ. MSMA), එම්. එස්‌. එම්. ඒ (MSMA), සින්ක්‌ ෆොස්‌ෆයිඩ් ((Zinc Phosphide)) සහ සිනෙබ් (Zineb) යන සංයෝග හයයි. මේ සංයෝගවල ආසනික්‌ අපද්‍රව්‍යයක්‌ ලෙස පැවතිය හැක්‌කේ අන් කිසිවක්‌ නිසා නො ව ඇලුමිනියම්, කොපර්, සින්ක්‌ වැනි ලෝහ නිස්‌සාරණයේ දී ම ආසනික්‌ සුළු ප්‍රතිශතයක්‌ පැවතිය හැකි නිසාවෙනි. ඒ හැරුණු කල කිසිදු පළිබෝධනාශකයක ආසනික්‌ කිසිදු අයුරකින් පැවතිය නොහැකි ය. මේ සංයෝග 6 අතුරෙන් ද ලංකාවේ භාවිතයට අවසර ලබා දී ඇත්තේ කොපර් සංයෝග සඳහා පමණි. එනම් කොපර් සංයෝගයක හැරුණු කල ලංකාවේ භාවිත වන කිසිදු කෘමිනාශකයක, වල්නාශකයක හෝ දිලීර නාශකයක ආසනික්‌ පැවතිය නොහැකි ය. මේ වන විට අප පර්යේෂණ කණ්‌ඩායමට, කාර්මික තාක්‍ෂණ ආයතනයට, ජල සම්පත් මණ්‌ඩලයට සහ විදේශ පර්යේෂණ ආයතනයකට ආසනික්‌ හමු වූයේ කොපර් සංයෝගවල නො ව ආසනික්‌ අපද්‍රව්‍ය ලෙස හෝ තිබිය නොහැකි පළිබෝධනාශකවල බව අවධාරණය කළ යුතු ය. එසේ නම් අපද්‍රව්‍ය (Impurities) කතාව පට්‌ටපල් බොරුවකි. ජනතාව නොමඟ යෑවීමට ගෙතූ අතේ පැළ වන බේගලයකි. ජනතාවට වස කැවීම සාධාරණීකරණය කළ සාහසික අපරාධයකි. 

දෙවැනි කතාව ආහාර පානවල ද ආසනික්‌ ඇති බවත් ඒ නිසා පළිබෝධ නාශකවල ආසනික්‌ පොඩ්ඩක්‌ තිබූ පමණින් කිසිදු විපතක්‌ සිදු නො වන බවත් ය. ආසනික්‌ යනු උග්‍ර විෂක්‌ බව විද්‍යාඥයන් දැන සිටියේ බොහෝ කාලයක සිට වුවත් අංශු මාත්‍ර ආසනික්‌ ප්‍රමාණයක්‌ වුව දිගු කලක්‌ ශරිරගත වීම නිසා විවිධ සෞඛ්‍ය ප්‍රශ්න ඇති වන බව තහවුරු කරගත්තේ, එවන් දැනුමක්‌ ගොඩනැඟුණේ වසර 20-25ක කාලයක සිට ය. එය ආරම්භ වන්නේ 1982 වසරේ දී එවකට ඉන්දියාවේ කල්කටා නගරයේ චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරයකු වූ කේ. සී. සාහා (Saha) මහතා ආසනික්‌ විෂ වීමකට අදාළ රෝග ලක්‍ෂණ රෝගීන් කිහිප දෙනකු ගේ නිරීක්‍ෂණය කිරීමත් සමග ය. 

එතැනින් ඇරඹුණු ගමන අද වන විට බොහෝ දුර පැමිණ ඇති අතර බටහිර බෙංගාලයේ පමණක්‌ මිලියන ගණනක්‌ ජනතාව දිගුකාලීන ආසනික්‌ විෂ වීමට Chronic Arsenic Poisoning) ලක්‌ ව ඇති බව හඳුනාගෙන ඇත. විශේෂයෙන් 1990 දශකයේ දිගුකාලීන ආසනික්‌ විෂ වීම්වලට අදාළ පර්යේෂණ බොහොමයක්‌ සිදු කෙරිණි. ඒවායේ ප්‍රතිඵල එළිදැක්‌වුණේ 2000 වසරෙන් පමණ පසු ය. ඒ අනුව ඉතා කුඩා ආසනික්‌ ප්‍රමාණයක්‌ වුව ද වසර කීපයක්‌ ශරීරගත වීමෙන් පිළිකා රෝග, දියවැඩියාව, හෘදයාබාධ, අධිරුධිපීඩනය, වකුගඩු රෝග සහ ප්‍රතිශක්‌තිකරණ පද්ධතියේ බිඳ වැටීම් ඇති විය හැකි බව විද්‍යාඥයෝ තහවුරු කර ගත් හ. 

ආසනික්‌වල පිළිකාජනක හැකියාව කෙතරම් ද කිව හොත් එය ලෝකයේ මෙතෙක්‌ හඳුනාගෙන ඇති "ප්‍රබලතම පිළිකාජනකය" ලෙස නම් කර ඇත. ඇබර්ඩින් විශ්වවිද්‍යාලයයේ ජෛවරසායන අංශ ප්‍රධානී මහාචාර්ය ඇන්ඩෲ මෙහාර්ඡ් දිගුකාලීන ආසනික්‌ විෂ වීම පිළිබඳ අධ්‍යයනයේ පුරෝගාමියකු ලෙස සැලකේ. ඒ මහතා අප සමග පැවසුවේ සුළු ආසනික්‌ ප්‍රමාණයක්‌ තිබීම කමක්‌ නැතැයි පවසන්නේ 1970-80 දශකවල පැරැණි උගතුන් බවත්, අලුත් දැනුම ගැන අවබෝධයක්‌ ඇති අය එවන් විහිළු කතා නො කියන බවත් ය. මාහාචාර්ය මෙහාර්ඡ්ට අනුව ආසනික්‌ යනු සීමා අගයන් පැනවිය නොහැකි වර්ගයේ උග්‍ර පිළිකාජනකයකි. (Non threshold carcinogen).

පළිබෝධනාශකවල හොඳ නොහොඳ සොයා බලා රටට වන හානිය අවම කිරීම සඳහා පත් කර ඇති රජයේ නිලධාරියා වන පළිබෝධනාශක රෙජිස්‌ට්‍රාර්වරයා ආහාරවල ඇති ආසනික්‌ ගැන කතා කරන්නට ගත්තේ මේ අතර ය. පළිබෝධනාශකවල ආසනික්‌ තිබේ නම් ඒ ගැන සොයාබලා පියවර ගන්නවා වෙනුවට ඔහු සිදු කළේ එය සාධාරණීකරණය කිරීමට පුවත් පත්වලට ලිsපි සැපයීම ය. ඒවායේ අඩංගු වූයේ තක්‌කාලි සෝස්‌, පලතුරු යුෂ, චොකලට්‌, බීර වැනි ද්‍රව්‍යවල පවා ආසනික්‌ අඩංගු විය හැකි බවත් පළිබෝධනාශකවල ආසනික්‌ පොඩ්ඩක්‌ තිබීම ප්‍රශ්නයක්‌ නො වන බවත් ය. (2011 ජූනි 29 විදුසර). එපමණක්‌ නො ව "මයික්‍රොග්රෑම් එකක්‌ යනු ග්රෑම් 0.0000001කි" යනුවෙන් පවසමින් දේශපාලඥයන්ට වාර්තා ලිපි සපයමින් ප්‍රශ්නයේ සැර බාල කිරීමට උත්සාහ දැරී ය. ප්‍රශ්නය ඇත්තේ මයික්‍රොග්රෑමයක ප්‍රමාණය සම්බන්ධයෙන් නො ව මයිකොග්රෑමය වුව උග්‍ර විෂක්‌ වීම සම්බන්ධයෙනි. එය ලොව ප්‍රබලතම පිළිකාකාරකය වීම සම්බන්ධයෙනි. 

ආහාර පානවල මේ අගයයන් පළිබෝධනාශක රෙජිස්‌ට්‍රාර්වරයා ලබාගෙන ඇත්තේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ප්‍රකාශන කිහිපයකිනි. එම අගයන් ඉදිරිපත් කර ඇත්තේ 1984-87 කාලවකවානුවේ ය. මේ අගයන් මුල් වරට ලෝකයට ඉදිරිපත් වූයේ 1959 වසරේ දී එංගලන්තයේ සහ ස්‌කොට්‌ලන්තයේ ය. එනම් දිගුකාලීන ආසනික්‌ විෂ වීම පිළිබඳ පර්යේෂණ සිදු කිරීමට, එහි අවදානම් දැනගැනීමට බොහෝ කලකට පෙර ය. අංශු මාත්‍ර ආසනික්‌ ප්‍රමාණයක්‌ වුවත් වසර කිහිපයක්‌ ශරීරගත වීමෙන් ඉතා දරණු පිළිකා රෝග, දියවැඩියාව, හෘදයාබාධ, වකුගඩු රෝග වැළඳෙන බව දැනගැනීමත් සමග ලොව බොහෝ රටවල් එම අගයයන් සංශෝධනය කළේ ය. දැන් ප්‍රවණතාව ආසනික්‌ මයික්‍රොග්රෑම් කිහිපයක්‌ වත් තිබීම නුසුදුසු බවට ප්‍රමිතිකරණය කිරීමයි. විශේෂයෙන් ළදරු ආහාරවල ආසනික්‌ අංශු මාත්‍රයක්‌ වත් නො තිබිය යුතු බවට නීතිරීති හඳුන්වා දිය යුතු බව බටහිර රටවල විද්‍යාඥයෝ සහ වෛද්‍යවරු පෙන්වා දෙති. 

අප රටක්‌ ලෙස, ජාතියක්‌ ලෙස කළ යුත්තේ 1959 හඳුන්වා දුන් යල් පැන ගිය අගයන් කිහිපයක්‌ හුවා දක්‌වමින් ආසනික්‌ කෑම සාධාරණීකරණය කිරීම ද? ඇතැම් විට පළිබෝධනාශක රෙජිස්‌ට්‍රාර්වරයා මේ ආකාරයේ ප්‍රකාශ සිදු කළේ වෛද්‍ය විද්‍යාත්මක කරුණු පිළිබඳ ඔහු ගේ නොදැනුවත්කම නිසා විය හැකි ය. තක්‌කාලි සෝස්‌ - චොකලට්‌ කතාවට මහා ප්‍රසිද්ධියක්‌ දෙනු ලැබුවේ පළිබෝධනාශක සමාගම් විසින් ය. ඔවුහු පුවත්පත්වල පිටු පිටින් තක්‌කාලි සෝස්‌ - චොකලට්‌ අතරේ පළිබෝධනාශකවල තිබූ ආසනික්‌ දිය කර හැරිය හ. ඒ පිටුපස පැමිණි අමන අචාර්යවරු කිහිප දෙනෙක්‌ අහසේ, පොළොවේ, ඇඟ ඇතුළේ සැම තැනක ම ආසනික්‌ ඇතැයි පවසමින් ජනතාව ගොනාට ඇන්දවීමට උත්සාහ දැරූ හ. 

පළිබාaධනාශක සමාගම් පැවසූයේ අප පර්යේෂණ කණ්‌ඩායම අසත්‍ය තොරතුරු පළ කර ඇති බවත් ඊට එරෙහි ව නීතිමය පියවර ගන්නා බවත් ය. ජූනි මස 12 වැනි ඉරිදා සිට සතියක්‌ පුරා මේ සමාගම් පුවත්පත් පිටු ගණනින් පුරවමින් මේ බව පැවසුවේ ය. දැන් මාස දෙකක්‌ ගත වුව ද අපට එරෙහි ව දැමු නඩුවක්‌ නැත. ඉන් පසු ජුලි මස 11 වැනි සඳුදා පුවත්පත් සාකච්ඡාවක්‌ පවත්වමින් මේ සමාගම් පැවසුවේ දින 14ක්‌ ඇතුළත අපට එරෙහි ව නඩු දමන බවයි. දින 14ක්‌ පසු වී තවත් දින 14ක්‌ ද ගත වී ඇතත් දැමූ නඩුවක්‌ නම් නැත. 

දැන් සිදු වී ඇත්තේ කුමක්‌ ද? අප පැවසූ කරුණු සත්‍ය බව විදේශ පර්යේෂණාගාර කිහිපයක්‌ ම සනාථ කර ඇත. විශේෂයෙන් මලයාසියාවේ ක්‌වාලාලාම්පූර්හි පිහිටි අග්නිදිග ආසියාවේ ප්‍රමුඛතම විශ්ලේෂණ විද්‍යාගාරයක දී ලංකාවේ අලෙවි වන පළිබෝධනාශකවල ආසනික්‌ සහ රසදිය ඇති බව සනාථ කර ඇත. ආසනික්‌ සහ රසදියවලට අමතරව පළිබෝධනාශකවල කිසිසේත් තිබිය නොහැකි සයනයිඩ් ඉතා ඉහළ මට්‌ටමකින් අඩංගු බව එම පර්යේෂණවලින් හෙළි වී තිබේ. සයනයිඩ් මිනිසකු සඳහා මාරාන්තික මාත්‍රාව මිලිග්රෑම් 100-200 වන අතර ලංකාවේ අලෙවි වන ඇතැම් කෘමිනාශකවල සයනයිඩ් ලීටරයට මිලිග්රෑම් 300-400 ප්‍රමාණයක්‌ අඩංගු වී ඇති බව මලයාසියානු පර්යේෂණ පවසයි. 

සයනයිඩ් අඩංගු පළිබෝධනාශක මහා පරිමාණයෙන් යොදා ගත්තේ දෙවැනි ලෝක (යුරෝපා) යුද සමයේ නාසි හමුදා මගින් ය. ඒ ලක්‍ෂ ගණනින් යුදෙව්වන් වධකාගාරවල දී මරා දැමීමට ය. එවර පළිබෝධයන් වූයේ යුදෙව්වන් ය. සයනයිඩ් වැනි විෂක්‌ පළිබෝධනාශකවල තිබීම කිසිවකුට සාධාරණීකරණය කළ නොහැකි ය. සයනයිඩ් ශරීරගත වීම නිසා ස්‌නායු පද්ධතියේ ආබාධ, අක්‍ෂි රෝග, හෘදයේ ක්‍රියාකාරීත්වය අඩපණ වීම්, වඳ බව ඇති වේ. සයනයිඩ් මිලිග්රෑම් කිහිපයක්‌ ජලයට මුසු වුව ද මත්ස්‍යයෝ, උභයජීවීහු මිය යති. සයනයිඩ් මයික්‍රොග්රෑම් කිහිපයකින් වුව ද පක්‍ෂීන් ගේ, උරගයන් ගේ ක්‍රියාකාරීත්වය, ප්‍රජනක හැකියාව අඩපණ කරයි.

පළිබාaධනාශක සමාගම් පැවසූයේ අප පර්යේෂණ කණ්‌ඩායම අසත්‍ය තොරතුරු පළ කර ඇති බවත් ඊට එරෙහි ව නීතිමය පියවර ගන්නා බවත් ය. ජූනි මස 12 වැනි ඉරිදා සිට සතියක්‌ පුරා මේ සමාගම් පුවත්පත් පිටු ගණනින් පුරවමින් මේ බව පැවසුවේ ය. දැන් මාස දෙකක්‌ ගත වුව ද අපට එරෙහි ව දැමු නඩුවක්‌ නැත. ඉන් පසු ජුලි මස 11 වැනි සඳුදා පුවත්පත් සාකච්ඡාවක්‌ පවත්වමින් මේ සමාගම් පැවසුවේ දින 14ක්‌ ඇතුළත අපට එරෙහි ව නඩු දමන බවයි. දින 14ක්‌ පසු වී තවත් දින 14ක්‌ ද ගත වී ඇතත් දැමූ නඩුවක්‌ නම් නැත. 

දැන් සිදු වී ඇත්තේ කුමක්‌ ද? අප පැවසූ කරුණු සත්‍ය බව විදේශ පර්යේෂණාගාර කිහිපයක්‌ ම සනාථ කර ඇත. විශේෂයෙන් මලයාසියාවේ ක්‌වාලාලාම්පූර්හි පිහිටි අග්නිදිග ආසියාවේ ප්‍රමුඛතම විශ්ලේෂණ විද්‍යාගාරයක දී ලංකාවේ අලෙවි වන පළිබෝධනාශකවල ආසනික්‌ සහ රසදිය ඇති බව සනාථ කර ඇත. ආසනික්‌ සහ රසදියවලට අමතරව පළිබෝධනාශකවල කිසිසේත් තිබිය නොහැකි සයනයිඩ් ඉතා ඉහළ මට්‌ටමකින් අඩංගු බව එම පර්යේෂණවලින් හෙළි වී තිබේ. සයනයිඩ් මිනිසකු සඳහා මාරාන්තික මාත්‍රාව මිලිග්රෑම් 100-200 වන අතර ලංකාවේ අලෙවි වන ඇතැම් කෘමිනාශකවල සයනයිඩ් ලීටරයට මිලිග්රෑම් 300-400 ප්‍රමාණයක්‌ අඩංගු වී ඇති බව මලයාසියානු පර්යේෂණ පවසයි. 

සයනයිඩ් අඩංගු පළිබෝධනාශක මහා පරිමාණයෙන් යොදා ගත්තේ දෙවැනි ලෝක (යුරෝපා) යුද සමයේ නාසි හමුදා මගින් ය. ඒ ලක්‍ෂ ගණනින් යුදෙව්වන් වධකාගාරවල දී මරා දැමීමට ය. එවර පළිබෝධයන් වූයේ යුදෙව්වන් ය. සයනයිඩ් වැනි විෂක්‌ පළිබෝධනාශකවල තිබීම කිසිවකුට සාධාරණීකරණය කළ නොහැකි ය. සයනයිඩ් ශරීරගත වීම නිසා ස්‌නායු පද්ධතියේ ආබාධ, අක්‍ෂි රෝග, හෘදයේ ක්‍රියාකාරීත්වය අඩපණ වීම්, වඳ බව ඇති වේ. සයනයිඩ් මිලිග්රෑම් කිහිපයක්‌ ජලයට මුසු වුව ද මත්ස්‍යයෝ, උභයජීවීහු මිය යති. සයනයිඩ් මයික්‍රොග්රෑම් කිහිපයකින් වුව ද පක්‍ෂීන් ගේ, උරගයන් ගේ ක්‍රියාකාරීත්වය, ප්‍රජනක හැකියාව අඩපණ කරයි.

අද වෙළෙඳපොළේ විකිණීමට තබා ඇති එළවළු, පලතුරු බොහොමයක්‌ අලෙවියට පැමිණීමට පෙර පළිබෝධනාශකවලට නිරාවරණය වන බව නොරහසකි. මේ ඔස්‌සේත් අප සිරුරට සයනයිඩ් ඇතුළු නො වන්නේ ද? මෙය මහා ජාතික ව්‍යසනයක්‌ නො වේ යෑයි කිව හැක්‌කේ කවර නම් ෙද්‍රdaහියකුට ද? ලොව ඇති උග්‍ර ම විෂ 3ක්‌ එනම් ආසනික්‌, රසදිය සහ සයනයිඩ් නීති විරෝධී ආකාරයෙන් අපේ රටේ පළිබෝධනාශකවල අඩංගු ය. පළමු වටයේ දී ආසනික්‌ පොඩ්ඩක්‌ තිබුණාට කමක්‌ නැත යනුවෙන් පවසන්නට අඳබාලයෝ කිහිප දෙනෙක්‌ ඉදිරිපත් වූ හ. මෙවර සයනයිඩ් පොඩ්ඩක්‌ කෑවාට කමක්‌ නැත ය යනුවෙන් පවසන්නට ඉදිරිපත් වන්නේ කවුරුන් ද යන්න ගැන රට ම අවධානයෙන් සිටිය යුතු ය. 

වෛද්‍ය චන්න සුදත් ජයසුමන 
jayasumanalk@yahoo.com

 



 


    

ආසනික්‌ ගැන අපේ කතාව 

05 AUG 2011 9:00

මහචාර්ය නලින් ද සිල්වා

සනික්‌ ප්‍රශ්නය පිළිබඳව තවමත් විවිධ අංශවලින් විවිධ කතා ගෙතෙනු දක්‌නට හැකි ය. කතන්දර ගෙතීමට සිංහලයන් දක්‌වන්නේ අති මහත් දක්‍ෂතාවකි. එහෙත් ඒ කතා සංගතව ගෙතීමට ඔවුන්ට එතරම් දක්‍ෂතාවක්‌ නැත. රජරට ජලයේ ආසනික්‌ නැතැයි කියන්නන් ගොතා ඇති ප්‍රධාන ම කතාව නම් අප මේ ප්‍රශ්නයේ දී අපේ කතාව වෙනස්‌ කර ඇති බව ය. ඔවුනට අනුව අපි රජරට වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව ආසනික්‌ යෑයි කී නමුදු දැන් තවත් අවශ්‍යතා දෙකක්‌ ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇත. එනම් කිවුල් ජලය හා රජරට ප්‍රදේශවල ඇති කුඹුරු පස ය. අප එදා වතුර හා සහල් ගැන කතා කළ මුත් අද කතා කරන්නේ කෘමිනාශක සම්බන්ධයෙන් ය. අප අතින් සහල් හා ජලය ගිලිහී ගොස්‌ ඇති සෙයක්‌ යෑයි අපේ විරුද්ධකරුවෝ පවසති.

මේ ඉතා ම වැරැදි කතාවකි. අපේ විරුද්ධවාදීන් පැවසීමට තැත් කරන්නේ අප ඔවුන් ගේ විවේචන හමුවේ සහල් හා වතුර අස්‌ කරගෙන ඇති බවත් දැන් අප ඒ වෙනුවට පළිබෝධනාශක කෙරෙහි සිත් යොමු කර ඇති බවත් ය. අප කළේ කුමක්‌ ද? මෙහි ප්‍රවේශය කුමක්‌ ද? අපි විමසා බලමු. අපේ මූලික අරමුණ වූයේ රජරට නිදන්ගත වකුගඩු රෝගයට හේතුව දැනගැනීම ය. ඉන්පසු ඒ සඳහා ප්‍රතිකාර කිරීම ය. අපට කලින් ද විවිධ කණ්‌ඩායම් රජරට වකුගඩු රෝගය ගැන පරීක්‍ෂා කර විවිධ වාර්තා ඉදිරිපත් කර තිබිණි. ඔවුනට අනුව කැඩ්මියම්, ඇලුමිනියම් භාජනවල ආසනික්‌ සහිත ජලය තැන්පතුව, ඇල්ගී වර්ග ආදිය රජරට වකුගඩු රෝගයට හේතු විය. එහෙත් මේ එකක්‌ වත් නිල වශයෙන් හෝ නොනිල වශයෙන් හෝ පිළිගැනීමට ලක්‌ නො වී ය. ඒ සියල්ලෙහි ම විවිධ ගැටලු තිබිණි. අදත් ඒ නො පිළිගැනෙයි.

එපමණක්‌ නො වේ. මේ ඇතැම් හේතු කිසි ම වූ ආකාරයේ ඊනියා විද්වත් සඟරාවක පළ කර නො තිබිණි. එහෙත් කිසි ම විද්‍යාඥයෙක්‌ අද අපෙන් ප්‍රශ්න කරන ආකාරයට ඒ ප්‍රතිඵල ඊනියා විද්වත් සඟරාවක පළ නො කර මහජනතාවට ඉදිරිපත් කළේ ඇයි දැයි ප්‍රශ්න නො කළේ ය. ඇතැමුන්ට තේරුම් ගැනීමට නොහැකි මේ දෙබිඩි පිළිවෙත ය. එහෙත් තවදුරටත් කරුණු විමසීමේ දී පෙනී යන කරුණ නම් ප්‍රශ්නයට නාථ දෙවියන් ගේ මැදිහත්වීම නිසා වෙනත් අය ගෙන් නො අසන ප්‍රශ්න අපෙන් අසන බව ය. කාගෙ කාගෙත් විරුද්ධතාව නාථ දෙවියන්ට බව පැහැදිලි ය.

නාථ දෙවියෝ යනු කවරහු ද? අපේ සාහිත්‍යයට අනුව නාථ දෙවියෝ මෛත්‍රී නමින් මීළඟට මේ මහා භද්‍ර කල්පයෙහි ම බුද්ධත්වය ලබති. නාථ දෙවියන් හැරෙන්නට වෙනත් දෙවිවරුන් ගෙන් ද අපේ කණ්‌ඩායමට උපදෙස්‌ හා හෝඩුවා ලැබෙයි. ඒ දෙවිවරුන් අතර විපස්‌සක දෙවියෝ ප්‍ර්‍රධාන වෙති. ඒ අතර දෙවොල් දෙවියෝ ද, දැඩිමුණ්‌ඩ දෙවියෝ ද වෙති. මේ දෙවිවරුන් ගෙන් අපට ලැබෙන හෝඩුවා මත අපි බටහිර රසායන විද්‍යාවට අනුව පරීක්‍ෂණ පවත්වමු.

මේ දෙවිවරු අපට කිසි විටෙක සියල්ල නො කියති. එසේ කළ හොත් දිව්‍ය බලය පිරිහී යන බව පැවසෙයි. එය සුරංගනා කතාවක්‌ නො වේ. දෙවිවරුන් අපට උපදෙස්‌ හා හෝඩුවා ලබා දෙන්නේ මූලික වශයෙන් ජනයා ධාර්මික කිරීමට හා නිවන් මඟට පත් කිරීමට මිස මැජික්‌ පෙන්වීමට නො වේ. අපට ඒ පිළිබඳ කිසි ම ගැටලුවක්‌ නැත. ඇතැම් දේව අනුහස්‌ ඇති ස්‌ථාන ටික කලකින් වැසී යන්නේ අදාළ දෙවියන් අනවශ්‍ය ප්‍රමාණයකට තොරතුරු දී දිව්‍ය බලය නැති කර ගැනීම නිසා යෑයි අපට විශ්වාස කළ හැකි ය.

රජරට වකුගඩු රෝගය පිළිබඳ සාකච්ජා කිහිපයකින් පසුව වෛද්‍ය චන්න ජයසුමන මහතා මේ දෙවිවරුන් කරා යොමු කරන ලද්දේ මා විසිනි. බොහෝ කලක සිට භාවනාවෙන් දැනුම ලබාගැනීම පිළිබඳව මගේ සිත යොමු වී තිබිණි. එමෙන් ම අපේ විද්‍යාවක්‌ ගොඩනඟා ගැනීමට මේ ක්‍රමය ද, එනම් සම්‍යක්‌ දෘෂ්ටික දෙවිවරුන් සම්බන්ධ කර ගැනීම ද යොදාගත හැකි බව මට පෙනී ගොස්‌ තිබිණි.

වෛද්‍ය චන්න ජයසුමන මහතාට රජරට ප්‍රදේශවලින් ජලය හා පස්‌ නියෑදි ගෙන ඒමට දෙවියන් ගෙන් උපදෙස්‌ ලැබිණි. ඒ අනුව ගෙනෙන ලද නියෑදිවල ආසනික්‌ ඇති බව දෙවිවරු පැවසූ හ. ඉන්පසු අපි ජල නියෑදි ආසනික්‌ සඳහා පරීක්‍ෂා කළෙමු. එහි දී ද බටහිර රසායන විද්‍යාඥයන්ට ක්‍රමයක්‌ නො තිබුණු බැවින් දෙවිවරු යම් හෝඩුවාවක්‌ සැපයූ හ. ඒ අනුව පරීක්‍ෂා කිරීමේ දී අදාළ නියෑදිවල ආසනික්‌ ඇති බව හෙළිදරව් විණි.

ජලය සමඟ අපි විවිධ ශාක වර්ගවල ද පලතුරු හා ගෙඩිවල ද ආසනික්‌ ඇත් දැයි පරීක්‍ෂා කළෙමු. එහි දී සහල්වල ආසනික්‌ ඇති බව අපට පෙනී ගියේ ය. සහල්වල ආසනික්‌ ඇති බව දැනට අවුරුදු කිහිපයක්‌ තිස්‌සේ ම මෙරට විද්‍යාඥයන් යෑයි කියාගන්නා අය දනිති. එබැවින් අපේ හෙළිදරව්ව අලුත් දෙයක්‌ නො වී ය. එහෙත් රජරට වකුගඩු රෝගයට හේතුව බත් කෑම යෑයි අපි නො කීවෙමු. රජරට වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව ආසනික්‌ බව ද එහෙත් එයට අමතරව ඒ රෝගය පැතිර යැම සඳහා කිවුල සහිත ජලය ද කුඹුරු පස නමින් හැඳින්වෙන පස ද අවශ්‍ය බව කීවෙමු. මේ හේතු විවිධ අවස්‌ථාවල අනෙක්‌ අය ගේ විවේචන හමුවේ අපේ කණ්‌ඩායම විසින් එකතු කළ දේ නො ව අප විසින් ආරම්භයේ සිට ම ප්‍රකාශ කරන ලද කරුණු විය.

රජරට ප්‍රදේශවලින් හමු වූ රෝගීන් ගැන අධ්‍යයනයක්‌ කළ අපේ කණ්‌ඩායමේ වෛද්‍යවරුන් ඒ රෝගයට හේතුව ආසනික්‌ (ආසනේට්‌) විෂ වීම බව දැනගත් හ. ඔවුන්ට ලබාගත හැකි වූයේ රෝගයෙන් මිය ගිය අය ගේ මෘත ශරීර දෙකක්‌ පමණක්‌ වීම මෙහි දී අපට ඇති ප්‍ර්‍රධාන ම අඩුපාඩුව වෙයි. එහෙත් ඒ මෘතදේහ දෙක ව්‍යවච්ඡේදය කිරීමෙන් පසු පෙනී ගිය කරුණ වූයේ රෝගයට හේතුව ආසනික්‌ බවත් මෙය සාමාන්‍ය ආසනික්‌ විෂ වීමකට වඩා වෙනස්‌ බවත් මේ රෝගය පිළිකා විශේෂයක්‌ බවත් ය. මෙහි දී ද අපට දෙවිවරුන් ගෙන් හෝඩුවාවන් ලැබුණු බව සඳහන් කළ යුතු ය.

රෝගයට හේතුකාරකය ආසනික්‌ බවත්, රජරට ප්‍රදේශවලින් ලබාගත් ජල, පස්‌, ශාක නියෑදිවල ආසනික්‌ ඇති බවත් දැනගැනීමෙන් පසු අපට අවශ්‍ය වූයේ ඒ ප්‍රදේශවලට ආසනික්‌ ලැබෙන්නේ කෙසේ දැයි සොයා බැලීම ය. අපේ පොළොවේ ස්‌වභාවයෙන් ආසනික්‌ නැත. ඒ බව ඕනෑම භූ විද්‍යාඥයකුට රසායන විද්‍යාඥයකුට භූ රසායන විද්‍යාඥයකුට (විද්‍යාඥයන් යෑයි කියාගන්නා තාක්‍ෂණ ශිල්පියකුට) අඩි දහයක්‌ පමණ යටට පොළොව හාරා ඒ ඒ මට්‌ටමේ දී ආසනික්‌ ඇති නැති බව පරීක්‍ෂා කිරීමෙන් දැනගත හැකි ය.

ලංකාවේ පොළොවේ සමස්‌තයක්‌ ලෙස ගත් කල ආසනික්‌ ඇත්තේ අඩි දහයක්‌ පමණ යටට යන තෙක්‌ පමණ යෑයි අපි කියමු. අප එසේ කියන්නේත් දෙවිවරුන් ගෙන් ලැබුණු හෝඩුවාවක්‌ අනුව ය. එසේ නම් එයින් කියෑවෙන්නේ මෙරට පොළොවට බාහිර ව ආසනික්‌ එකතු කෙරී ඇති බව ය. ඒ ආසනික්‌වලට තවමත් පොළොවෙන් අඩි දහයකට වඩා යටට යැමට කාලයක්‌ ලැබී නැත. එසේ නම් බාහිර ව පොළොවට ආසනික්‌ එකතු කරන්නේ කවුද යන ප්‍රශ්නයට අපි මුහුණ දුන්නෙමු.

ඒ ප්‍රශ්නයට ඉතා පැහැදිලි පිළිතුරක්‌ විය. ඒ කවුරු වත් නො ව මෙරටට පළිබෝධනාශක ඇතුළු කෘෂි රසායනික ද්‍රව්‍ය ආනයනය කරන්නන් බව ය. ඔවුහු අසරණ ගොවි මහතුන් ලවා දැන් අවුරුදු හතළිහක්‌ පමණ කාලයක්‌ තිස්‌සේ කෘෂි රසායන මගින් පොළොවට ආසනික්‌ එකතු කරති. අපේ පිළිතුර අපි පළිබෝධනාශක නියෑදි රාශියක්‌ පරීක්‍ෂා කිරීමෙන් පසුව තහවුරු කරගත්තෙමු. අපි ඉන්පසු ඒ බව ක්‍ෂණිකව ම ප්‍රකාශ කළේ ජනතාව ගේ සුබ සිද්ධිය සඳහා ය. අපට ඊනියා විද්වත් සඟරාවල සාම්‍ය සමාලෝචනවලින් පසුව පත්‍රිකා පළ කර ගැනීමෙන් ඒ කිරීමට අවශ්‍ය නො වී ය. එසේ කළේ නම් අපේ පත්‍රිකා මේ වන තුරුත් පළ නො වී තිබෙන අතර අඩු ම තරමේ කෘමිනාශක නවයක්‌ අලෙවි කිරීම තහනම් නො කෙරෙනු ද ඇත. එමෙන් ම කෘමිනාශක අඩංගු බහාලුම් දොළහක්‌ පමණ වරායේ රඳවා ගැනීමට ද රේගුවට අවස්‌ථාවක්‌ නො ලැබෙනු ඇත.

ඇතැමුන් කියන්නාක්‌ මෙන් නො ව අප කිසි ම විටෙක ජලයේ හා සහල්වල ආසනික්‌ ඇති බව සඳහන් කිරීම අත් නො හැරියෙමු. අප දැන් වැඩි වශයෙන් පළිබෝධනාශක ගැන කතා කරන බව සත්‍යයකි. රජරට වකුගඩු රෝගයට හේතුව බත් හෝ වෙනත් ආහාරයක්‌ හෝ නො වන බවත් එය වැළඳෙන්නේ බොන වතුර නිසා බවත් වතුරට ආසනික්‌ එකතු වන්නේ ආසනික්‌ රඳවාගත හැකි පසක්‌ රජරට ප්‍රදේශවල ඇති නිසා බවත් ඒ පසට ආසනික්‌ ලැබෙන්නේ කෘෂි රසායනික ද්‍රව්‍ය නිසා බවත් දැන ගැනීමෙන් පසු අපට හාල්වල ඇති ආසනික්‌ ගැන කතා කිරීමේ අවශ්‍යතාවක්‌ නො වී ය. එයට හේතුව අපේ අධ්‍යයනය රජරට වකුගඩු රෝගය සම්බන්ධයෙන් වීම ය. එහෙත් අප ජලයේ ආසනික්‌ (කැල්සියම් ආසනේට්‌) ඇති බව දිගින් දිගට ම ප්‍රකාශ කරන්නේ ඒ බව අපේ අධ්‍යයනයට අදාළ බැවිනි. අප දැන් කෘමිනාශක ගැන වැඩි අවධාරණයක්‌ කරන්නේ ඒ ඔස්‌සේ රජරටට පමණක්‌ නො ව අනෙක්‌ ප්‍රදේශවල පසට ද ආසනික්‌ එකතු විම නතර කිරීමෙන් ලෙඩ රෝග බොහොමයක්‌ පැතිර යැම නවතාගත හැකි නිසා පමණක්‌ නො ව මෙරට ගොවි ජනතාව බෞද්ධ විරෝධී සත්ත්ව ඝාතනයෙන් ඈත් කිරීමට ද හැකි නිසාත් ය. මෙරට ගොවි මහතුන් කෘෂි රසායන කෘෂිකර්මයෙන් ඈත් කර සිංහල බෞද්ධ ගොවිතැනකට යොමු කිරීම අපේ එක්‌ අරමුණක්‌ වෙයි.

මෙහි දී තවත් කරුණක්‌ නො කියා ම බැරි ය. මෙරට බොහෝ දෙනා අවුරුදු ගණනක්‌ තිස්‌සේ කෘමිනාශකවල වස විස ඇති බව දැනගෙන සිටිය හ. ඒ ඊනියා විද්‍යාත්මක පරීක්‍ෂාවලින් නො ව අත්දැකීමෙන් දැනගත් කරුණකි. එහෙත් ඒ වස විස කවරේ දැයි ඔවුහු නො දැන සිටිය හ. කෘමිනාශකවල ආසනික්‌ පමණක්‌ නො ව රසදිය ද ඇති බව අපේ කණ්‌ඩායම බටහිර රසායන විද්‍යාවට අනුව කරන ලද පරීක්‍ෂණවලින් හෙළී වී ඇත. එය ද දෙවිවරුන් ගෙන් ලැබුණු හෝඩුවාවක්‌ අනුව කෙරුණකි. එපමණක්‌ නො ව එහි සයනයිඩ් ද අඩංගු වන බවට හෝඩුවාවක්‌ වෙයි. බොහෝ දෙනා කෘමිනාශකවල වස විස අඩංගු බව දැනගෙන සිටිය ද ගොවීන් මුළුමනින් ම ඊනියා හරිත විප්ලවයේ කෘෂි රසායන කෘෂිකර්මයෙන් ඉවත් කිරීමට නොහැකි විය.

නාථ දෙවියන් ප්‍රශ්නයට අවතීර්ණ වීමෙන් පසු ඊනියා හරිත විප්ලවයේ ව්‍යසනයට ඇති අවධානය අන් අතකට යොමු වී ඇත් ද? එසේ ප්‍රශ්න කරන්නෝ අවසාන විග්‍රහයේ දී බටහිර විද්‍යාවට ම සේවය කරති. ඊනියා හරිත කෘෂිකර්මය ද බටහිරයන් ගේ හඳුන්වා දීමකි. එයින් කෙරෙන්නේ එම කෘෂිකර්මයෙන් මුළු මහත් ජනතාවට ම අවශ්‍ය ආහාර නිපදවීමට නොහැකි බව පෙන්වා ගොවි ජනතාව කෘෂිරසායන කෘෂිකර්මයේ ම රඳවා තැබීම ය. අපට දෙවිවරුන් ගෙන් ලැබෙන හෝඩුවාවලින් කියෑවෙන්නේ නාථ සිංහල බෞද්ධ ගොවිතැන ඔස්‌සේ අවශ්‍ය ආහාර සියල්ල නිෂ්පාදනය කරගත හැකි බව ය. අද බොහෝ දෙනාට නාථ දෙවියන් හා විපස්‌සක දෙවියන් ප්‍රශ්නයක්‌ වී ඇති බව සැබෑ ය. එහෙත් ඒ දෙවිවරුන් ද අපේ විද්‍යාවක කොටස්‌කරුවන් බව අමතක නො කළ යුතු ය. අපේ විද්‍යාවක්‌ ගොඩනැඟීමේ දී අපට ඒ දෙවිවරුන් අවශ්‍ය වෙයි. ඒ දෙවිවරුන් ප්‍රශ්නයෙන් ඈත් කර තැබිය යුතු යෑයි පවසන්නෝ අවසානයේ දී බටහිර ක්‍රිස්‌තියානි විද්‍යාවට ම සේවය කරති. මේ අතර ඇතැම්හු අපේ විද්‍යාව යනු විද්‍යාවක්‌ නො වේ යෑයි කියති. බටහිර ක්‍රිස්‌තියානි විද්‍යාවේ දාසයන් වූ ඔවුන් ගේ විවේචන නො තකා අපේ විද්‍යාවක්‌ ගොඩනැඟීමට අත දෙන 
විදුසරට අපේ ස්‌තුතිය හිමි වෙයි.

මහචාර්ය නලින් ද සිල්වා

   



පළිබෝධනාශක පරීක්‌ෂා කිරීම සඳහා ම සහතික ලත් විදේශ විද්‍යාගාරයක කළ පරීක්‌ෂාවක දී අපේ කෘෂි රසායන සාම්පලවලින් අනපේක්‌ෂිත උග්‍ර විෂක්‌ සොයාගැනෙයි
                

05 AUG 2011 9:00

ධාවක රාජසිංහ - VIDUSARA


මෙරට භාවිත වන කෘෂි රසායන සාම්පල කිහිපයක්‌ විදේශ රටක, පළිබෝධනාශක පරීක්‌ෂාව සඳහා ම ෂීධ සහතිකය ලත් විද්‍යාගාරයකට යවා සිදු කළ පරීක්‌ෂාවක දී සාමාන්‍යයෙන් මේවායේ අඩංගු වේ යෑයි අපේක්‌ෂා කළ නොහැකි උග්‍ර විශැති රසායන ද්‍රව්‍යයක්‌ හමු වී ඇතැයි රජරට වෛද්‍ය පීඨයේ භිෂග්වේදය පිළිබඳ කථිකාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන විදුසරට පැවසී ය. 

මෙකී රසායන ද්‍රව්‍යය මේ සාම්පල තුළ අන්තර්ගත වූයේ කෙසේ ද යන්න පිළිබඳව කරුණු අධ්‍යයනය කරමින් සිටින බවත් මේ සම්බන්ධයෙන් මේ සතිය තුළ වැඩිදුර කරුණු හෙළි කිරීමට අදහස්‌ කරගෙන සිටින බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.

අදාළ සාම්පල එම විද්‍යාගාරයට රැගෙන ගොස්‌ තිබෙන්නේ මූලික වශයෙන් ආසනික්‌ සහ රසදිය පරීක්‌ෂාව සඳහා වන අතර එහි දී ද මෙරට දී හමු වූ ප්‍රමාණවලින් ම එම රසායන ද්‍රව්‍ය අදාළ සාම්පලවල අඩංගු බව තහවුරු වී ඇතැයි ද වෛද්‍ය ජයසුමන ප්‍රකාශ කර සිටියේ ය.


සයනයිඩ් හා ආසනික්

03 AUG 2011 9:00      

          මහචාර්ය නලින් ද සිල්වා       
පසුගිය දා පළාත් පාලන ආයතන සඳහා පැවති මැතිවරණයෙන් උතුරු පළාතෙන් පිට එ ජ නි ස ජයගැනීම ගැන අනාවැකි පළකිරීමේ අවශ්‍යතාවක් නො වී ය. එකම ප්‍රශ්නය වූයේ ඒ ඒ ආයතනයේ සංධානය ලබාගන්නා ඡන්ද ප්‍රතිශතය ය. ජාතිකත්වයෙන් ඈත්වූ එ ජා පක්‍ෂයට හා ජ වි පෙරමුණට අද ජනතාවගේ ඡන්දය දිනාගත නො හැකි ය. ඊනියා ධනපති කම්කරු පංති දේශපාලන තවදුරටත් වලංගු නො වේ. කටුනායක ජ වි පෙ විසින් මෙහෙයවනු ලැබූ කම්කරුවන් පිරිසක් පොලීසිය සමග ඇති කරගත් ගැටුම හා අද කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල බෞද්ධ විද්‍යාවක් ගොඩනැගීමට එ ජා ප හා ජ වි පෙ හිතවතුන් හා අවස්ථාවාදී නිවටයන් දක්වන විරෝධය කම්කරු පංතියේ විප්ලවීය නැගිටීමක් ලෙස අර්ථදැක්වීමට තැත්කරන ඇතැම් සම්ප්‍රදායික මාක්ස්වාදීන්ට ජාතිකත්වය තව තවත් තහවුරු වෙමින් පවතින බවත් ජනතාව මහින්ද රාජපක්‍ෂ මහතා වටා රොක්වන බවත් නොපෙනනු ඇත. පසුගිය දා පැවති මැතිවරණය වැදහත් වන්නේ උතුරෙන් පිට පළාත්වල ජයග්‍රහණය නිසා නොව උතුරු පළාතේ දෙමළ ජනතාව ද එ ජ නි ස වටා රොක්වීම හේතුකොටගෙන ය. ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදී සයනයිඩ් දේශපාලනය පරාජය කිරීම යනු කොටින් පැරදවීමක් පමණක් නො වේ. ඒ දෙමළ ජාතිවාදී දේශපාලනය ද පරාජය කිරීමකි. අද අවශ්‍ය වන්නේ එය පළාත්පාලන සභාවල හා ව්‍යවස්ථාදායකයෙහි නිරූපණය කිරීමකි. උතුරු පළාතේ ජනතාව තමන් එයට සූදානම් බව පෙන්වා දී ඇත. පළාත් පාලන ආයතන කිහිපයක බලය එ ජ නි සංධානයට ලැබීම සුළුවෙන් තැකිය යුත්තක් නො වේ. උතුරු පළාතේ ජනතාව තවමත් දෙමළ ජාතික සංධානයට හා දෙමළ එක්සත් විමුක්ති පෙරමුණට යම් ප්‍රමාණයකට ආකර්ෂණය වන බව පැහැදිලි ය. එහෙත් කයිට්ස් හා වෙනත් ප්‍රදේශවල එ ජ නි ස ජයග්‍රහණය කිරීමෙන් පෙන්නුම් කරන්නේ දෙමළ ජාතිවාදී දේශපාලනය පළාත්පාලන ආයතනවල නිරුපණයවීම අඩුවෙමින් පවතින බව ය. උතුරු පළාතේ ජනතාවට ඊනියා ෆෙඩරල් විසඳුමක් අවශ්‍ය ව තිබිණි නම් ඔවුන් එක් ආයතනයකවත් ජයග්‍රහණය එ ජ නි සංධානයට හිමි නොකරණු ඇත. එහි ජනතාවට අද අවශ්‍ය වන්නේ ඊනියා බලය බෙදීමක් නොව යම් මාදිලියක සංවර්ධනයකි. එ ජ නි ස තව තවත් උතුරු පළාතෙන් ප්‍රාදේශීය නායකයන් බිහිකර ගත යුතු ව ඇත. ඒ නායකයන් ප්‍රාදේශීය සංස්කෘතිය හඳුනන එයට ගරු කරන පුද්ගලයන් වීම අනිවාර්ය වෙයි. උතුරු පළාතේ පළාත් සභා මැතිවරණයට පෙර ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් ප්‍රාදේශීය නායකයන් බිහිකර ගැනීම වැදගත් වෙයි.

ප්‍රභාකරන්ගේ සයනයිඩ් මෙන් ම මෙරටට වස විස අඩංගු කෘෂි රසායන ද්‍රව්‍ය ආනයනය කරන සමාගම්වල ආසනික් ද රටට අහිතකර ය. අද රජරට වකුගඩු රෝගයෙන් වැඩි වශයෙන් ම මියයන්නේ එදා කොටි කටේ ජීවත් වූ ජනතාව ය. මේ ප්‍රදේශ අවුරුදු දහස් ගණනක් මුළුල්ලේ ම සිංහල සංස්කෘතියේ හදවත විය. රජරට ජලයට ආසනික් මිශ්‍ර වී ඇති බව කැලණිය විශ්වවිද්‍යාලයේ වකුගඩු රෝගය සම්බන්ධයෙන් අධ්‍යයනය කරන කණ්ඩායම විසින් අනාවරණය කෙරී මාස දෙකක් පමණ වෙයි. රජරට ජලයට ආසනික් මිශ්‍ර වී ඇත්තේ කෘෂි රසායන ද්‍රව්‍ය ඔස්සේ ය. ඒ ජලයෙහි මෙන් ම පලිබෝධනාශක රාශියක ද ආසනික් ඇති බව කැලණිය විශ්වවිද්‍යාලයීය කණ්ඩායම පවසන්නේ ද ඒ පිළිබඳ පරීක්‍ෂණ කිරීමෙන් පසුව ය. අපට ඒ හෝඩුවාව ලැබුණේ නාථ දෙවියන්ගෙන් හා විපස්සක දෙවියන්ගෙන් වුව ද අපේ කණ්ඩායම බටහිර සම්මත රසායන විද්‍යාවට අනුව ඒ පිළිබඳ පරීක්‍ෂණ පැවැත්වීමෙන් පසුව පමණක් ජනතාවට තොරතුරු සැපයීය. එසේ නොවන්නට පලිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා වෙනත් ආයතනයක් ලවා කෘමිනාශක වර්ග කිහිපයක ආසනික් ඇත්දැයි පරීක්‍ෂා නොකරනු ඇත. කැලණිය කණ්ඩායමට පින් සිදුවන්නට අද කෘමිනාශක වර්ග නවයක් තහනම් කිරීමට පියවර ගෙන ඇති අතර කෘමිනාශක අඩංගු බහාලුම් දොළහකට වැඩි ප්‍රමාණයක් වරායේ රඳවා තැබීමට ශ්‍රී ලංකා රේගුව පියවර ගෙන ඇත. කැලණිය කණ්ඩායම තම පරීක්‍ෂණවල ප්‍රතිඵල ජනතාව හමුවේ නොතබන්නට මේ කිසිවක් සිදු නොවනු ඇත. ඒ ඒ ද්‍රව්‍යයෙහි අඩංගු විය හැකි ආසනික් සඳහා අවම ප්‍රමාණයක් රජය ලවා නියම කරවා ගැනීමට වස විස වෙළෙන්දන් සූදානම්වන බව පෙනෙයි. එයට කිසිම ඉඩක් දිය යුතු නො වේ. ආසනික් සිරුරෙහි ටික ටික එකතු වී මහා විනාශයක් සිදු කිරීමට ඉඩ ඇත.

සයනයිඩ් දේශපාලනය පිටුපස ඊනියා උගත්තු සිටියහ. රාජ්‍ය නොවන සංවිධානවල මෙන් ම ඊනියා ජාතික විශ්වවිද්‍යාලවල ද එවැනි සංවිධානවලින් ලාභ ප්‍රයෝජන ලැබූ බටහිර ගැති නිවට උගත්තු කොටින්ගේ සයනයිඩ් ත්‍රස්තවාදය වෙනුවෙන් පෙනී සිටියහ. ආසනික් සම්බන්ධයෙන් තත්වය එයටත් වඩා බරපතළ ය. අද ඇත්තේ ආසනික් ත්‍රස්තවාදයකි. ජනතාවට ආසනික් කවන මුදලාලිලා පිටුපස ඊනියා උගත්තු සිටිති. ඔවුහු අර මුදලාලිලා වෙනුවෙන් කතාකරති. සයනයිඩ් ත්‍රස්තවාදයේ දී නිවට උගතුන් ක්‍රියා කළේ ඊනියා මානව අයිතිවාසිකම් වෙනුවෙනි. එසේත් නැත්නම් දෙමළ ජනතාවට කෙරෙන්නේ යැයි කී ඊනියා අසාධාරණ වෙනුවෙනි. අද ආසනික් ත්‍රස්තවාදය වෙනුවෙන් මුදලාලිලාට කඹුරන උගතුන් පෙනු සිටින්නේ ඊනියා විද්‍යාත්මක ක්‍රමයක් වෙනුවෙනි. මියගොස් ඇති බටහිර විද්‍යාවක් වෙනුවෙනි. බටහිර විද්‍යාව මියගොස් ඇති බව හා බටහිර ගණිතයේ පදනම කුණු වී ඇති බව මේ උගත්තු නොදනිති. එහෙත් බටහිරයෝ තම දේශපාලන බලය යොදාගනිමින් බටහිර විද්‍යාවේ අවතාරය මහේශාඛ්‍ය ආකාරයකින් ඔසවාගෙන යති. ඒ සමග ඒ අවතාරය යොදා ගනිමින් දේශපාලන බලය පවත්වාගෙන යති. එය චක්‍රීය ආකාරයකින් සිදුවන බව ඇරිස්ටෝටල්ගේ කසිකබල් තර්කය පමණක් දත් පඬියන්ට නො තේරෙයි. ආසනික් ත්‍රස්තවාදයේ උගත්තු ද බටහිර ගැති නිවටයෝ පමණක් වෙති. ඔවුන් දන්නා විද්‍යාත්මක විධික්‍රමයක් නැත. වෛද්‍ය පීඨයකට හෝ ඉංජිනේරු පීඨයකට හෝ ඇතුල්වීමට තරම් ලකුණු නොතිබූ මොවුහු මහන්සි වී පාඩම් කර ඊනියා විද්‍යාඥයන් බවට පත් වී සිටිති. ඔවුහු දර්ශනයේ ඥානවිභාගයේ දැක්වෙන විද්‍යාත්මක විධික්‍රමය නොදනිති. අඩු තරමෙන් ඒ සම්බන්ධයෙන් ශාස්ත්‍ර පීඨවල ඉගෙන ගන්නා උසස් පෙළට තර්කය හා විද්‍යාත්මක විධික්‍රමය හැදෑරූ ශිෂ්‍යයන් පමණවත් නො දනිති. මේ පඬියන් දන්නේ එකම එක විධික්‍රමයක් පමණකි. ඒ අහවල් ආකාරයෙන් බීකරය සෝදන්න. අහවල් ආකාරයෙන් අම්ලයක් එකතුකරන්න. අහවල් උෂ්ණත්වයට රත්කරන්න ආදී වශයෙන් කියැවෙන සූපශාස්ත්‍ර විධික්‍රමයකි. ඔවුහු තාක්‍ෂණ ශිල්පීහු පමණක් වෙති. බටහිර විද්‍යාවේ දාර්ශනිකයෝ බටහිර විද්‍යාව වර්ධනය අනන්‍ය බව කියා එහි ආධිපත්‍යයක් ඇතිකිරීමට විද්‍යාත්මක විධික්‍රම ඇතැයි පැවසූහ. පෝල් ෆෙයරාබන්ඩ් නම් බටහිර විද්‍යාවේ දාර්ශනිකයා විද්‍යාත්මක විධික්‍රමයක් නැතැයි පැවසී ය. අප විසින් මේ දැනුම තවත් වර්ධනය කෙරී බටහිර විද්‍යාවට ඊනියා විද්‍යාත්මක විධික්‍රමයක් ඇතැයි කීම පට්ටපල් බොරුවක් බවත් එය වෙනත් දැනුම් පද්ධතීන් මෙන් ම යම් සංස්කෘතියක (යුදෙව් ක්‍රිස්තියානි) යම් චින්තනයක් (ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි) පදනම් කරගෙන නිර්මාණය කෙරී ඇති බවත් පැවසෙයි. මේ කිසිවක් නොදත් බටහිර ගැති නිවටයෝ අපේ කණ්ඩායමේ විධික්‍රමය නොකියන්නේ යැයි අපට චෝදනා කරති. ඒ ක්‍රමය දැනටමත් වාචික ව ප්‍රකාශ කෙරී ඇති අතර ඉදිරි කාලයේ දී ලිඛිතවම ප්‍රකාශ කෙරෙනු ඇත. රජරට වකුගඩු රෝගය බත්කෑම නිසා ඇතිවන්නක් නොවන බව අප පුන පුනා කියද්දීත් මොවුහු රජය අප කෙරෙහි කළකිරවීමේ අදහසින් හාල්්වල ආසනික් ගැන කතාකරති. අපේ තර්කවලට පිළිතුරු දීගත නොහැකි වූ විට ඔවුහු අවලාද නගති.

කැලණිය විශ්වවිද්‍යාලයෙහි අසික්කිතයෙක් මගේ දරුවන් පිටරට විශ්වවිද්‍යාලවල ඉගෙන ගත් බවට චන්ද්‍රිකා ද නැගූ චෝදනාව නැවතත් නගයි. ඒ දරුවන් ප්‍රථම උපාධිවලට බටහිර රටවල ඉගෙනීම ලබා ඇත්නම් අදාළ විශ්වවිද්‍යාල නම්කරන ලෙස අසික්කිතයාට අභියෝග කරමි. කොළඹ සරසවියේ ආචාර්ය ආර් ඩී ගුණරත්න කියා තිබුනේ මා ගණිතඥයකු මිස විද්‍යාඥයකු නොවන බවකි. ඔහු වැරදි ය. මම ගණිතඥයෙක් ද නො වෙමි. මම ඒ බව දනිමි. එහෙත් ඔහු තමා තාක්‍ෂණ ශිල්පියකු මිස විද්‍යාඥයකු නොවන බව නො දනියි. මම බටහිර විද්‍යාව බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයේ මෙවළමක් බව කියමි. ඔහු මා සමග සංවාදයකට එළඹෙන්නේ නම් ඒ බව පෙන්වා දෙමි. බටහිර විද්‍යාව එලෙස හැඳින්වීම ගැන ඔහු උරණ වෙයි. බටහිර විද්‍යාවට එසේ නොකියා පෙරදිග විද්‍යාව යැයි කියන්න ද? අඩුම තරමින් ඉහත ඡෙදවල අඩංගු කරුණු තේරුම් ගැනීමට ඔහුට හැකිනම් එය බටහිර විද්‍යාව වන්නේ ඇයි දැයි වැටහෙනු ඇත. ඔහු ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ මහා මණ්ඩලයේ සාමාජිකයෙකි. මා ඒ සංගමය අධිරාජ්‍යවාදීන් නියෝජනය කරන භයානක ආයතනයක් බව පවසන්නේ යැයි ඔහු කියයි. මා එසේ කියා නැත. ඒ සංගමයට එවැන්නක් කිරීමට තරම්වත් ශක්තියක් නැත. එයට කළ හැක්කේ බටහිර විද්‍යාවට ගැතිකම් කිරීම පමණකි. ඔහු නොදනිතත් අපේ විද්‍යාවට දෙවියන් සහභාගි කර ගැනීමට හැකි ය. නිව්ටන්ගේ අධ්‍යයනයන් බටහිර ක්‍රිස්තියානි දෙවියන් වහන්සේ ලෝකය මවා ඇත්තේ කෙසේ ද යන්න දැනගැනීමට කෙරුණු බව ආචාර්ය ගුණරත්න නොදන්නේ ද? දෙවිවරුන් පත්‍රිකාවල කතෘන් වීමට අකමැති වීදැයි ගුණරත්න පඬිතුමා සාවඥ ලෙස අසයි. අප එසේ සඳහන් කළහොත් විද්‍යාභිවර්ධන සංගමය ඒ පත්‍රිකාව පිළිගන්නේ ද? මෙරට ලක්‍ෂ සංඛ්‍යාත ජනකායක් අඩු තරමෙන් නාථ දෙවියන් ඇති බව විශ්වාස නොකරතියි මේ තාක්‍ෂණ ශිල්පියා පවසයි. ඔහු ඒ බව දැනගත්තේ කිනම් විධික්‍රමයකින් ද? සිංහල බුද්ධාගමට පහර දීමට විවිධ ලෝගුකාරයන් කරළියට එන බවට ඔහු සාධකයකි. බෞද්ධ දෙවියන් සමග ගනුදෙනු කරන්නන් කන්නේ මොනවාදැයි ඔහු අසයි. ඒ බත් මිස බටහිර පිදුරු නොවේ. මා තවමත් විද්‍යාභිවර්ධන සංගමයේ සාමාජිකයකු බව පවසන්නේ උදම් ඇනීමට යැයි ඔහු කියයි. නැත, මා එසේ කියන්නේ හැකිනම් මා අස්කරන ලෙස සංගමයට අභියෝග කිරීමට ය. සයනයිඩ් ත්‍රස්තවාදය පරාජය කළවුන්ට ආසනික් ත්‍රස්තවාදය පරාජය කිරීම කජ්ජකි.


විද්‍යාභිවර්ධන සංගමයේ ප්‍රකාශයට පිළිතුරු - II   

 27 JUL 2011 2:00

මහචාර්ය නලින් ද සිල්වා

අප සාකච්ඡා කරමින් සිටියේ ඊනියා පර්යේෂණවල ප්‍රතිඵල සාම්‍ය සමාලෝචනවලට භාජන කෙරෙන සඟරාවල පළ කිරීම අපේක්‍ෂා කරනු ලැබේ යෑයි විද්‍යාභිවර්ධන සංගමයේ නිවේදනයෙහි දැක්‌වෙන අදහස ය. මේ බැරෑරුම් විද්‍යාඥයන් (Serious scientists) අපෙන් ඉල්ලා සිටින්නේ අපේ ඊනියා විධික්‍රමය, නියෑදි එකතු කරගත් ආකාරය ආදී වශයෙන් සඳහන් ලිපියක්‌ හැකි ඉක්‌මනින් සාම්‍ය සමාලෝචනය සඳහා ඉදිරිපත් කරන ලෙස ය. අප අපේ ඊනියා පර්යේෂණ ප්‍රතිඵල ප්‍රකාශ කළ යුත්තේ කුමක්‌ සඳහා ද? පළමුවෙන් ම ඒ පිළිබඳ උනන්දුවක්‌ දක්‌වන අය අතුරෙන් ඉතා වැඩි ප්‍රමාණයකට ඒ බව දැන්වීමට ය. දෙවනුව ඒ පිළිබඳව අනෙක්‌ අයට තම තමන් ගේ මත ඉදිරිපත් කිරීමේ අවස්‌ථාව ලබා දීමට ය. සාම්‍ය සමාලෝචනය (Peer review) එහි අනිවාර්ය අංගයක්‌ නො වේ. නේචර් සහ සයන්ස්‌ යන ජාත්‍යන්තර වශයෙන් ඉහළින් ම සැලකෙන සඟරාවල පළ වූ සාම්‍ය සමාලෝචනයට භාජන කෙරුණු පත්‍රිකාවලින් සියයට තිහක පමණ අඩංගු කරුණු ද වැරැදි බවට අවුරුදු කිහිපයකින් හෙළිදරව් වන බව අමතක නො කළ යුතු ය. 

අප කියා සිටින්නේ ඊනියා පර්යේෂණවල ප්‍රතිඵල අඩංගු ලිපි (පත්‍රිකා) පුවත්පත්වල, වෙබ් අඩවිවල හා පුළුල් වශයෙන් මහජනතාවට කියවිය හැකි තැන්වල පළ විය යුතු බව ය. එවැනි ලිපිවලින් සියයට කීයක්‌ වැරැදි ද යන්න මෙහි දී ප්‍රශ්නයක්‌ නො වේ. ඒ තීරණය කරනු ඇත්තේ බොහෝ දෙනා ගේ මැදිහත් වීමෙනි. සාම්‍ය සමාලෝචනයේ අරමුණ ඊනියා පර්යේෂණය නිසි පරිදි කෙරී ඇත් දැයි සොයා බැලීමත් ප්‍රතිඵල පිළිබඳව සෑහීමකට පත් වීමට හැකි දැයි තීරණය කිරීමත් ය. එබැවින් සාම්‍ය සමාලෝචනවලට භාජන කෙරෙන පත්‍රිකාවලින් නම් කිනම් ප්‍රතිශතයක්‌ වැරැදි ද යන්න දැනගැනීම වැදගත් වෙයි. 

රජරට වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව ආසනික්‌ යෑයි අප පවසන අදහස ඊනියා සාම්‍ය සමාලෝචනයට භාජන කෙරිණි නම් තවමත් ඒ පත්‍රිකා සමාලෝචකවරුන් ගේ මේසය මත තිබෙනු නිසැක ය. අපට අවශ්‍ය වූයේ ඊනියා ක්‍ෂණික ප්‍රසිද්ධියක්‌ නො වේ. අපට අවශ්‍ය වූයේ හැකි ඉක්‌මනින් මෙරට ගොවි ජනතාව කෘෂි රසායනික ගොවිතැනෙන් මුදවා ගැනීමත්, අඩු ම තරමෙන් බෞද්ධ විරෝධී කෘමිනාශක මෙරටට ගෙන්වීම ඉක්‌මනින් නතර කිරීමත් ය. වස විස වෙළෙඳාම බහුජාතික හා වෙනත් ධනකුවේර සමාගම්වලට ධනය ගෙන දෙන්නක්‌ වන නමුදු බෞද්ධ සම්මා ආජීවයට විරුද්ධ ය. ඒ බව ජනාධිපතිතුමා ද දන්නා බව අපට විශ්වාස ය. 

අපේ ප්‍රතිඵල ජනතාව අතරට යැම හේතුවෙන් මේ වන විටත් පළිබෝධනාශක වර්ග නවයක්‌ තහනම් කිරීමට පියවර ගැනීමට පළිබෝධනාශක රෙජිස්‌ට්‍රාර්වරයාට සිදු වී ඇත. එමෙන් ම කෘමිනාශක අඩංගු බහලුම් දහයක්‌ පමණ වරායේ රඳවා ගැනීමට ශ්‍රී ලංකා රේගුව කටයුතු කර ඇත. එදා නැතැයි කී ආසනික්‌ සති කිහිපයක්‌ ඇවෑමෙන් යම් ප්‍රමාණයකට වුව ද තිබෙන බව පිළිගැනීමට අද බොහෝ විද්‍යාඥයන් යෑයි කියාගන්නා අයට සිදු වී ඇත. එමෙන් ම ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය මහා ඉහළින් වර්ණනා කරන කාර්මික තාක්‍ෂණ ආයතනයට අද රේගුවේ ඉල්ලීම මත කැලණිය විශ්වවිද්‍යාලයීය කණ්‌ඩායම සමග සම්බන්ධ වී තම පර්යේෂණ කටයුතුවල නිරත වීමට සිදු වී ඇත. මෙය ද අපේ ජයග්‍රහණයක්‌ නො වේ ද? කාර්මික තාක්‍ෂණ ආයතනය වරක්‌ අපේ නියෑදි පර්යේෂණවලට භාජන කිරීම ද ප්‍රතික්‍ෂෙප කළ බව මෙහි දී අවධාරණය කළ යුතු ය. 

අවශ්‍ය නම් කෘෂි රසායනවලින්, වස විස අඩංගු කෘමිනාශක ගෙන්වීම පමණක්‌ තහනම් කිරීමට ආණ්‌ඩුවට පියවර ගත හැකි ය. ආණ්‌ඩුව තීරණය ගත යුත්තේ ජනතාවට සහනයක්‌ ගෙන දෙන අයුරින් ය. ආණ්‌ඩුව යනු මහජනයා විසින් පත් කරනු ලැබූ දේශපාලනඥයන් ගෙන් හා උපකරණවලින් සමන්විත වූවකි. ආණ්‌ඩුව ගන්නා තීරණය කුමක්‌ වුවත් එය මහජනතාව විසින් සාකච්ඡා කිරීම වැදගත් ය. මහජනතාව බටහිර රසායන විද්‍යාව දන්නේ ද නැද්ද යන බව මෙහි දී වැදගත් නො වේ. යම්කිසි අයුරකින් මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් උසාවියේ නඩුවක්‌ පැවරුව හොත් එය විභාග කරන විනිසුරුතුමා රසායන විද්‍යාව දැන සිටිය යුතු බවට නියමයක්‌ නැත. බටහිර රසායන විද්‍යාවෙන් පටන් ගත්ත ද මෙවැනි ප්‍රශ්න කෙළවර වන්නේ නීතියේ දී නැත්නම් දේශපාලනයෙහි දී ය. එබැවින් මෙවැනි ප්‍රශ්න සම්බන්ධයෙන් ඉදිරිපත් වන ලිපි හැකි ඉක්‌මනින් මහජනතාව ගේ සාකච්ඡාවට බඳුන් වීම සුදුසු ය. ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ මහා මණ්‌ඩලයේ සාමාජිකයන් සිංහලෙන් ලියෑවෙන වෙබ් අඩවිවලට ඇතුළු වන්නේ නම් අද ප්‍රශ්නය සාකච්ඡා කෙරෙන අන්දම අත්දැකගත හැකි ය.

අනෙක්‌ අතට ඊනියා විද්‍යාත්මක පරීක්‍ෂණ පර්යේෂණ සඟරාවල පළ විය යුතු යෑයි නීතියක්‌ නැත. කෙසේ වෙතත් අපේ ප්‍රතිඵල හා ක්‍රම ඊනියා විද්වතුන්ට ඉදිරිපත් කෙරී නොමැති ය යන්න අසත්‍යයකි. ඊනියා විද්වත් සම්මේලන පහක දී ඒ ප්‍රතිඵල හා ක්‍රම ඉදිරිපත් කෙරී ඇත. ඉන් එකක්‌ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙහෙයවීමෙන් පවත්වන ලද සම්මන්ත්‍රණයකි. තවත් එකක්‌ කෘෂිකර්ම ඇමැතිතුමා ගේ ප්‍රධානත්වයෙන් පැවත්විණි. රජරට විශ්වවිද්‍යාලයයේ දී එක්‌ සම්මන්ත්‍රණයක්‌ පැවැත්වුණු අතර එක්‌ සම්මන්ත්‍රණයක්‌ පැවැත්වුණේ පර්යේෂණ හා තාක්‍ෂණ අමාත්‍යතුමිය ගේ ප්‍රධානත්වයෙනි. අවසාන සම්මන්ත්‍රණය අගමැතිතුමා ගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවැත්විණි. මේ සම්මන්ත්‍රණවල දී අපේ ප්‍රතිඵල හා ක්‍රම ඉදිරිපත් කෙරුණු අතර ඒවාට විවිධ පර්යේෂණ ආයතනවල ඊනියා විද්‍යාඥයෝ සහභාගී වූ හ. එහි දී මහාචාර්ය ඔලිවර් ඉලේපෙරුම ගෙන් හා මහාචාර්ය උපාලි සමරජීව ගෙන් හැරුණු විට විරුද්ධ යෑයි කිව හැකි අදහසක්‌ ඉදිරිපත් නො කෙරිණි. 

ඉලේපෙරුම මහතා සැම දා මත් කියන ෆ්ලුවොරයිඩ හා ඇලුමීනියම් කතාව හැරෙන්නට කීවේ කැල්සියම් ආසනේට්‌ ජලයේ දිය නො වන බවත් හම්බන්තොට ආදී වෙනත් කිවුල් ජලය ඇති පෙදෙස්‌වල නිදන්ගත වකුගඩු රෝගය දක්‌නට නො ලැබෙන බවත් ය. (කිවුල හා කැල්සියම් ආසනේට්‌ ද්‍රාවණය පිළිබඳව පසුගිය විසි වැනි දා විදුසර පත්‍රයෙහි ආචාර්ය මෙත්තිකා විතානගේ නම් මහත්මියක්‌ ද සඳහන් කර ඇත.) ෆ්ලුවොරයිඩ කතාවට බොහෝ කලකට පෙර ඉන්දීය කණ්‌ඩායමක්‌ පිළිතුරු දී තිබුණේ ඉන්දියාවේ ෆ්ලුවොරයිඩ ව්‍යාප්තිය හා ඇලුමීනියම් භාජන පාවිච්චිය අනුව එහි රජරට දක්‌නට ලැබෙන නිදන්ගත වකුගඩු රෝගය බෙහෙවින් පැතිරී තිබිය යුතු ය යනුවෙන් බව ඒ මහතාට සම්මන්ත්‍රණයේ දී මතක්‌ කර දෙන ලදී. ඒ පිළිතුර ලංකාවේ ෆ්ලුවොරයිඩ ව්‍යාප්තිය සැලකීමේ දී මෙරටට ද අදාළ වෙයි. 

කැල්සියම් ආසනේට්‌ ජලයේ ද්‍රාවණය වන්නේ ආම්ලිකතාව හා උෂ්ණත්වය අනුව ය. ඒ බව සඳහන් පර්යේෂණ පත්‍රිකා වෙයි. අපට අදාළ ජලයේ කැල්සියම් ආසනේට්‌ ද්‍රාවණය වෙයි. හම්බන්තොට ආදී ප්‍රදේශවල රෝගය දක්‌නට නොමැත්තේ කිවුල හා ආසනික්‌ තිබුණ ද ආසනික්‌ රඳවාගත හැකි පසක්‌ එහි නො තිබීම ය. වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව ආසනික්‌ (ආසනේට්‌) වුව ද අදාළ පස හා කිවුල නොමැති ව රෝගය නො වැළඳෙයි. ඒ බව අප කියා ඇත්තේ වරක්‌ දෙවරක්‌ නො වේ. මහාචාර්ය සමරජීව මහතා නම් තම නො දැනීම ප්‍රකාශ කිරීම හැරෙන්නට වෙනත් දෙයක්‌ නො කළේය. ඔහු ආහාර හා පෝෂණය පිළිබඳ මහාචාර්යවරයකු ව සිටියේ කෙසේ ද යන ප්‍රශ්නය නම් පැන නඟී. මෙහි දී විතානගේ මහත්මිය ගේ දැනගැනීමට තවත් කරුණක්‌ කිව යුතු ය. රජරට වකුගඩු රෝගය ද පිළිකා රෝග විශේෂයක්‌ බව අපේ කණ්‌ඩායමේ වෛද්‍යවරුන් කිහිප වරක්‌ ම ප්‍රකාශ කර ඇත. 

ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය අවසාන වශයෙන් කරන්නේ තර්ජනයකි. අපේ කණ්‌ඩායමේ නායකයා වන මා බටහිර විද්‍යාවට විවෘත ව ම ගර්හා කරන්නකු බව ද, මා "තොරතුරු සැපයීමේ පමණක්‌ නො ව ක්‍රමවේද ද සැපයීමේ මූලාශ්‍රය සම්‍යක්‌දෘෂ්ටික දෙවිවරුන් බව" ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇති බව ද පවසා අද්භූත ඇදහිලිවලට විද්‍යාව තුළ ඉඩක්‌ නොමැති බව සංගමය තරයේ කියයි. අපේ කණ්‌ඩායමේ අනෙක්‌ අය සැබෑ (ඉංගිරිසි ප්‍රකාශනයෙහි "සීරියස්‌") විද්‍යාඥයන් ලෙස පිළිගැනීමට ලක්‌ වීමට නම් මා ගේ අසම්මත ප්‍රකාශවලින් බැහැර වීමට වගබලාගත යුතු යෑයි ද අදාළ නිවේදනයෙහි සඳහන් වෙයි. විද්‍යා පීඨයක පීඨාධිපතිවරයා ගේ අරමුණ විද්‍යාව පහළට ඇද හෙළීම සහ එයට නිග්‍රහ කිරීම වීම අතිශයින් ම අවාසනාවන්ත තත්ත්වයක්‌ ලෙස විද්‍යාභිවර්ධන සංගමය සලකන බව ද නිවේදනයෙහි සඳහන් වෙයි. 

තොරතුරු හා ක්‍රමවේද කා ගෙන් ලැබුණ ද අපේ කණ්‌ඩායමේ අනෙක්‌ සාමාජිකයන් අවශ්‍ය පරිදි බටහිර විද්‍යාවේ සම්මත ක්‍රම අනුව පරීක්‍ෂණ පවත්වා කෘමිනාශකවල හා අදාළ ප්‍රදේශවල ජලයේ (විශේෂයෙන් ළිංවල) ආසනික්‌ ඇති බව පෙන්වා දී ඇත. ඉදිරි කාලයේ දී අවස්‌ථාව ලැබුණ හොත් අනෙක්‌ කණ්‌ඩායම් ඉදිරියේ දී ද ඒ බව පෙන්වනු ඇත. රාමනුජන් නම් සුප්‍රසිද්ධ ඉන්දීය ගණිතඥයා තම අනන්ත ශ්‍රේණි පිළිබඳ සූත්‍ර ලීවේ කාලි අම්මාට පූජා පැවැත්වීමෙන් පසුව ය. ඒවා සාධනය කරන්නේ කෙසේ දැයි එතුමා නො දැන සිටියේ ය. කේම්බ්‍රිඡ් විශ්වවිද්‍යාලයයේ ලෝක ප්‍රසිද්ධ හාඩි නම් විශිෂ්ටතම ගණිතඥයා ඇතුළු ගණිතඥයෝ ඒවා සාධනය කළ හ. ඔවුන් රාමනුජන් මහතාට අදහස්‌ ලැබුණේ කා ගෙන් දැයි නො විමසුවා පමණක්‌ නො ව ඒ මහතාට ලන්ඩනයේ රාජකීය සංගමයේ අධිසාමාජිකත්වයක්‌ (FRS) ද පිරිනැමූ හ. සුද්දන්ටත් වඩා පර (විජාතික-අප නො වන අරුතින්) සුද්දන් වූ, හුදු තාක්‍ෂණික ශිල්පීන් පමණක්‌ වූ මෙරට පුහු විද්‍යාඥයෝ අපට තොරතුරු ලැබුණේ කෙසේ දැයි ප්‍රශ්න කරති. මොවුහු කෙතරම් දීනයෝ වෙත් ද?

බටහිර විද්‍යාවට නො ව ගර්හා කළයුතු ඕනෑ ම දෙයකට ගර්හා කිරීමට මම බිය නො වෙමි. මම තවමත් ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ යාවජීව සාමාජිකයෙක්‌මි. මා ඒ බව පවසන්නේ උදම් ඇනීමට නො ව හැකි නම් මගේ සාමාජිකත්වය අහෝසි කරන ලෙසට සංගමයට අභියෝග කිරීමට ය. බටහිර විද්‍යාවට මෙරට හිමි වී ඇති තැනින් එය ඇද හෙළිය යුතු අන් කිසිවක්‌ නිසා නො ව අද බටහිර විද්‍යාව ඇතුළු බටහිර දැනුම බටහිර ක්‍රිස්‌තියානි යටත්විජිතවාදීන් අප පාලනය කිරීමේ දී යොදා ගන්නා ප්‍රධාන මෙවලම වීම නිසා ය. මා ජීවතුන් අතර සිටින තාක්‌ මම ඒ කිරීමට උත්සාහ කරමි. 

ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය අපේ කණ්‌ඩායමේ අනෙක්‌ අයට තර්ජනය කරන්නේ ඔවුන් මගේ ඊනියා අසම්මත අදහස්‌වලින් වෙන් නො වුණ හොත් ඔවුන් සැබෑ විද්‍යාඥයන් ලෙස නො සලකන බවට ව්‍යංගයෙන් නමුත් තර්ජනය කරමිනි. ඔවුන් මගේ අදහස්‌ සමග එකඟ ද නැද්ද යන වග විද්‍යාභිවර්ධන සංගමය නො දැන, මේ කරන්නේ ඔවුන් ලවා මගේ අදහස්‌ සමග එකඟ නො වන බවට ප්‍රකාශයක්‌ කරවා ගැනීමට ය. ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයට එවැනි දෙයක්‌ තම සාමාජිකයන් ලවා අනියමින් වත් කරවාගැනීමට එහි ව්‍යවස්‌ථාවෙන් හෝ රටේ ව්‍යවස්‌ථාවෙන් හෝ ලැබී ඇති අයිතිය කුමක්‌ ද? අනෙක්‌ අය තමන් දරන අදහස්‌ කුමක්‌ විය යුතු දැයි තීරණය කිරීමට විද්‍යාඥයන් යෑයි කියාගන්නා අයට ඇති අයිතිය කුමක්‌ ද? මෙරට සිටින අඟුටුමිටි විද්‍යාඥයන්ට පල්ලියේ විවිධ වර්ණවල ලෝගු පොරවාගෙන යාර පනහට අඩු පෙරහැරවල කවටයන් මෙන් ගමන් කර සාමාන්‍ය මිනිසුන් ඉදිරියේ මහේශාඛ්‍යයන් ලෙස පෙනී සිටීමේ වරම බටහිර ක්‍රිස්‌තියානි යටත්විජිතවාදීන් ලබා දී ඇත්තේ බෞද්ධ සම්මා ආජීවයට විරුද්ධ වීමට හා මතු බුදු වන නාථ දෙවියන් ඇතුළු සම්‍යක්‌දෘෂ්ටික දෙවිවරුන් අපේ විද්‍යාවෙන් ඉවත් කිරීමට ද? 

මහචාර්ය නලින් ද සිල්වා



කවුරු මොනවා කිව්වත් අපි අනුගමනය  කළේ පිළිගත් බටහිර විද්‍යාත්මක ක්‍රමවේදයක්‌

27 JULY 2011 8:00

වෛද්‍ය ජයසුමන

අමල් උඩවත්ත VIDUSARA

"කවුරු මොනව කිව්වත් බටහිර විද්‍යාවට අනුව පිළිගත් ක්‍රමවේදයකටයි මේ පර්යේෂණය සිදු කළේ. අපේ පර්යේෂණ කණ්‌ඩායමට රසායන විද්‍යාඥයන්, උද්භිද විද්‍යාඥයන්, අධිකරණ වෛද්‍යවරුන්, විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍ය විද්‍යාල ආචාර්යවරුන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මෙන්ම පිළිගත් ගණිත විශාරදයන් පවා ඇතුළත් වුණා. මේ පර්යේෂණය කළේ රට පිළිගත් කැලණිය විශ්වවිද්‍යාලයයේ" යනුවෙන් රජරට විශ්වවිද්‍යාලයයේ වෛද්‍ය පීඨයේ කථිකාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන පැවසී ය. පසුගිය දා කොළඹ ධර්මගවේෂී බෞද්ධ මධ්‍යස්‌ථානයේ දී පැවැති මාධ්‍ය හමුවක දී තවදුරටත් අදහස්‌ දැක්‌වූ වෛද්‍ය ජයසුමන, "අපි රෝගීන් සිටින ප්‍රදේශවලට ගිහින් ඔවුන්ව පරීක්‌ෂා කළා. මේ පරීක්‍ෂණවල දී ආසනික්‌ විෂ වීම හා සම්බන්ධ රෝග ලක්‌ෂණ හඳුනා ගන්න ලැබුණා. මේ ලක්‌ෂණ අතර දිගු කල් පවතින අත් පාවල හිරිය, ඇස්‌වල දැවිල්ල, දෑත් දෙපාවල ලප මතු වීම වැනි ලක්‌ෂණ හඳුනා ගන්න ලැබුණා. ඒ වගේ ම ඒ ප්‍රදේශවල ජලය, පස සහ ශාක විශේෂ, තෘණ විශේෂ රැසක්‌ පරීක්‍ෂාවට ලක්‌ කළා. කැලණිය විශ්වවිද්‍යාලයයේ උද්භිද විද්‍යා අධ්‍යයනංශයේ අංශ ප්‍රධානී ආචාර්ය මාලා අමරසිංහ මහත්මිය රජරට ප්‍රදේශයේ වැව් පිටිවල තණකොළ, වෙනත් ශාක වර්ග මෙන්ම පස හා ජලයත් පරීක්‍ෂාවට ලක්‌ කළා. මේ සැම පරීක්‍ෂාවකින් ම දැනගන්නට ලැබුණේ ආසනික්‌ බහුලව තිබෙන බවයි. මොණරාගල රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය කුමුදු දහනායක, මිය ගිය රෝගීන් ගේ වකුගඩු පරීක්‍ෂා කළා. අණ්‌වීක්‍ෂ පරීක්‍ෂාවට ලක්‌ කළ වකුගඩුවල කැල්සියම් ආසනේට්‌ තිබෙන බැව් වඩාත් හොඳින් හඳුනා ගැනීමට හැකි වුණා. ඉන්පසුව වකුගඩුවලට අමතරව රෝගීන් ගේ අක්‌මාව, තයිරොයිඩ් ග්‍රන්ථිය සහ ගුද මාර්ග පවා පරීක්‌ෂාවට ලක්‌ කළා. මේ පරීෂණ සියල්ලෙන් ම ආසනික්‌ විෂ වී ඇති බවයි දැනගන්නට ලැබුණේ. 

ආසනික්‌ විෂ වීමෙන් වකුගඩු ක්‍ෂය වීමකට ලක්‌ වෙනවා. සියයට 70ක්‌ පමණ රෝගය උත්සන්න වූ පසුවයි දැනගන්න ලැබෙන්නේ. ඒ වන විටත් රෝගියා බේරා ගන්න බෑ. වසර 2004 දී කැලණිය විශ්වවිද්‍යාලයයේ උද්භිද විද්‍යා අධ්‍යයනංශයේ හිටපු අංශාධිපති මහාචාර්ය රංජිත් ජයසේකර මහතා අපේ රටේ සහල් පෘතුගාලයට ගෙන ගොස්‌ පරික්‍ෂා කළා. එහි දී අපේ සහල්වල ආසනික්‌ ඇති බැව් හඳුනා ගන්න ලැබුණා. වසර 2008 දී ඇමෙරිකානු විද්‍යාඥයන් පිරිසක්‌ කෝනල් විශ්වවිද්‍යාලයයේ දී අපේ සහල් පිළිබඳව කළ පර්යේෂණවලින් ආසනික්‌ තිබෙන බැව් හඳුනා ගන්න හැකි වුණා. මෙවැනි ආසනික්‌ පිළිබඳ අනාවරණ සහිත තවත් පර්යේෂණ අපේ රටෙන් ම ගෙනහැර දක්‌වන්නට පුළුවන්. මේ සැම අවස්‌ථාවක දී ම බලධාරීන් කට වහගෙන හිටියා. අපි රටට හෙළිදරව් කළේ ආසනික්‌ නිසා වකුගඩු රෝග ඇති වීමට වගකිව යුත්තේ පළිබෝධනාශක භාවිතය බවයි. පළිබෝධනාශක කියල කිව්ව නිසයි අපේ පර්යේෂණය විතරක්‌ වැරැදියි කියන්නේ" යනුවෙන් පැවසී ය. 


Arsenic 

July 26, 2011


Prof. Nalin De Silva

It is now established that Arsenic is present in at least some of the agrochemicals imported to Sri Lanka. Several tests by the research group at the University of Kelaniya headed by me, studying various aspects of the Rajarata Chronic Kidney Disease Unidentified Etiology (RCKD un et) has come across this finding, and at least one other group has confirmed these results. As the name indicates the cause of this disease is not identified in western medicine though many patients have deceased during the last few years. The research team at the University of Kelaniya, other than me consists of western Chemists, Botanists, Mathematicians who are employed as Professors and Senior Lecturers at the University of Kelaniya as well as those who practice western Medicine, some of whom are academics at the Rajarata University. We have made use of standard techniques in Atomic Absorption Spectrometry in almost all of the tests we have carried out at Kelaniya.

Our research team had to explain (i) the spread of RCKD un et only in Rajarata area and (ii) the incidence of the disease only during the last twenty years. Various groups working on the RCKD have come up with causes such as Cadmium, Aluminum in the cooking utensils. However due to reasons not described here for want of space, our group has rejected all these “explanations” and we have all the reasons to come to the conclusion that Arsenic is the cause of the disease. Now the question may be asked as to how the Kelaniya group was able to detect Arsenic in Rajarata drinking water in the affected areas and in agrochemicals when the other groups were not able to do so. In fact we are also surprised that Arsenic had not been identified in agrochemicals, as only standard methods known to the western Chemists were used by us in detecting Arsenic in these products. It has to be mentioned that detection of Arsenic in drinking water in Rajarata that is contaminated with certain salts needs a special technique that has been developed at Kelaniya. We are more than surprised how these agrichemicals have been allowed to be imported and distributed in Sri Lanka when the authorities could have easily tested for Arsenic before the relevant products were released to the importers.

We have to distinguish between two cases here, they being the presence of Arsenic in drinking water in the relevant areas and the presence of the same in agrochemicals. As mentioned above the authorities should have tested for Arsenic in agrochemicals before they were allowed to be imported and distributed. Apparently the importers of the agrochemicals with Arsenic have declared to the Sri Lanka customs that Arsenic is not present probably based on information supplied to them by the exporters. Even if the exporters had claimed that there was no Arsenic present in the relevant agrochemicals, we are of the opinion that the importers and the authorities in Sri Lanka responsible for giving clearance should have tested independently for Arsenic knowing its deadly effects.

Our group at Kelaniya consists also of people who are interested in developing our own systems of knowledge and in this respect we not only create (or discover as many are accustomed to that term) our own theories (ape pravada), rather than being satisfied with being mere tinkerers of western knowledge in the periphery, and we have been successful at least in a few instances. During the last two years or so we have come across another source of knowledge, namely the “samyak drushtika devivaru” who communicate knowledge when necessary to a lady who is known to us. Those who have been brought up in the western scientific tradition would laugh at this source of knowledge, but we are in a position to debate with them on this matter publicly not in a five star hotel, but in a place such as the Public Library Auditorium, if they are not happy with the “samyak drushtika devivaru”. The communicator does not go into a trance or any such peculiar position (arudha, avesha etc.,) but communicates with the devivaru while she is in conversation with the others.

I had been thinking of Bhavana as a means of acquiring knowledge for some time but did not know how or where to begin. Under the instructions of the devivaru (I do not want to use the word gods as the word has many connotations) few among us (I do not have that “vasana” probably due to my karma) are able to “experience” knowledge after engaging in Bhavana, and the devivaru and these people with “vasana” (it is not luck for anybody’s sake) have diagnosed deceases and treated successfully patients who had been turned away by the western medical personnel. I do not want to go into details at present but we will present our story to the public in due course. What is emphasized here is that neither nobodies nor some bodies could acquire this knowledge through Bhavana as only those who are “endowed” with the necessary “adhyathmica shakthiya” could do so.

It was the devivaru who suggested to us that we should test for Arsenic in the water, soil, and even flora in the affected areas in Rajarata. Our group that consists of western trained scientists set about in the usual way as they have been instructed, to collect samples of water soil, plants etc., and tested for Arsenic in the laboratories in the Faculty of Science of the University of Kelaniya. We did not want to carry out these experiments without informing the rest of the academics in the Faculty of Science, and as the Dean of the Faculty I made it a point to make them aware of what our group has been doing. There was no opposition as such from these western trained ladies and gentlemen at the meetings of the Faculty Board though many “kathas” spread and a few people with vested interests tried to obstruct our work. They had even complained to the Minister of Higher Education and the President that a “devale” has been created in the Faculty of Science as we had commenced Bhavana sessions for students as well as staff (both academic and non academic). I suppose they wanted the Minister and the President to interfere with our work but the latter had decided to ignore these complains. I must say subsequently some members of the group met the President and that he is more than interested in our work.

It is true that the idea that Arsenic is present was given to us by the devivaru but we do not want anybody else, especially those who are trained in the western scientific tradition to believe us or the devivaru. I must also add that there are some among us who could “see” Arsenic in the samples we collected from Rajarata area, with “adhyathmika shakthiya”. However, we went through the standard methods in western Chemistry using the Atomic Absorption Spectrometer available at the University of Kelaniya in order to convince the western scientists of the presence of Arsenic. Unfortunately, the standard methods available in the text books and the journals did not help us to identify Arsenic in hard water in Rajarata areas, and then again the devivaru came to our rescue and suggested a particular method that could be adopted. Using this particular method, and using chemicals only, our group has been able to detect Arsenic (Arsenates) in the samples of hard water. I am only giving an outline of what our group has been doing and the details have been presented at seminars held at Rajarata University and the ministry of Technology and Research. I must also add not being a western scientist or a western academic in general my interest in the whole exercise is confined to epistemology as developed in our culture, in addition to finding a cure for the disease.

The western medical personnel in our group observed symptoms of Arsenic poisoning in the samples of patients whose number is around twenty thousand in Rajarata, especially in Mahavillacciya, Padavi Sri Pura, Padaviya, Vahalkada and surrounding areas. This led to tests in biological parts such as hair, fingernails from patients and kidneys removed from at least two people who died from RCKD un et. We have no reason to believe that Arsenic is not the cause of RCKD and we may now drop the tag un et that follows the name of the decease.

It was also found that the arsenate compounds responsible for the RCKD are formed only when Arsenic is mixed with hard water found in the Rajarata areas. This is the reason why the decease is confined to the Rajarata areas. As Arsenic is not found naturally in Sri Lankan soil, we wanted to find out how Arsenic got into the soil and the water in Rajarata. The suspect was nearer at hand and it was nothing other than the agrochemicals. We tested for Arsenic in agrochemicals using standard western Chemistry and the tests carried out have confirmed that Arsenic is present in these substances in high proportion. This explains why the RCKD is confined to the last twenty years or so as the effect of the agrochemicals which were first introduced in the sixties is felt during that period.

The Sri Lanka customs got interested in our work and they wanted us to test some samples of agrochemicals that they had acquired. Our group detected Arsenic in those samples as well, using again the standard methods in western Chemistry. When the importers had complained to the custom officers that the former would not believe in our results we took the unprecedented step of carrying out the chemical tests in the presence of a delegation of importers as we realized the gravity of the problem.

I would not say that our job is now over, as we have to work hard to get the authorities to cancel the license to import these agrochemicals contaminated with deadly Arsenic and also to cure the unfortunate citizens of our country who have been victims of “thanhadika” western manufacturers and local importers. There is a cure for the disease communicated to us by the devivaru, but unfortunately we do not have sufficient number of “vedanan” to attend to the victimized patients. (The Island - 2011/06/08)



Devivaru, Arsenic and Science - III

July 26, 2011



Prof. Nalin De Silva
My reply to Prof. Carlo Fonseka can be postponed as it is more abstract, and compels me to go into a discussion on the so called Scientific Method at a deeper level than in the case of replies to Professors Oliver Ileperuma and Upali Samarajeewa. Currently what is more important is the direct impact of the comments by these learned scientists on research into the Rajarata Kidney disease and I would like to delve into the articles by Professors Ileperuma and Samarajeewa. Mr. Suranimala’s article that appeared on 11th July needs no elaborate reply as he is arguing at the level of a schoolboy. He merely says if Devivaru are capable of identifying Arsenic in samples of soil and water then there is no use of laboratories and scientists as the Devivaru could advice us on everything. The fallacy of his argument lies exactly there. From the experience of Arsenic he generalizes to other phenomena as well without knowing that even if the Devivaru are capable of giving us knowledge on all topics in a given field, they would not do so for the simple reason that their “divya balaya” would vanish if they do so. I do not want to go into a detailed discussion on this and all that I have to say at this juncture is that the samyak drshtika devivaru would communicate to us only that knowledge needed to make Sri Lanka a Dharmadweepa again. The devivaru are interested in taking out the farmers from the modern western agriculture which not only adds poison to food, in spite of so called food scientists of the caliber of world renowned Dr. Upali Samarajeewa who describes himself as an international expert in laboratory accreditation addressing the food safety issues associated with global trade, but also kills pests. It may be that in this era of super specialization Dr. Samarajeewa’s expertise is more on laboratory accreditation rather than directly on food safety issues. The devivaru are interested also in the welfare of the pests and also of the farmers, and want the latter to refrain from killing pests using pesticides with or without Arsenic. They are also interested in curing the Rajarata Kidney patients and any knowledge communicated to us would be along those lines. Certainly the devivaru would not tell us in advance the winner of the next one day international match Sri Lanka cricket team would play nor the winner of the next horse race.
We will first take Dr. Samarajeewa who albeit being an international expert has not done his homework properly. For example in his article on the 24th of June in “The Island” he says: “According to the information released to the press by the scientists who claim presence of arsenic in Sri Lankan rice, they have detected concentrations of 0.1 ppm. According to the information released by ITI concentrations of 0.334, 0.166 and 0.370 have been reported for 3 out of 28 samples tested and the Agriculture Department has indicated that those breed lines reported by ITI to be high, would be withdrawn. While these findings indicate presence of arsenic, the detected concentrations need not be used to create a public alarm, rather than addressing at the forum of scientists to bring in necessary controls, if required.” The figures he quotes from ITI are related to three brands of pesticides and not rice. A world renowned scientist is not supposed to mix data whether with respect to arsenic or food.

It has to be stated that the Registrar of Pesticides (RoP) is trying to confuse people or he is confused as to what is found in the samples of pesticides. We at Kelaniya have analysed 28 samples of pesticides and found that all of them contain Arsenic to some extent or other. The ITI on the other hand found Arsenic in 9 of the samples. What we are interested is in the presence of Arsenic and not with whether Arsenic found is associated with certain Chemicals or not. When the (RoP) tells the public pesticides contain only in three chemicals people are confused to say the least.

In any event our primary investigation is not on the presence of Arsenic in rice as we are interested in finding the cause(s) of Rajarata Kidney Disease and in finding a cure for the unfortunate victims who have no hope whatsoever in western medicine that does not know the origin of the disease. We have found Arsenic in rice though not in somewhat high proportion it is found in rice produced in USA. Rice has been given prominence by the media and unfortunately the government and some well meaning people have fallen into the trap of the importers of pesticides. They claim that there is no Arsenic in any pesticide that they import, but the Sri Lanka customs has taken steps to retain some containers with pesticides for presence of Arsenic based on tests done at other laboratories as well. Apparently these importers want to file a case against me in the courts of Sri Lanka, and I welcome the idea as I would be able to address the people from the courts. If somebody wants to ring the alarm bell on Arsenic in rice let him do so but for us it is not a big issue as rice is not a cause of the Rajarata Kidney Disease and we know that people do not die as a result of eating rice and curry.
Dr. Samarajeewa concentrates on his pet topic of method. Almost all the scientists in Sri Lanka are engaged in normal science in a Kuhnian sense and they are very much bothered about the so called scientific method though not in the sense of Prof. Carlo Fonseka. It is unfortunate that almost all the so called scientists in Sri Lanka are technicians who follow standard techniques given in text books or research papers, and most of them would not have heard of Popper, Kuhn or Feyarabend. I have come across Professors in Chemistry in Sri Lanka who have not heard of Theoretical Chemistry. For most of the so called scientists in Sri Lanka the scientific method is nothing but procedure that has to be adopted when doing tests. It is all about collection of samples, testing them under so called proper conditions, washing of test tubes and beakers, digestion, heating, using acids and other chemicals with “proper” concentrations etc. These may be important but as far as the scientific method in epistemology is concerned they are mundane practices and nothing more. I am not a believer in the scientific method even in an epistemological sense and I am more than happy to hear that the importers of pesticides have decided to indict me in courts as it will give me an opportunity to show not only that there is no scientific method but that matters concerned with science can be decided by people with no formal knowledge of science. This is an important issue as it has repercussion in the area of publication in so called research journals on which “scientists” such as Dr. Samarajeewa have very adamant views.

For these so called scientists the most important in western science are the so called method which is nothing other than procedures and publication in peer reviewed scientific journals. As I mentioned last week Dr. Samarajeewa has given inadvertently an example that goes against his argument that the western scientists should publish in peer reviewed journals. He has mentioned the case of a brilliant scientist from Sri Lanka who had withdrawn an article published in Nature (Nature and Science are supposed to be the pinnacle of scientific journals) after it was shown by scientists other than the reviewers that the content and conclusions, not the so called method according to Dr. Samarajeewa and others, were wrong. I have been informed that, according to an article published in “The Economist” some thirty percent of the papers published in Nature and Science after peer reviewing are found to be wrong within two or three years of publication. So much for so called peer reviewing by experts in the field.

Publication of scientific journals is also big business with Nature group publishing more than thirty journals. Research is funded by armed forces, big companies like agro chemical producers, government in countries such as Sri Lanka through the Universities, research institutes etc., and publication of scientific journals is not different from publication of newspapers as far as the proprietors are concerned. There is no democracy at all in the publication industry in the field of science, and proliferation of scientific journals in the recent past gives ample testimony to the control of these journals by big industry.

I am for publication in journals (may be e journals) without so called peer reviewing to which even the general public can contribute and should have access in any event. The fact that the Arsenic issue has become public is good as after all it is the politicians who would finally take important decisions regarding banning or not of pesticides with any toxic material. The politicians however corrupt they may be are responsible to the people, and at least once in a few years they have to go before the public, where as the so called scientists are not responsible to the general public once they are appointed to various posts. The politicians when they have to take decisions will have to consider the will of the public at least to a certain extent and we have to make science or knowledge for that matter of the official practitioners. As said of war, science (western or otherwise) is too serious business to be left in the hands of scientists only.
Prof. Nalin De Silva


ආසනික්‌, කැල්සියම් ආසනේට්‌, කිවුල සහ ලෙඩ රෝග
21 JULY 2011 8:00

මූලික අධ්‍යයන ආයතනය
මහනුවර.

ආසනික්‌ පිළිබඳව හා කිවුල් ජලයේ නිර්මාණය වන කැල්සියම් ආසනේට්‌ සංයෝගය පිළිබඳව කතාබහක්‌ ඇති වී තිබේ. පළමුවෙන් ම අපි ජලයේ කිවුල යන්න පිළිබඳව පවතින විද්‍යාත්මක පදනම විමසා බලමු. 

කිවුල් ජලය ලෙසින් විද්‍යාත්මකව හඳුන්වනුයේ කැල්සියම් හා මැග්නීසියම් අධික ජලයයි. Ca හා ඵට අධික පාෂාණ වන හුණුගල්, ඩොලමයිට්‌, කැල්සියම් ආදිය ජීර්ණය වීමෙන් භූගත ජලයට අධික සාන්ද්‍රණයකින් මේ අයන එක්‌ වේ. කිවුල් ජලය හෙවත් කඨින ජලය වර්ග ද්වයකි. ඒ, තාවකාලික කඨිනත්වය හා ස්‌ථිර කඨිනත්වය ලෙසිනි. තාවකාලික කඨිනත්වය ඇති වනුයේ කැල්සියම් හා මැග්නීසියම් බයිකාබනේට්‌ හේතුවෙනි. එය ජලය නටවා නිවීමෙන් ඉවත් කළ හැකි ය. ජලය නැටවීමේ දී කැල්සියම් හා මැග්නීසියම් බයිකාබනේට සංයෝග වෙන් වේ. පසුව ජලයේ අද්‍රාව්‍ය කාබනේට සංයෝග තැනේ. මේ ජලය පෙරීමෙන් අද්‍රාව්‍ය කාබනේට සංයෝග ඉවත් කර පානයට ලබාගත හැකි ය. එහි දී සිදු වන ප්‍රතික්‍රියාව අපට මෙසේ දැක්‌විය හැකි ය. 

Ca(HCO3)2 (aq)→ CO2(g)+ H 2O(l)+CaCO3(s)
Mg(HCO3)2 (aq)→ CO2(g)+ H2O(l)+MgCO3(s)


ජලය නටවා ඉවත් කරගත හැකි මේ කඨ§නත්වය තාවකාලික කඨිනත්වය ලෙස හැඳින්වේ. මීට අමතරව ජලයේ දිය වී ඇති සල්ෆේට්‌, ක්‌ලෝරයිඩ ආදිය ජලයේ කඨ§නත්වය කෙරෙහි සුළු බලපෑමක්‌ ඇති කරයි. 

ස්‌ථිර කඨිනත්වය ඇති වනුයේ කැල්සියම් හා මැග්නීසියම් කාබනේට හේතුවෙනි. එය ඉවත් කර ගැනීම අපහසු ය. කඨ§නත්වය නැත හොත් කිවුල රසායන විද්‍යාවේ දී ප්‍රකාශ කරනුයේ CaCO3 සාන්ද්‍රණය ලෙසිනි. එසේ CaCO3 සාන්ද්‍රණය ලීටරයට මිලිග්‍රෑම් 60-120 

(60-120mg/L))ත් අතර නම් එම ජලය මධ්‍ය කිවුල් ජලය ලෙසත්, 120-180 mg/L අතර නම් කිවුල් ජලය ලෙසත්, 180ට අධික නම් අධික ලෙස කිවුල් ජලය ලෙසත් ගැනේ. ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ බෙහොමයක්‌ ප්‍රදේශවල ජලය අධික කිවුල් ජලය හෝ කිවුල් ජලය වේ. මේ ප්‍රදේශ අතරට ඇඹිලිපිටිය, හම්බන්තොට, මොණරාගල, අනුරාධපුර, පොළොන්නරුව මෙන්ම යාපනය ද අයත් වේ. 

ජල භූ රසායන විද්‍යාවට අනුකූලව ජලයේ කිවුල හෝ කඨ§නත්වයට ප්‍රබලව බලපානුයේ Ca, Mg මූලද්‍රව්‍ය හා ඒවායේ කාබනේට බයිකාබනේට ප්‍රභේද පමණකි. එසේ ම ජලයේ කඨ§නතාව ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස්‌ වන්නේ නම් ඒ එහි ඇති තාවකාලික හෝ ස්‌ථිර කඨිනත්වය පමණකි. එනිසා කඨ§න ජලය හම්බන්තොටින් වේ වා පදවියෙන් වේ වා වෙනත් ප්‍රදේශයකින් වේ වා නියෑදි දෙකක්‌ ගත් කල ඒවායේ වෙනසක්‌ ඇති වන්නේ නම් ඒ Caල ඵට බයිකාබනේට හා කාබනේට සාන්ද්‍රණ පමණකි. 

දැන් අපි කැල්සියම් ආසනේට්‌ සංයෝගය පිළිබඳව විමසා බලමු. කැල්සියම් ආසනේට්‌ (Ca3(AsO4)2 යනු අධික විෂ සහිත සංයෝගයක්‌ බැව් සැබෑ ය. එහෙත් මේ ද්‍රව්‍යය ජලයේ ඉතා ම අඩුවෙන් ද්‍රවණය වන සංයෝගයකි. එය ජලයේ දිය කිරීම ඉතා අපහසු ය. මේ සංයෝගය මිනිසා විසින් කෘමිනාශක කෘෂි රසායන ද්‍රව්‍යයක්‌ ලෙසට භාවිත කොට ඇත. පසුව ලෙඩ් ආසනේට්‌ හා කැල්සියම් ආසනේට්‌වල විෂ ස්‌වභාවය හේතුවෙන් එවැනි අකාබනික ආසනික්‌ ප්‍රභේද කෘමිනාශක ලෙස භාවිත කිරීම අප රටේ ද ඇතුළුව නොයෙකුත් රටවල තහනම් කිරීමට ලක්‌ විය. කැල්සියම් ආසනේට්‌ ස්‌වාභාවිකව නිර්මාණය වේ නම් ජල භූ රසායනයට අනුව එය අතිශය වටිනා කාරණයකි. මන්ද යත් කැල්සියම් ආසනේට්‌වල අඩු ද්‍රdව්‍යතාව හේතුවෙන් ඒවා තැන්පත් වී ආසනික්‌ ජලයේ දිය වී තිබෙනවාට වඩා අඩු විෂ තත්ත්වයක්‌ එමගින් ඇති වන නිසා ය. මේ විද්‍යාත්මක ක්‍රමය හේතුකොට බටහිර රටවල් බොහොමයක්‌ ජලයෙන් ආසනික්‌ ඉවත් කිරීම සඳහා කැල්සියම් භාවිත කරනු දක්‌නට හැකි ය. 

අනෙක්‌ කාරණය වන්නේ කැල්සියම් ආසනේට්‌ හේතු කොට වකුගඩු රෝගී තත්ත්ව ඇති වීමේ සාක්‌ෂි සොයාගැනීමේ අපහසුතාවයි. සාමාන්‍යයෙන් ආසනික්‌ විෂ වීම් මගින් ඇති වනුයේ පිළිකා හටගැනීම් ය. ආසනික්‌ හා කැල්සියම් ආසනේට්‌වල දීර්ඝකාලීන විෂභාවය සෙවීම සඳහා ලෝකය පුරා කර ඇති පර්යේෂණ පත්‍රිකා බොහොමයක සඳහන් වනුයේ ද සමේ, අක්‌මාවේ පිළිකා තත්ත්වයන් ය. කැල්සියම් ආසනේට්‌ කෘෂි රසායන ද්‍රව්‍ය භාවිත කර නිපදවූ ආහාර මගින් කළ පර්යේෂණයක දී තහවුරු වී තිබුණේ ද එමගින් ඇති විය හැක්‌කේ සමේ පිළිකා තත්ත්වයන් බවයි. එහෙත් කැල්සියම් ආසනේට්‌ බීමෙන් පමණක්‌ වකුගඩු රෝගී තත්ත්ව ඇති විය හැකි බැව් පෙනී ගොස්‌ ඇත. 

විද්‍යාත්මක සත්‍යතාව සලකා බලන කල ආසනික්‌ අපේ ආහාරයේ ජලයේ දක්‌නට හැකි සංයෝගයකි. එහෙත් අප බිය විය යුතු වනුයේ එහි සාන්ද්‍රණය හෝ අප විසින් ලබා ගන්නා මාත්‍රාව අධික ලෙස ඉහළ නම් පමණකි. දැනට පවත්නා විද්‍යාත්මක සාධක සලකා බලන කල අපට බිය විය යුතු තත්වයක්‌ උදා වී නැත. එසේ ආසනික්‌ පස සමග මිශ්‍ර වී ඇත්නම් කන්න දෙකක්‌ පළිබෝධ නාශක නොමැති ව වගා කිරීමෙන් ප්‍රශ්නය නිරාකරණය වන්නේ ද නැත. බැර ලෝහ පරිසරයේ බොහෝ කල් රඳා පවතින බැවින් එලෙස කන්න දෙකක්‌ වගා නො කර සිටීමෙන් හෝ පළිබෝධනාශක නො යෙදීමෙන් ප්‍රශ්නය නො විසඳේ. 

අප පානය කරන ජලයේ ද ආසනික්‌ හමු වේ. ඒ අංශු මාත්‍ර ප්‍රමාණයකිනි. ලීටරයකට මයික්‍රොග්‍රෑම් 1-5ත් අතර ප්‍රමාණයකින් ආසනික්‌ ජලයේ දක්‌නට ලැබීම සාමාන්‍ය ය. ශ්‍රී ලංකාවේ උණු වතුර ළිං ජලයේ ද ආසනික වැඩි වශයෙන් දක්‌නට හැකි ය. ශ්‍රී ලංකාවේ සහල්වල ද ආසනික්‌ ඉතා සුළු වශයෙන් දක්‌නට තිබේ. එම අගයන් ද ලෝකයේ අනෙකුත් සහල් නිපදවන රටවල් හා සැසැඳීමේ දී අඩු ප්‍රමාණයකි. අන්තර්ජාතික පර්යේෂණ පත්‍රිකාවල සඳහන් ආකාරයට ශ්‍රී ලංකාවේ සහල්වල ආසනික්‌ පවතින සාමාන්‍ය අගය 0.2 mg/kg පමණ වේ. මේ තත්ත්වය ශරීරයට හානිදායක නො වන ප්‍රමාණයක්‌ බැව් විද්‍යාත්මකව සනාථ කර ඇත. 

ආචාර්ය මෙත්තිකා විතානගේ 
මූලික අධ්‍යයන ආයතනය
මහනුවර.


සිංහල බෞද්ධ විද්‍යාවකට විරුද්ධ කැලණි මහැදුරෝ

21 JULY 2011 8:00


කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨයේ පීඨාධිපති මහචාර්ය නලින් ද සිල්වා

මේ ඉතා ම අසිරිමත් කාලයකි. අප අවුරුදු විසි පහකට වැඩි කාලයක්‌ තිස්‌සේ සාකච්ඡා කළ ඇතැම් කරුණු තවදුරටත් නො සලකා හැරීමට පඬියන්ට නොහැකි වී ඇත. ඔවුහු විවිධ ප්‍රකාශ කරති. විවිධ ප්‍රකාශන ජනමාධ්‍යවලට නිකුත් කරති. මහැදුරෝ අපට විරුද්ධව කැලණිය විශ්වවිද්‍යාලයයේ උපකුලපතිතුමාට ලිපි යවති. ඒ මගින් ඔවුන් ඉල්ලා සිටින්නේ කුමක්‌ ද යන්න පැහැදිලි ය. කඩි ගුලක්‌ ඇවිස්‌සූ කලක මෙන් පඬියන් ක්‍රියා කරන්නේ ඇයි?

ඉතා පැහැදිලිව බටහිර විද්‍යාවේ ආධිපත්‍යයට දැනෙන තරමට පහර වැදී ඇත. බටහිර විද්‍යාවට හා ඒ මත යෑපෙන අනෙක්‌ බටහිර දැනුම් පද්ධතිවලට තවදුරටත් ඉවසා සිටිය නො හැකි ය. නාථ දේවාලවල කපු මහතුන් කෙසේ වෙතත් බටහිර දැනුමේ කපුවෝ පරළ වී දුවති, පනිති. මෙහෙමත් පහරක්‌ මෙතරම් ඉක්‌මනින් සිංහල බුද්ධාගමෙන් බටහිර යුදෙව් ක්‍රිස්‌තියානි විද්‍යාවට වැදේ වි යෑයි ඔවුන් සිහිනෙන් වත් සිතන්නට නැත. සිංහල බෞද්ධ සංස්‌කෘතිය මත පදනම් වූ දැනුමක්‌ රජරට වකුගඩු රෝගය පිළිබඳව නිර්මාණය කරගැනීමට හැකි වීම අද බටහිර විද්‍යාඥයන්ට දිරවාගත නොහැකි ය. ඔවුන් ගේ ආධිපත්‍යය බිඳ වැටීම ඇරඹී ඇති බව ඔවුන්ට වැටහෙනු නොඅනුමාන ය. 

මේ අසිරිමත් කාලයක්‌ නිසා ම පිළිවෙළකට ලිපි ලිවීමේ අපහසුතාවක්‌ වෙයි. අපි ගිය සතියේ ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ ප්‍රකාශයකට පිළිතුරු ලිවීම ඇරඹුවෙමු. එහෙත් එය මේ සතියේ අත්හිටුවීමට සිදු වී ඇත. ලබන සතියේ එය නැවතත් ලිවීමට බලාපොරොත්තු වෙමි. එයට හේතුව කැලණිය විශ්වවිද්‍යාලයයේ විද්‍යා පීඨයේ ආචාර්යවරුන් පිරිසක්‌ (ඔවුන් අතර ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන් හා මහාචාර්යවරියන් ද සිටින බව පැවසිය යුත්තේ එසේ නො කළ හොත් ඇතැමුන්ට එය මදිපුංචිකමක්‌ වීමට ඉඩ ඇති බැවිනි. මේ ඊනියා විදග්ධයන්ට කිසි විටෙක වත් එසේ මදිපුංචිකමක්‌ නො කළ යුතු ය.) තමන් එම විශ්වවිද්‍යාලයයේ උපකුලපතිතුමාට යෑවූ ලිපියක්‌ ජනමාධ්‍යයට ද නිකුත් කෙරී පසුගිය 13 වැනි දා විදුසර පුවත්පතේ පළ වූ බැවින් එයට පිළිතුරක්‌ ලිවීමට සිදු වීම ය.

එහෙත් එයට කලින් "සරසවියෙන් පිටමං වී යනු මුරුගා" යන මැයෙන් ලියෑවී ඇති ලිපියට ද පිළිතුරක්‌ දිය යුතු ය. මේ ලිපියේ මුරුගා යනුවෙන් කියෑවෙන්නේ කවුද යන්න පැහැදිලි නැත. මුරුගා කවුරුන් වුවත් එනමින් මෙහි දී සංකේතවත් වන්නේ නාථ දෙවියන් විය හැකි ය. කොටන්දෙනිය මහතා පමණක්‌ නො ව ගීත රචක මහාචාර්යවරුන් ද පිටමං කිරීමට සූදානම් වන්නේ මිථ්‍යා ලෙස හැඳින්වෙන බෞද්ධයන් ගේ හෝ හින්දුන් ගේ හෝ දෙවියන් මිස ක්‍රිස්‌තියානි කතෝලික යුදෙව් ඉස්‌ලාම් දෙවියන් නො වේ. ඒ පසුව කී ආගම්වල ඇත්තේ විවිධ ස්‌වරූප ගත්ත ද එක ම දෙවි කෙනෙකි. මේ දෙවියන් පළවා හැරීමට කිසි ම භෞතිකවාදියකු, හේතුවාදියකු, මහාචාර්යවරයකු උත්සාහ නො ගන්නේ ඒ දෙවියන් මිථ්‍යාවන් නො වන බැවින් ද? මේ ඊනියා යථාර්ථවාදීන්ට අවශ්‍ය දැන හෝ නො දැන හෝ හින්දු බෞද්ධ දෙවිවරුන් පන්නා දමා යෙහෝවා-අල්ලා දෙවියන් තව තවත් ස්‌ථාපිත කිරීම ය. 

බටහිර විද්‍යාව යනු යුදෙව් ක්‍රිස්‌තියානි සංස්‌කෘතිය පසුබිම් කරගත් විද්‍යාවකි. රුවන් සිල්වා මහතා සඳහන් කර ඇති ආකාරයට නිව්ටන් විද්වතාට අවශ්‍ය වූයේ යුදෙව් ක්‍රිස්‌තියානි දෙවියන් විසින් මවන ලද ලෝකය දැන ගැනීමට ය. මුළු මහත් බටහිර විද්‍යාව ම පරණ තෙස්‌තමේන්තුවේ උත්පත්ති කතාවෙහි (Genesis) අඩංගු වෙයි. සමාජ විද්‍යාව, මාක්‌ස්‌වාදය ආදිය පරණ තෙස්‌තමේන්තුවේ නික්‌ම යැම (Exodus) යන්නෙහි දැකගත හැකි ය. මේ යෙහෝවා දෙවියන් පදනම් කරගත් බටහිර විද්‍යාවට එරෙහි ව අප කරන අරගලය හමුවේ මාක්‌ස්‌වාදීහු ද ධනවාදීහු ද එකසේ බිය වී සිටිති. ඊනියා යථාර්ථයේ පදනමේ ඇත්තේ මේ ලෝක නිර්මාපක දෙවියන් ය. අද බටහිර විද්‍යාව මහ ඉහළින් කතා කරන මහා පිපිරුම යනු එක්‌ මොහොතක සිදු වන විශ්ව නිර්මාණය මිස අනෙකක්‌ නො වේ. මෝසස්‌ ගේ පොරොන්දු දේශය හා මාක්‌ස්‌ ගේ සමාජවාදය යනු හරය වශයෙන් ගත් කල දෙකක්‌ නො ව එකකි. විශ්වය යම් දිනක නිර්මාණය වූවක්‌ නො ව අගක්‌ මුලක්‌ නැති විකාශයක්‌ සහිත වූවක්‌ ලෙස බෞද්ධයෝ පිළිගනිති. 

යක්‍ෂ, දේව සංකල්ප ප්‍රකෘතිය තේරුම් ගැනීමට නොහැකි වුවන් ගේ ප්‍රාථමික ගණයේ විශ්වාස යෑයි කොටන්දෙනිය මහතා දන්නේ කෙසේ ද? ඒ වත්මන් බටහිර යුදෙව් ක්‍රිස්‌තියානි දැනුමෙහි යෙහෝවා නො වන අනෙක්‌ දෙවියන් ගැන කියෑවෙන කතාවකි. බටහිරයන්ටත් බයිබලයටත් අවශ්‍ය යෙහෝවා දෙවියන් පමණක්‌ තබාගෙන අනෙක්‌ සියලු දෙවියන් නැති කිරීම ය. කොටන්දෙනිය මහතා ඊනියා යථාර්ථවාදී බෞද්ධයකු විය හැකි ය. බුදුන් වහන්සේ ද දෙවියන්, පෙරේතයන් ආදීන් ගැන දේශනා කර ඇත්තේ ඊනියා ප්‍රකෘතියක්‌ තේරුම් ගැනීමට නොහැකි ව ද? විශ්වයේ ප්‍රාණීන් ලෙස ඇත්තේ දෘශ්‍යමාන මිනිසුන් හා තිරිසනුන් පමණක්‌ යෑයි කොටන්දෙනිය මහතා විශ්වාස කරන බවක්‌ පෙනෙයි. එය විශ්වාසයක්‌ නො ව ඊනියා යථාර්ථයක්‌ යෑයි කිසියම් වූ යථාර්ථවාදියකුට පෙන්වා දිය හැකි ද? මා පසුගිය සති කිහිපයේ විදුසර පුවත්පතට ලියූ ලිපි කියෑවී නම් කොටන්දෙනිය මහතාට කසිකබල් භෞතිකවාදය (ද්‍රව්‍යවාදය) යනු කුමක්‌ දැයි දැනගැනීමට තිබිණි. ඊනියා භෞතිකවාදය යනු විඥානවාදයක්‌ පමණක්‌ බව ඒ ලිපිවල පැහැදිලි කෙරී ඇත. කිසියම් කසිකබල් මාක්‌ස්‌වාදී ගුරුකුලයකින් දැනගන්නා ලදැයි සිතිය හැකි විඥානවාදය වැනි වචන ටිකක්‌ කට ගා ගත් පමණින් කොටන්දෙනිය මහතාට බෞද්ධ දෙවියන් ගේ පැවැත්ම නැතැයි කිව නොහැකි ය. බුදුන්වහන්සේ ගෙන් ධර්මය ඇසූ දෙවියන්, උන්වහන්සේ ගේ මනෝභ්‍රාන්තීන් ද? කොටන්දෙනිය මහතා වැන්නන්ට ප්‍රශ්නය වී ඇත්තේ සිත යනු කුමක්‌ දැයි යම්තමින් වත් තේරුම්ගත නොහැකි වීම ය. සිත ද ඊනියා භෞතිකයට ම ඌනනය කළ හැකි යෑයි ඌනිතවාදීහු සිතති. ඌනිතවාදයට මරු පහරක්‌ ගඩිල් ප්‍රමේයයෙන් වුව ද එල්ල වන බව කොටන්දෙනිය මහතා නො දන්නා සේ ය. 

භාවනාවෙන් මොළයේ පමණක්‌ නො ව හෝමෝනවල ද වෙනත් තැන්වල ද යම් යම් වෙනස්‌කම් ඇති කළ හැකි ය. එහෙත් කොටන්දෙනිය මහතා වැන්නන් නො දන්නා කරුණ නම් මොළය යනු සිත නො වන බව ය. සිත මොළයට ඌනනය කිරීමට තැත් කිරීම බටහිර ඌනිතවාදී මනෝ විශ්ලේෂකයන්, මනෝ වෛද්‍යවරුන් ආදීන් ගේ තවත් අසාර්ථක වූ මනෝමය ව්‍යාපෘතියක්‌ පමණ ය. කොටන්දෙනිය මහතා ගේ මනෝ භ්‍රාන්තිවලට අනුව නිවන ද මනෝ භ්‍රාන්තියක්‌ වෙයි. කොටන්දෙනිය මහතා කරුණු කොතනින් අහුලාගත්ත ද බටහිර විද්‍යාවට අවශ්‍ය, නිවන ද තවත් මනෝභ්‍රාන්තියක්‌ බවට පත් කිරීම බව නම් පැහැදිලි ය. 

කැලණිය විශ්වවිද්‍යාලයයේ ඇතැම් අචාර්යවරුන්ට ද අවශ්‍ය මතු බුදු වන නාථ දෙවියන් හා විපස්‌සක දෙවියන් වැනි සම්‍යක්‌දෘෂ්ටික දෙවිවරුන් පන්නා දමා යුදෙව් ක්‍රිස්‌තියානි යෙහෝවා දෙවියන් ගේ විද්‍යාව (බටහිර විද්‍යාව) ඒ දෙවියන් ද සමගින් 

රැකගැනීම ය. අද කැලණියේ ද ලිබරල්වාදීහු හා මාක්‌ස්‌වාදීහු බෞද්ධයනට එරෙහි ව අත්වැල් බැඳගෙන සිටිති. මොවුන් නිව්ටන් ගේ යුදෙව් ක්‍රිස්‌තියානි දේවවාදී විද්‍යාව ආරක්‍ෂා කරන අතර මතු බුදු වන මෛත්‍රී බෝසතාණන්වහන්සේ ගේ (නාථ දෙවියන්) හා විපස්‌සක දෙවියන් ගේ විද්‍යාව ප්‍රතික්‍ෂෙප කරති. මොවුන් ඇතමකු විද්‍යාලංකාර යන නමට අකැමැති ය. ඔවුහු විද්‍යාලංකාරයේ බෞද්ධ උරුමය මකා දැමීමට කටයුතු කරති. 

අපට එරෙහි ව චෝදනා සහිත ලිපිය උපකුලපතිතුමාට යෑවූ ඊනියා බුද්ධිමත්තු 1967 බිහි වූ විද්‍යා පීඨය වසර පනහකට අධික කාලයක්‌ තිස්‌සේ ඉමහත් පරිශ්‍රමයෙන් ගොඩනඟාගත් කීර්ති නාමයක්‌ පිළිබඳව සඳහන් කරති. 1967 දී බිහි වී නම්, විද්‍යා පීඨයට තවමත් වසර පනහක්‌ ගෙවී නැති බව විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් පමණක්‌ නො ව පාසල් සිසුහු ද දනිති. එහෙත් ඇතැම් මහාචාර්යවරුන් ඒ බව නො දන්නා බව ඔවුන් ගේ නිවේදනයෙන් (ලිපියෙන්) පැහැදිලි වෙයි. අනෙක්‌ අතට මේ ගොඩනඟා ගත්තේ යයි කියන කීර්තිය කුමක්‌ ද? මේ අය ගෙන් එක්‌ අයෙක්‌ වත් ඔවුන් ඉතා උසස්‌ ලෙස සලකන නේචර් සඟරාවේ හෝ සයන්ස්‌ සඟරාවේ හෝ පත්‍රිකා පළ කර ඇත් ද? ඔවුන් බිහි කර ඇති නව සංකල්පයක්‌, ප්‍රවාදයක්‌, ප්‍රමේයයක්‌ වේ ද? මේ විද්‍යාඥයෝ හුදෙක්‌ තාක්‍ෂණික ශිල්පීහු පමණක්‌ වෙති. ඔවුන් දන්නේ සූපශාස්‌ත්‍ර විද්‍යාවකි. බටහිර පොතට අනුව අම්ලයක්‌, භෂ්මයක්‌ එකතු කිරීම, යම් උෂ්ණත්වයකට රත් කිරීම ආදිය හැරෙන්නට ඔවුන් දන්නා විද්‍යාත්මත විධික්‍රමය කුමක්‌ ද? ඊනියා සාම්‍ය සමාලෝචනය ගැන මනෝඡ් රත්නායක මහතා ජූලි 13 වැනි දා විදුසරට ලියා ඇති ලිපිය කියවීමෙන් ඔවුන්ට බොහෝ දේ ඉගෙන ගත හැකි ය. නේචර්, සයන්ස්‌ යන ප්‍රධාන සඟරාවල පළ වන පත්‍රිකාවලින් ද සියයට තිහක්‌ පමණ අවුරුදු කිහිපයක දී වැරැදි යෑයි නිගමනය වන බව ඔවුහු නො දනිති. අනෙක්‌ අතට ඊනියා විද්‍යා පර්යේෂණ ප්‍රතිඵල විද්‍යා සඟරාවක පළ කළ යුතු බවට නීතියක්‌ ඇත්තේ කොහේ ද? අද මේ ඇදුරන් හා මහැදුරන් තැත් කරන්නේ කැලණිය සරසවියට ලැබිය යුතු ගෞරවය නැති කිරීමට ය. 

මා බටහිර විද්‍යාත්මක ක්‍රමයට අභියෝග කරන්නේ අද ඊයේ නො ව අවුරුදු විසි පහක පමණ කාලයක සිට ය. ඒ බව කැලණිය විශ්වවිද්‍යාලයයේ විද්‍යා පීඨයේ ආචාර්යවරුන් නො දැන සිටියේ නම් එයට හේතුව ඔවුන් ගේ මුග්ධකම ය. ඊනියා විද්‍යාත්මක විධික්‍රමයක්‌ ලෝකයේ නැති බවත් එය හුදෙක්‌ බටහිර විද්‍යාව දැනුම් පද්ධතියක්‌ ලෙස අනෙක්‌ දැනුම් පද්ධතීන්ට වඩා උසස්‌ ය, නිවැරදි ය සත්‍යයට ආසන්න ය ආදී බේගල් පතුරවා ලෝකයට ම තම මතය බලයෙන් දීමට යොදාගන්නා ආයුධයක්‌ පමණක්‌ බවත් මා ප්‍රකාශ කර ඇත්තේ වරක්‌ දෙවරක්‌ නො වේ. බටහිර විද්‍යාව ඇත්ත ද බොරු ද යන්නක්‌ එයින් නො කියෑවෙයි. බටහිර විද්‍යාව ද තවත් දැනුම් පද්ධතියක්‌ පමණක්‌ බවත් බටහිර විද්‍යාඥයන් කරන්නේ ද අනෙක්‌ බොහෝ අය මෙන් ම ප්‍රශ්නවලට පිළිතුරු ලෙස සංගත කතන්දර ගෙතීම (විද්‍යා කතන්දර පොත කියවන්න) පමණක්‌ බවත් අප ප්‍රකාශ කර ඇත. බටහිර විද්‍යාව අනෙක්‌ දැනුම් පද්ධතීන් ගෙන් වෙනස්‌ වන්නේ එය පදනම් වූ සංක්‌කෘතියෙන් හා චින්තනයෙනි. බටහිර විද්‍යාව යුදෙව් ක්‍රිස්‌තියානි සංස්‌කෘතිය හා ග්‍රීක යුදෙව් ක්‍රිස්‌තියානි වින්නතය මත පදනම් වෙයි. අපේ විද්‍යාව සිංහල බෞද්ධ සංස්‌කෘතිය හා චින්තනය මත පදනම් වෙයි. 

කැලණිය විශ්වවිද්‍යාලයයේ විද්‍යා පීඨයේ ඇතැම් ගුරුවරුන් නමින් බෞද්ධ වුවත් සිංහල බෞද්ධ විද්‍යාවක්‌ බිහි කිරීමට විරුද්ධ වෙති. ඔවුහු විද්‍යාලංකාර නාමයට ද ඒ සම්ප්‍රදායට ද විරුද්ධ වෙති. නො සංසිඳෙන භීනමානයක්‌ ඇති මොවුන්ට අවශ්‍ය බටහිර ජීවන ක්‍රමය අනුකරණය කරමින් අබෞද්ධ මාවතකට විද්‍යාලංකාරය ඇද දැමීම ය. අපි එයට මහා විහාරයේ, අභයගිරියේ හා මෙරට සිංහල බෞද්ධ ජනතාව ගේ නාමයෙන් ඉඩ නො දෙමු. මොවුන් අද කැලණිය විශ්වවිද්‍යාලයයේ උපකුලපතිතුමාට පැමිණිලි කරන්නේ අපට විරුද්ධව දඬුවම් කරවීමට ය. ඔවුන් කෙතරම් කුහකයන් දැයි කිව හොත් අපේ පර්යේෂණ ප්‍රතිඵල පුවත්පත්වලට නිකුත් කිරීම ගැන චෝදනා කරමින් අපට විරුද්ධ ව උපකුලපතිතුමාට ඉදිරිපත් කර ඇති චෝදනා පත්‍රය ජනමාධ්‍යයට නිකුත් කිරීමට පියවර ගෙන ඇත. 

අද පොදු මහජනතාව කැලණිය විශ්වවිද්‍යාලය කෙරෙහි ඇති කරගෙන ඇත්තේ ගෞරවණීය ආකල්පයකි. පළමු වරට සුද්දා ගේ පොතට අනුව පරිධියේ බෙලෙක්‌ තහඩුවලට තට්‌ටු කරන කසිකබල් සූපශාස්‌ත්‍ර පර්යේෂණ නො ව සුද්දා ගේ පොතේ නැති එහෙත් විපස්‌සක දෙවියන් දෙන හෝඩුවා අනුව කෙරෙන ගවේෂණයක අපි නිරත වෙමු. විපස්‌සක දෙවියෝ මේ අඳ බාලයන්ට පමණක්‌ නො ව ආකිමිඩීස්‌, නිව්ටන්, අයින්ස්‌ටයින් ආදීන්ට ද වඩා කල්ප ලක්‍ෂ ගණනකින් ඉදිරියෙන් සිටිති. අපි අපේ වැඩ පටන් ගත්තා පමණක්‌ බව ඊනියා විද්‍යාත්මක අඳබාලයන්ට දැනුම් දෙමු. 
 මහචාර්ය නලින් ද සිල්වා


ශ්‍රී ලංකාවේ කෘෂි රසායන සමාගම් බහුතරයක එකමුතුවේ (ක්‍රොප්ලයිෆ් ශ්‍රී ලංකා)පැහැදිලි කිරීමටත් සවන් දෙමු

21 JULY 2011 8:00

ශ්‍රී ලංකාවට කෘෂි රසායන ගෙන්වන සමාගම් 16ක්‌ සහ නියොජිත සමාගම් කිහිපයක්‌ ඇතුළු සමාගම් 26කින් සැදුම් ලත් ක්‍රොප්ලයිෆ් ශ්‍රී ලංකා සංවිධානය විසින් ආසනික්‌ අර්බුදය සම්බන්ධයෙන් මහජනතාව වෙත, තම පාර්ශ්වයට පැවසීමට ඇති කරුණු පැහැදිලි කෙරෙන මාධ්‍ය හමුවක්‌ ඉකුත් සතියේ පවත්වන්නට යෙදිණි. ප්‍රජාතන්ත්‍රවාදී රටක පැන නඟින ප්‍රශ්නයක දී අදහස්‌ පළ කිරීමේ අවස්‌ථාව ඊට සම්බන්ධ දෙපැත්තට ම තිබීම සුදුසු බව ඉතා කාරුණිකව සැලකිල්ලට ගනිමින් සිය අදහස්‌ ද මහජනතාව වෙත ගෙන යන මෙන් මෙකී සංවිධානයේ නියෝජිතයන් විසින් මාධ්‍යවේදීන් ගෙන් ඉල්ලා සිටින ලදි. එහි දී ක්‍රොප්ලයිෆ් සංවිධානයේ ආරක්‌ෂාකාරී භාවිතය පිළිබඳ කමිටුවේ සහ මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් කටයුතු කරන කමිටුවේ සභාපති රෝහිත නානායක්‌කාර මහතා කළ පැහැදිලි කිරීමෙන් උපුටාගත් කරුණු මේ ලිපියෙහි අන්තර්ගත වේ. 

ලෝකයේ භාවිත වන බොහෝ පළිබෝධනාශක ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් නියම කරන ලද ප්‍රමිතීන්ට අනුකුලව තමයි නිෂ්පාදනය කෙරෙන්නෙ.

සියලු ම පළිබෝධනාශක 1980 අංක 33 දරන පළිබෝධනාශක පනත සහ 1994 සංශෝධිත අංක 6 දරන පනතට අනුකූලව තමයි ශ්‍රී ලංකාවට ආනයනය කරන්නෙ. මේ සියලු ම පළිබෝධනාශක සඳහා ලියාපදිංචියෙන් පසු සහතිකයක්‌ ලබා දෙනවා. ඒ බොහෝ විට නැවත දීර්ඝ කිරීමේ අවශ්‍යතාව මත අවුරුදු 3ක කාලයක්‌ සඳහා.

ලියාපදිංචි කරන ලද පළිබෝධනාශකයක්‌ වුණත් ශ්‍රී ලංකාවට නැවත ගෙන්වන සැම අවස්‌ථාවක ම ඒ සඳහා පළිබෝධනාශක රෙජිස්‌ට්‍රාර්වරයා ගේ අනුමැතියත් ආනයන පාලකවරයා ගේ අනුමැතියත් ලබාගත යුතුයි.

ගෙන්වන ලද සැම පළිබෝධනාශකයක ම නියෑදියක්‌ අලෙවි කිරීමට පෙර පළිබෝධනාශක රෙජිස්‌ට්‍රාර්වරයා වෙත සැම බහාලුමකින් ම සැම අවස්‌ථාවක ම යවන්න ඕන, සක්‍රිය ද්‍රව්‍ය සහ ස්‌ථායිතාව පරීක්‌ෂා කර බැලීම සඳහා. ඒ පිළිබඳ ප්‍රතිඵල සහතික ලැබෙන තුරු පළිබෝධනාශක ගෙන්වන සමාගම්වලට අයිතියක්‌ නැහැ මේ පළිබෝධනාශක අලෙවි කරන්නට. 

ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් නියම කරල තියෙන විෂභාවය අනුව පළිබෝධනාශක විශේෂයෙන් ම කාණ්‌ඩ 4කට බෙදල තියෙනව. රතු වර්ණයෙන් (පළිබෝධනාශක ලේබලයෙත් මෙය දාරයක සටහන් වනවා) දැක්‌වෙන්නෙ අධික විෂ සහිත පළිබෝධනාශක. ඒකෙ කාණ්‌ඩ 2 ක්‌ තියෙනව 1A සහ 1B කියල. ඊළඟට මධ්‍යම ප්‍රමාණයේ විෂ සහිත පළිබෝධනාශක කහ පාටිනුත් සාමාන්‍ය වශයෙන් විෂ සහිත පළිබෝධනාශක නිල් පාටිනුත් ඉතා ම අඩු විෂ සහිත පළිබෝධනාශක කොළ පාටිනුත් සලකුණු කරනව.

විශේෂයෙන් සඳහන් කරන්න ඕන ලංකාවෙ 1A සහ 1B කියන කාණ්‌ඩ දෙකේ ම එක ම පළිබෝධනාශකයක්‌ වත් වෙළෙඳපොළේ අලෙවියට නැහැ කියන එක. ඒ එක්‌කම මතක්‌ කරන්න ඕන අපේ අවට රටවල් වන ඉන්දියාවෙ, පකිස්‌තානයෙ සහ වඩාත් දියුණු රටක්‌ වන චීනයෙ පවා තවමත් මෙ 1A සහ 1B කාණ්‌ඩවලට අයත් පළිබෝධනාශක ගොවිමහත්වරුන් ගේ භාවිතය සඳහා තියෙනව.

ආසනික්‌ සහ රසදිය සක්‍රිය ද්‍රව්‍ය ලෙස අඩංගු පළිබෝධනාශක ශ්‍රී ලංකාවට ගෙන්වීම 2001 ජූනි 6 දින දරන ගැසට්‌ පත්‍රය මගින් තහනම් කරල තියෙනව. 

පළිබෝධනාශක කර්මාන්තයට වරින් වර නොයෙකුත් චෝදනා එල්ල වෙනවා. ඒත් ලෝකෙ මිනිසුන් ගෙ ජීවිත ගලවා ගැනීමටත් පළිබෝධනාශක ම උපකාරි වන අවස්‌ථා තිබෙනවා. උදාහරණයක්‌ ලෙස මැලේරියා මදුරුවා පාලනයට පළිබෝධනාශක ඉසීම දක්‌වන්නට පුළුවන්. 

ලෝකයේ ඒ ඒ කර්මාන්ත ගත්තොත් වැඩියෙන් ම පර්යේෂණ සහ සංවර්ධන කටයුතු සඳහා මුදලක්‌ වැය කරන්නෙ ඖෂධ කර්මාන්තයෙ දි. එහි අංක දෙක ස්‌ථානය හිමි වන්නේ පළිබෝධනාශක කර්මාන්තයටයි. ඒ අනුව නව නිෂ්පාදනයක්‌ එළිදැක්‌වීමට පෙර වසර 10ක්‌ පමණ නොයෙක්‌ පර්යේෂණ කටයුතු සිදු කෙරෙනවා. එක්‌ පළිබෝධනාශකයක්‌ හඳුන්වා දීමට පෙර වසර 10 ක්‌ තිස්‌සේ කරන පර්යේෂණ කටයුතු සඳහා වැය කරන මුදල ආසන්න වශයෙන් ඩොලර් මිලියන 256 ක්‌. එයින් සියයට 32 ක්‌ ම වැය වන්නේ පරිසරයට හා මනුෂ්‍යයන්ට සිදු වන විෂභාවයට (Toxicology) අදාළ පර්යේෂණ කටයුතු සඳහායි.

අප අවට රටවල් කිසිවක පළිබෝධනාශකයක්‌ ලියාපදිංචි කිරීම සඳහා අප රටේ තරම් තදබල විධිවිධාන ක්‍රියාත්මක නො වන බව කිව යුතුයි.

මේ විදියට වසර 3ක විතර කාලයකින් පසු තමයි පළිබෝධනාශකයක්‌ අලුතෙන් ලියාපදිංචි කිරීම සඳහා අනුමැතිය හිමි වන්නේ.
මෙරට පළිබෝධනාශකයක්‌ ලියාපදිංචි කිරීමේ ක්‍රියාපටිපාටිය :

* පළිබෝධනාශකයක්‌ ගෙන්වීමට පෙර එහි තොරතුරු පළිබෝධනාශක රෙජිස්‌ට්‍රාර්වරයාට සැපයිය යුතු ය.

* එම තොරතුරු මෙරටට ගැලපේ නම් පළමුව නියෑදියක්‌ පමණක්‌ ගෙන්වීමට රෙජිස්‌ට්‍රාර්වරයා ගෙන් අවසර ලැබෙයි.

* රටපුරා පිහිටි කෘෂිකර්ම පර්යේෂණ මධ්‍යස්‌ථානවල දී එක ම අවස්‌ථාවේ මේවා යොදා අත්හදාබැලීම් සිදු කිරීම. මෙසේ කන්න දෙකක්‌ පරීක්‌ෂා කිරීමෙන් පසු එහි යම් සාර්ථකත්වයක්‌ ඇත්නම් මේවා වගා ක්‌ෂේත්‍රවල දී ද කන්න දෙකක්‌ අත්හදා බලනු ලැබේ. වසරකට කන්න දෙක බැගින් මේ අත්හදා බැලීම් සඳහා වසර 2ක කාලයක්‌ ගත වේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අනුමැතිය අදාළ නිෂ්පාදනයට හිමි වන්නේ ඉන් පසුව ය. 

* එම අනුමැතිය ලද පසු සමාගම් පළිබෝධනාශක රෙජිස්‌ට්‍රාර්වරයාට එම නිෂ්පාදනය පිළිබඳ දත්ත ඇතුළත් ලිපිලේඛන මිටියක්‌ ම සකසා භාර දිය යුතු අතර (එම ලිපි ලේඛන ප්‍රමාණය කොපමණ ද යත් ඒවා එක මිටියට ගොඩගැසූ විට අඩියක්‌ පමණ උස ය) විෂභාවය අළලා සිදු කරන ලද පර්යේෂණ රාශියක තොරතුරු ඊට ඇතුළත් ය. 
 

ඔබේ ජනප්‍රිය මාතෘකාව - ආසනික්‌

ආසනික්‌ ගැන අපට කියන්න තියෙන්නෙ මේක ලෝකයේ 20 වැනි තැනට සුලබ ම මූලද්‍රව්‍යය. වතුරෙ, පසේ, මනුෂ්‍ය ශරීරයේ (ඔබේ කෙස්‌ගසක පවා) ආසනික්‌ තියෙනව. ඒ කියන්නෙ මේක අමුතුවෙන් ගෙනල්ල දාපු දෙයක්‌ නෙමෙයි. 

ඉතා පැහැදිලිව අප කියනවා 2001 ගැසට්‌ නිවේදනයේ පරිදි සක්‍රිය ද්‍රව්‍ය ලෙස ආසනික්‌ ගෙන්වීම තහනම්. අදටත් කිසි ම සමාගමක්‌ මගින් ආසනික්‌ සක්‍රිය ලෙස (පළිබෝධ මර්දනය පිණිස ක්‍රියාකාරීව දායක වන) පවතින පළිබෝධනාශක ගෙන්වලා නැහැ. එහෙම පළිබෝධනාශක 2001ට පෙර කාලෙ තිබුණ.

ආසනික්‌ ප්‍රමාණය සහ පැළෑටියක්‌ මගින් උරාගැනීම පසේ ආසනික්‌ සාන්ද්‍රණය සහ ජලය මත ර¹ පවතිනව. සාමාන්‍යයෙන් අනෙකුත් පැළෑටිවලට වැඩිය වී පැළෑටියට ආසනික්‌ උරාගැනීමේ වැඩි හැකියාවක්‌ තිබෙනවා. යම් ආසනික්‌ ප්‍රමාණයක්‌ උරාගත්තත් වී ඇටයට යන්න පුළුවන් ඉතා ම කුඩා ප්‍රමාණයක්‌

ඒ වගේ ම හාල්වල උපරිම ආසනික්‌ ප්‍රමාණයක්‌ ලෝක සෞඛ්‍ය සංවිධානය හෝ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය පනවල නැහැ. නමුත් ස්‌වභාවයේ ආසනික්‌ සුලබව පවතින රටවල වීවල පැවතිය හැකි ආසනික්‌ ප්‍රමාණය බිලියනයට කොටස්‌ 80-200 අතර විය යුතු බව දක්‌වා තිබෙනව. චීනයේ පමණක්‌ එය බිලියනයට කොටස්‌ 150ක්‌ හැටියට නියම කරල තියෙනව.

අපි ක්‍රියාත්මක වන 1980 අංක 33 දරන පනත අනුව පළිබෝධනාශක පිළිබඳ යම් ප්‍රශ්නයක්‌ පැනනැඟුණු අවස්‌ථාවල දී ඊට අදාළ පරීක්‌ෂණ සිදු කරවාගැනීමට පළිබෝධනාශක රෙජිස්‌ට්‍රාර්වරයාට බලය තියෙන්නෙ කාර්මික තාක්‌ෂණ ආයතනයෙන් සහ රජයේ රස පරීක්‌ෂකවරයා වෙතින්. ඒ අනුවයි මේ ප්‍රශ්නයේ දිත් කටයුතු කෙරුණේ.

මුලින් පරීක්‌ෂාවෙන් ලැබුණු ප්‍රතිඵලය වුණේ පළිබෝධනාශක 3ක පමණක්‌ ක්‌ෂුද්‍ර වශයෙන් ආසනික්‌ අඩංගු වන බව. ඉන් පසුව 9ක්‌ වුණේ කොහොම ද කියල පැහැදිලි කළොත්, වෙළෙඳ නම් නිසා තමයි 9ක්‌ වෙලා තියෙන්නෙ. එක සංයෝගයක වෙළෙඳ නම් 5ක්‌ සහ තවත් එකක වෙළෙඳ නම් 2ක්‌ ආදී වශයෙන් තමයි 9ක්‌ හැදිල තියෙන්නෙ. එහෙම නැති ව විවිධ රසායනික වර්ග 9ක නෙමෙයි. හැම කර්මාන්තෙක ම තියෙන විදියට එක ම ද්‍රව්‍යය විවිධ වෙළෙඳ නම්වලින් අපේ කර්මාන්තයෙ දිත් හඳුන්වනව. ඒකයි මේ 9ක කතාවක්‌ පසුව ආවෙ. අපට මේ වන විට නිල වශයෙන් ලැබිල තියෙන්නෙ මුලින් ම කළ පරීක්‌ෂාවෙ ප්‍රතිඵල විතරයි. ඒ සියලු රසායන ද්‍රව්‍යවල බිලියනයකට කොටස්‌ 500කට අඩුවෙන් තමයි ආසනික්‌ අඩංගු වෙලා තියෙන්නෙ.

අප ආසනික්‌ අමුතුවෙන් ලංකාවට ගෙන්වූවා යෑයි කියන අයට අපට කියන්න තියෙන්නෙ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් ආසනික්‌ ඇතුළු සමහර මූලද්‍රව්‍ය තිබිය හැකි යෑයි උපරිම මට්‌ටමක්‌ නියම කරපු ආහාරපාන වර්ග ලයිස්‌තුවක්‌ ප්‍රසිද්ධ කරල තියෙනව. ඊට අනුව ටින් මාළු ගත්තොත් බිලියනයකට කොටස්‌ 1000ක්‌ ආසනික්‌ තිබුණට කමක්‌ නැහැ. මේ ප්‍රමාණය තියෙනවා කියන එක නෙමෙයි මේකෙන් කියන්නෙ, තිබිය හැකියි කියන එක. බැරිවෙලා වත් තිබුණට ගැටලුවක්‌ නෑ කියන එක. තක්‌කාලි, සෝස්‌, චොකලට්‌වලත් මේ ප්‍රමාණයමයි. බියර්වල 500යි.

මේකයි, කාර්මික තාක්‌ෂණ ආයතනයෙ ප්‍රතිඵලවලින් පෙන්වන දත්තයි සන්සන්දනය කරල බලන්න. මොකද මේව කෙළින් ම ආහාරයට ගන්න දේවල්. ඒත් පළිබෝධනාශකවල මේව තිබුණත් ඒවා වතුර ලීටර් ගණනක දිය වෙලයි බෝගයට ලැබෙන්නෙ.

අපිටත් පැනනඟින ප්‍රශ්න කිහිපයක්‌ මේ අවස්‌ථාවේ සඳහන් කරන්න කැමැතියි. චෝදනා එල්ල වන පිරිස හැටියට අපි අහල ඇරියා මේ පර්යේෂණ කණ්‌ඩායමෙන් මේක කරපු ක්‍රමවේදය සමග ප්‍රතිඵල දන්වන්න කියල. එවැන්නක්‌ ඔවුන් ලබා දීල නැහැ. මොකද මේ ගැන වැඩිදුර පරීක්‌ෂණ කරන්න නම් එම දත්ත ඉතා ම වැදගත් වනවා.

අනික මේ පර්යේෂණය අවසන් කරල නැහැ තවම. අවසන් වුණත් මේ වගේ ලෝකෙට ම බලපාන පර්යේෂණයක්‌ සාක්‌ෂාත් කරන්න නම් එය පිළිගත් විද්‍යාත්මක සමුළුවකට ඉදිරිපත් කළ යුතුයි. ඒ වගේ ම ලෝකයෙන් ඒ සඳහා සම්මත අගැයීමක්‌ ලබා ගත යුතුයි. අනික ඔවුන් කියනවා මේ පර්යේෂණය කළේ සම්මත විද්‍යාත්මක ක්‍රමවේදයෙන් යම්කිසි බැහැර වීමක්‌ සහිතව කියලා. ඒ ක්‍රමයත් ලෝකයේ පිළිගැනීමට ලක්‌ විය යුතුයි. ඊට ප්‍රථම, මුළු රට ම කුතුහලයට ත්‍රාසයට පත් වන ප්‍රකාශ කිරීම වගකීමකින් ද කරන්නෙ කියන එක ගැන අපට ගැටලුවක්‌ තියෙනව.

සාමාන්‍යයෙන් මෙවැනි පර්යේෂණයක්‌ අපේ රටේ දි කළොත් ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයට නැත්නම් රසායන විද්‍යා සංගමයට ඉදිරිපත් කරනව. විද්‍යාඥයන් සමග කතිකාවක යෙදෙනව මේ ගැන ඔබේ අදහස මොකක්‌ ද කියල. ඉන් අනතුරුව තවත් තැනක පරීක්‌ෂණ කරල මේ ප්‍රතිඵල ම ලැබෙනව ද බැලීමයි සාමාන්‍යයෙන් ලෝකෙ පිළිගත්ත විද්‍යාත්මක ක්‍රමය. අපි දන්න ආකාරයට මේ කිසි ම දෙයක්‌ මේ පර්යේෂණයට අදාළව සිද්ද වෙලා නෑ.

අනික තමයි අපි නිතර ම කියන්නෙ ප්‍රශ්නයක්‌ තියෙනව නම් ජාත්‍යන්තර ව පිළිගත් GLP (Good Laboratary Practices) තත්ත්ව සහතිකයක්‌ සහිත තැනකින් මේවා පරීක්‌ෂා කරගන්න පුළුවන්. ලංකාවෙ එහෙම විද්‍යාගාර නැහැ. කාර්මික තාක්‌ෂණ ආයතනය Acreditted එකක්‌ වුණාට ඨඛඡ එකක්‌ නෙමෙයි. ඒ නිසා අවශ්‍ය නම් විදේශයක GLP ලැබ් එකකට මේව යවල පරීක්‌ෂා කර බැලුවට අපේ කිසි ම විරුද්ධත්වයක්‌ නෑ.

අවසාන වශයෙන් මෙවැනි අසම්පූර්ණ පර්යේෂණයකින් රටේ යම් ප්‍රශ්නයක්‌ ඇති වීම නිසා රටේ ආර්ථිකයට වෙන්න පුළුවන් බලපෑමත් අපි සඳහන් කරන්න ඕන. විශේෂයෙන් ම අපනයන බෝග සඳහා බලපෑමක්‌ වෙන්න පුළුවන්. උදාහරණයක්‌ විදියට තුර්කියට යවපු සහල් නැවක්‌ ආසනික්‌ පරීක්‌ෂාව සඳහා රඳවාගත්ත බව ඊයෙ පෙරේදා දිනක මාධ්‍ය ඇමතිතුමා පැවසුවා. සහල් පරිභෝජනය අඩු වන්නටත් මෙය හේතු වන්නට බැරි නැහැ. එය ගොවියා ගේ ආර්ථිකයටත් වී මිලටත් බලපාන්න පුළුවන්. ඒ වගේ ම මේ ප්‍රශ්නය නිසා මාසයකට ආසන්න කාලයක්‌ අපි බොහෝ පළිබෝධනාශක ආනයනය කරන්නෙ නැහැ. එහෙම විටක රටේ තොතනකින් හරි පළිබෝධ වසංගතයක්‌ මතු වුණොත් අපිට අද දෙන්න විසඳුමක්‌ නැහැ. මං දන්නෙ නැහැ මේ පර්යේෂකයන් කණ්‌ඩායම ළඟ එවැන්නකට විසඳුමක්‌ තියෙනව ද කියන එක. අපි දන්න විද්‍යාව අනුව නම් වගාව විනාශ වෙනව ඇරෙන්නදෙන්න පුළුවන් විසඳුමක්‌ නැහැ.

අනික මෙහෙම බලපෑම් නිසා සහල් නිෂ්පාදනය අඩු වුණොත් සහල් ආනයනය කරන්න වෙනවා. එතකොට ආනයනය කරන්න වෙන්නෙ කොහෙන් ද? පළිබෝධනාශක නො යොදන රටක්‌ අපට සොයාගන්න පුළුවන් වෙයි ද? එහෙම රටක්‌ තියෙනව ද?


සනික්‌ සෙවූ 'කැලණිය ක්‍රමය' සුවිශේෂ වන්නේ කෙසේද?

17 JULY 2011 8:00


වෛද්‍ය වසන්ත බණ්‌ඩාර ට මහාචාර්ය ඕ. ඒ. ඉලේපෙරුමගෙන් පිළිතුරක්‌.....

දැනට මහත් ආන්දොaලනයට ලක්‌ව ඇති කෘමිනාශකවල අඩංගු ආසනික්‌ සහ රජරට වකුගඩු රෝගය ගැන ඉරිදා සංග්‍රහයේ විද්වත් හමුවෙන් මා කළ ප්‍රකාශ ගැන වෛද්‍ය බණ්‌ඩාර මහතා ප්‍රශ්න මාලාවක්‌ ඉදිරිපත් කර ඇත. එම ප්‍රශ්න අතුරින් තාක්‍ෂණික ව වැදගත් කරුණු දෙස පමණක්‌ අවධානය යොමු කිරීම මෙම ලිපියේ පරමාර්ථ යයි. මෙහිදී වැදගත් ප්‍රශ්නය වන කෘමිනාශකවල ආසනික්‌ ඇත් ද යන්න වෙනුවට දෙවියන් කී දෙයක්‌ විද්‍යාවෙන් බැහැර කළ හැක්‌කේ කෙසේ ද යන්න ඉස්‌මතු කොට ඇත. මා ආගමික ඇදහිලි හා විද්‍යාව මුසු නොකරමි. දෙවියන් කී දේ විද්‍යාවෙන් තහවුරු කර ගැනීමට ඕනෑම අයෙකුට අයිතියක්‌ ඇත. බටහිර විද්‍යාවට ගරහමින් එයින් ප්‍රයෝජනයක්‌ ලබාගැනීමට තැත් කිරීම ආගමට මෙන් ම විද්‍යාවට ද කරන නිග්‍රහයකි. එහෙත් විද්‍යාත්මක ක්‍රමයෙන් පෝෂණය වූ අයෙකුට තම මනස ඔස්‌සේ යම් නිගමන කරා එළඹීම හා දෙවියන්ගෙන් ප්‍රශ්නවලට පිළිතුරු ලබාගැනීමට හඹා යැමෙහි වෙනසක්‌ ඇති බව වෛද්‍ය බණ්‌ඩාර මහතා තේරුම් ගත යුතුය.

මෙම ආසනික්‌ ප්‍රශ්නයෙහි මූළික හරය වන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ පර්යේෂක කණ්‌ඩායම සහ කාර්මික තාක්‍ෂණ ආයතනය මගින් කරන ලද විශ්ලේෂණ මගින් ලබාගත් ආසනික්‌ මට්‌ටම් බෙහෙවින් වෙනස්‌ වීමයි. එයට හේතු වූ කාරණා ගැන දැන් විමසා බලමු, කැලණිය පර්යේෂකයින් මුල සිටම පැවසූයේ විශ්ලේෂණ ක්‍රම වේදය දෙවියන් යෝජනා කළ විශේෂ ක්‍රමයක්‌ බවයි. විශේෂයෙන්ම ආසනික්‌ අම්ලය වාෂ්පශීල නිසා පහළ උෂ්ණත්වයක්‌ යොදා ගැනීම මෙම යෝජනාවේ ප්‍රතිඵලයක්‌ බව ප්‍රකාශ විය. එසේ වූ වත් කාර්මික තාක්‍ෂණ ආයතනය භාවිත කළේ කැලණිය කණ්‌ඩායම භාවිත කළ උෂ්ණත්වයම බව එහි නිලධාරීන් සනාථ කොට ඇත. එබැවින් මෙම ක්‍රම දෙකෙහි උෂ්ණත්ව වෙනසක්‌ නැති අතර කැලණිය ක්‍රමය සුවිශේෂ එකක්‌ වන්නේ ද නැත. එසේ නම් මෙවැනි ප්‍රතිඵල දෙකක්‌ ලැබුණේ කුමන හේතුවකින් ද යන්න පැහැදිලි නැත. කැලණිය විශ්වවිද්‍යාලයේ උපකරණය ගැන විවිධ ප්‍රශ්න ඇති බව එහි ම සේවය කරන හා එම උපකරණය භාවිත කර ඇති මහාචාර්යවරියක්‌ පවසා ඇත. විශේෂයෙන් ම එහි පසුබිම් ශෝධනය හරියට ක්‍රියාකරනවා ද සහ භාවිත කරන ඇසිටිලීන් වායුවේ සංශුද්ධතාව කුමක්‌ ද යන කරුණු වැදගත් වේ. එමෙන් ම කාර්මික තාක්‍ෂණ ආයතනය යනු දශක ගණනාවක්‌ මෙවන් පරීක්‍ෂණ පවත්වන ලද ජාත්‍යන්තර ෂීධ - 17025 විශ්වාසනී බව ලද පිළිගත් පරීක්‍ෂණාගාරයකි. මෙයින් ලැබෙන ප්‍රතිඵල කිහිප දෙනෙක්‌ ම ප්‍රතික්‍ෂේප කර ඇති බව වසන්ත බණ්‌ඩාර මහතා කියන නමුත් ඔවුන් සියල්ල ම කැලණිය පර්යේෂකයන් හා ඔවුන්ගේ මිතුරන් බවද නොකියා බැරිය.

කැලණිය පර්යේෂකයන් කළ යුතුව තිබුණේ තමන්ගේ "නව ක්‍රමය" වලංගුතාවයකට ගෙන ඒමයි. ඒ සඳහා ලොව පිළිගත් ක්‍රියා පටිපාටියක්‌ ඇත. මෙරට කෘෂි කර්මාන්තයට දැඩි බලපෑමක්‌ ඇති කිරීමට හැකියාව ඇති මෙවැනි ප්‍රතිඵල පුවත්පත් වලින් ප්‍රකාශ කිරීමට පෙර එම කරුණු විද්‍යාඥ ප්‍රජාව ඉදිරියේ දැඩි විමසුමකට ලක්‌ කිරීමෙන් ද විශ්ලේෂණ ක්‍රමය යම් වලංගුතාවයකට තහවුරු කර ගත හැකිය. මෙරටට ගෙන්වා ඇති පළිබෝධ නාශක කන්ටේනර් හතරක්‌ වරායේ හිර වී ඇත. මෙයින් මෙරට කෘෂි ආර්ථිකයට මරු පහරක්‌ ඇතිවන බව නම් පැහැදිලි ය. ආසනික්‌ ඇත්නම් එවැනි පළිබෝධ නාශක මෙරට අලෙවි නොකළ යුතුය. පාරම්පරික ක්‍රමවලින් සහල් සහ අනෙකුත් භෝග නිපදවා ගත හැකි නම් ඉතා අගනේය. එහෙත් යථාර්ථය මීට හාත්පසින් ම වෙනස්‌ ය. කෘෂිකර්ම ඇමැතිතුමා නිවැරැදි ව පවසා ඇත්තේ එවිට මෙරට සහල් අස්‌වැන්න 40% දක්‌වා පහත යන බවයි. එවිට වැද්දන් සේ කැලයට යැම මිස වෙන විකල්පයක්‌ නැති බව මා පැවැසූයේ අතිශෝක්‌තියෙන් වූවත් මෙම ගැටලුවට වෙනත් ප්‍රායෝගික විසඳුමක්‌ කෘමිනාශක නොමැතිව ලබා ගැනීම අතිශයින් අසීරු කාර්යයකි.

මීට අමතර ව වෛද්‍ය බණ්‌ඩාර මහතා අනුමත කරන කැලණි පර්යේෂක කණ්‌ඩායම කලින් ඉදිරිපත් කළ සහල්වල ආසනික්‌ අන්තර්ගත වීම ගැන දැන් කථා නොකරති. සහල් කිලෝග්රෑමයකට ආසනික්‌ මයික්‍රෝ ග්රෑම් 100 - 500 දක්‌වා ඇති බව ඔවුන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළහ. දැන් ඔවුන් කියන්නේ බත් කෑමේ ප්‍රශ්නයක්‌ නැති බවයි. මෙපමණ තරම් ආසනික්‌ ඇත්නම් එම සහල් පරිභෝජනයට සුදුසු වන්නේ කෙසේ ද? මේක හරියට කෙනෙක්‌ ඔබේ ළිං ජලය පරීක්‍ෂාකර එහි විෂ සහිත බැක්‌ටීරියා විශාල ප්‍රමාණයක්‌ ඇති බව පැවැසීමෙන් පසු "අපි ජලය බොන්ට එපා කීවේ නැහැ" යන්නට සමාන අපභ්‍රංස කථාවකි. මෙම සහල්වල ආසනික්‌ නැති බව කාර්මික තාක්‍ෂණ ආයතනය තහවුරු කර ඇත.

විෂ සහිත ද්‍රව්‍ය පනහක්‌ පමණ අප සිරුරට නිරන්තරයෙන් ඇතුල් වේ. එවැනි විෂ එක්‌තරා ප්‍රමාණයක්‌ දක්‌වා නසා පරිවහනය කිරීම මිනිස්‌ සිරුරෙහි ඇති ආශ්චර්ය යි. ස්‌වාභාවික ව අප පරිසරයේ පවතින ආසනික්‌වලට ද මෙය වලංගු වේ. විෂ සහිත අකාබනික ආසනික්‌ සංයෝග අක්‌මාවේ දී මෙතිල්කරණයට භාජනය වී සිරුරෙන් පරිවහනය වේ. ආසනික්‌ යනු අප අවට ඇති වාතයේ, පසේ හා ජලයේ ස්‌වභාවයෙන් ම පවතින ලෝහයකි. පොසිල ඉන්ධන දහනයෙන් ලොව පුරා වාර්ෂික ව ආසනික්‌ ටොන් 80,000 ක්‌ මුදා හැරේ. ශ්‍රී ලංකාවේ ද මෙම කරුණ නිසා ආසනික්‌ ටොන් ගණනක්‌ නිකුත් වී ඇති බව අප අවබෝධ කර ගත යුතුය. වාතයේ ඇති ආසනික්‌ ප්‍රමාණය බිලියනයකට කොටස්‌ 1-2 පමණ වේ. මෙවැනි සුළු ප්‍රමාණයන් පවා ආඝ්‍රාණය කිරීමෙන් උගුර ආසාදනය සහ පෙනහළුවල ආබාධ ඇති විය හැකි බව සොයාගෙන ඇත. අප සිරුරු තුළින් දිනකට ආසනික්‌ මයික්‍රෝ ග්රෑම් 50 ක්‌ පමණ ගමන් ගන්නා බව ඇසූ විට ඔබ මවිතයට පත්වනු නොඅනුමාන ය. ඉහත කී විෂහරනය අප සිරුරු තුළ ක්‍රියාත්මක වීම නිසා මේවායේ අහිතකර බලපෑම් අවම වේ. මෙම විෂහරනය සිදු නොවේ නම් වඩාත් වකුගඩු රෝගීන් වාර්තා විය යුත්තේ රජරටින් නොව කොළඹ නගරයෙනි.

පසෙහි පවා යම් මට්‌ටමකට ආසනික්‌ පවතී. බොහෝ දියුණු රටවල පසෙහි ඇති ආසනික්‌ ප්‍රමාණය කිලෝ ග්රෑමයකට මිලි ග්රෑම් 3-4 හෝ මයික්‍රෝ ග්රෑම් 3000 - 4000 පමණ වේ. පළිබෝධ නාශකවල කිලෝග්රෑමයකට ඇත්තේ මයික්‍රෝග්රෑම් 300 - 400 වැනි ප්‍රමාණයකි. මේ අනුව පැහැදිලිවන්නේ පසට ආසනික්‌ ලැබීම සඳහා පළිබෝධනාශකවලට වඩා වෙනත් ප්‍රභවයන් ද ඇති බවයි. මෑතක දී කරන ලද ජාත්‍යන්තර පරීක්‍ෂණයකින් හෙළි වී ඇත්තේ පසෙහි ආසනික්‌ මට්‌ටමට සාපේක්‍ෂව වී ඇටයෙහි තැන්පත්වන ආසනික්‌ ප්‍රමාණය ඉතා අඩු බවයි. මෙම පරීක්‍ෂණයේ දත්ත අනුව පසෙහි කිලෝග්රෑමයකට කොටස්‌ 20 ක්‌ ඇති කුඹුරක වගා කරන ලද වී ගසෙහි බඳෙහි ඇති ආසනික්‌ ප්‍රමාණය කොටස්‌ 10 ක්‌ බවත් වී ඇටයෙහි තැන්පත්වන ආසනික්‌ ප්‍රමාණය කොටස්‌ 0.5 පමණ ද වේ. කුමන අයුරින් හෝ පසට එක්‌වන ආසනික්‌ ප්‍රමාණයෙන් සහල් ඇටයට යන්නේ ඉතා සුළු ප්‍රමාණයක්‌ බව පැහැදිලි ය.

රජරට වකුගඩු රෝගය සඳහා හේතුව ආසනික්‌ සහිත බත් කෑම නොව ජලය බවද කැලණිය පර්යේෂණ කණ්‌ඩායම පවසති. මෙම ජලයෙහි අධික ලෙස ආසනික්‌ ඇති බව ඔවුන් ප්‍රකාශ කොට තිබිණි. එහෙත් මෙම ජල සාම්පල විශ්ලේෂණය කළ මහනුවර මූලික විද්‍යා ආයතනයේ සහ පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක්‌ අන්තර් ජාතික සඟරාවක පළ කළ ලිපියක්‌ මගින් මීට හාත්පසින් ම විරුද්ධ අදහසක්‌ ඉදිරිපත් කර ඇත. එනම් ජලයෙහි ඇත්තේ බිලියනයකට කොටස්‌ 3 ටත් වඩා අඩු ප්‍රමාණයක්‌ බව ය. එමෙන් ම මෙම ජල සාම්පල ජපානයේ කියෝතෝ විශ්වවිද්‍යාලයේ අති නවීන පහසුකම් ඇති විද්‍යාගාරයක කළ පරීක්‍ෂණ වලින් ද මෙය තහවුරු කර ඇත. මේ සඳහා ඔවුන් භාවිත කළ අයි. සී. පී. එම්. එස්‌. නම් අති සූක්‍ෂම උපකරණය මගින් බිලියනයකින් දහස්‌ පංගුවක්‌ වැනි ආසනික්‌ ප්‍රමාණයක්‌ නිර්ණය කළ හැකිය. මෙම කරුණු පැහැදිලිව ම පෙන්වා දෙන්නේ ද රජරට ජලයෙහි ආසනික්‌ පිළිබඳ ගැටළුවක්‌ නැති බවය.

කැලණිය විශ්වවිද්‍යාල කණ්‌ඩායමේ නවතම සොයාගැනීම වන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය කළ පරීක්‍ෂණයකින් වකුගඩු රෝගීන්ගේ මුත්‍රා සාම්පලවල ආසනික්‌ ඇති බව තහවුරු කර ඇති බවයි. මාද සහභාගී වූ එම රැස්‌වීමේ දී ලෝක සෞඛ්‍ය සංවිධාන නියෝජිතයා පැවසුවේ එම මුත්‍රා සාම්පල වල ආසනික්‌ සහ කැඩ්මියම් යන ලෝහ දෙක ම ඉතා සුළු වශයෙන් තිබුණ බවත් පාලක පරීක්‍ෂණයේ (රෝගය නොවැළඳුන ඥතීන්) ප්‍රතිඵල නොමැතිව ඒ ගැන නිශ්චිත නිගමනයකට එළැඹිය නොහැකි බවත් ය. මෙම කණ්‌ඩායම කැඩ්මියම් අමතකකර ආසනික්‌ ගැන පමණක්‌ මාධ්‍යවලට ප්‍රකාශ කිරීමට තරම් බංකොලොත් වී ඇත. දැන් එම පාලක පරීක්‍ෂණයේ ප්‍රතිඵල ලැබී ඇත. ඒ අනුව රෝගය ඇති නැති සියලුම පුද්ගලයන්ගේ ලෝහ මට්‌ටම් අතර වෙනසක්‌ නොමැති බව අනාවරණය වී ඇත. අසම්පූර්ණ ප්‍රතිඵල පදනම් කර ගනිමින් කැලණි විශ්වවිද්‍යාල කණ්‌ඩායමට සැම දා ජනතාව මුළා කළ නොහැකිය. ඒ බව ඔවුන් අවබෝධ කරගන්නේ නම් කාටත් හිතකර ය. කොළඹ ජීවත්වන අයගේ ද මුත්‍රාවල ආසනික්‌ ප්‍රමාණය මිනුම් කළහොත් එයින් ද යම් ආසනික්‌ ප්‍රමාණයක්‌ ලැබෙන බව ද අනුමාන කළ හැකිය.

රජරට වකුගඩු රෝගය ආසනික්‌ නිසා ඇති නොවන බව වෛද්‍ය විශේෂඥයන් තහවුරු කර ඇත. දැන් කැලණිය පර්යේෂකයන් පවසන්නේ මෙය ආසනික්‌ නොව කිවුල නිසා ඇතිවන කැල්සියම් ආසනේට්‌ නිසා ඇතිවන බවද එහි රෝග ලක්‍ෂණ ආසනික්‌ විෂ වීමේ රෝග ලක්‍ෂණ නොවන බවත්ය. මෙය හතර බීරි සංකල්පයකි. ජලයේ දිය නොවන කැල්සියම් ආසනේට්‌ විෂ වන්නේ ඉන් ආසනේට්‌ කොටස කැඩී ගිය හොත් පමණි. මෙවැනි විද්‍යාත්මක කරුණු හරිහැටි නොදැන ජනතාව මුළා කිරීම විශ්වවිද්‍යාලයක විද්‍යාඥයන් යෑයි කියාගන්නා පිරිසකට ඔබින්නේ නැත.

සහල්වල හා ජලයේ ආසනික්‌ ඇති බවට තදින් ප්‍රකාශ කළ කැලණිය පර්යේෂක කණ්‌ඩායම ඒ ගැන නියම තතු පිළිගත හැකි පරීක්‍ෂණ මගින් ඉදිරිපත් වන විට ඔවුන්ගේ අවධානය පළිබෝධනාශක දෙසට පමණක්‌ යොමු කරන බව පෙනේ. මේ පිළිබඳ ප්‍රකාශ කිරීමට පෙර ශ්‍රී ලංකාවේ භාවිත වන පළිබෝධනාශකවල වෙළෙඳ නාම, රසායනික සංයුතිය වැනි දේ ගැන නිසි අවබෝධයක්‌ ලබා ගැනීමත් ඒවායේ ආසනික්‌ නිර්ණය කිරීම පිළිගත් ක්‍රම අනුව සිදු කරන්නේ නම් මැනවි.

මගේ ස්‌ථාවරය ගැන හරිහැටි කරුණු නොදැන මා බහු ජාතික සමාගම්වලට ගැති අයෙකු ලෙස යම් අයෙකුට අවලාද නැගිය හැකි ය. එහෙත් විද්‍යාත්මක සත්‍ය නීරස වුවත් ඒවා සෘජුව ම ප්‍රකාශ කළ යුතු ය. එප්පාවල පොස්‌පේට්‌ නිධිය සූරා කෑමට විරුද්ධ ව මා සිදු කළ කාර්ය ය කිහිප දෙනෙකුට හෝ තවමත් මතකයේ තිබෙන්නට පුළුවන. මෙය බහුජාතික සමාගමකට ගෙඩිය පිටින් විකිණීමට පසුගිය රජයක්‌ තැත් කළ විට එයට එරෙහි ව නැගී සිටි අයෙකු වීම ගැන මා පසුතැවෙන්නේ නැත. මෙම කර්තව්‍යය කරන්නේ ද රටේ ද, මතු පරපුරේ උන්නතිය සඳහා බව ද අවසාන වශයෙන් ප්‍රකාශ කළ යුතුය.

මහාචාර්ය ඕ. ඒ. ඉලේපෙරුම



විද්‍යාභිවර්ධන සංගමයේ ප්‍රකාශයට පිළිතුරු - I
14 JULY 2011 10:00

කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨයේ පීඨාධිපති මහචාර්ය නලින් ද සිල්වා

ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය මෙරට බටහිර විද්‍යාඥයන් ඒකාරාශි කරන සංවිධානය ලෙස සැලකිය හැකි ය. සියලු ක්‍ෂෙත්‍රවල බටහිර විද්‍යාඥයන්ට එහි සාමාජිකයන් විය හැකි ය. මේ සංවිධානයේ විවිධ කමිටු ද වෙයි. බටහිර විද්‍යාව ජනප්‍රිය කිරීම සඳහා කමිටුවක්‌ වන අතර පොදුවේ ඊනියා පර්යේෂණ සඳහා ද කමිටුවක්‌ වෙයි. එයට අමතරව තවත් කමිටු රාශියක්‌ වෙයි. මම ද මේ සංගමයේ යාවජීව සාමාජිකයෙක්‌ වෙමි. අවුරුදු විස්‌සකට එහා පැත්තේ මම ඉහත සඳහන් කමිටු දෙකේ ද කටයුතු කළෙමි. මම අවුරුද්දක්‌ ඊනියා පර්යේෂණ කමිටුවේ සභාපති වීමි. එපමණක්‌ නො ව අවුරුදු දෙකක්‌ පමණ මම එහි මහා මණ්‌ඩලයේ (Council) ද සාමාජිකයෙක්‌ වීමි. එහෙත් ඉන් මෙහා පැත්තේ මේ සංගමයේ වැඩකටයුතුවලට මම සාමාන්‍යයෙන් සහභාගී නො වෙමි. එහෙත් මගේ ශිෂ්‍යයෙකුට හෝ ශිෂ්‍යාවකට හෝ ඒ සංගමයෙන් ත්‍යාගයක්‌ ප්‍රදානය කරන අවස්‌ථාවක දී මම සහභාගී වෙමි.

ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ නාමයෙන් ආනයනික පළිබෝධනාශකවල ආසනික්‌ අඩංගු වීම සම්බන්ධයෙන් ප්‍රකාශයක්‌ නිකුත් කෙරී ඇත. එය සංගමයේ මහා මණ්‌ඩලය විසින් නිකුත් කරන ලද්දක්‌ යෑයි සැලකිය හැකි ය. මේ සංගමයේ වත්මන් සභාපතිවරයා වන මහාචාර්ය ධම්මික තංතිරිගොඩ මහතා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා ය. ඔහු ලංකාවේ කීර්තිමත් විද්‍යාඥයකු ලෙස සැලකෙයි. ඔහු ලංකාවේ විද්‍යාව පිළිබඳ ජාතික ශාස්‌ත්‍රීය මණ්‌ඩලයේ අධිසාමාජිකයෙක්‌ ද වෙයි. එවැනි කීර්තිමත් විද්‍යාඥයකු සභාපතිත්වය දරන සංගමයක ප්‍රකාශයක්‌ නො සලකා හැරිය හැක්‌කේ කෙසේ ද? මේ සංගමයේ වත්මන් සංස්‌කාරකවරිය ද සම්මානනීය විද්‍යාඥවරියක වෙයි. නමින් මහාචාර්ය ජනිතා ලියනගේ වන මේ මහත්මිය බොහෝ දෙනා දන්නා පරිදි කැලණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා අංශයේ මහාචාර්යවරියක වන අතර රජරට වකුගඩු රෝගයට හේතුව ආසනික්‌ නො වන බව තරයේ ප්‍රකාශ කරන්නී ය. ඇය දැනට එම රෝගය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය හා එක්‌ ව පර්යේෂණ කරන්නී ය.

ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය ආසනික්‌ පිළිබඳ ප්‍රකාශයක්‌ නිකුත් කළේ මහාචාර්ය ජනිතා ලියනගේ ඒ සංගමයේ වත්මන් සංස්‌කාරකවරිය හා මහා මණ්‌ඩලයේ සාමාජිකාවක වන නිසා යෑයි මම කිසිසේත් ම නො කියමි. මහාචාර්ය තංතිරිගොඩ වැනි කීර්තිමතකු එවැන්නක්‌ පදනම් කරගනිමින් ප්‍රකාශ නිකුත් කරන්නේ යෑයි මම විශ්වාස නො කරමි. මේ සංගමයේ විද්‍යාඥයෝ තමන් බැරෑරුම් (Serious) (ඉංගිරිසි ප්‍රකාශයෙහි තිබූ මේ වචනය සිංහලයට පරිවර්තනය වී ඇත්තේ සැබෑ ලෙස ය. කෙසේ වෙතත් මම එය බැරෑරුම් වෙනසක්‌ ලෙස නො සලකමි. එය සැබෑ වෙනසක්‌ ද නැද්ද යන්න මේ අවස්‌ථාවෙහි අදාළ නො වේ ය යනු මගේ හැඟීම ය.) විද්‍යාඥයන් ලෙස සලකා ගනිති. බැරෑරුම් විද්‍යාඥයන් හෝ සැබෑ විද්‍යාඥයන් හෝ යමක්‌ ප්‍රකාශ කරන විට ඒ පිළිබඳ ව බැරෑරුම් ලෙස සොයා බලා හැකිතාක්‌ කරුණු එකතු කර ගත යුතු යෑයි මම සිතමි. ඔවුහු මා මෙන් නො ව අසම්මත ප්‍රකාශ නො කරති යි සිතමි.

ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ ප්‍රකාශයේ පහත සඳහන් කරුණු එකින් එක ගනිමු. පළමුවෙන් ඔවුන් ප්‍රකාශ කරන්නේ පහත සඳහන් අදහස්‌ ය. විද්‍යාඥයන් ගේ පරීක්‍ෂණවලින් ලැබෙන නව ප්‍රතිඵල තමන් ගේ සාම්‍යයන් ලවා සාම්‍ය සමාලෝචනවලට (Peer review) භාජන කළ යුතු ය. විශේෂයෙන් ම පර්යේෂණ ප්‍රතිඵල මත වැදගත් ප්‍රතිපත්තිමය තීරණ ගත යුතු කල අදාළ පරීක්‍ෂණ ජාත්‍යන්තර තලයේ පිළිගත් පර්යේෂණාගාරයක නැවත සිදු කළ යුතු ය. එහෙත් කැලණිය විශ්වවිද්‍යාලයීය කණ්‌ඩායම එසේ නො කර ප්‍රතිඵල ඉක්‌මනින් ප්‍රසිද්ධියට පත් කිරීමට කටයුතු කර ඇත. අනෙක්‌ කරුණුවලට යැමට පෙර අපි මේ කරුණ විභාග කරමු.

අපේ ප්‍රතිඵල තවමත් ඊනියා විද්‍යාත්මක සඟරාවක පළ කෙරී නැති බව නම් ඇත්ත ය. එහි දී අපේ කණ්‌ඩායමට මුහුණ පෑමට සිදු වූ පළමු කරුණ වූයේ එහි කර්තෘත්වය කා ගේ ද යන්න ය. රජරට හා අවට අදාළ ප්‍රදේශවල පස්‌වල හා ජලයේ ආසනික්‌ ඇති බව පළමුවෙන් ම දැනගත්තේ නාථ දෙවියන් ගෙන් බව අපි නොවලහා කීවෙමු. අද ද කියමු. ක්‌වොන්ටම් භෞතික විද්‍යාව ගැන ද කියවන මහාචාර්ය තංතිරිගොඩ මහතා ෂ්රොඩිංගර්ට තම සමීකරණ පිළිබඳ අදහස ලැබුණේ කෙසේ දැයි දන්නේ ද? ඒ පිළිබඳ ඉඟියක්‌ ජිම් බැගට්‌ විද්වතා (ඔහු මා මෙන් නො ව බටහිර විද්‍යාවට ලැදි ය) විසින් රචිත ක්‌වොන්ටම් ප්‍රවාදයේ අර්ථය (The meaning of Quantum Theory) නම් කෘතියෙහි සඳහන් වෙයි. අද මෙරට බටහිර විද්‍යාවේ වීරයන් හා වීරවරියන් වී සිටින ආචාර්ය මහාචාර්යවරුන් මේ පොත වත් කියවන්නේ නම් බටහිර විද්‍යාව මුහුණ පා ඇති අර්බුදය ගැන සුළුවෙන් වුවත් දැනගත හැකි වනු ඇත.

අදහස කා ගෙන් ලැබුණ ද අපි බටහිර සම්මත රසායන විද්‍යාවට අනුව නියෑදි පරීක්‍ෂා කළෙමු. එහි දී සාමාන්‍ය සම්මත ක්‍රමය උපකරණ වශයෙන් නො ව යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය, පී.එච්. අගය හා උෂ්ණත්වය ආදිය වශයෙන් වෙනස්‌වීම පිළිබඳව අපි විවිධ අත්හදා බැලීම් කළෙමු. ඒ අරුතින් ගත් කල අපට ආසනික්‌ හඳුනාගැනීම සඳහා නව ක්‍රමයක්‌ වෙයි. අප මේ ක්‍රමය ඊනියා විද්‍යාත්මක සඟරාවක පළ කර නොමැති නමුත් එය ඊනියා විද්වත් සම්මේලන කිහිපයක දී ද, අගමැතිතුමා ගේ ප්‍රධානත්වයෙන් මහාචාර්ය ජනිතා ලියනගේ මහත්මිය හා වෙනත් බටහිර විද්‍යාඥයන් යෑයි කියාගන්නා අය සහභාගී වූ රැස්‌වීමක දී ද ඉදිරිපත් කර ඇත. පසුව සඳහන් කරන ලද රැස්‌වීමේ දී ලියනගේ මහත්මිය වචනයක්‌ වත් කතා නො කිරීමට පරෙස්‌සම් විය. ඒ එතැන කිසිවකු තමන් වැදගත් යෑයි සිතන කතුන්ට නොසරුප් වදනින් බැණ වැදුණු නිසා විය නො හැකි ය. ඇයට කීමට වැදගත් දෙයක්‌ තිබිණි යෑයි මම නො සිතමි. අප කියා ඇත්තේ ඕනෑ ම අයකුට අපේ ක්‍රම අනුව පරීක්‍ෂා කරන ලෙස හෝ අපේ රසායනාගාරවලට පැමිණ ඒ ක්‍රම විමර්ශනයට භාජන කරන ලෙස ය. එහෙත් මේ වන තුරු ඒ ආරාධනය පිළිගත් අයකු නැත.

අප අපේ නියෑදි වෙනත් ආයතනයකට නො යෑවී ය යන්න කරුණු සොයා නො බලා කරන ප්‍රකාශයක්‌ පමණ ය. කරුණු සොයා නො බලා ප්‍රකාශ කිරීම මහාචාර්ය තංතිරිගොඩ ඇතුළු සැබෑ විද්‍යාඥයන් ගේ (බැරෑරුම් විද්‍යාඥයන් ගේ) ක්‍රමය දැයි මම නො දනිමි. ඒ කෙසේ වෙතත් අපි අපේ නියෑදි කාර්මික හා තාක්‍ෂණ ආයතනයට පරීක්‍ෂාව සඳහා යෑවීමු. එහෙත් ඔවුන් ඒ ආපසු ඒවා තිබුණේ පරීක්‍ෂා කිරීමේ දී ඔවුන් ගේ කාර්ය මණ්‌ඩලයේ එක්‌ තැනැත්තියක සිහි නැති වූ බව පවසමිනි. අපට එවිට කළ හැක්‌කේ කුමක්‌ ද? එහෙත් අගමැතිතුමා ගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්‌වීමේ දී ඔවුන් ගේ ස්‌ථාවරය වෙනස්‌ වී ඇති බව දැනගැනීමට ලැබිණි. පළිබෝධනාශක පිළිබඳ රෙජිස්‌ට්‍රාර්වරයා ද ඒ ආයතනය ලවා නියෑදි පරීක්‍ෂා කරගෙන ඇති අතර එහි ප්‍රතිඵලයක්‌ ලෙස පළිබෝධනාශක වර්ග නවයක්‌ මෙරටට ආනයනය කිරීම තහනම් කිරීමට පියවර ගෙන ඇත. දැනට එක්‌ එක්‌ ආයතනය මගින් කරන ලද පරීක්‍ෂණවලින් අපට වැදගත් නිගමනයකට එළඹිය හැකි ය. එනම් පරීක්‍ෂාවක දී අප යම් නියෑදියක මනින ආසනික්‌ ප්‍රමාණය එහි දී යොදාගන්නා උපකරණ, ක්‍රමය (උෂ්ණත්වය, රසායන ද්‍රව්‍යවල සාන්ද්‍රතාව, පී.එච්. අගය ආදිය) හා පුද්ගලයා ද මත ර¹ පවතින බව ය. සියලු දෙනා ට ලැබෙන ඊනියා වාස්‌තවික අගයක්‌ අඩු ම තරමෙන් ආසනික්‌ සඳහා නොමැති බව පැහැදිලි ය.

මෙහි දී කිව යුතු කරුණක්‌ වෙයි. කැලණිය විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථීන් යෑයි කියාගන්නා කිහිප දෙනකු පසුගිය දා ජ.වි. පෙරමුණට හිතවත් වෙබ් අඩවියක ආසනික්‌ හා නාථ දෙවියන් සම්බන්ධයෙන් ප්‍රකාශයක්‌ එකතු කර ඇත. එහි කියන ආකාරයට අප සුළුතරයක්‌ විශ්වවිද්‍යාලයට අපකීර්තියක්‌ ගෙනැවිත් ඇත. එහෙත් අපට කිව හැක්‌කේ පළිබෝධනාශක රෙජිස්‌ට්‍රාර්වරයා දැනටමත් පළිබෝධනාශක වර්ග (එහි රසායනික සංයුතියේ ආසනික්‌ ප්‍රතිශතය අඩු වැඩි වශයෙන් කුමක්‌ වුවත්) නවයක්‌ තහනම් කිරිමට පියවර ගෙන ඇත්තේ හුදෙක්‌ ඔහු ගේ ස්‌වයංභූ ඥනයකින් නො ව මූලිකව ම අපේ පර්යේෂණ හේතුවෙනි. අපේ පර්යේෂණ නො තිබෙන්නට රෙජිස්‌ට්‍රාර්වරයා එකදු වර්ගයක්‌ වත් තහනම් කිරීමට පියවර නො ගනු ඇත. එය කිසිසේත් ම අප විසින් කැලණිය විශ්වවිද්‍යාලයට ගෙනෙන ලද අපකීර්තියක්‌ නො වේ. අපේ පරීක්‍ෂාවල ප්‍රතිඵලයක්‌ ලෙස පළිබෝධනාශක වර්ග නවයක්‌ තහනම් කිරීම අප විසින්, විශේෂයෙන් ම මහාචාර්ය ප්‍රියානි පරණගම මහත්මිය විසින් කරන ලද පරීක්‍ෂණවල ප්‍රතිඵල බැවින් අපට ඒ පිළිබඳ ඇත්තේ විශ්වවිද්‍යාලයට කීර්තියක්‌ ගෙන ඒම පිළිබඳ අභිමානයකි. එහෙත් අපි එයින් උදම් නො වෙමු. අපේ අරමුණ රජරට ඇතුළු අනෙක්‌ ප්‍රදේශවල ද ගොවි ජනතාව කෘෂි රසායන භාවිතයෙන් ඉවත් කර හෙළ ගොවිකම දෙසට යොමු කරවීම ය.

අපේ කණ්‌ඩායමේ අනෙක්‌ අය කෙසේ වෙතත් පර්යේෂණ පත්‍රිකා යෑයි කියෑවෙන ලිපි සාම්‍ය සමාලෝචනයකට පසුව ඊනියා විද්‍යාත්මක සඟරාවල කෙරෙන පළ කිරීම් ගැන මගේ විශ්වාසයක්‌ නැත. මෙහි දී බොහෝ විට සාම්‍ය සමාලෝචක තීරකයන් දෙදෙනකු ගේ තීරණය මත ලිපිය පළ කෙරෙයි. එහෙත් මේ තීරකයන්ට කෙතෙක්‌ වැරැදීම් සිදු වී ඇත් ද? මහාචාර්ය තංතිරිගොඩ මහතා නේචර් හා සයන්ස්‌ සඟරාවල තීරකයන්ට සිදු වී ඇති වැරැදි ගැන දන්නේ ද? එය ඉඳහිට කෙරුණක්‌ නො වන බවත් සුළු ප්‍රමාණයකින් පමණක්‌ කෙරෙන්නක්‌ නො වන බවත් දැනට අවුරුදු කිහිපයකට පෙර ඉකොනොමිස්‌ට්‌ සඟරාවේ පළ වී තිබිණි යෑයි මට පසුගිය දා දැනගැනීමට ලැබිණි. යම් කිසිවකු තම පර්යේෂණ වාර්තාවක්‌, ලිපියක්‌ ඊනියා විද්‍යාත්මක සඟරාවකට යෑවීමෙන් බලාපොරොත්තු වන්නේ අනෙක්‌ අය ලවා ද හැකි නම් පර්යේෂණය නැවත කරවා ගැනීම ය. එහෙත් ඒ කළ හැකි ප්‍රශස්‌ත ම ක්‍රමය ඊනියා විද්‍යාත්මක සඟරාවක පළ කිරීම යෑයි කිසිවකු කියන්නේ කෙසේ ද? පුවත්පතක සංස්‌කාරකවරයා කැමැති නම් කතුවරයාට තම ලිපිය අදාළ පුවත්පතෙහි පළ කරවා ගැනීමට හැකි විය යුතු ය. පුවත්පතක පළ වූ ඊනියා විද්‍යාත්මක ලිපිය කඅගය අඩු වන්නේ එය ඊනියා තීරකයන් විසින් සමාලෝචනය කෙරී නැති බැවින් ද? මා මගේ නව අදහස්‌ රැගත් ලිපි බොහොමයක්‌ පළ කරන්නේ විදුසර පුවත්පතෙහි ය. දිවයින හා දි අයිලන්ඩ් පුවත්පත්වල පළ කෙරෙන අවස්‌ථා ද වෙයි. අපේ බටහිර විද්‍යාඥයන් යෑයි කියාගන්නා අය පුවත්පත්වල පළ වන ලිපිවල හරයක්‌ නො දකිති. එහෙත් ඔවුන් විසින් මේ දක්‌වා කිසිදු නව ප්‍රවාදයක්‌ සංකල්පයක්‌ ඉදිරිපත් කෙරී නැත. ඔවුන් කරන්නේ තෝමස්‌ කුන් විද්වතා සඳහන් කළ සාමාන්‍ය විද්‍යාවකි. (Normal science). ඔවුන් නැවත නැවතත් කරන්නේ බටහිරයන් පළ කර ඇති ක්‍රමයක්‌ මෙරටෙහි ද යොදා ගැනීම පමණකි.

තම ලිපි පුවත්පත්වල පළ කිරීමෙන් වන එක ම අවාසිය මෙරට විශ්වවිද්‍යාලවල විවිධ තනතුරුවලට උසස්‌ කිරීම්වල දී ඒ ලිපිවලට ලකුණු නො ලැබීම ය. එහෙත් එසේ ලිපි පුවත්පත්වල පළ කිරීමෙන් තම කෘතිය බොහෝ දෙනා ගේ අවධානයට ලක්‌ කරවිය හැකි ය. පුවත්පත්වල අපේ කණ්‌ඩායමේ ප්‍රතිඵල පළ වීමෙන් අපට ද වාසියක්‌ වී ඇත. අද බොහෝ දෙනා ගේ අවධානයට ආසනික්‌ ලක්‌ වී ඇත. ඒ හේතුවෙන් පළිබෝධනාශක රෙජිස්‌ට්‍රාර්වරයා ගේ කටයුතු ද ඉක්‌මන් වී ඇත. දැනටමත් ඔහු පළිබෝධනාශක ද්‍රව්‍ය නවයක්‌ තහනම් කිරීමට පියවර ගෙන ඇත.


දෙවියන් ගැන කී නිසා නිව්ටන් වත් ප්‍රතික්‌ෂේප කළ යුතු ද?
14 JULY 2011 10:00

රුවන් සිල්වා, 
ඉංජිනේරු ශිෂ්‍ය, 
ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය.

රජරට ප්‍රදේශයේ පසට එක්‌ වී ඇති ආසනික්‌ පිළිබඳ ප්‍රශ්නය අද දින කොයි කාගෙත් කතාබහට ලක්‌ වී ඇත. ඒ පිළිබඳව ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ පැහැදිලි කිරිම කියවූ මම එයට ප්‍රතිචාර දැක්‌වීම යුතුකමක්‌ යෑයි සිතුවෙමි. 

මහාචාර්ය නලින් ද සිල්වා විද්වතාණන් ගේ අදහස්‌ උදහස්‌ පිළිබඳව කියවා බලා තේරුම් ගත් අය තුළ එතුමා කෙරෙහි විශාල ගෞරවයක්‌ ඇත. එහෙත් ආසනික්‌ පිළිබඳ ගැටලුවේ දී එතුමා ගේ සුවිශේෂී මතවාදයන්, සාමාන්‍ය ජන සමාජයටත් මේ රටේ සෙසු විද්‍යා උගතුන්ටත් සංක්‍රමණය වූ අතර ඔවුන්ට එය මහා අප්‍රභංසයක්‌ විය. ඒ නිසා ඇතැමුන් මේ අදහස්‌ හාස්‍යයට ලක්‌ කළ අතර විද්‍යාව පිළිබඳ උගතුන් අතින් ඒවා තරයේ ප්‍රතික්‌ෂේප කිරිමට ලක්‌ විය. "විද්‍යාව තුළ ආගමික විශ්වාසය හා අද්භූත දේවලට නැනක්‌ නොමැත" යන්න ඔවුන් ගේ සටන් පාඨය විය. 

එහෙත් නූතන බටහිර විද්‍යාවට පදනම දැමූ මහා විද්‍යාඥ ශ්‍රීමත් අයිසැක්‌ නිව්ටන් ගේ "දේවවාදී" අදහස්‌ කෙරෙහි සියලු දෙනා ගේ අවධානය යොමු කරනු කැමැත්තෙමි. අයිසැක්‌ නිව්ටන් ගේ විශිෂ්ටතම ප්‍රවාදයන් වන චලිත නියම හා ගුරුත්වාකර්ෂණ පිළිබඳ අදහස්‌ ඇතුළත් "ෆිලොසොෆියා නැචුරලිස්‌ ප්‍රින්සිපියා මැතමැටිකා" හෙවත් "ස්‌වාභාවික දර්ශනවාදයේ ගණිත පදනම" යන කෘතිය බටහිර විද්‍යාවේ ඉතා ම ශ්‍රේෂ්ඨ විද්‍යා ග්‍රන්ථයක්‌ ලෙස බුහුමනට පාත්‍ර වෙයි. මුල් වරට ලතින් භාෂාවෙන් 1687 දී ප්‍රකාශයට පත් වූ එය නිව්ටන් ජීවත් ව සිටිය දී 1713 හා 1725 යන වර්ෂවල නැවත මුද්‍රණය කරන ලදී. මේ මාහැඟි ග්‍රන්ථයේ අවසාන පරිච්ඡේදය සම්පූර්ණයෙන් ම වෙන් වී ඇත්තේ මේ විශ්වයේ නිර්මාර්තෘවරයා දෙවියන් වහන්සේ බව පෙන්වා දීම සඳහා ය. 

එහි නිව්ටන් විද්වතා මෙසේ ලියා ඇත. "ලෝකයේ ආත්මය ලෙස පමණක්‌ නො ව සියල්ලේ අධිපතියාණන් ලෙස මේ ස්‌වභාවය සියල්ල පාලනය කරයි. එහි අධිකාරීත්වය සලකා බැලු කල අප ඔහු හැඳින්විය යුත්තේ දෙවි ස්‌වාමීන් වහන්සේ, විශ්ව නීතිදායකයා යනුවෙනි. මහෝත්තම දෙවි¹ණෝ සදාතනික වෙති. අසීමිත වෙති, නිරපේක්‌ෂ ලෙස පරිපූර්ණ වෙති, එතුමාණෝ සර්ව බලධාරී හා සර්වඥතා ඥානය සහිත වෙති. එතුමාණෝ සදාකාලයෙන් සදාකාලයට වැඩ වසති. අනන්තයේ සිට අනන්තය දක්‌වා පැතිර පවතී. උන්වහන්සේ සැම විට ම සැම තැන ම වැඩ වසමින් කාලය හා අවකාශය සංස්‌ථාපනය කරති".

මෙලෙස මහා විද්‍යාඥ අයිසැක්‌ නිව්ටන් දෙවියන් පිළිබඳ සිය දැක්‌ම ලොවට ම ඉදිරිපත් කරයි. එහෙත් බටහිර විද්‍යාව එතුමා ගේ අදහස්‌ ප්‍රතික්‌ෂේප කරන බවක්‌ නො පෙනේ. මේ මොහොතේ දී ලොව පුරා කෝටි සංඛ්‍යාත සිසුනට චලිතය පිළිබඳ නිව්ටන් නියම හා ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය මෙන්ම ඒ ආශ්‍රිත බොහෝ දේ ද ඉගැන්වේ. එහෙත් නිව්ටන් දේවවාදියකු වූ බැවින් ඔහු ගේ සියලු අදහස්‌ ප්‍රතික්‌ෂේප නො කෙරේ. 

සුවිශේෂ මිනිස්‌සු වෙනස්‌ ආකාර වලින් ලෝකය දකිති. ඔවුන් ගේ අදහස්‌ අසම්මත වූ පමණින් හාස්‍යයට හා ගර්හාවට ලක්‌ කිරීම බුද්ධිමතුන්ට තරම් නො වේ. 


රුවන් සිල්වා, 
ඉංජිනේරු ශිෂ්‍ය, 
ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය.

 

කැලණිය විශ්වවිද්‍යාලයයේ කීර්තිනාමය අභියෝගයට ලක්‌ වීම
විද්‍යාපීඨ ආචාර්ය මණ්‌ඩලය-කැලණිය විශ්වවිද්‍යාලයය.

14 JULY 2011 10:00

කැලණිය විශ්වවිද්‍යාලයයේ විද්‍යාපීඨය 1967 දී ස්‌ථාපනය කරනු ලැබ මේ දක්‌වා කීර්තිමත් විද්‍යාඥයන් රැසක්‌ ලොවට බිහි කරමින් විද්‍යා දැනුම බෙදාහැරීමේ කේන්ද්‍රස්‌ථානයක්‌ ලෙස ජාතික වත්, ජාත්‍යන්තර වත් පිළිගැනීමට ලක්‌ ව ඇති බව අප හොඳින් දන්නා කරුණකි. මේ පීඨයෙහි සියලු පර්යේෂකයන් විසින් සිය පර්යේෂණවල ප්‍රතිඵල පර්යේෂණ පත්‍රිකා හෝ දාර්ශනික සම්මන්ත්‍රණ වැනි පිළිගත් ක්‍රමවේදයන්ට අනුව යමින් ප්‍රසිද්ධියට පත් කරනු ලබන අතර එම ප්‍රතිඵල නොයෙකුත් ශාස්‌ත්‍රීය සංවාද තුළ ඇගයීමකට ලක්‌ වන බව ද නොරහසකි. 

කෙසේ වුව ද කැලණිය විශ්වවිද්‍යාලයයේ විද්‍යා පීඨයේ පර්යේෂකයන් කිහිප දෙනකු ගේ මූලිකත්වයෙන් රජරට ආශ්‍රිතව පැතිරී ඇති වකුගඩු රෝගය සම්බන්ධයෙන් කරනු ලබන පර්යේෂණ සහ එහි සොයාගැනීම් මාධ්‍ය තළ ප්‍රචාරය වීමත් සමග රට තුළ ඉමහත් ආන්දෝලනාත්මක තත්ත්වයක්‌ ගොඩනැඟී ඇත. 

මේ පර්යේෂණ දේව මණ්‌ඩලයක මඟපෙන්වීම මත පදනම් වී ඇති බව ඉහත පර්යේෂක කණ්‌ඩායම විසින් ම විවිධ මාධ්‍ය වරින් වර ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත. එමෙන් ම දැනට භාවිත කරනු ලබන පිළිගත් විද්‍යාත්මක මූලධර්ම අභියෝගයට ලක්‌ කරමින් එම පර්යේෂකයන් ගේ ප්‍රධානියා වන කැලණිය විශ්වවිද්‍යාලයයේ වත්මන් විද්‍යාපීඨාධිපතිතුමා විසින් මාධ්‍ය දැනුවත් කරනු ලැබ ඇත. මේ ප්‍රකාශ සහ ක්‍රියාමාර්ග තුළින් පොදු මහජනතාව තුළත් විද්‍යාත්මක ක්‍ෂෙත්‍රය තුළත් කැලණිය විශ්වවිද්‍යාලය කෙරෙහි, විශේෂයෙන් විද්‍යාපීඨය කෙරෙහි ඉතා ම අයහපත් මතයක්‌ ගොඩනැඟෙමින් පවතින බව ද, දැනට ඉගෙනුම ලබන ඇතැම් ශිෂ්‍යයන් තුළ ද ව්‍යාකූල තත්ත්වයක්‌ හටගෙන ඇති බව ද පෙනේ. මේ තත්ත්වය, විද්‍යාපීඨය වසර පනහකට අධික කාලයක්‌ තිස්‌සේ ඉමහත් පරිශ්‍රමයෙන් ගොඩනඟාගත් කීර්ති නාමයට අහිතකර ලෙස බලපානවා පමණක්‌ නො ව අප පීඨයෙන් ඉදිරියේ දී බිහි වන විද්‍යාර්ථින් ගේ ගෞරවය සහ සමාජ පිළිගැනීම ද අනතුරට ලක්‌ කරන්නකි. 

කැලණිය විශ්වවිද්‍යාලයයේ විද්‍යාපීඨ ආචාර්යවරුන් ගේ බහුතරය වන අපි මේ පර්යේෂණවලට කිසිසේත් ම දායකත්වයක්‌ නො දක්‌වන බවත් එහි ක්‍රමවේදයන් අප බොහෝ දෙනකු දැනගත්තේ මාධ්‍ය තුළින් ම පමණක්‌ බවත් දන්වා සිටින අතර අප ගේ ඉගැන්වීම් සහ පර්යේෂණ කටයුතු පිළිගත් විද්‍යාත්මක මූලධර්ම මත පමණක්‌ සිදු කෙරෙන බව ඔබතුමාට අවධාරණයෙන් දන්වා සිටින අතර, කැලණිය විශ්වවිද්‍යාලයේත් එහි විද්‍යා පීඨයේත් ගෞරවය ආරක්‍ෂා කිරිම සඳහා නොපමාව මැදිහත් වන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු. 

මෙයට විශ්වාසී, විද්‍යාපීඨ ආචාර්ය මණ්‌ඩලය-කැලණිය විශ්වවිද්‍යාලයය.

(පිටපත් : විද්යුත් සහ මුද්‍රිත මාධ්‍ය)


සුළු ප්‍රමාණය බැගින් වුණත් ඇඟ ඇතුළේ දිගු කලක්‌ එකතු වන නිසා ආසනික්‌වලට සීමාවක්‌ පනවන්න බැහැ
14 JULY 2011 10:00

වෛද්‍ය චන්න ජයසුමන

(ධාවක රාජසිංහ - VIDUSARA)

ආසනික්‌ යනු මයික්‍රොග්රෑම කිහිපයක්‌ බැගින් වුවත් කලක්‌ තිස්‌සේ ශරීරගත වුවොත් සිරුරට හානි ගෙන දිය හැකි දෙයක්‌ බව මේ සම්බන්ධයෙන් උනන්දුවක්‌ දක්‌වන්නකු හා වෛද්‍යවරයකු ලෙස ඉතා වගකීමෙන් ප්‍රකාශ කර සිටින්නේ යෑයි රජරට විශ්වවිද්‍යාලයයේ භිෂග්වේදය පිළිබඳ කථිකාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන ප්‍රකාශ කර සිටියේ ය. ඒ මහතා මෙසේ පවසා සිටියේ ඉකුත් සතියේ කොළඹ 7 සව්සිරිපායේ දී පැවැති මාධ්‍ය හමුවක දී ය. ආසනික්‌වල මාරාන්තික මාත්‍රාව ග්රෑම් දශම දෙකක්‌ බවත් එහි අරුත ආසනික්‌ එක ග්රෑමයකින් පස්‌ දෙනකු හා කිලෝ එකකින් පන් දහසක්‌ මරා දැමීමේ හැකියාව තිබීම බවත් වෛද්‍ය ජයසුමන එහි දී පැවසී ය.

වෛද්‍ය චන්න ජයසුමන මේ මාධ්‍ය හමුවේ දී තවදුරටත් අදහස්‌ දක්‌වමින් කරුණු ඉදිරිපත් කර සිටියේ මේ අයුරිනි.

"ආසනික්‌ පිළිබඳව මේ වෙනකොට ලෝකයේ පර්යේෂණ පවත්වල තියෙන ප්‍රමුඛ පෙළේ විද්‍යාඥයන් දෙදෙනකු ගෙන් ආහාරවල ආසනික්‌ අඩංගු වීම ගැන මම පහුගිය දිනවල අහල බැලුවා. ඇබර්ඩීන් විශ්වවිද්‍යාලයයේ ජෛවරසායන අංශයේ ප්‍රධානී මහාචාර්ය ඇන්ඩෘ මෙහාජ් සහ මැන්චෙස්‌ටර් විශ්වවිද්‍යාලයයේ පාරිසරික විෂවේදය පිළිබඳ මහාචාර්ය ඩේවිඩ් පොලියා කියන දෙදෙනා ගෙන් අහල බැලුවා ආහාරවල ආසනික්‌ සම්බන්ධයෙන් සමහර ඒවට ලෝකයේ නිර්ණායක නැත්තෙ ඇයි කියලා. ඔවුන් කිව්වෙ ආසනික්‌ කියල කියන්නෙ අංක 1 වර්ගයේ පිළිකාජනකයක්‌. අංක 1 වර්ගයේ පිළිකාජනකයකට මෙන්න මේකයි උපරිමය කියල නීතියක්‌ පනවන්න බැහැ. ප්‍රමාණයක්‌ කියන්න බැහැ. ඒ මොකද මේව ඇඟ ඇතුළෙ එකතු වෙනව. ඇඟ ඇතුළෙ එකතු වෙන දේකට සීමාවක්‌ පනවන්න බැහැ. ඒ මිස, සීමාවක්‌ පනවල නැත්තෙ ඒව ගැන හදාරල නැති නිසා හරි, හානියක්‌ නො වන නිසා හරි නෙමෙයි. සුළු ප්‍රමාණයක්‌ වුණත් දීර්ඝ කාලයක්‌ ඇඟට ඇතුළු වෙනකොට ඒක ප්‍රශ්නයක්‌ වෙන නිසයි."

වෛද්‍ය ජයසුමන මේ අදහස්‌ පළ කර සිටි මාධ්‍ය හමුව පැවැත්වුණේ ඉකුත් දා අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් ආසනික්‌ අර්බුදය අළලා මාධ්‍ය වෙත නිකුත් කරන ලද නිවේදනයක අඩංගු සාවද්‍ය හා අදූරදර්ශී (යෑයි අදාළ දේශකයන් විසින් හඳුන්වා දෙන ලද) කරුණුවලට ප්‍රතිචාර දැක්‌වීම පිණිස ය. මේ මාධ්‍ය හමුවට ජාතික නිදහස්‌ පෙරමුණ, ජාතික හෙළ උරුමය, ශ්‍රී ලංකා හරිත පක්‌ෂය, දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය, ශ්‍රී ලංකා හරිත ව්‍යාපාරය යන දේශපාලන පක්‌ෂ හා සංවිධානවල නියෝජිතයෝ ද එක්‌ ව සිටිය හ. 

ඉකුත් 4 වැනි දා අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී ආසනික්‌ අර්බුදය සම්බන්ධයෙන් පැවැති සර්වපාක්‌ෂික සාකච්ඡාවක දී ඉදිරිපත් වුණු කරුණු පදනම් කරගනිමින් අග්‍රාමාත්‍ය කාර්යාලය ඉහත සඳහන් නිවේදනය නිකුත් කර තිබිණි. එය කැලණිය සරසවියේ ආසනික්‌ පරීක්‌ෂණ කණ්‌ඩායමේ එකඟතාවකින් තොර ව නිකුත් කර ඇති නිවේදනයක්‌ බව මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ වුණු අතර කෘමිනාශකවල අඩංගු විය හැකි ආසනික්‌ උපරිම මට්‌ටමක්‌ නීතිගත කිරීමේ සූදානමක්‌ ගැන එම නිවේදනයෙහි වන සඳහන කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක කොටසක්‌ ලෙස පෙනී යන බව ද ප්‍රකාශ විය. එවැනි නීතියක්‌ සම්මත වුව හොත් එවැනි අවසරයක්‌ දුන් ලෝකයේ පළමු රට වශයෙන් අපකීර්තියට පත් ව රටේ අපනයන ආර්ථිකයට පහසුවෙන් ම බලපෑමක්‌ එල්ල වනු ඇතැයි යන්න මෙහි දී කරුණු ඉදිරිපත් කළ දේශකයෝ පහදා දුන් හ. එමෙන් ම ආසනික්‌ අඩංගු ව ඇතැයි ඒ වන විට නිල වශයෙන් තහවුරු වී ඇත්තේ කෘමිනාශක 3ක පමණක්‌ බවට නිවේදනයෙහි වන සඳහන නොමඟ යවනසුලු බවත් ඒ වන විට එම ප්‍රමාණය කෘමිනාශක (වෙළෙඳ නාම) 9ක්‌ බව පළිබෝධනාශක රෙජිස්‌ට්‍රාර්වරයා සර්වපාක්‌ෂික හමුවේ දී ප්‍රකාශ කළ බවත් මාධ්‍ය හමුවේ දී අනාවරණය කෙරිණි. 

තව ද කැලණිය ස්‌වාධීන පර්යේෂකයන් කණ්‌ඩායම කෘෂිරසායනවල ආසනික්‌ සොයාගත් ක්‍රමවේදය සර්වපාක්‌ෂික සමුළුවට ඉදිරිපත් කර නැතැයි කෙරෙන ප්‍රචාරයේ සත්‍යතාවක්‌ නැති බවත් එය දීර්ඝ වශයෙන් එහි දී පැහැදිලි කළ බවත් මේ මාධ්‍ය හමුවේ දී වෛද්‍ය ජයසුමන ප්‍රකාශ කර සිටියේ ය. එය තම කණ්‌ඩායම විසින් සකසන ලද ක්‍රමවේදයක්‌ නො ව ලෝකයේ ඒ සඳහා ඇති සම්මත ක්‍රමවේදය බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසී ය.

මෙහි දී අදහස්‌ දැක්‌වූ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි, උද්ගත වී ඇති ජාතික අවශ්‍යතාව සැලකිල්ලට ගෙන ධාර්මික ගොවිතැනක්‌ සඳහා වූ ජාතික එකමුතුව නමින් සංවිධානයක්‌ පිහිටුවීමට තමන්වහන්සේ ඇතුළු පිරිස කටයුතු කරගෙන යන බව අනාවරණය කර සිටිය හ. 

ජාතික නිදහස්‌ පෙරමුණේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර, දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්‌ඩාර, ශ්‍රී්‍ර ලංකා හරිත පක්‌ෂයේ සභාපති වෛද්‍ය සුමිත් වන්නිආරච්චි සහ ශ්‍රී ලංකා හරිත ව්‍යාපාරයේ සභාපති සුරංජන් කොඩිතුවක්‌කු යන මහත්වරු ද මෙහි දී අදහස්‌ දැක්‌වූ හ.


ඊනියා විද්වතුන් කණ්‌ඩායමට ආසනික්‌ භීතිකාව!

14 JULY 2011 10:00

කෘමිනාශක සමාගම් එකමුතුවේ නිවේදනය

කැලණිය හා රජරට විශ්වවිද්‍යාලවල සේවය කරන විද්වතුන් කණ්‌ඩායමකට ආසනික්‌ භීතිකා රෝගය වැළඳී ඇති බව 2011 ජුලි 11 වැනි දින ලංකා වාණිජ මණ්‌ඩලයේ ශ්‍රවණාගාරයේ දී ක්‍රොප්ලයිෆ් ශ්‍රී ලංකා සංවිධානය මගින් සංවිධානය කොට පවත්වන ලද මාධ්‍ය හමුවක දී ප්‍රකාශ විය. 

අනුරාධපුර, පොළොන්නරුව දිස්‌ත්‍රික්‌කවල හා දෙහිඅත්තකණ්‌ඩිය ප්‍රදේශවල බහුලව ඇති නිදන්ගත වකුගඩු රෝගයට හේතුව සහල්වල ඇති ආසනික්‌ බව පවසමින් මේ ඊනියා විද්වතුන් කණ්‌ඩායම මහජනතාව මෙන්ම දේශපාලඥයන් ද නොමඟ යවා ඇත. මොවුන් ගේ මතයට අනුව මේ ආසනික්‌ සහල්වලට පැමිණ ඇත්තේ වී වගාවේ දී යොදන පළිබෝධනාශක මගින් ය. මොවුන් තවදුරටත් පවසනුයේ පළිබෝධනාශක 28ක ආසනික්‌ හා රසදිය අධික මට්‌ටම්වලින් ඇති බවයි. 

මේ විද්වත් කණ්‌ඩායම තවදුරටත් පවසනුයේ 2001 වසරේ දී ආනයනය කිරීම තහනම් කරන ලද ආසනික්‌ පළිබෝධනාශක, සමාගම් මගින් ආනයනය කර ඇති බවයි. මෙය ද මහජනතාව මුළා කිරීමකි. ආසනික්‌ සක්‍රීය ද්‍රව්‍ය හැටියට ඇති කිසි ම පළිබෝධනාශකයක්‌ සමාගම් මගින් 2001 වසරට පසුව ආනයනය කර නැත.

මේ නිවේදනයට අදාළ මාධ්‍ය හමුව පැවැත්වුණේ විදුසර මුද්‍රණයට යන මොහොතේ වීම නිසා එහි සාකච්ඡා වූ කරුණු ඇතුළත් කර ප්‍රවෘත්තියක්‌ සැකසීමට කාලවේලාවක්‌ නො වූ බැවින් ක්‍රොප්ලයිෆ් ආයතනය මාධ්‍යවේදීන්ට ලබා දුන් මුද්‍රිත නිවේදනයෙන් උපුටාගත් කොටසක්‌ මෙහි පළ කර ඇත. මෙහි දී සාකච්ඡා වූ කරුණු ලබන සතියේ පළ වේ. 
 

හුදු කාර්මික ශිල්පීන් වූ ඊනියා විද්‍යාඥයෝ

WEDNESDAY, 13 JULY 2011 10:00

කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨයේ පීඨාධිපති මහචාර්ය නලින් ද සිල්වා

අප රට විද්‍යාඥයන් නොමැති බව මා දැනගෙන බොහෝ කල් ය. ඒ කරුණු දෙකක්‌ නිසා සිදු වෙයි. පළමුවෙන් ම බටහිර විද්‍යාව යනු තවත් එක්‌ දැනුම් පද්ධතියක්‌ පමණක්‌ බවත් එහි ඇති මහේශාක්‍යභාවයක්‌ නොමැති බවත් මා දැනගෙන අවුරුදු විසි පහකට පමණ වැඩි ය. එබැවින් ඒ අරුතින් මෙරට තබා බටහිර වත් විද්‍යාඥයන් නොමැති බව මම එදා සිට ම දනිමි. දැනට අවුරුදු විස්‌සකට පමණ ඉහත මා ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ යම්කිසි සභාවක කරන ලද කතාවක මාතෘකාව වූයේ "විද්‍යාත්මක බොරුකාරයෝ" යන්න ය. එකල මම ඒ සංගමයේ මහා මණ්‌ඩලයේ (Council) සාමාජිකයෙක්‌ වීමි.

ඒ කතාව සම්බන්ධයෙන් එකී මහා මණ්‌ඩලයේ සාමාජිකයෙක්‌ චෝදනාවක්‌ කළේ ය. මට මතක අයුරින් ඒ චෝදනාවේ හරය වූයේ මෙරට පමණක්‌ නො ව පිටරට ද බටහිර විද්‍යාවට සම්බන්ධ වූවන් බොරුකාරයන් ලෙස හැඳින්වීම වරදක්‌ බව ය. විශේෂයෙන් ම ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ මහා මණ්‌ඩලයේ සාමාජිකයකු වෙමින් ඒ සංගම් ගොඩනැඟිල්ලේ දී ම පවත්වන ලද 

රැස්‌වීමක දී මා එලෙස විද්‍යාත්මක බොරුකාරයන් ගැන කතා කිරීම වරදක්‌ යෑයි චෝදනාව ඉදිරිපත් කළ තැනැත්තා කියා සිටියේ ය. එකල පැවැති මහා මණ්‌ඩලය ඒ චෝදනාව ප්‍රතික්‌ෂේප කළේ මගේ අදහස්‌ මට ප්‍රකාශ කිරීමට ඇති අයිතියට අවහිර නො කරමිනි.

එහෙත් ඒ එදා ය. අද මගේ අදහස්‌ ප්‍රකාශ කිරීමේ අයිතිය උදුරා ගැනීමට පමණක්‌ නො ව අප ගවේෂණ කණ්‌ඩායමේ සාමාජිකයන්ට තමන්ට කැමැති අදහසක්‌ දැරීමේ අයිතිය ද උදුරා ගැනීමට එකී මහා මණ්‌ඩලය ක්‍රියා කර ඇත. මම තවමත් ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ යාවජීව සාමාජිකයෙක්‌ වෙමි. එහෙත් එහි කටයුතුවලට මම දැන් සහභාගී නො වෙමි. එසේ වුවත් මම දැනට කැලණිය විශ්වවිද්‍යාලයයේ විද්‍යා පීඨයේ පිඨාධිපති වෙමි. ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ වත්මන් මහා මණ්‌ඩලය කැලණිය විශ්වවිද්‍යාලයයේ රජරට වකුගඩු රෝගය සම්බන්ධ ගවේෂණ කණ්‌ඩායමට විරුද්ධව පුවත්පත් මගින් ප්‍රකාශයක්‌ කර ඇත. ඒ ප්‍රකාශය පුවත්පතක පළ වූයේ පසුගිය ජුලි 03 වැනි ඉරිදා වුවත් එය නිකුත් කළේ හා එයටත් වඩා එය අනුමත කළේ කවදා දැයි නො දනිමි.

එහෙත් එකී වත්මන් මහා මණ්‌ඩලයට අප දැනට සති හයක පමණ කාලයක්‌ තිස්‌සේ කරන පැහැදිලි කිරීම සන්නිවේදනය වී නොමැති බව පැහැදිලි ය. ඔවුහු තවමත් දිව්‍ය බලයෙන් අපට ආසනික්‌ පිළිබඳ හෝඩුවාව ලැබුණු බව කියති. ඔවුන් එසේ කියන්නේ අදහස්‌ ලැබීම පිළිබඳව අප කොතෙකුත් පැහැදිලි කිරීම්වල නිරත වී තිබිය දී ය. අදහස්‌ දෙවියන් ගෙන් ලැබුණත්, යක්‍ෂයකුගෙන් ලැබුණත්, සිහිනෙන් ලැබුණත් ඒ අදහස්‌ අප ඔවුන් ගේ ඊනියා විද්‍යාත්මක ක්‍රමය මගින් තහවුරු කර ඇත්නම් අදහස්‌වල සම්භවය පිළිබඳ ඔවුන්ට කීමට ඇත්තේ කුමක්‌ ද?

එමෙන් ම ඔවුහු ද ඇතැම් ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරු ද අප සහල්වල ආසනික්‌ ඇතැයි කීම පිළිබඳව තොරතෝංචියක්‌ නැති ව කෑ ගසති. සහල්වල ආසනික්‌ ඇති බව අපට පෙර විවිධ කණ්‌ඩායම් කියා ඇත. ඒ අතර කැලණිය විශ්වවිද්‍යාලයයේ මහාචාර්ය රංජිත් ජයසේකර මහතා හා පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ කණ්‌ඩායමක්‌ ද වන බව බොහෝ අයට අමතක වී ඇත. කොළඹ කාර්මික තාක්‍ෂණ ආයතනයේ නිලධාරීන්ට පමණක්‌ සහල්වල ආසනික්‌ නොපෙනේ නම් එයට හේතුව ඔවුන්ට දෙවියන් ගේ හාල් කැවීම විය හැකි ය. ඒ කෙසේ වෙතත් සහල්වල ආසනික්‌ තිබීම අපේ ගවේෂණය සම්බන්ධයෙන් ගත් කල ද්විතීයික කරුණකි. එය අපේ ගවේෂණයට මූලිකව අදාළ වන්නක්‌ නො වේ. ඒ බව තවමත් මේ ඊනියා විද්‍යාඥයන්ට සන්නිවේදනය වී නැත.

මේ මහා විද්‍යාඥයන්, ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන් යෑයි කියාගන්නා අයට ඒ බව සන්නිවේදනය වී නැත්තේ ඇයි? අපේ අධ්‍යයනය රජරට හා ආශ්‍රිත ප්‍රදේශවල වකුගඩු රෝගයට හේතුව සෙවීම හා ඔවුන්ට ප්‍රතිකාර කිරීම ය. එහි දී අප දැනගත් අන්දමට රජරට වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව ආසනික්‌ ය. එයට අමතරව ඒ ප්‍රදේශයෙහි කුඹුරු පස ද, එහි කිවුල සහිත බොන වතුර ද හේතු වෙයි. ඒ කරුණු තුනෙන් එකක්‌ වත් නොමැති වුව හොත් වකුගඩු රෝගය නො වැළඳෙයි. අප ඒ බව පැහැදිලිව කිහිප වතාවක්‌ කියා තිබිය දීත්, ඇතැම් ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන් පඬියන් මෙන් විකාර ප්‍රශ්න අසන්නේ ඔවුන් තමන් ලියන දෙය හැරෙන්නට වෙනත් දෙයක්‌ නො කියවන බැවින් ද?

ලංකාවේ ආසනික්‌ ස්‌වභාවයෙන් පිහිටා නැත. මුළු ලෝකයේ ම මෙතරම් ප්‍රතිශතයක්‌ ආසනික්‌ තිබේ යෑයි කීමෙන් ලංකාවේ ඒ ප්‍රමාණයට ආසනික්‌ ඇති බව ගම්‍ය නො වන බව පාසල් ශිෂ්‍යයකුට වුව ද වැටහෙන කරුණක්‌ වුවත් අපේ ඊනියා විද්‍යාඥයන්ට හා විද්‍යාඥවරියන්ට ඒ බව තේරුම්ගත නොහැක්‌කේ සන්නිවේදනයේ වරදකින් නම් විය නො හැකි ය. ලංකාවේ පොළොවේ ස්‌වාභාවික ව ආසනික්‌ නැත්නම් අපට ආසනික්‌ ලැබෙන්නේ කෙසේ ද, කොහෙන් ද යන්න විස¹ගැනීමට තිබූ ඊළඟ ප්‍රශ්නය විය. අපට ආසනික්‌ ලැබෙන්නේ පළිබෝධනාශක ද ඇතුළු කෘෂි රසායනික ද්‍රව්‍ය නිසා බව ඉතා පැහැදිලි ය. අප ඒ බව ප්‍රකාශ කළා පමණක්‌ නො ව එකී ද්‍රව්‍යවල ආසනික්‌ ඇති බව ද නැවතත් බටහිර රසායන විද්‍යාවේ ක්‍රම අනුව ම තහවුරු කර ගැනීමෙන් පසුව පමණක්‌ එසේ කළෙමු.

එවිට තමන් විද්‍යාඥයන් ලෙස සිතන පඬියන් කියන්නේ නැඟෙනහිර පළාතේ ද වෙනත් පළාත්වල ද කෘෂි රසායනික ද්‍රව්‍ය යොදන නමුත් ඒ පළාත්වල වකුගඩු රෝගය දක්‌නට නො ලැබෙන බව ය. ඔවුන්ට වකුගඩු රෝගය වැළඳීම සඳහා ආසනික්‌වලට අමතරව කුඹුරු පස ද, විශේෂිත කිවුල් ජලය ද අවශ්‍ය බව අමතක වන්නේ මහලු බව නිසා ද වෙනත් කරුණක්‌ නිසා ද යන්න නො වැටහෙයි. අපේ ප්‍රශ්නවලට පිළිතුරු ලබා ගැනීමෙන් පසු අද අපට අවශ්‍ය මෙරට ගොවිජනයා කෘෂි රසායනික ද්‍රව්‍ය යොදාගන්නා කෘෂිකර්මයෙන් ඉවත් කර ගැනීම ය. එසේ ඉවත් කරගෙන අපේ හෙළ ගොවිකම ඔස්‌සේ අප සියලු දෙනාට වස විස නැති බතක්‌ කෑමට අවස්‌ථාව උදා කර ගැනීමට ය.

අප කෙතෙක්‌ එසේ නො වේ යෑයි කීවත් මේ පඬියෝ අප ඊනියා විද්‍යාත්මක ක්‍රමය අනුගමනය කර නැතැයි කියති. මොවුන් විද්‍යාඥයන් නො වන්නේ පළමුවෙන් ම බටහිර විද්‍යාව ඊනියා අනන්‍ය විද්‍යාවක්‌ නො වීම හේතු කොටගෙන ය. බටහිර විද්‍යාව යනු ඊනියා විද්‍යාත්මක ක්‍රමයක්‌ නැති තවත් දැනුම් පද්ධතියක්‌ පමණ ය. අනෙක්‌ දැනුම් පද්ධති මිථ්‍යා නම් බටහිර විද්‍යාව ද තවත් මිථ්‍යාවක්‌ පමණකි. හැකි නම් මේ සම්බන්ධයෙන් මා සමඟ විවාදයකට එළඹෙන ලෙස ඊනියා විද්‍යාඥයන්ට අභියෝග කරමි. අපි ජනතාවට කරුණු කීමට ඉදිරිපත් කිරීමට පෙර ඔවුන් ගේ කසිකබල් ඊනියා ක්‍රමය අනුගමනය කළෙමු.

මේ ඊනියා ක්‍රමය යනු අන් කිසිවක්‌ නො ව පටිපාටිය (Procedure) අනුගමනය කිරීමකි. ඊනියා කල්පිතය (Hypothesis) කුමක්‌ ද, නියෑදි කීයක්‌ ලබාගත යුතු ද, නියෑදි කෙසේ ලබාගත යුතු ද, ඒ නියෑදි පරික්‍ෂා කිරීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග කුමක්‌ ද, එකතු කළ යුත්තේ කිනම් රසායනික ද්‍රව්‍ය ද, රත් කළ යුත්තේ කිනම් උෂ්ණත්වයකට ද, යොදාගත යුතු ආධාරක (අණ්‌වීක්‍ෂ, ප්‍රේක්‍ෂාවලි ආදිය) කවරේ ද ආදිය එක්‌ පැත්තක වෙයි. මේ පටිපාටිය දැනගැනීමට අවශ්‍ය වන්නේ තාක්‍ෂණික ශිල්පීන් මිස විද්‍යාඥයන් නො වේ. ඒ පටිපාටිය අනුගමනය කිරීමෙන් පසු ඇතැම් විට ඕනෑ ම විද්‍යා පීඨ ශිෂ්‍යයකුට කළ හැකි සම්මත සංඛ්‍යානාත්මක විශ්ලේෂණයකින් පසු සම්මත ආකෘතියක්‌ අනුව ඊනියා පර්යේෂණ පත්‍රිකාවක්‌ ලියා සඟරාවකට, ඊනියා විද්‍යාත්මක සැසිවාරයකට යෑවෙයි. එහි දී තමන් වැනි ම වූ විද්‍යාඥයන් යෑයි කියාගන්නා දෙදෙනකුට යවා ඒ ඊනියා පර්යේෂණ පත්‍රිකාව ඇගයීමට ලක්‌ කෙරෙයි.

මේ පටිපාටියෙහි ඇති කිසි විද්‍යාවක්‌ නැත. සම්මත විද්‍යාවේ පරිධියේ ඇති ක්‍රම අනුගමනය කිරීමක්‌ පමණක්‌ මෙහි දී සිදු වෙයි. තාක්‍ෂණ ශිල්පියකුට ද මේ පටිපාටිය අනුගමනය කිරීමෙන් පත්‍රිකා ලිවිය හැකි ය. බොහෝ විට පටිපාටිය අනුගමනය කරමින් අදාළ ක්‍රියාවලියෙහි නිරත වන්නෝ ශිෂ්‍යයෝ ය, නැත්නම් තාක්‍ෂණික ශිල්පීහු ය. මේ පටිපාටිය අනුගමනය කරන්නන්ට විද්‍යාඥයන් යෑයි කියන්නේ නම් තාක්‍ෂණික ශිල්පීන්ට ද විද්‍යාඥයන් යෑයි කිව යුතු ය. මෙරට ඊනියා විද්‍යාඥයන් නොමැති වීමට මේ දෙවැනි කරුණ ද, එනම් ඔවුන් හුදු තාක්‍ෂණික ශිල්පීන් පමණක්‌ වීම ද බලපායි. මොවුන් විසින් සකස්‌ කෙරී ඇති සංකල්පයක්‌, ප්‍රවාදයක්‌ වේ ද? ඔවුන් ගෙන් සමහරකු අදහස්‌වල සම්භවය පිළිබඳ මෙතරම් කලබැගෑනියක්‌ ඇති කරන්නේ ඔවුන්ට කිසි දිනෙක අදහසක්‌ පහළ වී නැති නිසා ය. ඒ කෙසේ වෙතත් අප ඔවුන් ගේ පටිපාටිය (උෂ්ණත්වය ආදිය පිළිබඳ සංශෝධනයන්ට යටත් ව) අනුගමනය කළ බව පැහැදිලි ව සඳහන් කළ යුතු ය. එහෙත් එක්‌ කරුණක දී, එනම් අපේ ගවේෂණයෙහි ප්‍රතිඵල ඊනියා සඟරාවකට යෑවීම සම්බන්ධයෙන් නම් අපි වෙනස්‌ මඟක්‌ අනුගමනය කළෙමු.

අප ඊනියා විද්‍යාව පිළිබඳව සඟරාවක අපේ ගවේෂණවල ප්‍රතිඵල පළ කරනු වෙනුවට ජනමාධ්‍යයට ලබා දුන්නේ ඇයි දැයි ඔවුහු අපෙන් අසති. එයට හේතු තුනක්‌ වෙයි. පළමුව අපට ආසනික්‌ පිළිබඳ අදහස ලැබුණේ සම්‍යක්‌ දෘෂ්ටික දෙවිවරුන් ගෙන් වීම නිසා එහි කර්තෘත්වය පිළිබඳ ප්‍රශ්නයක්‌ වෙයි. අදහස ලැබුණේ දෙවිවරුන් ගෙන් යෑයි එවැනි සඟරාවක පළ නො කෙරෙයි. අදහස කොහෙන් ලැබුණේ ද යන්න සඟරාවට වැදගත් නො වෙයි. එහෙත් එය කිව යුතු යෑයි අපි සිතමු. දෙවනුව ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය අප කණ්‌ඩායමේ සාමාජිකයන් ඔවුන්ට අනුව බැරෑරුම් විද්‍යාඥයන් ලෙස නො පිළිගන්නා බව දැන් හෙළිදරව් වී ඇත. මේ සංගමය මා එවැනි බැරෑරුම් විද්‍යාඥයකු ලෙස නො පිළිගන්නා අතර (මා ඊනියා විද්‍යාඥයකු නො වන නිසා මම එය සතපහකට ගණන් නො ගනිමි) අපේ කණ්‌ඩායමේ අය මා බටහිර විද්‍යාව පිළිබඳව දරන අදහස්‌ නො පිළිගන්නා බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන තෙක්‌ ඔවුන් ද බැරෑරුම් විද්‍යාඥයන් ලෙස නො පිළිගන්නා බව පැහැදිලි ය. මේ සංගමයේ සාමාජිකයන් අප කණ්‌ඩායමේ පත්‍රිකාවක්‌ පිළිගනු ඇතැයි සිතිය නො හැකි ය. තුන්වැනුව මගේ කල්පනාව අනුව දෙදෙනකුට පමණක්‌ යවා ගවේෂණයක ප්‍රතිඵල විනිශ්චය කරනු වෙනුවට විශාල පිරිසකට ඒ ලැබෙන්නට සැලැස්‌වීම යහපත් ය. එමෙන් ම අප යොදාගත් ක්‍රමය කුමක්‌ දැයි ලිඛිත ව එය ඉල්ලන ඕනෑ ම කෙනකුට දීමට අපි සුදානමින් සිටිමු. එහෙත් අවාසනාවකට තවම කිසිවකු එසේ ඉල්ලා නැතිවා පමණක්‌ නො ව අපේ රසායනාගාරවලට පැමිණ අප කරන්නේ කුමක්‌ ද යන්න පිරික්‌සීමට වත් ඉදිරිපත් වී නැත. අප අනුගමනය කරන එව බලව (එහි පස්‌සිකො) ක්‍රමයට ඔවුන් අනුගත වීමට අකැමැති වන්නේ ඔවුන් අනුගමනය කරන බයිබල් ක්‍රමය නිසා ද?

කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨයේ පීඨාධිපති මහචාර්ය නලින් ද සිල්වා

 


වකුගඩු රෝගය, ආසනික්‌, සහල් හා විද්‍යාඥයෝ

SUNDAY, 10 JULY 2011 8:00 

කැලණිය විශ්වවිද්‍යාලයේ රජරට වකුගඩු රෝගය සම්බන්ධ ගවේෂණයෙහි යෙදෙන කණ්‌ඩායමට මේ වන විට මල් පොකුරු මෙන්ම ගල්මුල් ද ලැබී ඇත. ගල්මුල් බොහෝවිට ලැබෙන්නේ ඊනියා විද්‍යාඥයන්ගෙන් හා විශ්වවිද්‍යාලයීය ආචාර්ය මහාචාර්යවරුන්ගෙනි. මල් පොකුරු ලැබෙන්නේ සාමාන්‍ය ජනතාවගෙනි. අපේ ගවේෂණයෙහි ප්‍රතිඵල සම්බන්ධයෙන් ඇතැම් දුර්මත ද පළවන බැවින් හා ඒ ප්‍රතිඵල උපයෝගී කරගෙන විවිධ අය විවිධ න්‍යාය පත්‍ර අනුව කටයුතු කරන බැවින් තවදුරටත් අපේ ගවේෂණ ගැන සඳහන් කිරීම අවශ්‍ය ය.

අප ගවේෂණය කළේ රජරට වකුගඩු රෝගය පිළිබඳව ය. කලින් සඳහන් කර ඇති ආකාරයට පිළිතුරු සැපයිය යුතු ප්‍රශ්න දෙකක්‌ විය. එකක්‌ මේ විශේෂිත වකුගඩු රෝගය රජරට හා අවට ප්‍රදේශවලට පමණක්‌ සීමා වී ඇත්තේ ඇයි ද යන්නය. අනෙක රෝගය පසුගිය අවුරුදු විසිපහක පමණ කාලයකට සීමාවන්නේ ඇයි ද යන්නය. µaලුවොරයිඩ් එයට පිළිතුරක්‌ නොවන්නේ අවුරුදු විසිපහකට පෙර ද µaලුවොරයිඩ් තිබූ හෙයින් සහ ලංකාවේ µaලුවොරයිඩ් ව්‍යාප්ත වී ඇති ආකාරය හා රජරට වකුගඩු රෝගය ව්‍යාප්ත වී ඇති ආකාරය අතර සහ සම්බන්ධයක්‌ නොමැති බැවිනි. එහෙත් ඇතැම් ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන්ට ඒ බව තේරුම් ගැනීමට නොහැකිවීම කණගාටුවට කරුණකි. කැඩ්මියම් හා ඇල්ගී සම්බන්ධයෙන් ද මූලිකව පැවසිය හැක්‌කේ ඒ බවය.

එහෙත් හේතුව ලෙස සිතන රසායන ද්‍රව්‍යයේ ව්‍යාප්තිය හා රෝග ව්‍යාප්තිය අතර සහ සම්බන්ධයක්‌ තිබේ දැයි අප සොයා බැලිය යුත්තේ රෝගයට එකම හේතු කාරකය ලෙස අදාළ ද්‍රව්‍යය පමණක්‌ දක්‌වා ඇත්aතේ නම් පමණයි. එසේ නැතහොත් අපට අනෙක්‌ හේතු ද සොයා බැලීමට සිදු වෙයි. අනෙක්‌ අය විසින් දක්‌වා ඇති හේතු මෙන් නොව ආසනික්‌ සම්බන්ධයෙන් අප කියා සිටින්නේ ආසනික්‌ තිබූ පමණින් වකුගඩු රෝගය නො වැළඳෙන බව ය. රජරට නිදන්ගත වකුගඩු රෝගය වැළඳීම සඳහා කුඹුරු පස නමින් හැඳින්වෙන පස ද විශේෂිත කිවුල් ජලයක්‌ ද අවශ්‍ය වෙයි. ඇතැම් ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන්ට මේ බව කිහිප වතාවක්‌ කියාදීත් තේරුම ගත නොහැක්‌කේ ඇයි ද යන්න මහාචාර්යවරයකුගෙන් ම අසා දැනගත යුතුය. අනුරාධපුර නගරයේ ජනයාට ඒ රෝගය නොවැළදෙන්නේ ඔවුන් බොන වතුර බොහෝ විට වැවෙන් පොම්ප කරන බැවිනි. වැව්වල ආසනික්‌ සාන්ද්‍රතාව මෙන්ම කිවුලට හේතු වූ ලවන වර්ගවල ද සාන්ද්‍රතාව ළිංවල අදාළ සාන්ද්‍රතාවන්ට අඩු ය.

අප ජලයේ ආසනික්‌ හඳුනාගැනීම සඳහා යොදා ගන්නා ක්‍රමය සම්මත ක්‍රමයෙන් වෙනස්‌ වන්නේ උපකරණ වශයෙන් නොව යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය (අම්ල ආදිය) හා රත්කරන උෂ්ණත්වය ආදී වශයෙනි. මේ විස්‌තර තවමත් ඊනියා විද්වත් සඟරාවක පළ වී නොමැති බව ඇත්තය. එහෙත් ඒ විස්‌තර විද්වත් සම්මේලන යෑයි කියන රැස්‌වීම් කිහිපයක ද පසුගිය දා අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලද රැස්‌වීමක දී ද විස්‌තර කෙරී ඇත. ඒ අරුතින් ගත්කල පහසුකම් ඇති රසායනාගාරයක ඒ ක්‍රමය යොදාගෙන අපේ ප්‍රතිඵල ලැබේ දැයි පරීක්‍ෂා කළ හැකිය. එහෙත් කිsසිවෙක්‌ එසේ නො කරති. අඩුම තරමෙන් අපේ රසායනාගාරවලට පැමිණ අප ඒ පරීක්‍ෂණ කරන්නේ කෙසේ දැයි සොයා බැලීමට (එව බලව) කරන ලද ආරාධනයක්‌ පවා ඔවුහු නො පිළිගනිති. ඒ කිසිවක්‌ නොකරන ඔවුqහු හුදෙක්‌ අපේ ප්‍රතිඵල ඊනියා විද්‍යාත්මක සඟරාවල පළකර නොමැතිය යන්න මත පිහිටා අවලාද නගමින් කටයුතු කරති.

මෙහිදී කිවයුතු තවත් කරුණක්‌ ඇත. මෙරට බටහිර විද්‍යාඥයන් ඒකරාශි කරන ආයතනය වූ ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය පසුගියදා නිවේදනයක්‌ නිකුත් කරමින් මා විකේන්ද්‍රික (අසම්මත) අදහස්‌ දරණ පුද්ගලයකු බව පවසා අප කණ්‌ඩායමේ අනෙක්‌ සාමාජිකයන් මගේ අදහස්‌වලින් දුරස්‌ථ නොවුවහොත් ඔවුන් බැරෑරුම් විද්‍යාඥයන් ලෙස සැලකිය නොහැකි බවට අනතුරු අඟවා ඇත. ලංකාවේ සඟරාවක පර්යේෂණ පත්‍රිකාවක්‌ පළ කර ගැනීමට නම් බොහෝ විට මෙරට තීරක විද්‍යාඥයන් දෙදෙනකු ලවා ඒ අනුමත කරවා ගත යුතුය. ඒ සියලු විද්‍යාඥයෝ බොහෝ විට ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයෙහි සාමාජිකයෝ වෙති. අපේ කණ්‌ඩායමෙන් යවන පත්‍රිකාවක්‌ කතුවරුන්ගේ නම් නැතිව වූවත් ඔවුන් හඳුනා ගැනීම අපහසු කටයුත්තක්‌ නොවේ. බැරෑරුම් විද්‍යාඥයන් නොවේ යෑයි විද්‍යාභිවර්ධන සංගමයේ මහා මණ්‌ඩලය විසින් හඳුන්වා දෙනු ලබන පිරිසකගේ පත්‍රිකාවක්‌ ඉහත සඳහන් තීරක විද්‍යාඥයන් අතින් අනුමත වේ යෑයි සිතන්නේද? ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය ඉතා සියුම් අයුරෙන් රජරට වකුගඩු රෝගය සම්බන්ධ අප කණ්‌ඩායමේ පත්‍රිකාවක්‌ ලංකාවේ පළවීම වළක්‌වා ඇත. ඒ අතර ඔවුහු අපේ ප්‍රතිඵල ඊනියා විද්‍යා සඟරාවක පළකරන ලෙස ඉල්ලති.

අපේ ගවේෂණයේ එක්‌ අවස්‌ථාවක අදාළ ප්‍රදේශවලට ආසනික්‌ එකතුවන්නේ පලිබෝධනාශක මගින් බව දැනගත්තෙමු. ඉන්පසු ඒ ප්‍රදේශයේ භෝග ගැන සොයා බැලීමේදී කොහොඹ ගස්‌වල හා තවත් ශාකවල ආසනික්‌ ඇති බව දැනගත්තෙමු. කෘෂි රසායනික ද්‍රව්‍ය ඔස්‌සේ පසට හා ජලයට එකතු වන ආසනික්‌ මගින් ඒ ඒ ශාකයට ඒ ඒ ප්‍රමාණයෙන් ආසනික්‌ උරා ගැනෙයි. සහල්වල ද යම් ප්‍රමාණයක්‌ ආසනික්‌ ඇති බව අපට පෙනී ගියේය. එය හුදෙක්‌ අතිරේක දැනුමක්‌ විය. එහෙත් ජනමාධ්‍ය මගින් වඩාත් ප්‍රචාරය වූයේ එය ය. එසේ වුවත් ජනමාධ්‍යයෙන් වැඩි අවධාරණයක්‌ නොකෙරුණ කරුණ නම් රජරට වකුගඩු රෝගයට බත්කෑම හේතුවක්‌ නොවන බවය. පලිබෝධනාශක භාවිතය හේතුවෙන් ඇතැම් ආහාරපානවලට යම් ප්‍රමාණයක ආසනික්‌ ප්‍රතිශතයක්‌ ඇතුල් වේ. එය භෝගයෙන් භෝගයට වෙනස්‌වෙයි. ලංකාවේ නිෂ්පාදිත සහල්වල යම් ප්‍රමාණයක්‌ ආසනික්‌ අඩංගු නමුත් එය පොදුවේ ගත් කල ඇමරිකාවේ නිෂ්පාදිත සහල්වල ඇති ආසනික්‌ ප්‍රමාණයට අඩු ය. එහෙත් චීනයේ හැරෙන්නට වෙනත් රටක සහල්වල තිබිය හැකි උපරිම ආසනික්‌ ප්‍රමාණය නියම කෙරී නැති බව ද පැහැදිලි කළ යුතුය. සහල් පිළිබඳ ව අපට එයට වඩා යමක්‌ ප්‍රකාශ කළ හැකි නොවේ.

එහෙත් ඇතැම්හු මේ කරුණ මුල් කරගෙන මහත් ආන්දෝලනයක්‌ ඇතිකිරීමට උත්සාහ ගනිති. අප කලින් සතියේ සඳහන් කළ ආකාරයට තමන් ලෝක ප්‍රසිද්ධ විද්‍යාඥයන් යෑයි කියා ගන්නා විවිධ ආණ්‌ඩු විරෝධීහු ද, උපකුලපති අධ්‍යක්‍ෂ ආදී තනතුරු බලාපොරොත්තුවෙන් ආණ්‌ඩුවට හේත්තු වී සිටින්නෝ ද සිටින්නියෝ ද ආණ්‌ඩුවත් අපත් අපහසුවට ලක්‌කරමින් සහල්වල ආසනික්‌ ඇති නැති බව ගැන කතා කරති. මේ එක්‌ අයකු පසුගියදා අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැති රැස්‌වීමේ දී කියා සිටියේ හැත්තෑවේ දශකයේ මුල මඤ්ඤොක්‌කා කා පවුල් පිටින් මිය ගිය බවය. එකල එ.ජා. පාක්‍ෂිකයන් බණ්‌ඩාරනායක මැතිනියගේ ආණ්‌ඩුවේ වගා සංග්‍රාමයට එරෙහිව එවැනි කතා පැතිර වූ බව අපි දනිමු. සමහරු ආණ්‌ඩුවෙන් ලකුණු දා ගැනීමට කිසිසේත් ම සහල්වල ආසනික්‌ නැතැයි කියයි. තවත් සමහරු අපේ ප්‍රතිඵලවලට අනවශ්‍ය ආකාරයෙන් අතිශෝක්‌තියෙන් ප්‍රචාරයක්‌ ලබා දී ආණ්‌ඩුවට පහර දීමට ඒ ප්‍රතිඵල යොදා ගනිති. මේ සහල්වල ආසනික්‌ බෙහෙවින් ඇතැයි යනුවෙන් ද කොහෙත්ම නැතැයි යනුවෙන් ද කෙරෙන ලකුණු තරගයෙන් මිදීමට කාලය පැමිණ ඇත. අප දහතුන් වැනි ව්‍යවස්‌ථා සංශෝධනයේ ඵලවිපාක ගැන කතා කළ යුතුය.

අප කළ යුත්තේ රජරට වකුගඩු රෝගීන් සුවකර ගැනීමට උපරිම වශයෙන් උත්සාහ ගැනීමය. රජරට වකුගඩු රෝගයට අප දක්‌වා ඇති හේතුව වැරැදි නම් ඒ බව අඩුම තරමෙන් දත්ත සමග සංගත වන ආකාරයෙන් පෙන්වා දිය යුතුය. එසේ වැරැදි බව පෙන්වා දිය හැකි නම් ඊළඟට කළ යුත්තේ රජරට වකුගඩු රෝගයට හේතුව කුමක්‌ දැයි අනාවරණය කර ගැනීමය. ඒ සඳහා කළ යුතු වැඩ කරන අතර රජරට පමණක්‌ නොව රටේ සියලුම ගොවීන් වස විස නැති ගොවිතැනක්‌ කරා ගෙන යැමට ද අපි කටයුතු කළ යුතු වෙමු. ඒ පිළිබඳ දැනුම ඇත්තෝ රට පුරා විසිරී සිටිති. ජනාධිපතිතුමා යටතේ පිහිටුවන ඒකකයක්‌ මගින් මේ දැනුම ඒකරාශි කර එය ගොවි ජනතාව කරා ගෙන යා යුතුය.

මෙරට ඇති ජාතික දැනුම මේ වන විට අභාවයට යමින් පවතියි. ගොවිකමේ, වෙදකමේ ආදී වශයෙන් ඇති මේ දැනුමට සම්‍යක්‌ දෘෂ්ටික දෙවිවරුන් එකතුකරන දැනුම ද වෙයි. ඊනියා විද්‍යාඥයන් සම්‍යක්‌ දෘෂ්ටික දෙවිවරුන්ට සිනහසෙන්නේ ඒ අදෘශ්‍යමාන පාර භෞතික බලවේග කියමිනි. එහෙත් ගුරුත්වාකර්ෂණ බලය ද අදෘශ්‍යමාන වෙයි. ගුරුත්වාකර්ෂණය ඉන්ද්‍රීය ගෝචර නොවේ. ඒ ඉන්ද්‍රිය ගෝචර දැනුමක්‌ බව පෙන්විය හැකි අයකු වෙතොත් ඔහුගේ හෝ ඇයගේ හෝ ගුරුත්වාකර්ෂණය ගෝචර වන විශ්මිත ඉන්ද්‍රිය ද රැගෙන කැලණිය විශ්වවිද්‍යාලයට පැමිණෙන ලෙසට ආරාධනය කරමි. අපේ විද්‍යා පීඨයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඔහුගේ හෝ ඇයගේ හෝ ඒ විශ්මිත ඉන්ද්‍රිය මෙන්ම සිහිය ද පරීක්‍ෂා කරනු ඇත. සිහිය පරීක්‍ෂා කරන්aනේ කිනම් විද්‍යාත්මක ක්‍රමයකට අනුව ද ආදි අසිහියෙන් අසන ප්‍රශ්නවලට වුවත් අපි බටහිර ඊනියා තොරතුරු දැන ගැනීමේ අයිතියට අනුව නොව සිංහල බෞද්ධ ක්‍රමයට අනුව ඉඩ දෙමු.
 

දෙවියන් අදහන විද්වතකුගේ සංකල්පනාවක්‌ නූතන විද්‍යාවෙන් පරීක්‌ෂා කළ නොහැකිද?

SUNDAY, 10 JULY 2011 8:00 

මහාචාර්ය ඕ. ඒ. ඉලේපෙරුම මහතාට වෛද්‍යවරයකුගෙන් ප්‍රශ්නාවලියක්‌...

වෛද්‍ය කේ. එම්. වසන්ත බණ්‌ඩාර

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යාව පිළිබඳ මහාචාර්ය ඉලේපෙරුම මහතා පසුගිය දිවයින ඉරිදා සංග්‍රහයේ විද්වත් හමුව තුළින් පළ කළ අදහස්‌ පිළිබඳ සාමාන්‍ය රට වැසියන් ලෙස අප අදහසක්‌ පළ කළ යුතුව ඇත. සාකච්ඡාවකදී උත්තර දෙන්නේ අසන ලද ප්‍රශ්නවලට බැවින් සමහර කරුණු පිළිබඳව අදහස්‌ පළනොවීම පිළිබඳව එතුමාට නිදහසට කරුණක්‌ ඇත. එහෙත් පාඨකයාගේ ප්‍රශ්නවලටද විද්වතුන්ගෙන් පිළිතුරු ලබාගත හැකි නම් එය ඉතා යහපත් දෙයක්‌ බවට සැකයක්‌ නැත. එම නිසා මෙම අදහස්‌ වලටද දිවයින පුවත්පතේ ඉඩ විවර වෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. 

එම සාකච්ඡාව මගින් ඉතා වැදගත් කරුණු ප්‍රමාණයක්‌ දැනගැනීමට මහජනයාට හැකියාව ලැබිණි. නමුත් ප්‍රධාන කරුණක්‌ වූ පළිබෝධනාශක වල නීතියෙන් තහනම් කොට ඇති උග්‍ර විෂ සහිත ආසනික්‌ සහ රසදිය අඩංගු වීම පිළිබඳව වචනයක්‌වත් සඳහන් නොවීම බලවත් අඩුපාඩුවකි. ආසනික්‌ පරිසරයට එකතුවන්නේ කෙසේද යන මූලික ප්‍රශ්නය මඟ හැර එහි පසු ප්‍රතිඵල වන ජලයේ හෝ ආහාරවල ආසනික්‌ අඩංගු වීම සහ අවසානයේ ඒවා මිනිස්‌ සිරුරට ඇතුල් වී රෝගාබාධ ඇතිවීම පිළිබඳව කථා කළ හැකිද?

මේ වන විට රේගුව මගින් අත්අඩංගුවට ගත් පළිබෝධනාශක වෙළෙඳනාම 70 ක ආසනික්‌ සහ රසදිය සැලකිය යුතු ප්‍රමාණවලින් තිබෙන බවට පළිබෝධනාශක රෙජිස්‌ටාර්වරයාට වාර්තාකොට ඇත. කැලණිය - රජරට පර්යේෂණ කණ්‌ඩායමද පළිබෝධනාශක වෙළෙඳනාම 28 ක ආසනික්‌ සහ තවත් 13 ක රසදිය අඩංගු වන බව සොයාගෙන ඇති බව පුවත්පත් මගින් ප්‍රකාශයට පත්විය. රේගුව විසින් කැලණි විශ්වවිද්‍යාලයේදී අදාළ සමාගම්වල නියෝජිතයන් ඉදිරිපිටදීම සිදුකළ පරීක්‍ෂණ මගින් තහවුරු කළ ප්‍රතිඵල වෙනත් රජයේ (නම සඳහන් නොකළ) පරික්‍ෂණාගාරයකදී දෙවන වරටද තහවුරු කළ බව වාර්තාවේ.

මේ තත්ත්වය භයානක තත්ත්වයක්‌ නොවේද? ඒ පිළිබඳව තවදුරටත් සොයා බැලිය යුතු නැත්ද? එම ආයතන වල පරික්‍ෂණ විධික්‍රම පිළිගත නොහැකි නම් පිළිගත හැකි ක්‍රම මොනවාදැයි ප්‍රකාශ කළ යුතු නැත්ද? තහනම් කළ විෂ රසායන ද්‍රව්‍ය රට තුළට ආනයනය කිරීම පිළිබඳ කිසිවකු වගකිව යුතු නැත්ද? එමෙන්ම අනාගතයේදී එසේ ආසනික්‌ හෝ රසදිය අඩංගු පළිබෝධනාශක රට තුළට ආනයනය කිරීම වැළැක්‌වීම සඳහා පියවර ගතයුතු බව විද්වතුන් පිළිගන්නේ නැත්ද?

මහාචාර්ය ඉලේපෙරුම මැතිතුමා කියන ආකාරයට ආසනික්‌ හෝ රසදිය පරිසරයට එකතුවීම සහ රජරට වකුගඩු රෝගය අතර කිසිදු සම්බන්ධයක්‌ නැතැයි අප මොහොතකට පිළිගනිමු. එහෙත් පළිබෝධනාශකවල ආසනික්‌ සහ රසදිය බිඳක්‌වත් අඩංගු නොවිය යුතු බවට ලොව පුරා නීති පනවා ඇත්තේ ඒවා කුමන හෝ ආකාරයට ශරීර සෞඛ්‍යයට අහිතකර වන නිසා නොවේද? ශරීරයේ විවිධ කොටස්‌වලට සහ සෛලවලට පහරදෙන මේ විෂ වර්ග වල ක්‍රියාකාරීත්වය පිළිබඳව ලෝකය පුරා විශාල පර්යේෂණ දත්ත සහිත සාක්‍ෂි ප්‍රමාණයක්‌ ප්‍රකාශයට පත්වී ඇත. පළිබෝධනාශක වල මේ විෂ වර්ග අන්තර්ගත වුවහොත් මහජන සෞඛ්‍යයට හානි සිදුවන බව පිළිගැනීමට මහාචාර්යතුමාට තව කොපමණ සාක්‍ෂි අවශ්‍යද? මෙම සාක්‍ෂි එතුමාම කියන ආකාරයට විද්‍යාත්මක සභාවල විවාවදයට ලක්‌වූ ඒවා පමණක්‌ නොව පළිබෝධනාශක වෙළෙඳාම පිළිබඳ "රොටර්ඩෑම් ප්‍රකාශනය" "ස්‌ටොක්‌හෝම් ප්‍රකාශනය" අත්සන් කිරීමට ලෝක ප්‍රජාව පෙළඹවූ සාක්‍ෂි බවද රහසක්‌ නොවේ. අනෙක්‌ කාරණය එතුමාම කියන විද්‍යාත්මක ක්‍රමයට අනුව මේ අවස්‌ථාව වන විට ඉදිරිපත් වී ඇති සාක්‍ෂි මත පමණක්‌ පදනම් වී රජරට වකුගඩු රෝගයට හේතුව එම ප්‍රදේශවල ජලයේ අධික ෙµdaලෝරයිඩ් ප්‍රතිශතයක්‌ තිබීම බව එකහෙළා ප්‍රකාශ කළ හැකිද? ඒ සඳහා තව බොහෝ වෛද්‍ය ක්‍ෂේත්‍රවල දීර්ඝ කාලීන සහ පුළුල් පර්යේෂණ අවශ්‍ය බව පිළිගැනීම මගින් රටට මෙන්ම මහජනයාට අවැඩක්‌ සිදුනොවන බව අපගේ පිළිගැනීමයි. ආසනික්‌ සහ වකුගඩු රෝගය පිළිබඳවද කලබලකාරී මත පළ නොකර තවදුරටත් පර්යේෂණ කළ යුතු බව පිළිගැනීම මගින්ද රටට අවැඩක්‌ වන්නේ නැත. එය වඩාත් දියුණු විද්වත් හැසිරීමක්‌ බව අපගේ විශ්වාසයයි. නමුත් ඒ කාලය තුළ සමාගම්වල ලාභය වැඩිකර ගැනීම සඳහා තහනම් කළ උග්‍ර විෂ වර්ග රට තුළට ආනයනය කිරීමට අදාළ චෝදනා පිළිබඳව මුනිවත රැකීම කිසිදු රටවැසියකුගේ යුතුකම නොවේ.

මහාචාර්යතුමා පවසන ආකාරයට පළිබෝධනාශක වල හෝ ජලයේ හෝ ආහාරවල විවිධ ස්‌වරූපයෙන් තිබෙන ආසනික්‌ ප්‍රමාණයන් වඩාත් නිවැරදිව හඳුනාගැනීම සඳහා නව ක්‍රම සොයාගැනීම අවශ්‍ය නැත. එහෙත් එසේ තිබෙනවා නම් හොඳ බව කීමට එතුමා නිහතමානි වී ඇත. අද අප යොදාගන්නා පරීක්‍ෂණ විධි ක්‍රම සහ සම්මතයන් ක්‍රම ක්‍රමයෙන් දියුණු වූ සහ වෙනස්‌ වූ ඒවා බව අප කුඩා කාලයේදීම ඉගෙන ගෙන ඇත. ඒ අනුව නව ක්‍රමයක්‌ තිබේ නම් ඒ පිළිබඳව සොයාබලා ඊට අදාළ සම්මතයන් තහවුරු කිරීමට දායකවීමද ඔහුගේ රාජකාරියේම කොටසක්‌ බව අපි විශ්වාස කරමු.

මේ වන විට ඉතා පැහැදිලිව පෙනෙන්නට තිබෙන ආකාරයට වකුගඩු රෝගයට හේතුව පිළිබඳව පමණක්‌ නොව ආසනික්‌ පරික්‍ෂා කරන ආකාරය පිළිබඳවද විද්වතුන් අතර එකඟතාවක්‌ නැත. එසේම කාර්මික පර්යේෂණ ආයතනයේ විශ්වාසනීයත්වය පිළිබඳවද විවිධ පාර්ශ්වවලින් සාක්‍ෂි සහිතව චෝදනා එල්ල වී ඇත. එවැනි තත්ත්වයක්‌ තුළ ආයතන කිහිපයකදී පොදු සම්මතයන්ට යටත්ව පරීක්‍ෂණ නැවත සිදුකළ යුතු බව ජ්‍යෙෂ්ඨ මහාචාර්යතුමා වැනි අයකුගේ මුවින් ප්‍රකාශ වුණා නම් එය කොතරම් අගනේද? එය ඔහුගේ අපක්‍ෂපාතිත්වය තහවුරු කිරීමට හේතුවක්‌ විය හැකිව තිබිණි.

මහාචාර්ය ඉලේපෙරුම මහතා ආසනික්‌ පරීක්‍ෂණ ක්‍රමවේද පිළිබඳව කතා කිරීමේදී පොදුවේ භාවිත වන පරමාණුක අවශෝෂණ වර්ණාවලික්‍ෂ යන්ත්‍රය පිළිබඳව සඳහන් කර තිබිණි. නමුත් එම යන්ත්‍රයට සාම්පල යොමු කිරීමට පෙර පළිබෝධනාශකවල කාබනික ද්‍රව්‍ය ජීර්ණය කිරීමේ ක්‍රමවේද වල ඇති වෙනස්‌කම් පිළිබඳ සඳහන් කළේ නැත. එසේ සඳහන් කළා නම් කාර්මික පර්යේෂණ ආයතනය භාවිතකරන ජීරණය කිරීමේ ක්‍රමවේදය සහ කැලණිය විශ්වවිද්‍යාලයේ ජීරණ ක්‍රමවේදය අතර ඇති වෙනස ප්‍රතිපල වලට බලපාන්නේ කෙසේදැයි මහජනතාවට දැනගැනීමට හැකිවේ. මේ ජීර්ණ ක්‍රමවේදය තුළ උෂ්ණත්වය කොපමණ ප්‍රමාණයකින් ඉහළ යනවාද යන කාරණය මත ආසනික්‌ තිබෙන ප්‍රමාණය පමණක්‌ නොව තිබෙනවාද නැත්ද යන්න පවා තීරණය වන බව එතුමා ඉතා හොඳින් දන්නා කරුණකි. එම කරුණ ආසනික්‌ ගැටලුව විසඳීම සඳහා ඉතාම වැදගත් සහ තීරණාත්මක සාධකය බව අපගේ පිළිගැනීමයි. ඒ නිසා ඒ පිළිබඳව සඳහන් නොකිරීම බලවත් අඩුපාඩුවකි. 

කෙසේ වෙතත් මහාචාර්ය ඉලේපෙරුම මහතා සම්ප්‍රදායානුකූල කෘෂිකර්මාන්තය සහ ඓතිහාසිකව ආහාර සුරක්‍ෂිතතාව රැකීමට මුල් වූ සාධක පිළිබඳව ගැඹුරු හැදැරීමක්‌ නොකර "වැද්දෝ" කළා වගේ කළ නොහැකි බව පැවසීම එතුමාට තරම් නොවන ක්‍රියාවකි. එසේම අප රටේ රාජ්‍ය නායකයාගේ සිට පහළම පුරවැසියා දක්‌වා අති බහුතරය දෙවියන් බුදුන් අදහන මිනිසුන් බවට කිසිදු සැකයක්‌ නැත. දෙවියන් විශ්වාස කරන විද්වතකුගේ මනස තුළ පරිණත වූ පර්යේෂණ ප්‍රවාදයක්‌ නූතන බටහිර විද්‍යාත්මක ක්‍රමවේද අනුව පරීක්‍ෂාවට ලක්‌කිරීමට නොහැකි යෑයි මහාචාර්යතුමා විශ්වාස කරනවාද? ප්‍රවාද පහළ වන්නේ මිනිස්‌ සිත් තුළය. ඊට කොන්දේසි පැනවීමට කිසිවකුට අයිතියක්‌ තිබේද? "මහසෙන් දෙවියන්" හීනෙන් කිව් නිසා උදේ පාන්දරම මින්නේරි වැව් බැම්ම පරික්‍ෂා කළා යෑයි කියන විදානේ මහතා සහ එක්‌ රැයක නින්දෙන් නැගිට පර්යේෂණ ප්‍රවාදයක්‌ ඉදිරිපත්කරන විද්වතකු අතර ඇති වෙනස කුමක්‌ද? අපේ දේශීය දෙවිවරුන්ට වඩා වෙනස්‌ සර්වබලධාරි දෙවියකු විශ්වාස කළ නිව්ටන්ලාද ප්‍රවාද ඉදිරිපත් කළේ ඇස්‌පිල්ලන් ගසන නිමේශයකිනි. නමුත් ඒ සඳහා ඔහු දෙවියන්ගේ උදව් ඇතිව හෝ නැතිව බොහෝ කලක්‌ තම මනසේ චිත්තධාරා ඔස්‌සේ කිමිදුනු බව පිළිගැනීම අපහසු නැත. මේවා ගැන මෙසේ කීමට සිදුවන්නේ අපේ විශ්වවිද්‍යාලවල සිටින බොහෝ මහඇදුරුතුමන්ලා තමා මතවාද ඉදිරිපත්කරන සමාජයේ ගැඹුරු සමාජ, සංස්‌කෘතික සහ ආධ්‍යාත්මික පසුබිම පිළිබඳව දැනුමැත්තන් නොවන බව පෙනෙන නිසාය.

කෙසේ වෙතත් අවසාන වශයෙන් මහාචාර්ය ඉලේපෙරුම මහතා එතුමාගෙන් සරළ ප්‍රශ්න කිහිපයක්‌ ඇසීමට අවසර ලැබේනම් එය ඉතා අගයකොට සලකමි. දෙන ලද ගැටලුවකට හේතු සෙවීමේදී ඊට අදාළ සෘජු සහ අතුරු හේතු රාශියක්‌ එකිනෙක මත ක්‍රියාකළ හැකි බව ඔබතුමා පිළිගන්නවාද? ආසනික්‌ පසට සහ ජලයට එකතු වීමට මෙන්ම ඒවා ඒ තුළ රැඳෙන ආකාරය මත බොහෝ හේතු සාධක බලපානු ඇති බව පිළිගත නොහැකිද? එසේම ඒ සියලු සාධක සමානව තිබියදී ප්‍රදේශවාසීන්ගේ ජාන සංයුතිය අනුවද රෝගය පැනනැගීම හෝ නොගැනීම සිදුවිය හැකි බව ඔබතුමා පිළිගන්නවාද? ඒ අනුව පළිබෝධනාශක වල ආසනික්‌ තිබේනම් ඒවා පසට සහ ජලයට එකතුවිය හැකි බව සහ එසේ වුවහොත් මිනිස්‌ සිරුරට සහ පරිසරයට හානි සිදු විය හැකි බවට විවෘත මනසක්‌ සහිතව ක්‍රියාකිරීම ගැටලුව විසඳීම සඳහා මූලික කොන්දේසියක්‌ නොවන්නේද? 

දැනට රටේ නීතිමය ක්‍රියාවලිය තුළ අභියෝගයට ලක්‌වී ඇති ප්‍රධාන ගැටලුව ආසනික්‌ සහ රසදිය අඩංගු පළිබෝධනාශක ආනයනය කිරීම බව ඔබතුමා පිළිගන්නවාද? එසේනම් ආසනික්‌ නිසා වකුගඩු රෝගය හැදෙනවාද?, එසේ නැතහොත් සහල්වල ආසනික්‌ තිබෙනවාද යන කාරණා පිළිබඳව වාද විවාද කිරීමට පෙර ප්‍රධාන කාරණය පිළිබඳව කථාකළ යුතු නේද? එහෙත් ඔබතුමා වැනි ජ්‍යෙෂ්ඨ මහාචාර්යතුමකු එසේ නොකරන්නේ කුමක්‌ නිසාද?

පරීක්‍ෂණගාරයකට ෂීධ සහතිකයක්‌ තිබූ පමණින් මෑත කාලයේ මතුවූ ප්‍රධානතම මහජන සෞඛ්‍ය ප්‍රශ්නයකට අදාළ පරීක්‍ෂණ සඳහා එම ආයතනය මත පමණක්‌ විශ්වාසය තැබීම නුවණැති ක්‍රියාවක්‌ද?

ආසනික්‌ සහ රසදිය තිබෙනවා යෑයි කියන පළිබෝධනාශක විශ්වසනීය ලෙස පොදු සම්මතයන්ට යටත්ව අවම වශයෙන් පරික්‍ෂණාගාර 3 ක වත් නැවත පරික්‍ෂාකළ යුතු බව ඔබතුමා පිළිගන්නවාද?

ඔබතුමාට තෙරුවන් සරණයි.

වෛද්‍ය කේ. එම්. වසන්ත බණ්‌ඩාර

 

ජලයේ, සහල්වල හා පළිබෝධනාශකවල  ආසනික්‌ අඩංගු වීම පිළිබඳ සිද්ධිය සම්බන්ධයෙන්

SUNDAY, 07 JULY 2011 8:00 
ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ නිවේදනය

කැලණිය හා රජරට සරසවිවල පර්යේෂකයන් කණ්‌ඩායමක්‌ විසින් ප්‍රසිද්ධ කරන ලද තොරතුරු සමුදායක්‌ හේතුකොටගෙන සති කිහිපයක්‌ තිස්‌සේ විවාදාත්මක වාතාවරණයක්‌ ජනතාව අතර ඇති වී තිබේ.

ආනයනික පළිබෝධනාශකවල ආසනික්‌ අධික මට්‌ටම්වලින් අඩංගු බවත් එමගින් ගොවිබිම්වල පස සහ ජලය දූෂණය වීම හේතුවෙන් ආහාර සැපයුම්වලට ද තර්ජනයක්‌ එල්ල වී ඇති බවත් උතුරුමැද පළාතේ සුලබ නිදන්ගත වකුගඩු රෝගයට මේ තත්ත්වය වගකිව යුතු බවත් එම පර්යේෂකයන් කණ්‌ඩායම පවසයි.

ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයට මෙහි සත්‍යතාව සම්බන්ධයෙන් ප්‍රකාශයක්‌ සිදු කළ නොහැකි අතර දැනටමත් මේ පිළිබඳව නිසි ලෙස පරීක්‌ෂා කිරීමට සුදුසුකම් ඇති ආයතන විසින් අදාළ පරීක්‌ෂණ පවත්වා ඇත. එමගින් පෙන්නුම් කෙරෙන ප්‍රතිඵල මෙකී කණ්‌ඩායම පෙන්නුම් කළ ප්‍රතිඵලවලට පරස්‌පර වේ. කෙසේ වෙතත් දැනුම ලබාගැනීම හා ව්‍යාප්ත කිරීම අරභයා වන විද්‍යාත්මක ක්‍රමවේදය සම්බන්ධයෙන් මතු සඳහන් නිරීක්‌ෂණ ඉදිරිපත් කිරීමට අපි උත්සුක වන්නෙමු. ඒ මහජනතාව හා ජනමාධ්‍ය උදෙසා කෙරෙන මඟපෙන්වීමක්‌ වශයෙනි. 

පරීක්‌ෂණ මගින් අනාවරණය කරගැනෙන නවමු ප්‍රතිඵල සෙසු විද්‍යාඥයන් වෙත යොමු කර නිසි අගැයීමකට ලක්‌ කරගැනීම විද්‍යාඥයන් වෙතින් අපේක්‌ෂා කරනු ලැබේ. මෙකී අගැයීම් ක්‍රියාවලිය සාම්‍ය සමාලෝචනය (සම තත්ත්වයේ ස්‌වාධීන වියතුන් විසින් අගැයීමකට ලක්‌ කිරීම) හෙවත් peer review ලෙස හැඳින්වෙයි. මහජනතාව වෙත සිය පරීක්‌ෂණ ප්‍රතිඵල නිකුත් කිරීමට පෙර අදාළ ප්‍රතිඵල විද්‍යාඥයන් අතර ප්‍රකාශයට පත් කිරීම, ඉදිරිපත් කිරීම මින් අපේක්‌ෂා කෙරෙයි. පරීක්‌ෂණ ප්‍රතිඵල මහජන ප්‍රතිපත්ති, මහජන සුබසිද්ධිය කෙරෙහි බලපෑමක්‌ ඇති කරනසුලු නම් එහි ඇත්ත නැත්ත සොයා බැලීමට, ඒවා නැවත පරීක්‌ෂා කර බැලීමට සෙසු විද්‍යාඥයන්ට අවස්‌ථාවක්‌ දීම විශේෂයෙන් වැදගත් ය.

යම් හෙයකින් මෙකී පර්යේෂණ ප්‍රතිඵල මත පිහිටා වැදගත් ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට සිදු විය හැකි නම් එම පරීක්‌ෂණ, ජාත්‍යන්තර තත්ත්වයේ බලය ලත් හා පිළිගත් විශ්ලේෂණ පර්යේෂණාගාරයක දී නැවත සිදු කිරීම අතිශය තීරණාත්මක කටයුත්තක්‌ වේ. (බොහෝ විශ්වවිද්‍යාල විද්‍යාගාර මෙකී ප්‍රමිතිය සපරාලන්නේ නො වේ.) මහජන ප්‍රතිපත්ති කෙරෙහි විශේෂයෙන් ම ආනයන අපනයන වැනි ජාත්‍යන්තර මානයක්‌ සහිත ප්‍රතිපත්ති කෙරෙහි බලපාන විද්‍යාත්මක සොයාගැනීම්, විද්‍යාත්මක වටිනාකමක්‌ සහිතව, නීති මගින් අභියෝගයට ලක්‌ කළ නොහැකි වන සේ සහ ජාත්‍යන්තර සම්මුතීන්ට එකඟව සිදු කර තිබිය යුතු ය. යම් හෙයකින් මීට පෙර අත්හදාබලා නොමැති නව ක්‍රමවේදයක්‌ යම් ප්‍රතිඵලයක්‌ ලබා ගැනීමට භාවිත කර ඇත්නම් එය පිළිගත් ක්‍රමවේදයන් සමග සහ සම්මත නියෑදි භාවිත කරමින් සුපරීක්‌ෂාකාරීව තහවුරු කරගෙන සිටිය යුතු ය. 

පෙර සඳහන් කර ඇති කණ්‌ඩායමේ පරීක්‌ෂණ ප්‍රතිඵල සාම්‍ය සමාලෝචනයට ලක්‌ කර නොමැත. මෙහි යම් ප්‍රතිඵල ලබා ගැනීම සඳහා නව ක්‍රමවේද භාවිත කර ඇති බව ද පැවසෙන නමුත් එම ක්‍රමවේදය තහවුරු කෙරෙන සාක්‌ෂි ඉදිරිපත් කර නොමැත. ඒ වෙනුවට පෙනී යන්නේ පරීක්‌ෂණ ප්‍රතිඵල ඉක්‌මනින් ප්‍රසිද්ධියට පත් කිරීමේ උත්සාහයක්‌ තිබී ඇති බව ය. මෙවන් පසුබිමක්‌ යටතේ කෘෂිකර්ම අමාත්‍යංශය, පළිබෝධනාශක රෙජිස්‌ට්‍රාර්වරයා ඇතුළු බලය ලත් අධිකාරීන් කටයුතු කර ඇත්තේ ඉතා ම වගකීමෙන් වන අතර මෙකී ප්‍රතිඵල තහවුරු කරගැනීම සඳහා ඔවුන් විසින් අදාළ නියෑදි ඉදිරිපත් කරන ලද්දේ පිළිගත් හා බලය ලත් පර්යේෂණායතනය වන කාර්මික තාක්‌ෂණ ආයතනය වෙත ය.

යම් හෙයකින් උතුරු මැද පළාතේ පසෙහි හා ජලයෙහි ආසනික්‌ සොයාගන්නා ලද්දේ වුව ද එසේ ආසනික්‌ පැවතීම නිදන්ගත වකුගඩු රෝගයට හේතුව ආසනික්‌ යෑයි පිළිගැනීමට ප්‍රමාණවත් සාක්‌ෂියක්‌ නො වේ. එබැවින් ආසනික්‌ හා නිදන්ගත වකුගඩු රෝගය අතර සම්බන්ධය පිළිගැනීම පිණිස පර්යේෂකයන් විසින් යොදා ගන්නා ලද සවිස්‌තරාත්මක ක්‍රමවේද මෙන්ම ජල මූලාශ්‍ර නියෑදිකරණයට ලක්‌ කළ ආකාරය, නියෑදි එකතු කරගත් ආකාරය, භාවිත කළ විශ්ලේෂණ ක්‍රමවේදය හා එය තහවුරු කරගත් ආකාරය සහ සවිස්‌තරාත්මක ප්‍රතිඵල, හැකි ඉක්‌මනින් සාම්‍ය සමාලෝචනය පිණිස ප්‍රසිද්ධියට පත් කරන ලෙස හෝ ඉදිරිපත් කරන ලෙස අපි ඉල්ලා සිටිමු. 

ජනතාව ගේ ජීවිතය හා ජීවන රටාව කෙරෙහි මහත් වූ බලපෑමක්‌ සහිත ප්‍රකාශ වගකීමකින් තොර ව ප්‍රසිද්ධියට පත් කිරීම මගින් නව විද්‍යාත්මක දැනුම ඉදිරිපත් කිරීමෙහි පිළිගත් සම්ප්‍රදායන් උල්ලංඝනය කිරීම, මෙරට විද්‍යාව සහ විද්‍යාත්මක විමර්ශන ප්‍රවර්ධනය පිණිස කැප වූ සංවිධානයක්‌ ලෙස අපි බරපතළ කාරණයක්‌ ලෙස සලකමු.

මේ අතර කැලණිය කණ්‌ඩායමේ සොයාගැනීම්වල විශ්වසනීයත්වය සැකයට බඳුන් වීමට තුඩු දෙන තවත් බරපතළ කාරණයක්‌ වෙයි. ඒ මෙකී කණ්‌ඩායමේ නියමුවා වගකිව යුතු තනතුරක්‌ දැරුව ද ප්‍රසිද්ධ මාධ්‍ය හරහා හඳුනාගන්නට ලැබී ඇති ආකාරයට "බටහිර" විද්‍යාව විවෘතව ම ගර්හාවට ලක්‌ කරන්නකු වීම ය. සිය කණ්‌ඩායමෙහි, තොරතුරු පමණක්‌ නො ව ක්‍රමවේද ද සැපයීමේ මූලාශ්‍රය සම්‍යක්‌ දෘෂ්ටික දෙවිවරුන් බව ද ඔහු ප්‍රසිද්ධියේ ම පවසා තිබේ. ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය, බොහෝ විද්‍යාඥයන් තදින් ම ආගමික නැඹුරුවක්‌ සහිත පුද්ගලයන් බව පිළිගන්නා අතර ම අද්භූත දෑ පිළිබඳ ඇදහිලිවලට විද්‍යාව තුළ ඉඩක්‌ නොමැති බව තරයේ ප්‍රකාශ කිරීමට කැමැති ය. එමෙන් ම මෙවැනි මූලාශ්‍රයකින් පෝෂණය වූ විද්‍යාත්මක ප්‍රතිපල අතිශයින් ම සැක උපදවනසුලු වන්නේ සොයාගැනීම සිදු කළ අය ගේ මේ අරභයා වන පක්‌ෂග්‍රාහීත්වය ද සැලකිල්ලට ගන්නා විට ය.

මේ කණ්‌ඩායමට අයත් සෙසු පර්යේෂකයන් සැබෑ විද්‍යාඥයන් ලෙස පිළිගැනීමට ලක්‌ වීමට නම් සිය කණ්‌ඩායම් ප්‍රධානියා ගේ මෙවැනි අසම්මත ප්‍රකාශවලින් බැහැර වීමට වගබලාගත යුතු බව ද අපි සඳහන් කිරීමට කැමැත්තෙමු.

අවසන් වශයෙන්, විද්‍යා පීඨයක පීඨාධිපතිවරයා ගේ අරමුණ විද්‍යාව පහළට ඇද හෙළීම සහ එය නිග්‍රහයට ලක්‌ කිරීම වීම ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය අතිශයින් ම අවාසනාවන්ත තත්ත්වයක්‌ ලෙස සලකයි. 

(ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ මාධ්‍ය සම්පත් කමිටුව විසින් ජනමාධ්‍ය වෙත නිකුත් කරන ලද නිවේදනයකි) 
 
 

                                                                                                          

ආසනික්‌ තිබෙන බව ඔප්පු කළ  පර්යේෂණ ක්‍රමවේදය රටට හෙළි කරන්න
ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග

SUNDAY, 07 JULY 2011 8:00

අමල් උඩවත්ත - VIDUSARA

"පෝෂණය පිළිබඳ කතිකාවත හුදෙක්‌ ම සෞඛ්‍යය හා සම්බන්ධ වූ කතිකාවතක්‌ ම නො වෙයි. මේ සඳහා වෛද්‍යවරුන් ගේ උපදෙස්‌ හා මඟපෙන්වීම් අවශ්‍ය වනවා. ඒත් මේ සම්බන්ධව මූලිකව ක්‍රියා කළ යුත්තේ මේ රටේ සිටින මාපියන් හා වැඩිහිටියන්." යනුවෙන් ජුනි 24 වැනි දින කොළඹ වෛද්‍ය පර්යේෂණායතනයේ ජාතික පෝෂණ මාසය වෙනුවෙන් පැවැති මාධ්‍ය සම්මන්ත්‍රණයේ දී ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා පැවසී ය. "මට මතකයි අපේ ගෙවත්තේ සැම ආහාර බෝගයක්‌ ම තිබුණා. ඒ නිසා අපිට පිරිසිදු පෝෂ්‍ය ජනක ආහාර අනුභව කිරීමට හැකි වුණා. කඩෙන් ගෙනාවේ නෑ. කාපු බත් පිරිසිදුයි. අද සරු ගෙවතු දක්‌නට ලැබෙන්නේ නෑ. ඒ නිසා ගෙවතු වගාව ආර්ථික සංවර්ධන අමාත්‍යතුමා ගේ ප්‍රධානත්වයෙන් රටපුරා ව්‍යාප්ත කරගෙන යනවා. මෙයින් අදහස්‌ කරන්නේ තමන් ගේ දරුවන්ට අවශ්‍ය පෝෂ්‍යදායි ආහාර ගෙවත්තෙන් ම ලබාගැනීමේ ක්‍රමයක්‌ හඳුන්වා දීමයි. තමන් වෙසෙන කලාපයට හා ප්‍රදේශයට අනුව වගා කළ යුතු හා වගා කළ හැකි බෝග මොනවා ද යන්න පිළිබඳව මෙයින් අවබෝධයක්‌ ලබා දෙනවා. මේ වැඩපිළිවෙළ පරපුරකට පමණක්‌ සීමා නො වී පරපුරෙන් පරපුරට යා යුතුයි" යනුවෙන් ද ඒ මහතා පැවසී ය. 

මෙහි දී මාධ්‍යවේදියකු විසින් රජරට සහල්වල ආසනික්‌ තිබීම පිළිබඳව නගන ලද ප්‍රශ්නයට පිළිතුරු දුන් ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා. "මම රසායන විද්‍යාඥයෙක්‌ නෙවෙයි. ඒත් විද්‍යාව ඉගෙන ගත් අයකු ලෙසත් මගේ ප්‍රථම උපාධියට රසායන විද්‍යාව අධ්‍යයනය කළ අයකු ලෙසත් සහල්වල ආසනික්‌ තිබීම පිළිබඳව අදහසක්‌ දක්‌වන්න කැමැතියි. කවුරු හරි කියනව නම් රජරට සහල්වල ආසනික්‌ තිබෙනවා කියලා ඔවුන් ගේ පර්යේෂණ ක්‍රමවේදය පිළිබඳව පැහැදිලි කළ යුතුයි. ආසනික්‌ නැති බව සහතික කළේ කලකට පෙර සී. අයි. එස්‌. අයි. ආර්. කියල හඳුන්වපු අද කාර්මික තාක්‍ෂණ ආයතනය හෙවත් අයි. ටී. අයි. ආයතනයයි. මේක රජයේ පැරැණි පර්යේෂණායතනයක්‌.

මෙහි සිටින නිලධාරීන් සුදුසුකම් ලත් පර්යේෂකයන්. අධ්‍යක්‍ෂ ආචාර්ය මුබාරක්‌ මගේ සමකාලීනයෙක්‌. ඔහු රසායන විද්‍යාව පිළිබඳ කෙම්බ්‍රිඡ් විශ්වවිද්‍යාලයයේ ආචාර්ය උපාධිලාභී අයෙක්‌. ඒ නිසා පර්යේෂණ ප්‍රතිපල වරදින්න විදියක්‌ නෑ. අපි ගන්නා ආහාරවලත් සහල්වලත් විෂ රසායන ද්‍රව්‍ය සුළු වශයෙන් තිබෙන්න පුළුවන්. ඒත් හානිකර මට්‌ටමට ආවොත් පමණයි හානියක්‌ සිදු වෙන්නේ. එවැනි තත්ත්වයක්‌ තහවුරු වී නැති නිසා මම බය නැතිව බත් කනවා. කවුරු හරි කිව්වොත් ආසනික්‌ තිබෙනවා, බත් කන්න එපා කියල මම සහතිකය දිහා බලලයි තීරණය ගන්නේ. මම ඊයේ ගොවි සමුළුවකට සහභාගි වුණා. එහි සිටි සියලු ම ගොවීන් කිව්වේ අපි හදන හාල් අපි ම කනව කියල. හොඳයි සහල්වල ආසනික්‌ තිබෙනවා කියමු. මම අහන්නේ ආසනික්‌ තිබෙන බවට ඔප්පු කරන ක්‍රමවේදය කුමක්‌ ද කියල පෙන්වා දෙන්න කියලයි. ඒ නිසා මට කියන්න තිබෙන්නේ රජයේ පර්යේෂණයකින් දී තිබෙන සහතිකයට අනුව මිනිස්‌ ජීවිතයට හානි කරන මට්‌ටමේ ආසනික්‌ සහල්වල නැති බවයි. රජයේ ස්‌ථාවරයත් මෙයයි." යනුවෙන් පැවසී ය.

 

ආසනික්‌ ප්‍රශ්නයට ධාර්මික විසඳුමක්‌

SUNDAY, 07 JULY 2011 8:00

අනගාරි
ක ධර්මසේකර


ආසනික්‌ ප්‍රශ්නය ගැන ලියන මම රසායන විද්‍යාව හදාළ උගතෙක්‌ නොවේ. එහෙත් අඩසියවසකට වැඩි දැනුවත් ජීවිත අත්දැකීමෙන් දසක ගණනාවක සමාජ භාවිතාවෙන් හා විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් ලැබූ අවබෝධයට අමතරව බෞද්ධ චින්තනයෙන් ලැබූ හික්‌මීම උපයෝගී කරගෙන සතර අගතියෙන් තොරව ආසනික්‌ ප්‍ර්‍රශ්නය විග්‍රහ කරමින් ධාර්මික වූ සාධාරණ විසඳුමක්‌ ඉදිරිපත් කිරීමේ හැකියාව මා සතුව තිබේ.

තවද මා තුළ කිසිවකුගේ අදහස්‌ පරාජය කර ජය ලැබීමේ අරමුණක්‌ද නැති බව සඳහන් කළ යුතුය. මා ආසනික්‌ ප්‍රශ්නය දෙස බලන්නේ ජනතාවත් ජනතාවට හිතකර සියලු සතුනුත් අප හැමගේ පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය වූ ගස්‌, වැල්, පැළෑටි වලත් ආරක්‍ෂාව අරමුණු කරගෙනය.

පෙරදිග රටවල ජනතාවන් මෙන්ම බටහිර රටවල ජනතාවන්ද ලොවට වැඩදායක වූ කොතෙකුත් නිර්මාණය කර තිබේ. එහෙත් වස්‌තු කාමයෙන්, බලකාමයෙන් හා විවිධාකාර ක්‌ලේශ කාමයන්ගෙන් අන්ධවූ අධිපතිවාදී බටහිර බලවතුන් තමන්ගේ පටු පහත් අරමුණු ඉටුකරගැනීම සඳහා කොතෙකුත් අපරාධ කර ඇත. ලතින් ඇමරිකාව යටත් කර ලතින් ඇමරිකානු වාසී මායා, ඉන්කා, ඇස්‌ටෙත් ආදී ස්‌වදේශීය ජනතාවන්ගෙන් සියයට අනූවකට වැඩි සංඛ්‍යාවක්‌ වනසා දමා මුළුමහත් ලතින් ඇමරිකානු කලාපය ස්‌පාCඳ්Cඳ හා පෘතුග්‍රීසි භාෂා කථා කරන, කතෝලික ආගම අදහන යටත් විජිත ප්‍රදේශයක්‌ බවට පත්කරගත් යුරෝපීය බලවත්තු සමූහ ඝාතන ක්‍රියාවලදී අවිබලය මෙන්ම වසවිසද උපයෝගී කරගෙන ඇත. ලතින් ඇමරිකානු ස්‌වදේශීය ජනයා සමූහ වශයෙන් ඝාතනය කිරීම සඳහා ස්‌වදේශීයයන් වතුර බොන ළිං වලට පවා වස දැමූ බව රහසක්‌ නොවේ. එය ලතින් ඇමරිකාවට සීමාවූයේ නැත. ඕස්‌ටේ්‍රලියාවේදී පවා ස්‌වදේශීයයන් සමූහ ඝාතනය කිරීම සඳහා වස විස උපයෝගී කරගෙන ඇත. විරුද්ධවාදීන් හා ප්‍රතිවිරුද්ධ මත දරන්නන් ඝාතනය කිරීම සඳහා වස විස යොදා ගැනීමේ බටහිරට හුරු පුරුදු කුරිරු ක්‍රියාමාර්ගය තුළ සොක්‍රටීස්‌ට වස පානය කරන්නට සැලැස්‌වීම වැනි මහා ෙ€දවාචකයන්ද වේ. මෑත අතීතයට අයත් රස්‌පුටින් සොක්‍රටීස්‌ මෙන් ශ්‍රේෂ්ඨයකු නොවූවත් රස්‌පුටින් ඝාතනයට යොදා ගත්තේද ආසනික්‌ වර්ගයට අයත් වස බව හෙළිවී තිබේ. එහෙත් මුළු බටහිර සමාජයම ලොවට වස කවන්නවුන් නොවේ. බටහිර රටවල යුක්‌තිකාමී ජනකොටස්‌ වස වෙළෙ¹මට විරුද්ධ බවට සැකයක්‌ නැත.

පෙරදිග හෝ බටහිර වේවා උතුම් මාතෘත්වය හඳුනාගත් කිසිදු මවක්‌ හෝ පිතෲත්වයේ ශ්‍රේෂ්ඨත්වය හඳුනාගත් කිසිදු පියෙක්‌ මනුෂ්‍ය ඝාතනය හෝ සත්ව ඝාතනය සඳහා වස යොදා ගැනීම අනුමත කරන්නේ නැත. සාපරාධී වියට්‌නාම් ආක්‍රමණික යුද්ධයට එරෙහිව චීනයේ හා රුසියාවේ හැරුණු විට විශාලතම පෙළපාලි පැවැත්වූයේ ඇමෙරිකා එක්‌සත් ජනපදයේ මව්වරුන් හා පියවරුන් බව අප අමතක නොකළ යුතුය. 

එසේ වුවත් පෙරදිග බෞද්ධ චින්තනයේ දැක්‌වෙන සම්මා ආජීව මාර්ගයේදී මෙන් වස විස නිපදවීමත්, වෙළෙ¹මත්, සතුන් මරා මස්‌ විකිණීමත්, සුරා නිෂ්පාදනයත්, විකිණීමත් වහල් වෙළෙ¹මත් මෑතක්‌ වනතුරු බටහිර දෘෂ්ටිය මගින් ප්‍රතික්‍ෂේප කර තිබුණේ නැත. වහල් වෙළෙ¹ම අවසන් කිරීම සඳහා ඇමරිකා එක්‌සත් ජනපදයට නායකත්වය දුන් ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිතුමාට අභ්‍යන්තර සිවිල් යුද්ධයට මුහුණ දෙන්නට සිදු විය.

බෞද්ධ චින්තනයට අනුව වසවිස නිෂ්පාදනයත් වස වෙළ¹මත් අයත් වන්නේ මිච්ඡා කම්මන්තයටය. මසට සතුන් ඇතිකර මැරීමත් මස්‌ විකිණීමත් අයත් වන්නේද මිච්ඡා කම්මන්තයටය. මත්වන දේ නිෂ්පාදනයත් අලෙවියත් අයිතිවන්නේද මිච්ඡා කම්මන්තයටය. එහෙත් බෞද්ධයෑයි කියා ගන්නා අපේ රටේ දේශපාලනය මගින් වස විස නිෂ්පාදනය හෝ අලෙවි කිරීම හෝ වගා කටයුතු සඳහා යොදාගැනීමේ තහනමක්‌ නැත. ගොයම් මැස්‌සෙක්‌, මීමැස්‌සෙක්‌, බඹරෙක්‌ තබා ශක්‌තිමත් ගොවියකු ද පළිබෝධ නාශක වස පානය කළහොත් මරණය සිදුවේ. දිවි නසාගැනීමට පළිබෝධ නාශක වස විස යොදා ගන්නා ශක්‌තිමත් ගොවීන් හා ශක්‌තිමත් තරුණ තරුණියන්ගේ ෙ€දජනක අත්දැකීම් මගින් පළිබෝධ නාශක බොහොමයක්‌ ආසනික්‌ අඩංගු මාරාන්තික වස බව ඔප්පු වුවත් දසක ගණනාවක්‌ තිස්‌සේ බෞද්ධ නායකයන් සහිත ශ්‍රී ලංකාවේ වස වෙළ¹ම රට පුරා ව්‍යාප්තව ගොස්‌ තිsබිණි. ගොයම් මැස්‌සන් හා එළවළු, පලතුරු ආදියට හානිකරන කෘමි වර්ග කීපයක්‌ මැඩලීම සඳහා එමෙන් සිය දහස්‌ ගුණයක්‌ වූ මිනිසාට හිතකර කනමී, මීමැසි, බඹර, සමනල්, පක්‍ෂි, මත්ස්‍ය, උරග, මැඩි ආදී සතුන් ප්‍රකෝටි ගණනින් ඝාතනය කරන කෘමිනාශක වස විස භාවිතය නිදහසින් පසු ශ්‍රී ලංකාවේ ඇතිවූ හැම ආණ්‌ඩුවක්‌ මගින්ම අනුමත කර ඇත. එහෙයින් පසුගිය දශක කීපය තුළ වකුගඩු රෝගීන් විසිදහකට වැඩි සංඛ්‍යාවක්‌ අකාලයේ මියයැමට හා තවත් විසිපන්දහසක්‌ පමණ මරණ වරෙන්තුව අතින් හිතින්ගෙන ලේ පිරිසිදු කිරීමේ යන්ත්‍රයට ජීවිතය භාරදී දුක්‌ත ජීවිතයක්‌ ගෙවන්නවුන් බවට පත්ව සිටීමත් රහසක්‌ නොවේ.

දේශීය වෛද්‍ය ක්‍රමයට හා ආයුර්වේද වෛද්‍ය ශාස්‌ත්‍රයට අනුවද වල්නාශක යොදවා විනාශ කරන පැළ වර්ගවලින් සියයට අනූගණනක්‌ම අගනා ඖෂධ හා ආහාරමය පලා වර්ග වේ. ගෝවා, ලීක්‌ස්‌, නෝකෝල්, බීට්‌, තක්‌කාලි හා සලාද කොළ ආදිය අගනා කෑම වර්ග ලෙස භාවිත කරන්නට පුරුදුවී සිටින අපේ සමාජය කූරතම්පලා, කටුතම්පලා, සාරණ, ගෙඳ පලා, ගිරාපලා, ලුණුqවිල, නීරමුල්ලිය, මොනරකුඩුම්බිය, මුඩමහන හා මීවන වර්ගයට අයත් රසගුණ පලාවර්ග රැසක්‌ විනාශ කරන්නට වල් නාශක යොදති. තේ වගාවේ ගොටු කොළ හා ඉරමුසු ආදිය ද වල් පැළෑටි ලෙස සැලකේ. බටහිර ආදර්ශයට අනුව කරන වී ගොවිතැනේදී ගොයම් ගස සමග කුඹුරුවල වැවෙන මහාර්ඝ ඖෂධයක්‌ හා ඖෂධීය ආහාරයන් වන ලුණුවිල, නීරමුල්ලිය, මුඩමහන හා ගිරිපලාද වල්නාශක යොදා විනාශ කළ යුතු වල්පැළෑටි සේ සැලකේ. බහුජාතික සමාගම් මගින් හා එම සමාගම්වල කොමිස්‌ කුට්‌ටිවලට යටවූ නිලධාරීන් හා දේශපාලනඥයන් විසින් දශක ගණනක්‌ තිස්‌සේ කරගෙන යනු ලැබූ සොබා පරිසර විරෝධී, ආයුර්වේද විරෝධී, ජීව විරෝධී පළිබෝධ නාශක වසවිස භාවිතය ප්‍රචලිත කිරීමේ ප්‍ර්‍රතිඵලයක්‌ වශයෙන් කිවුල් ජලය මෙන්ම ආසනික්‌ හා රසදිය වැනි වස විස එක්‌වීමට පහසු මැටි පසක්‌ සහිත රජරට විශාල ප්‍රදේශයක පස හා ජලය වස විසෙන් දූෂණයවී ඇත. එහි ප්‍රතිඵලය වී ඇත්තේ වකුගඩු රෝග ආදී මාරාන්තික රෝගාබාධ පැතිරීමයි. වකුගඩු රෝගවලට වඩාත් ගොදුරු වී ඇත්තේ කිවුල් ජලය සහිත ළිංවලින් වතුර බොන අය වීම නිසා ළිංවලට ආසනික්‌ එක්‌වූයේ කෙසේද? යන්න දුරදිග යන පරීක්‍ෂාවකට ලක්‌කළ යුතුව තිබේ. මායාවරුන් හා ඉන්කාවරුන් වනසන්නට ලතින් ඇමෙරිකාවේ ළිංවලට වස යෙදුවා වැනි සතුරු ක්‍රියාමාර්ගයක්‌ ශ්‍රී ලංකාවේද දියත් කරනු ලැබ තිබේද යන්න පවා ගැඹුරු විමසුමට ලක්‌විය යුතුය.

සියලුම පළිබෝධ නාශක වස විස වර්ග මාරාන්තික වස බවට සැකයක්‌ නැත. පසුගිය දසක ගණනාවක්‌ තිස්‌සේ රජරටත් රුහුණේත් ගොවිතැන ජීවනෝපාය මාර්ගය කරගත් අනෙක්‌ බොහෝ ප්‍රදේශවලත් තරුණ තරුණියන් හා ගොවීන් දිවි නසා ගැනීම සඳහා නිතර භාවිත කළේ පළිබෝධ නාශක වස විස ගණයට ගැනෙන කෘමිනාශක, වල්නාශක හා දිලීර නාශක බව රහසක්‌ නොවේ. දිවිනසා ගැනීම සඳහා පළිබෝධ නාශක භාවිත කළ ශක්‌තිමත් තරුණයන් පැය කීපයක්‌ තුළ ලේ වමනය කර මිය ගිය ෙ€දජනක විලාශය දැක පුරුදු ජනතාවට සියලු පළිබෝධනාශකයන් භයානක විෂ රසායනික සංයුතියකින් යුතු බව අමුතුවෙන් පැහැදිළි කළ යුතු නොවේ. රේගුව මගින් මේ වන විට රඳවාගෙන පරීක්‍ෂාවට ලක්‌කර ඇති පළිබෝධ නාශකවල මාරාන්තික ආසනික්‌ අඩංගු බව හෙළිවී ඇත. කෙසෙල් ගස්‌වල කඳවිදින ගුල්ලන් මර්දනය කිරීමට යොදා ගන්නා එක්‌තරා රසායනික ද්‍රව්‍යයක රසදිය අඩංගු බව සොයාගෙන තිබේ. ආසනික්‌ මෙන්ම රසදියද මිනිස්‌ ශරීරයේ සියලු ඉන්ද්‍රියයන්ට හානි පමුණුවට භයානක විෂ වර්ගයන්ය. රට පුරා අවිචාරවත් අන්දමින් සිදු කෙරෙන රසායනික විෂ සහිත කාර්මික අපද්‍රව්‍යයන් ගංගා, ඇළ, දොළ ආදියට එකතුවීමේ ප්‍රතිඵල බරපතල උවදුරු රැසකට හේතුවේ. මේ තත්ත්වයට විසඳුම් වශයෙන් සොබාපරිසර සංරක්‍ෂණය මුල්කරගත් වැඩපිළිවෙළක්‌ සමග ආහාරපා න ක්‍රම ඇතුළු ජීවන රටාවද වඩා යහපත් පිළිවෙළකට අනුව හැඩගස්‌වාගත යුතුය.

පළිබෝධ නාශක වසවිස යොදා ගනිමින් වගාකරන එළවළු, අල, පලා, පලතුරු ද භාවිතය වෙනුවට හැකිතරම් දුරට ස්‌වභාවිකව වැවෙන කෘමීන්ට හා දිලීර වර්ගවලට ඔරොත්තු දෙන එළවළු ආදිය භාවිතයට හුරුපුරුදු වියයුතුය. කුඹුරු හා වගුරුබිම් ආදී පහත්බිම් ආශ්‍රිතව ස්‌වභාවිකව වැවෙන ලුණුවිල, නීරමුල්ලිය, කිරිහැන්ද, සාරණ, කූරතම්පලා, කංකුං, මුකුණුවැන්න ආදී පලාවර්ගත් කඳුකරයේ පවා වැවෙන ගොටුකොළ, නිවිති, මීවන, තෙබු, අඟුණ ආදී රසගුණ පලාවර්ගත් වැඩිවැඩියෙන් ආහාරයට ගැනීම අංශ කිහිපයකින්ම ඵලදායක වේ. ස්‌වභාවිකව වැවෙන පලාවර්ග රසයෙන් මෙන්ම ගුණයෙන්ද උසස්‌ය. ඒවා රසායන පොහොර යොදා වගා කරන එළවළු පලාවර්ග මෙන් ඉක්‌මනින් මැලවී තැළී පොඩිවී කුණුවී යන්නේ නැත. වැටවල් දිගට වවන කතුරුමුරුංගා ගස්‌ වලින් ලබා ගන්නා මල් හා කොළත් මුරුංගා ගස්‌වලින් ලබා ගන්නා කරලුත් රසායනික පොහොර හා වසවිස භාවිතයෙන් තොරව නිපදවාගත හැකි රසගුණ ආහාරයන්ය. හිඟුරල, කොඬොල, රාජාල, බතල, මCඳ්ෙC¹ක්‌කා, කිරිඅල, ගහල, ඉන්නල ආදී දේශීය අලවර්ග කිසිදු පළිබෝධනාශක වසවිස භාවිතයෙන් හා රසායනික පොහොර යෙදීමෙන් තොරව නිපදවා ගතහැකි දේශීය ආහාරයන්ය. අඹ, බෙලි, දිවුල්, උගුරැස්‌ස, දෙහි, දොඩම්, දෙළුම්, වෙරළු ආදිය පළිබෝධ නාශක වස විස භාවිතයෙන් හා රසායනික පොහොර යොදා ගැනීමෙන් තොරව වගාකරගත හැකි රසගුණ පලතුරු වර්ග වේ. බත් වෙනුවට යොදා ගත හැකි ආහාරයක්‌ වන කොස්‌ මැල්ලුමත්, ගැටපොලොස්‌ ඇඹුලක්‌ හෝ කිරිකොස්‌ මාළුවක්‌ මෙන් විවිධාකාරයෙන් සකසා ගතහැක. එය වෙනත් ආහාරවලින් ශරීරගත වනවස විස සමනය කරන රස ආහාරයකි. එසේම ඉදුණු කොස්‌ රසගුණ වැල වරකා වශයෙන් පලතුරක්‌ ලෙස ආහාරයට ගත හැකිවේ. විවිධාකාරයෙන් සකසාගත හැකි දේශීය ආහාරයක්‌ වන කොස්‌ අනෙකුත් ආහාර මගින් ශරීරගත වනවස විස නසන ඖෂධීය පෝෂණ මාර්ගයක්‌ බවට හරවා ගැනීම හැම අතින්ම වැඩදායක වේ.

සාරණ වැනි දේශීය පලාවර්ග හා වෙරළු වැනි පලතුරු වර්ග බොහොමයක්‌ පිළිකා කාරකයන්ට එරෙහිව ක්‍රියාකර ඖෂය ආහාර වේ.

දිගු කලක්‌ තිස්‌සේ ලක්‌වැසි ජනතාවගේ ආහාර ක්‍රියාදාමයේ ප්‍රබල කොටසක්‌ව පැවැති කොස්‌ ඉදී, කුණුවී ගස්‌ යට වැටී යන තත්ත්වයක්‌ උදාවීම ජාතික වූ මහා සම්පතක්‌ නාස්‌තිවීමකි. එසේ වී ඇත්තේ කොස්‌ කඩන්නට ගස්‌ නගින වෘත්තීය ඵල නෙළන්නන් නැතිවීම නිසාය. එය ජාතික සම්පතක්‌ වූ කොස්‌ පලදාව මෙන්ම අඹ,බෙලි දිවුල් හා පොල් ඵලදාවන් නිසි ප්‍රයෝජනය ගැනීමට බාධාවක්‌වී තිබේ. එහෙයින් රට පුරා වන ග්‍රාමසේවා වසම් දාහතරහස්‌ ගණනට කොස්‌ පැළ, පොල්, බෙලි, දිවුල් හා අඹ ආදී ගස්‌වල පල නෙලන්නන් දෙදෙනා බැගින් තිස්‌දාහකට කිට්‌ටු පිරිසත් රජයේ සේවකයන් ලෙස බඳවා ගත යුතුව තිබේ. එක්‌ අයකුට රුපියල් විසිදාහ ගණනේ තිස්‌දාහක්‌ වැටුප් ගෙවා බඳවා ගත්තත් ඒ සඳහා වියදම් වන්නේ රුපියල් කෝටි හැටකි. එහෙත් එක අවුරුද්දකදී කොස්‌ කඩන්නට වෘතAතීය කම්කරුවන් නැතිකමින් වර්ෂයකට නාස්‌තිවී යන කොස්‌ ඵලදාව කෝටි පන්සියකට වඩා වැඩිවේ. වර්ෂයේ වැඩි කලක්‌ පලදරන රාජසිංහ පැණි වරකා පැළ පනස්‌ දෙදහසක්‌ රට පුරා බෙදාදී ඇති මගේ වැඩපිළිවෙළේ ප්‍රතිඵලයක්‌ වශයෙන් රට මේ වන විට වසරේ වැඩි කලක්‌ පළදරන කොස්‌ ගස්‌ දහදාහකට වැඩි ගණනක්‌ එක්‌වී තිබේ. එහෙත් කොස්‌ පැළ නෙලන්නට වෘත්තීය කම්කරුවන් නැතිකමින් වර්ෂයකට නාස්‌තිවී යන කොස්‌ ඵලදාව කෝටි සිය ගණනකට වැඩිවේ. ගස්‌ නගින්නට වෘත්තීය කම්කරුවන් නැතිකමින් නෙළාගත නොහැකිව නාස්‌තිවන අඹ, බෙලි, අලිපේර, දූරියන්, රඹුටන්, මැංගුස්‌, හා උගුරැස්‌ස ආදී පලතුරුවල වටිනාකමද කෝටි ගණනින් තක්‌සේරු කළ යුතුව තිබේ. 

කොස්‌ වගාවට හෝ අඹ, බෙලි, දිවුල්, දූරියන් වගාවන්ට පළිබෝධනාශක හෝ රසායන පෝර අවශ්‍ය නොවේ. එහෙයින් රසායන පෝර සඳහා මුදල් පිටරට ඇදී නොයවා මෙන්ම කොස්‌ ගස උපයෝගී කරගෙන ගවයින් හා එළුවන් ඇතිකිරීමෙන් පස සරුවන අතර කිරිආහාර මගින් තවත් ආදායම් මාර්ගයක්‌ පෑදේ. කොස්‌ගස්‌වලට බුලත් හා ගම්මිරිස්‌ වැල් යෑවීමම ද තවත් අමතර ආදායම් මාර්ගයක්‌ ලබන මගකි. අවසාන වශයෙන් සඳහන් කළ යුත්තේ µaලෝරයිඩ් සහිත ආසනික්‌ හා රසදිය අඩංගු පළිබෝධ නාශක භාවිතයෙන් දූෂිත වූ ජලය වෙනුවට රජය ජනතාවට කළු ගලෙන් පිරිසිදු පානීයම ජලය ලබාදෙන වැඩපිළිවෙළක්‌ සැකසියයුතු බවයි. ඒ පිළිබඳ විස්‌තරාත්මක වැඩපිළිවෙළක්‌ මවිසින් ලියාපළ කරන ලද zදියෙන් සනහා රකිමු ලංකාZ පොතෙන් හා zzජලකඳින් ගිනි නිවමුZZ පොතෙන් ඉදිරිපත් කර ඇත.

අනගාරික ධර්මසේකර



අපි බත් කමු

SUNDAY, 03 JULY 2011 8:00

කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨයේ පීඨාධිපති මහචාර්ය නලින් ද සිල්වා 

කැලණිය විශ්වවිද්‍යාලයේ රජරට වකුගඩු රෝගය සම්බන්ධයෙන් ගවේෂණය කරන කණ්‌ඩායමේ අරමුණ කුමක්‌ ද යන්න පැහැදිලි කරගත යුතු වන්නේ මේ වනවිට ඇතැම් රාජ්‍ය නිලධාරීන් හා පලිබෝධනාශක ආනයනය කරන සමාගම් ඒ සම්බන්ධයෙන් අමූලික අසත්‍ය පතුරුවා ඇති බැවිනි. එහි දී ඔවුහු තමන් විද්‍යාඥයන් ලෙස හඳුන්වාගන්නා විශ්වවිද්‍යාලයීය ආචාර්ය මහාචාර්යවරුන් හා ඊනියා පර්යේෂණ ආයතනවල සේවයකරන පර්යේෂකයන් යෑයි කියාගන්නා කිහිපදෙනකු ද යොදාගත්හ. තමන් වැටී සිටින දේශපාලන අගාධයෙන් ගොඩ ඒමට මඟක්‌ සොයන බංකොළොත් ජ.වි.පෙ. කථිකාචාර්යවරයකු අප ගවේෂණයට එරෙහිව අනෙක්‌ කථිකාචාර්යවරුන් පමණක්‌ නොව සිසුන් ද සංවිධානය කිරීමට ගත් උත්සාහයක්‌ පසුගිය දා ව්‍යර්ථ වී ගියේ සිසුන්ගේ දැඩි විරෝධය මධ්‍යයෙහි ය. මේ ජ.වි.පෙ. කථකාචාර්යවරයා හා තවත් එ.ජා.ප. හිතවත් ආචාර්යවරු තමන් සමඟ එකඟ නොවන කථිකාචාර්යවරුන්ට තම අදහස්‌ ප්‍රකාශ කිරීමටවත් ඉඩ නොදී තමන්ගේ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයේ සළුපිළි ගලවා නිරුවත් බව ප්‍රදර්ශනය කළහ. අද මේ කථිකාචාර්යවරු තමන්ට විරුද්ධ අදහස්‌ දරණ තරුණ තාවකාලික ගුරුවරුන්ට විශ්වවිද්‍යාලයෙන් අස්‌වී යන ලෙසට තර්ජනය කරති. විශ්වවිද්‍යාලයීය ආචාර්ය ධුරය විශේෂිත සම්භාවනීය ධුරයක්‌ ලෙස සලකමින් තමන්ට වැඩි වැටුප් ගෙවන ලෙස වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට පිවිස ඇත්තෝ ද ඔවුහුම ය. එහෙත් තමන් අස්‌වී යෑයි කියන අංශාධිපති තනතුරට හිමි මාසික දීමනාව මාස්‌පතා ඉතාමත් සම්භාවනීය ව ලබාගන්නෝ ද ඔවුහුම ය. එමෙන් ම විශ්වවිද්‍යාලයේ රාජකාරි කාලයෙහි දී විවිධ රාජ්‍ය නොවන ආයතනවල දේශන පවත්වන්නෝ ද ඔවුහුම ය. විශ්වවිද්‍යාලයේ පවත්වන දේශනවලට වැඩි දේශන ප්‍රමාණයක්‌ බාහිර ආයතනවල පවත්වමින් ලක්‍ෂ ගණනින් මුදල් උපයන්නේ ද ඔවුහුම ය. ඔවුන්ගේ සදාචාරය කෙසේ ද යත් තමන් දරණ මතවලට විරුද්ධ මත දරන සිසුන් විභාගවලින් සිසුන්ගේ වචනවලින් ම නම් අන්නවන්නෝ ද ඔවුහුම ය. මෙවැන්නන් ගැන රජයේ අවධානය යොමුවිය යුතු කාලය පැමිණ ඇත.

අප කණ්‌ඩායමට ප්‍රශ්නය වූයේ රජරට හා ආශ්‍රිත ප්‍රදේශවල පසුගිය අවුරුදු විසිපහක පමණ කාලයක්‌ තිස්‌සේ නිධන්ගත වකුගඩු රෝගය පැතිර ඇත්තේ ඇයි ද යන්න ය. ඒ මිස සහල්වල ඇති ආසනික්‌ කොපමණ ද යන්න හෝ වෙනත් භෝගයක හෝ මත්ස්‍ය වර්ගයක හෝ අඩංගු ආසනික්‌ ප්‍රමාණය සෙවීම නො වේ. ඒ ද්විතීයික කරුණු විය. එය ද අවශ්‍ය වූයේ පසුකතාවක්‌ ලෙස ය. අපේ ප්‍රධාන ප්‍රශ්න දෙකට පිළිතුරු වූයේ රජරට වකුගඩු රෝගය වැළඳීමට ප්‍රධාන හේතුව ආසනික්‌ බවත් ඒ පසට හා ජලයට ආසනික්‌ එකතුවන්නේ පලිබෝධනාශක ඇතුළු කෘෂිරසායන ද්‍රව්‍ය භාවිතය නිසා බවත්ය. වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව ආසනික්‌ බවට සියයට අනූනවයක විශ්වාසයක්‌ අපට ඇත. එය මුළුමනින් ම විශ්වාස කිරීමට අපට පරීක්‍ෂා කිරීම සඳහා ඒ රෝගයෙන් මියයන අයගේ මෘත දේහවල කොටස්‌ ලබාගැනීමේ දුෂ්කරතාවක්‌ වෙයි.

රෝගය වැළඳීමට ප්‍රධාන හේතුව ආසනික්‌ වුවත් ආසනික්‌ තිබීම නිසා පමණක්‌ වකුගඩු රෝගය නො වැළඳෙයි. බොහෝ පඬියන් ද අපෙන් අසන්නේ පලිබෝධනාශක යෙදා ගන්න අනෙක්‌ පළාත්වල එම රෝගය ව්‍යාප්ත වී නැත්තේ ඇයි ද යන්න ය. යම් ප්‍රදේශයක රෝගය ව්‍යාප්ත වීමට තවත් හේතු දෙකක්‌ අවශ්‍ය වෙයි. එකක්‌ නම් ඒ ප්‍රදේශවල දක්‌නට ලැබෙන කුඹුරු පස යෑයි හැඳින්වෙන පස ය. අනෙක ඒ ප්‍රදේශයෙහි ඇති විශේෂිත ලවනයක්‌ සහිත කිවුල් ජලය ය. රජරට වකුගඩු රෝගය වැළඳීමට නම් මේ කරුණු තුන ම සම්පූර්ණ විය යුතු ය. එසේ සම්පූර්ණ වන්නේ ප්‍රධාන වශයෙන් ම අනුරාධපුර හා පොළොන්නරුව දිස්‌ත්‍රික්‌කවල සහ දෙහිඅත්තකණ්‌ඩිය, ගිරාඳුරුකෝට්‌ටේ වැනි ප්‍රදේශවල ය. එමෙන්ම මේ පළාත්වල පසුගිය අවුරුදු විසිපහක පමණ කාලයක්‌ තිස්‌සේ පමණක්‌ මේ රෝගය පැතිර යැමට හේතුව ඒ පළාත්වල කෘෂි රසායන ද්‍රව්‍ය භාවිතය දැනට අවුරුදු හතළිහකට පමණ සීමා වීමය. අප රටට කෘෂි රසායන ද්‍රව්‍ය හඳුන්වා දී දැනට අවුරුදු හතළිහක්‌ පමණ වෙයි. රෝගය වැළඳීමට තරම් ආසනික්‌ ප්‍රමාණයක්‌ එකතුවීමට අවුරුදු පහළොවක්‌ විස්‌සක්‌ පමණ කාලයක්‌ ගතවන්නට ඇතැයි උපකල්පනය කළහොත් අපට පිළිතුරු දීමට තිබූ අනෙක්‌ ප්‍රශ්නයට ද පිළිතුරු ලැබෙයි.

අපට ඉහත රජරට වකුගඩු රෝගයට හේතු සෙවූ පර්යේෂක කණ්‌ඩායම්වල පැහැදිලි කිරීම්වලින් ඉහත ප්‍රශ්න දෙකෙන් එකකටවත් පිළිතුරු නොලැබෙයි. එබැවින් ඔවුන් දී ඇති µaලුවොරයිඩ්, කැඩ්මියම්, ඇලුමීනියම්, ඇල්ගී වැනි හේතු ප්‍රතික්‍ෂේප කිරීමට අපට ගැටළුවක්‌ නොවීය. එහෙත් මෙහි දී කිවයුත්තක්‌ වෙයි. රෝගය වැළඳීමට කැඩ්මියම් ප්‍රධාන හේතුවක්‌ නොවුව ද එයින් ආසනික්‌වලට යම්කිසි තල්ලුවක්‌ ලැබෙයි. එහෙත් ආසනික්‌ නොමැතිව කැඩ්මියම් වලින් පමණක්‌ රෝගය නො වැළඳෙයි. අප නැවතත් අවධාරණය කරන්නේ අපට විස¹ගත යුතුව තිබූ ප්‍රධාන ප්‍රශ්නය එතෙක්‌ බටහිර වෛද්‍ය විද්‍යාවට හසු නොවූ රෝග කාරකය මිස සහල් හා වෙනත් ආහාර ද්‍රව්‍යවල ආසනික්‌ තිබේ ද නැත් ද යන්න නොවේ. අනෙක්‌ අතට සහල්වල ආසනික්‌ ඇති බව අප කණ්‌ඩායමේ ගවේෂණවලට පෙර ද මෙරට ඊනියා විද්‍යාඥයෝ දැන සිටියහ. මා දන්නා තරමින් කැලණිය විශ්වවිද්‍යාලයෙහි ම උද්භිද විද්‍යා අංශයෙහි මහාචාර්ය රංජිත් ජයසේකර මහතා 2005 දී ප්‍රසිද්ධ කරන ලද පර්යේෂණ පත්‍රිකාවක සහල්වල ආසනික්‌ ඇති බවට කරුණු දක්‌වා ඇත. එමෙන් ම ඉන්පසුව ජපන් කණ්‌ඩායමක්‌ ද, පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය කණ්‌ඩායමක්‌ ද සහල්වල ආසනික්‌ ඇති බව දක්‌වා ඇත.

එහෙත් අප ඉතා වගකීමක්‌ සහිත ව ප්‍රකාශ කරන්නේ රජරට වකුගඩු රෝගයට බත්කෑම හේතුවක්‌ නොවන බව ය. රජරට වකුගඩු රෝගයට හේතුව ආසනික්‌ අඩංගු බොන වතුර මිස කන බත් නොවේ. සහල්වල ආසනික්‌ ඇතැයි යන්න අවධාරණය කෙරුණේ මෙරටට ආසනික්‌ සහිත පලිබෝධනාශක ආනයනය කරන ආයතන හා එසේ ආනයනය කිරීමට අවසර ලබාදීමට කටයුතු කර ඇති නිලධාරීන් විසිනි. ඔවුන්ට අවශ්‍ය වූයේ ඔවුන් ආනයනය කළ හෝ ආනයනය කිරීමට අවසර ලබාදුන් හෝ ආසනික්‌ සහිත පළිබෝධනාශකවලින් ජනතා අවධානය ඉවත්කර රජය ද අප කණ්‌ඩායම ද අපහසුතාවකට පත්කරමින් වකුගඩු රෝගයට හේතුවක්‌ නොවූ සහල් කෙරෙහි ජනතා අවධානය යොමු කරවීම ය. මොවුහු තමන් කළ වරදක්‌ වසාගැනීමට අප කණ්‌ඩායමට ද රජයට ද පහර දීමට කිසිම අදාළත්වයක්‌ නැති වෙනත් ම කරුණකට ප්‍රසිද්ධිය ලබාදුන්හ. එහි දී ඔවුන්ට රජයේ මැති ඇමැතිවරුන් සමඟ තනතුරු ලබාගැනීම සඳහා සම්බන්ධකම පවත්වන ඊනියා විද්‍යාඥයන්ගේ ද, තමන් දැක්‌වූ හේතු සාවද්‍යබව හෙළදරවුවීමෙන් පශ්චාත්තාපයට හෝ වෙනත් තාපයකට හෝ පත් වී ඇති ඊනියා විද්‍යඥයන්ගේ ද සහාය ලැබිණි. අප මේ ඊනියා විද්‍යාඥයන්ට අනුකම්පා කිරීමට සූදානම් නමුත් දිනපතා රජයට වකුගඩු රෝගයෙන් මියයන රෝගීන්ගේ ඥතීන්ගෙන් නම් ඔවුන්ට කිසිම සමාවක්‌ නොලැබෙනු ඇත. බත්කෑම රජරට වකුගඩු රෝගයට හේතුවක්‌ නොවන බව අපි නැවතත් අවධාරණය කරමු. අපට අවශ්‍යවන්නේ එකම එක දෙයක්‌ පමණයි. එනම් මෙරට රජරට ගොවීන් ද ඇතුළු සියළු ගොවි මහතුන් කෘෂි රසායනික කෘෂිකර්මයෙන් ඉවත්කර පැරණි හෙළ ගොවිකම වෙත ඔවුන් නැවත කැඳවාගෙන යැම ය. අප රට ගොවි මහතුන්ට මුල දී, එනම් හැටේ දශකයේ දී කෘෂි රසායන ද්‍රව්‍ය හඳුන්වා දුන්නේ ඔවුන්ට ඒ ද්‍රව්‍ය යොදාගැනීම වෙනුවෙන් මුදල් ද ලබා දෙමිනි. අද එම ගොවි මහතුන්ගේ මුණුබුරන්ට එම රසායන ද්‍රව්‍ය නැතිව බැරි ය. අපට අවශ්‍ය වන්නේ මෙරට ජනයා බත්කෑමෙන් ඉවත් කර ඔවුන්ට පාන් කවා බටහිර තිරිඟු ගොවියන් පොහෙසත් කිරීම නොව ඔවුන් තව තවත් බතට හා දේශීය ධාන්‍ය වර්ගවලට හුරුකරවීම ය. ඒ සඳහා දේශීය විකල්ප ගොවිකම හඳුන්වා දීම අත්‍යවශ්‍ය වෙයි. එහෙත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් යටතේ ඒ සිදුවේ යෑයි අපි අපේක්‍ෂා නො කරමු. පසුගිය කාලයෙහි විකල්ප ගොවිකම හඳුන්වාදීම සඳහා ඔවුන්ට රජයෙන් ලැබුණු මුදල් ප්‍රමාණය කොතෙක්‌ ද? එයින් වියදම් කළ ප්‍රමාණය කොතෙක්‌ ද? ඒ වියදම් කෙළේ කුමක්‌ සඳහා ද? ආදී ප්‍රශ්න අපි කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති දෙපාර්තමේන්තු නිලධාරීන්ගෙන් අසමු.

පැරණි දේශීය ගොවිකම යොදා ගනිමින් කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුහු කිරිමැටියාගාර ප්‍රදේශයේ කුඹුරක්‌ කරති. එහි හතරවැනි කන්නය ද දැන් ආරම්භ වී ඇත. ඒ අත්දැකීම් ද අපට රජරට ගොවි මහතුන් සමඟ බෙදාගත හැකිය. ඉහත කී සියල්ල සඳහා ජනාධිපතිතුමා යටතේ ඒකකයක්‌ පිහිටුවීමට අපි යෝජනා කරමු. ගොවි මහතුන්ට පැරණි ගොවිකම හඳුන්වාදිය හැක්‌කේ කොළඹ දේශන හා සම්මන්ත්‍රණ පැවැත්වීමෙන් නොව ප්‍රයෝගික ව ගොවි මහතුන් කරා යැමෙනි. ජනාධිපතිතුමා යටතේ පිහිටුවන ඒකකයකින් ඒ කළ හැකි බව අපි දනිමු. එහි දී කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් පිටත සිටින අපට ද එයට සහාය විය හැකි ය. ජනාධිපතිතුමාට මෙන් ම අපට ද අවශ්‍ය වන්නේ මෙරට ජනයාට යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් කල්ගත කිරීම සඳහා ඔවුන් තව තවත් බත් කෑමට යොමු කිරීමට ය. අපේ උෙද්‍යාග පාඨය වනුයේ අපි බත් කමු යන්න ය.


දෙවියන් පෙන්වූ ආසනික්‌ විද්‍යාවෙන් හොයන්න බෑ
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යාව පිළිබඳ
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඔලිවර් ඒ. ඉලේපෙරුම

SUNDAY, 03 JULY 2011 8:00

යම්කිසි ද්‍රව්‍යයක අඩංගු රසායනික සංඝටකයන් හඳුනාගැනීම සඳහා දැනට අනුගමනය කරන පිළිගත් ක්‍රමවේදය කුමක්‌ද?

මේ සඳහා සම්මත ක්‍රම ගණනාවක්‌ තිබෙනවා. ජලය විශ්ලේෂණය කිරීම සඳහා ඉතාම පැහැදිලි ක්‍රමවේදයක්‌ තියෙනවා. මේවා ලෝක සෞඛ්‍ය සංවිධානය ඇමරිකාවේ පී. පී. ඒ. ආයතනය වැනි ආයතන භාවිත කරන ඉතාම නිවැරැදි සම්මත ක්‍රම. මේ සඳහා අලුත් ක්‍රම සොයාගත්තට කමක්‌ නෑ. නමුත් එහෙම අවශ්‍යතාවක්‌ නෑ. යම්කිසි ද්‍රව්‍යයක අඩංගුව ඇත්තේ මොනවාද සෙවීමට කළ යුත්තේ ඒ සම්මත ක්‍රම නියම ආකාරයෙන් ක්‍රියාත්මක කිරීමයි. ඒ සඳහා නියමිත සම්මත තත්ත්වයන් මත එය සිදු කළ යුතු වෙනවා.

උදාහරණයක්‌ හැටියට ආසනික්‌ වැනි ද්‍රව්‍යයක්‌ පිළිබඳ පරමාණුක අවශෝෂක වර්ණාවලීක්‌ෂයෙන් පරීක්‍ෂා කරන විට එයට ඇසිටලීන් දැල්ලක්‌ යොදා ගන්නවා. එහිදී ඇසිටලීන්වල සංශුද්ධතාවය පිළිබඳවත් අවධානය යොමු කළ යුතුයි. ඉතාමත් නිවැරැදි විශ්ලේෂණ මට්‌ටමක්‌ බලාපොරොත්තු වෙනවා නම් ඒ සඳහා විශේෂිත වූ පර්යේෂණාත්මක තත්ත්ව අනුගමනය කළ යුතුයි. පොතක පතක ක්‍රමයක්‌ තිබුණු පලියට එය කරන්න බෑ. ඒ සඳහා විශ්ලේෂක රසායන විද්‍යාව පිළිබඳ ගැඹුරු දැනුමක්‌ තිබෙන පළපුරුදු රසායනඥයන් අවශ්‍යයි.

ඔබ කියන්නේ ආසනික්‌ වැනි ද්‍රව්‍යයක්‌ විශ්ලේෂණය කිරීම දුෂ්කර කාර්යයක්‌ බවද?

වෙනත් විශ්ලේෂණයන්ට සාපේක්‌ෂව දුෂ්කරයි. වෙනත් රටවලදී අප මෙබඳු පරීක්‍ෂණ සිදු කළ අවස්‌ථාවලදීත් එය පැහැදිළි වුණා. ආස්‍රැත ජලයේත් ආසනික්‌ තිබෙනවා. ආසනික්‌ කියන්නෙ පෘථිවියේ නැති දෙයක්‌ නෙමෙයි. පෘථිවි ගෝලයේ වැඩිපුරම තිබෙන ද්‍රව්‍ය අතර විසිවැනි තැන හිමිවන්නේ ආසනික්‌වලට. අපි අද මේ ගැන මහ විශාල බියක්‌ නිර්මාණය කෙරුවට ඇමරිකාව මෑතක්‌ වනතුරුම කුකුළන්ගෙ බඩේ ඉන්න පනුවො මරන්න ආසනික්‌ අඩංගු රොක්‌සින් නමැති නාශකයක්‌ දුන්නා. එය කුකුළන්ට ලබාදීම නැවැත්තුවේ 2003 දී.

ජලයේ හෝ සහල්වල හෝ පසෙහි හෝ ආසනික්‌ අඩංගුදැයි සොයා බැලීම දුෂ්කර කාර්යයක්‌ යෑයි ඔබ කියන්නෙ ඇයි?

මේ සඳහා භාවිත කරන ඉතාම සංවේදී උපකරණ. විශේෂයෙන් ඉතා සුළු ප්‍රමාණ සඳහා සිදුකරන විශ්ලේෂණයන්හිදී එක්‌ එක්‌ පියවර ඉතාම නිවැරැදිව අනුගමනය කළ යුතු වෙනවා. පළපුරුදු විශ්ලේෂක රසායනඥයන් නැතිව එය කරන්න බෑ.

සම්මත ක්‍රමයෙන් බැහැරව අලුත් ක්‍රමවේදයකින් මේ විශ්ලේෂණය නිවැරැදිව කරන්න බැරිද?

මගේ හැඟීමේ හැටියට අලුත් ක්‍රමයක අවශ්‍යතාවක්‌ නැහැ. වඩා පහසුවෙන් අඩු වියදමකින් කළ හැකි අලුත් ක්‍රමයක්‌ තිබෙනව නම් හොඳයි. සාමාන්‍ය සම්මත ක්‍රමය අනුව මේ විශ්ලේෂණය සඳහා භාවිත කරන්නෙ මිලියන ගණනක්‌ වටින උපකරණයක්‌. වෙනත් උපකරණත් තිබෙනවා. අඩු වියදමකින් මෙයටත් වඩා නිවැරැදිව දත්ත ලබාගත හැකි ක්‍රමයක්‌ තිබෙනවා නම් හොඳයි.

කිසියම් අලුත් ක්‍රමයක්‌ දැනට සම්මත ක්‍රමයට වඩා නිවැරැදි ද යන්න තීරණය කරන්නෙ කොහොමද?

දැන් භාවිත කරන සම්මත ක්‍රමය පරමානුක අවශෝෂණ වර්ණාවලීක්‌ෂයට වෙනම කොටසක්‌ සවිකිරීමෙන් ආසීන් නමැති හයිඩ්‍රයිඩය මුක්‌ත කරලා දැල්ලක්‌ මගින් එය අවශෝෂණය කිරීමයි. වෙනත් ක්‍රමයක්‌ අනුගමනය කරනව නම් ලෝක සෞඛ්‍ය සංවිධානය වැනි අන්තර් ජාතික ආයතනය එම ක්‍රමය අනුගමනය කර තිබෙනවාද එසේත් නැතිව මෙය අලුත්ම ක්‍රමයක්‌ නම් එය නිවැරැදි ද යන්න තහවුරු කරගත යුතු වෙනවා.

සම්මත ක්‍රමවේදයට අනුව කාර්මික හා තාක්‌ෂණ ආයතනය කළ පර්යේෂණවලට අනුව රජරට පානීය ජලයේ සහ පස්‌වල ආසනික්‌ නැහැ. නව ක්‍රමවේදයකට අනුව කැලණිය විශ්වවිද්‍යාල පර්යේෂණ කණ්‌ඩායම කළ පර්යේෂණයට අනුව එම සාම්පලවල ආසනික්‌ තිබෙනවා. මේ ගැටලුව නිරාකරණය කර ගන්නෙ කොහොමද?

කාර්මික හා තාක්‌ෂණ ආයතනය අයිඑස්‌ඕ තත්ත්ව සහතිකය පවා ලබාගත් ප්‍රමිතියකට අනුව පර්යේෂණ සිදුකරන ආයතනයක්‌. එහි පර්යේෂණ නිවැරැදිව සිදුකෙරෙන බව අත්දැකීමෙන් දන්නවා. මෑතකදී මහනුවර මූලික අධ්‍යයන ආයතනයෙනුත් ඔය ආසනික්‌ අඩංගු යෑයි කියන සාම්පල ජපානයට යවල අයිසීපී නම් ඉතාමත් සියුම් උපකරණය ඇසුරින් කළ පර්යේෂණවලිනුත් මේ සාම්පලවල ආසනික්‌ අඩංගු යෑයි අනාවරණය වී නැහැ. ඒ අනුවත් කාර්මික හා තාක්‌ෂණ ආයතනය සිදු කළ පර්යේෂණ නිවැරැදි බව සනාථ වී තිබෙනවා.

නමුත් රජරට පානීය ජලයේ සහ පස්‌වල ආසනික්‌ අඩංගු වනවා පමණක්‌ නොව රජරට පැතිර යන වකුගඩු රෝගයටත් මූලික හේතුව මේ ආසනික්‌ බව කැලණිය විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්‌ඩායම නිගමනය කර තිබෙනවා?

රජරට වකුගඩු රෝගය ගැන මුලින්ම පර්යේෂණ කරන්න පටන් ගත්තෙ මම. ඒ 2003 දී. මේ රෝගය සොයාගත් වෛද්‍ය තිලක්‌ අබේසේකර ඇතුළු වෛද්‍ය කණ්‌ඩායමත් සමඟ මේ රෝගයට මම හේතු හෙව්වා.

ආසනික්‌ අපි භාවිත කරන කෘමිනාශකවල තියෙනවද ඒ හරහා ආසනික්‌ පසට එකතුවී තිබෙනවාද යන්න එක ප්‍රශ්නයක්‌. වකුගඩු රෝගය හැදෙන්නෙ ආසනික්‌ හින්ද ද කියන එක තව ප්‍රශ්නයක්‌. ආසනික්‌ නිසා වකුගඩු රෝගය ඇතිවීමට ඇති ඉඩකඩ ඉතා සීමිත බව මට පැහැදිලිව කියන්න පුළුවන්.

මම එහෙම කියන්නෙ විද්‍යාත්මක ක්‍රමයෙන්වත් දෙවියන්ගෙ මගපෙන්වීමෙන්වත් නෙමෙයි. වකුගඩු රෝගය වැළඳුණු අයගේ නිවෙස්‌වලට ගිහින් ඔවුන්ගේ ජීවන රටාව හොඳින් විශ්ලේෂණය කරලයි. වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව ෆ්ලෝරයිඩ්. වකුගඩු රෝගය සෑදුනු හැම කෙනෙක්‌ම අධික ලෙස ෆ්ලෝරයිඩ් සහිත ජලය භාවිත කළ අය. මහවැලි කලාපයේ ගිරාඳුරුකෝට්‌ටෙත් මේ රෝගය තිබෙනවා. මේ රෝගයට හේතුව ෆ්ලෝරයිඩ් කිව්වම සමහරු හිනාවුණා. මහවැලි වතුරෙත් ෆ්ලෝරයිඩ් තියෙනවද කියලා. නමුත් අපි ගිහින් බැලුවහම මේ රෝගය වැළඳුණු අය මහවැලි වාරිමාර්ග ඇළවල්වලට හුඟක්‌ දුරින් ගම්වල ඉන්න අය. ඒ අය පාවිච්චි කරපු ළිංවල ජලයේ ෆ්ලෝරයිඩ් අධික සාන්ද්‍රණයක්‌ තිබුණා. වකුගඩු රෝගයට හේතුව ෆ්ලෝරයිඩ්. මේ රෝගයට ෆ්ලෝරයිඩ්වල බලපෑම වැඩි කරන තවත් හේතුවක්‌ අපට හමුවුණා. ඒ ඇලුමිනියම් භාණ්‌ඩ භාවිතය. ෆ්ලෝරයිඩ් අණු හයක්‌ විතර අරගෙන අපේ පටක තුළින් ගමන් කරන්න ඇලුමිනියම්වලට පුළුවන් බව අපි හොයා ගත්තා. මේ ප්‍රශ්නයට හේතුව කෘමිනාශකවල තියෙන ආසනික්‌ නම් එකම කෘමිනාශක හැම තැනම පාවිච්චි කරන අපේ රටේ හැම තැනම වකුගඩු රෝගීන් ඉන්න ඕන. අපි සොයා බැලුව ඇයි අනුරාධපුර නගරය ආශ්‍රිත අයට මේ රෝගය වැළදෙන්නෙ නැත්තෙ කියලා. පදවිය වැව ආසන්නයේ ඉන්න අයට මේ රෝගය වැළදෙන්නෙ නැහැ. එයට හේතුව වැව්වල ජලය නිසා ඒ පළාත්වල ළිංවල ෆ්ලෝරයිඩ් සාන්ද්‍රණය අඩුවෙන නිසයි. කෘමිනාශක නිසා සහල්වලත් ආසනික්‌ තිබෙනව නම් නැගෙනහිර පළාතෙත් පොළොන්නරුව අනුරාධපුර වැනි ප්‍රදේශවලිනුත් එන සහල් අනුභව කරන අයටත් වකුගඩු රෝගය හැදෙන්න ඕන. නමුත් එහෙම වෙලා නැහැ.

වකුගඩු රෝගයට හේතුව ආසනික්‌ නොවන බව මම නිගමනය කරන අනිත් හේතුව ආසනික්‌ ශරීර ගතවීම නිසා පෙන්වන රෝග ලක්‌ෂණ කිසිවක්‌ මේ එක වකුගඩු රෝගියකු තුළින්වත් අපේ වෛද්‍ය කණ්‌ඩායමට නිරීක්‍ෂණ කිරීමට නොලැබීමයි.

නමුත් විශේෂයෙන් රජරට ප්‍රදේශයේ කිවුල සහිත ජලය සමඟ ආසනික්‌ එකතුවී කැල්සියම් ආසනේට්‌ නම් අද්‍රdව්‍ය සංයෝගයත් සෑදීම කිවුල සහිත ජලය ඇති ප්‍රදේශවල මේ රෝගය බහුල වීමට හේතුවක්‌ බව කැලණිය විශ්වවිද්‍යාල පර්යේෂණ කණ්‌ඩායමේ අදහසක්‌.

ආසනික්‌ කිවුල ජලයේ ඇති කැල්සියම් සමග එකතුවී කැල්සියම් ආසනේට්‌ නම් අද්‍රdව්‍ය සංයෝගයක්‌ හැදෙනවා නම් අප දන්නා රසායන විද්‍යාව අනුව එම ජලයෙන් ආසනික්‌ ඉවත් වෙන්න ඕන. ඔවුන් පවසන ආකාරයට කැල්සියම් ආසනේට්‌ නිසා වකුගඩු රෝගය ඇතිවෙනවා නම් කිවුල ජලය අධික ලෙස ඇති පළිබෝධනාශකත් අධික ලෙස භාවිත කරන යාපන ප්‍රදේශයේ වකුගඩු රෝගීන් බහුල විය යුතුයි.

ඔබ දීර්ඝ කාලයක සිට පර්යේෂණ කටයුතුවල නියුතු අකාබනික රසායනික විද්‍යාඥයෙක්‌. ජලයේ හෝ මේ මහ පොළොවේ මිනිසුන්ට හානිකර මට්‌ටමක ආසනික්‌ ප්‍රතිශතයක්‌ තියෙනවද?

මම මෙතෙක්‌ කළ කිසිදු පර්යේෂණයකින් එබඳු නිගමනයකට එළඹෙන්න පුළුවන්කමක්‌ නැහැ. හානිකර මට්‌ටමකට ආසනික්‌ අඩංගු ඛනිජ අපේ රටෙන් සොයා ගෙන නැහැ. වෙනත් ඛනිජ සමග මුසු වුණු ඉතාමත් සුළු ප්‍රමාණයක්‌ ලෙස ආසනික්‌ තිබෙන්න පුළුවන්. අපේ පොළොවේ ආසනික්‌ තියෙනව කියල මුලින්ම කිව්ව කියන්නෙ දෙවි කෙනෙක්‌නෙ. නොපෙනෙන දෙවි කෙනෙක්‌ ගැන මා නම් විශ්වාස කරන්නෙ නෑ. දෙවියන් විශ්වාස කරන්න එපා කියලා මම කාටවත් කියන්නෙත් නෑ. විද්‍යාත්මක ක්‍රමයත්, යම් දෙයක්‌ දැකල එය විශ්ලේෂණය කරල ලබාගත් නිගමනත් මම විශ්වාස කරනවා. දෙවිවරුන්ට පුළුවන් නම් ඔහොම කියන්න අපට මොකටද විද්‍යාගාර. දෙවියො කියන දේ විතරක්‌ නෙමෙයි අපි ප්‍රායෝගික තත්ත්වයත් බලන්න ඕන. පළිබෝධනාශක නතර කරල අපේ රටේ ජනතාවට අවශ්‍ය ආහාර නිපදවන්න පුළුවන්ද? ඉස්‌සර වැද්දො කළා වගේ වනාන්තරවලට ගිහින් ආහාර සොයා ගෙන එන්න පුළුවන්ද? එහෙම වනාන්තර දැන් තියෙනවද? ආපසු ගල් යුගයට යන්න පුළුවන්ද?

කිසියම් දෙයක්‌ ගැන නිගමනයකට එන්න ඕන අලුත් ක්‍රමයකට කළා හින්දවත් දෙවියො කිව්ව හින්දවත් නෙමෙයි ඒ ගැටලුව පිළිබඳ කල්පිත ඉදිරිපත් කරලා එය වාදයක්‌ බවට පත්කරලයි. නිගමන ඇතිකරගන්න ඕන නිරීක්‍ෂණ හරහායි. බටහිරින් පැමිණි පමණින්ම සියල්ල ප්‍රතික්‌ෂේප කළ යුතුත් නැහැ. දෙවියන් පැවසූ දෙයක්‌ සමග විද්‍යාව මිශ්‍ර කරගත යුතුත් නැහැ. විද්‍යාව අම්ල භෂ්ම නිරීක්‍ෂණ නිගමන අනුව යන දෙයක්‌. දෙවියන් පේන, තොවිල්, පවිල්, දේවාල හා සම්බන්ධ දෙයක්‌. දෙවියන් ආසනික්‌ තිබෙනවා යෑයි පැවසූ කතාව විද්‍යාවෙන් ඔප්පු කරන්න යන එක මම හිතන්නෙ සාර්ථක නෑ. ඒ වගේම බුදු දහමත් විද්‍යාවෙන් ඔප්පු කරන්න නොයා යුතුයි. එසේ උත්සාහ කිරීම විද්‍යාවට වඩා බොහෝ උසස්‌ බුදු දහමට කරන නිග්‍රහයක්‌.

සාකච්ඡා කළේ
පාලිත සේනානායක


සහල්වල ආසනික්‌ ක්‍රමවේදය නොපෙනෙන බලවේගයක්‌ද?

SUNDAY, 03 JULY 2011 8:00
ආචාර්ය උපාලි සමරජීව 

Upali
විශ්වවිද්‍යාල විද්‍යාඥයන් කණ්‌ඩායමක්‌ මගින් ආසනික්‌ විෂකාරකය පිළිබඳව කරන ලද ප්‍රකාශය නිසා රට තුළ ආන්දෝලනයක්‌ ඇති වී ඇත. මෙම ආන්දෝලනය පිළිබඳව පිළිතුරු සෙවීමට වගකිවයුතු විද්‍යාඥයන්ද, පෞද්ගලික වෙළෙඳ ආයතනයන්ද, දේශපාලකයන්ද උත්සුක වී ඇත. විද්‍යාඥයන්ගේ සංස්‌කෘතිය තුළ ඔවුන් විසින් කරනු ලබන නව සොයා ගැනීම්, මහජනතාව වෙත ඉදිරිපත් කිරීමට ප්‍රථම ඒවායේ නිවැරැදි භාවය තහවුරු කිරීම සඳහා පිළිපැදිය යුතු ක්‍රමවේදයන් ඇත. මේ ලිපියේ අරමුණ වනුයේ මේ ප්‍රශ්නය පිළිබඳව අවධානයෙන් පසු වන්නන්ට තම තීරණයන් ගැනීමට පෙර ප්‍රවේශමෙන් අවධාරණය කළ යුතු කරුණු කීපයක්‌ ඉදිරිපත් කිරීමයි. 

ජලයේ සහ පසෙහි කාබනික හෝ අකාබනික ලෙස ආසනික්‌ පැවතීම සංවර්ධිත මෙන්ම සංවර්ධනය වෙමින් පවතින ලෝකයේ බොහෝ රටවල විද්‍යමාන සාමාන්‍ය සිද්ධියකි. බොහෝ අවස්‌ථාවල ඉතාමත් අඩු ප්‍රමාණයකින් පවතින ආසනික්‌ විෂකාරකය මිනිසුන්ට හෝ සතුන්ට හානි ගෙන දෙන තත්ත්වයක නොපවතී. පොළොවේ හෝ ජලයේ ඇති ආසනික්‌ ගොයම් මෙන්ම අනෙකුත් ශාකයන්ට උරා ගැනීම හා වී ඇටය තුළ එය එකතු වීමක්‌ සිදුවිය හැක. ආහාරයක්‌ පරිභෝජනයට සුදුසු වීමට නම් එහි විෂකාරක අඩංගු වී තිබිය හැකි විශේෂිත සීමා මට්‌ටම් ඇත. සහල් සඳහා තිබීමට ඉඩ දිය හැකි ආසනික මට්‌ටම් ජාත්‍යන්තරව වාර්තාකොට නොමැත.

ඇමරිකා එක්‌සත් ජනපදය, එංගලන්තය හා යුරෝපා සංගමයේ රටවල පවා සාධාරණ විද්‍යාත්මක හේතූන් මත සහල්වල තිබීමට අවසර දීමේ ආසනික මට්‌ටම් නීතිගත කර නොමැත. ඒ හැම රටකම නීතිගත කොට ඇත්තේ විවිධ විෂ කාරක ලෝහ ඛණ්‌ඩයන් තිබිය හැකි මට්‌ටම පිළිබඳ පොදු අවසරයක්‌ පමණි. චීනය සහල්වල තිබීමට අවසර දෙන මට්‌ටම කොටස්‌ මිලියනයකට 0.15 කි. කොටස්‌ මිලියනයක්‌ යනු ඡඡඵ ලෙස හෝ ග්‍රෑමයකට මයික්‍රොග්‍රෑම් වශයෙන් හෝ කිලෝ ග්‍රෑමයකට මිලිග්‍රෑම් ලෙස හෝ තාක්‌ෂණිකව විස්‌තර කළ හැක. මිලියනයකට කොටසක්‌ මීට වඩා සරලව විස්‌තර කරන්නේ නම් ඉන්ධන ප්‍රවාහනය කරන ඉන්ධන පිරවූ බවුසරයකට එක ජලය බින්දුවක්‌ එකතු කිරීමකට සමාන ලෙස විස්‌තර කර ඇත. ඇමරිකා එක්‌සත් ජනපදයේ කරන ලද පර්යේෂණ අනුව සාමාන්‍යයක්‌ වශයෙන් සමහර අවස්‌ථාවලදී පමණක්‌ මිලියනයකට 0.3 ක ආසනික්‌ ප්‍රමාණයන් පෙන්නුම් කර ඇත. වෙනත් සමහර රටවලද ඒ හා සමාන වන ආසනික මට්‌ටම් විශේෂිත අවස්‌ථාවන්හිදී පමණක්‌ සහල්වල පෙන්නුම් කර ඇත. ශ්‍රී ලංකාවේ විද්‍යාඥයන් විසින් ඉදිරිපත් කර ඇත්තේ ලංකාවේ සහල්වල ඇති ආසනික්‌ මට්‌ටම දශලක්‌ෂ වාරයකට 0.1 ක්‌ වශයෙනි. මෙය රට තුළ මහත් ආන්දෝලනයක්‌ ඇති කිරීමට හෝ කලබලයකට පත්වීමට හෝ අවශ්‍ය තත්ත්වයක්‌ නොවන බව පැහැදිලිය.

ලංකාවේ කාර්මික තාක්‌ෂණ ආයතනය මගින් ලෝකයේ පිළිගත් විමර්ශන ක්‍රමවේදයන් අනුව ඉදිරිපත් කර ඇති කරුණු තුළ වී ගොවිතැන පිණිස යොදා ගනු ලබන මෙරට භාවිතයට අවසර දී ඇති පළිබෝධනාශක වර්ග 28 ක්‌ අතුරින් 3 ක පමණක්‌ 0.334, 0.166 හා 0.370 යන ආකාරයට දශලක්‌ෂයකට කොටස්‌ වශයෙන් ආසනික්‌ ඇති බව පෙන්වා දී ඇත. එම කෘමිනාශක වර්ග 3 ශ්‍රී ලංකාවේ භාවිතය වැළැක්‌වීමට බලධාරීන් විසින් පියවර ගනු ලැබ ඇත. විද්‍යාත්මකව සලකන කල මෙවැනි මට්‌ටමක්‌ සහිත පළිබෝධනාශක වුවද භාවිත කිරීමේදී ඒවා භාවිත කරන ක්‍රමය හා එය සහල්වලට එක්‌වීමට ඇති හැකියාව පැහැදිලිව තේරුම්ගත යුතුය. ඉහත දැක්‌වෙන අංගයන්ගෙන් පෙන්නුම් කරන්නේ වෙළෙඳපොළෙහි ඇති සාන්ද්‍රගත පළිබෝධනාශක ප්‍රමාණයන්ය. මෙම සාන්ද්‍රගත මිලිලීටර් කීපයක්‌ ජලය ලීටරයකට එක්‌ කෙරේ. මෙලෙස එක්‌ කෙරෙන ප්‍රමාණයන් ගණනය කළ විට හා සාමාන්‍යයෙන් වී ඇට තුළට එමගින් එකතු විය හැකි 2% - 3% අතර ප්‍රමාණයක්‌ සැලකූ විට කිසිසේත්ම මනුෂ්‍ය සෞඛ්‍යයට තර්ජනය වන මට්‌ටමට ආසනික්‌ ප්‍රමාණයක්‌ සහල්වල තිබිය නොහැක.

ලංකාව වසරකදී ගෙන්වන පළිබෝධ නාශක තුළ දූෂකයක්‌ ලෙස තිබිය හැකි ආසනික්‌ ප්‍රමාණය රට තුළ බෙදී යා හැකි ආකාරය සලකන විට ජලය තුළ කිසිසේත්ම මිනිස්‌ සිරුරට අහිතකර මට්‌ටමකට ආසනික්‌ පැවතිය නොහැක. විශ්වවිද්‍යාල විද්‍යාඥයන් ඉදිරිපත් කරන ලද ආසනික්‌ මට්‌ටම සහ කාර්මික තාක්‌ෂණික ආයතන ඉදිරිපත් කරන මට්‌ටම් සැසඳීමේදී මේ බව පැහැදිලිය. මේ කරුණු සලකා බැලීමේදී මහජනතාව බිය ගැන්වෙන අන්දමේ ප්‍රකාශ සිදු කිරීමට තරම් සාධාරණ හේතුවක්‌ නොපෙනේ. මෙවැනි ප්‍රශ්නයක්‌ තිබේ නම් කළ යුතුව ඇත්තේ අදාළ විද්‍යාඥයන් හා අදාළ ආයතනයන් එක්‌ව පාලනමය ක්‍රමවේදයක්‌ ශක්‌තිමත් කිරීමේ අවශ්‍යතාවක්‌ ඇත්නම් විද්‍යාත්මකව සාකච්ඡා කොට තීරණ ගැනීමය. ඒ සඳහා අවශ්‍ය පරිපාලන පද්ධතිය ශ්‍රී ලංකාව තුළ තිබේ.

ආහාරවල සාමාන්‍යයෙන් ඉතා සුළු වශයෙන් පැවතිය හැකි ආසනික්‌ ඇතුළු වෙනත් ලෝහ ද්‍රව්‍ය කිසි විටකත් ඒකාකාරීව පැතිරී නොපවතී. එමනිසා මෙවැනි ප්‍රශ්නයක්‌ දෙස බැලීමේදී වැදගත් වනුයේ ආසනික්‌ මට්‌ටම් කුමන ආකාරයකට පැතිරී ඇද්දැයි යන්න නිගමනය කිරීමයි. මේ සඳහා සිය ගණන් නියෑදි විශ්ලේෂණය කළ යුතු අතර ඒ අතරින් කුමන ප්‍රතිශතයක්‌ නීතියට පටහැනි මට්‌ටම් දක්‌වන්නේ දැයි සොයාගත යුතුය. අඩුම වශයෙන් චීනයේ පවතින නීතිමය මට්‌ටම භාවිත කිරීමටවත් මෙවැනි දත්ත රැසක්‌ අප සතුව තිබිය යුතුය. මෙහිදී විද්‍යාඥයන් වෙත යොමුවිය යුතු වැදගත් ප්‍රශ්න 2 ක්‌ පැන නැඟේ.

පළමුවැන්න නම් ඔවුන් විසින් සහල් නියෑදි සිය ගණනක්‌ ඇත්ත වශයෙන්ම පරීක්‌ෂා කර ඇද්ද කියා සොයා බැලීමයි. එවැනි ප්‍රතිඵල තිබේ නම් සාන්ද්‍රණ වශයෙන්ද, සහල් වර්ග වශයෙන්ද වගාබිම් වශයෙන්ද එම සොයා ගැනීම් බෙදී යන ආකාරය ගැන කරුණු ඉදිරිපත් කළ යුතුය. දැනට ගොඩනැඟී ඇති ආන්දෝලනයට තුඩු දුන්නේ එවැනි දත්තයන් නොමැති ක්‍රියාවලියක්‌ තුළින් නම්, එම ක්‍රියාවලිය බිහිකළ විද්‍යාඥයන්ට සමාවක්‌ දිය නොහැක. විද්‍යාත්මක ප්‍රතිඵලවල සම්පූර්ණ විස්‌තරයක්‌ ඉදිරිපත් කිරීම විද්‍යාව මෙන්ම රට වෙනුවෙන්ද ඉටුකළ යුතු මූලික වගකීමකි.

දෙවැනි ප්‍රශ්නය වනුයේ මෙම විශ්ලේෂණයන් සඳහා උපයෝගී කරගෙන තිබෙන ක්‍රමවේදයයි. ලෝකයේ විද්‍යාඥයන් විසින් කාලාන්තරයක්‌ තිස්‌සේ පරීක්‌ෂණ මගින් ගොඩනඟන ලද ජාත්‍යන්තරව පිළිගත් විශ්ලේෂණ ක්‍රම සියලුම විද්‍යාඥයන්ගේ භාවිතය සඳහා විශේෂිත මුද්‍රණයක්‌ තුළ ප්‍රකාශිතව ඇත. සහල්වල ආසනික්‌ පිළිබඳව කරුණු ඉදිරිපත් කළ ශ්‍රී ලංකා විද්‍යාඥයන් ඔවුන් විසින් උපයෝගී කරගන්නා ලද විද්‍යාත්මක ක්‍රමවේදයන් ගැන කිසිම තැනක සඳහන් කොට නැත. ඔවුන් පවසන්නේ ඉතාමත් නවතම ක්‍රමවේදයක්‌ ඒ සඳහා යොදාගත් බවය. විශ්ලේෂණ ක්‍රමයක්‌ ගොඩනැඟීමේදී ඒ සඳහා වෙන්වූ වලංගු විද්‍යාත්මක පිළිගැනීම් සහිතව ජාත්‍යන්රව පිළිගත් ක්‍රමවේදයන් ඇත. 

සහල්වල ආසනික්‌ පිළිබඳ තොරතුරු ඉදිරිපත් කරන මෙම විද්‍යාඥයන් කණ්‌ඩායම යොදා ගන්නේ නව ක්‍රමවේදයක්‌ නම් එහි වලංගුභාවය ඔප්පු කිරීම අත්‍යවශ්‍යයි. එය විද්‍යාව තුළ මූලික අවශ්‍යතාවකි. එවැනි නව ක්‍රමයක්‌ ගොඩනැඟීමෙන් පසු ඒ ක්‍රමය ප්‍රකාශනයක්‌ ලෙස අනිකුත් විද්‍යාඥයන් සමග සාකච්ඡා කරමින් එහි නිවැරැදි භාවය ඔප්පු කළ යුතුය. ඒ සඳහා පසුබිම සපයන ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය හා ලංකා රසායන විද්‍යා සංගමය වැනි ආයතනවල පහසුකම් ඇති අතර විද්‍යාව සඳහා පළවන සඟරා ජාතිකව මෙන්ම ජාත්‍යන්තරවද තිබේ. ෙමැවනි සඟරා තුළින් නව විද්‍යාත්මක ක්‍රමයන්හි නිරවද්‍යතාව ඇගයිමට අවස්‌ථාව සැලසේ.

පුවත්පත් වැනි ජනමාධ්‍ය ඒ සඳහා කැපවුණු ආයතනයන් නොවන බැවින් මෙහිදී ආන්දෝලනයට තුඩුදී ඇති ඉතාමත් සූක්‍ෂම වන සොයාගැනීම් පළමුව ඉදිරිපත් කළ යුත්තේ සහෝදර විද්‍යාඥයන් කටයුතු කරන විද්‍යාත්මක ප්‍රජාව වෙතය. 

උදාහරණ ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රවීණ විද්‍යාඥයකු විසින් සොයා ගන්නා ලද වැදගත් ක්‍රමවේදයක්‌ ජාත්‍යන්තර සඟරාවක පළකෙරිණ. මෙම ක්‍රමවේදය ප්‍රයෝජනයට ගනිමින් පරීක්‌ෂණ පැවැත්වීමේ යෙදුණු පිටරට විද්‍යාඥයන් එහි ඇති සාවද්‍යතාව පෙන්නුම් කිරීමෙන් පසු එම ක්‍රමවේදය ගොඩනැඟූ විද්‍යාඥයා තමා විසින් සිදු කරන ලද වරද පිළිබඳව නිහතමානී පිළිගැනීමක්‌ කළේය.

ශ්‍රී ලංකාව තුළ විද්‍යාඥයන් වෙත විවිධ අවස්‌ථාවල සම්මාන ප්‍රදානය කිරීමද, තවත් අවස්‌ථාවල ජාතික මට්‌ටමින් විශේෂ දීමනාවන් පිළිගැන්වීම වැනි අවස්‌ථා මගින් කෙරෙනුයේ මෙවැනි විද්‍යාත්මක ක්‍රමයන් නිවැරැදි ලෙස ගොඩනැංවීම උනන්දු කරවීමය. විද්‍යාව ගොඩනැඟී ඇත්තේ නිවැරැදි සිතුවිලි, තර්කානුකූලව ගොඩනැඟෙන තොරතුරු හා අෙන්‍යාන්‍ය සාකච්ඡා මත මිස නොපෙනෙන බලවේග තුළින් මතුකර ගන්නා කරුණු පදනම් කරගෙන නොවේ.

ආහාර හෝ ජලයේ මිනිස්‌ සිරුට හානි විය හැකි සංයෝග සොයා ගැනීම පිළිබඳව එක්‌වරම විශාල ආන්දෝලනයක්‌ කිරීම පසුගිය ශතවර්ෂයේ භාවිත වුණු ක්‍රමවේදයක්‌ මිස අද ලෝකය විසින් භාවිත කරනු ලබන ක්‍රමවේදයක්‌ නොවේ. සහල්වල ඇති විෂ ප්‍රමාණයන් සොයා ගන්නා විද්‍යාත්මක ක්‍රම දිනෙන් දින සූක්‍ෂම වීම සමග එතෙක්‌ කල් සොයා ගැනීමට නොහැකිවූ ඉතාමත් අඩු සාන්ද්‍රණයන්ගෙන් යුත් විෂ පිළිබඳ කරුණු ඉදිරිපත් වීම විද්‍යාව තුළ සිදුවිය. ඇත්ත වශයෙන්ම එවැනි ඉතාමත් සුළු සාන්ද්‍රණයන් ඉතිහාසගතව ගත්කළ මිනිස්‌ සිරුරට හානිකර නොමැත. එවැනි උදාහරණ අපමණය. නව තාක්‌ෂණ ක්‍රම මගින් මෙලෙස අඩු සාන්ද්‍රණ සොයා ගැනීමත් සමග ඊට සරිලන ලෙස ජාත්‍යන්තර තීරණ ගැනීමේ ක්‍රමවේදයන් වෙනස්‌ කෙරේ. අද මෙවැනි බලපැම් ඇති කරන විෂ කාරකයන් තිබෙන බව සොයාගත් විට ඒ හා සමගම සිදු විය හැකි ආපදාවන් පිළිබඳ ඇගයීමක්‌ (Rසින assesපැබඑs) හා ආපදාවන් පාලනය කිරීමේ පද්ධතියක්‌ (Rසින ප්බ්ටැප්බඑ) බිහි කෙරේ.

උදාහරණ ලෙස පකිස්‌තානයේ පොළොව මතුපිට ආශ්‍රිත ජලයේ වැඩි ආසනික්‌ ප්‍රමාණයක්‌ ඇති බව සොයා ගැනීම සමගම ජලය පෙරාගත හැකි විශේෂ මැටි හා අඟුරුවලින් සකස්‌ කරන ලද ජල පෙරණයක්‌ නිවෙස්‌වල භාවිතය සඳහා ඉදිරිපත් කෙරිණ. මෙය අවදානම පාලනය කිරීමට ගන්නා ලද සාර්ථක පිළියමකි.

අසම්පූර්ණ දත්තයන් මත සහ වලංගු කර නොමැති ක්‍රමවේදයන් පසුබිම් කරගෙන තීරණ ගැනීම අතීත සිදුවීමක්‌ මිස නූතන ක්‍රමවේදයක්‌ නොවේ. පසුගිය දිනවල ප්‍රකාශ වූ සහල්වල ආසනික්‌ පිළිබඳව ඇති විස්‌තර තුළ සාන්ද්‍රණ මට්‌ටම් වෙනස්‌වීම්, වගාබිම් වෙනස්‌වීම් වැනි කිසි තොරතුරක්‌ මෙතෙක්‌ දක්‌නට ලැබී නැත. එවන් තොරතුරු තිබේ නම් නොවලහා ඉදිරිපත් කිරීම විද්‍යාඥයන්ගේ වගකීමකි. එවිට එම තොරතුරු මත ශ්‍රී ලංකාවේ පිළිගත් වෛද්‍ය විද්‍යාත්මක කණ්‌ඩායමකට ආසනික්‌ තුළින් වකුගඩු රෝග සඳහා අවදානමක්‌ තිබිය හැකිද යන්න සොයා බැලිය හැක. බංග්ලාදේශයේ සහලෙහි ඇති ආසනික්‌ ප්‍රමාණයන් අනෙකුත් රටවලට වඩා වැඩිය.

මේ හේතුව නිසා එම රටේ ජනතාව තුළ පෙන්නුම් කරන්නේ, පෙනහලු, සම සහ මුත්‍රාශය සම්බන්ධ රෝග මිස වකුගඩු සම්බන්ධ රෝග නොවේ. සහල්වල ඇතැයි කියන ආසනික්‌ සහ උතුරු මැද පළාතේ ප්‍රශ්නයක්‌ව ඇති වකුගඩු රෝග සම්බන්ධ කිරීමට දරන උත්සාහය මා දකින්නේ විද්‍යාත්මක ක්‍රම මගින් ගොඩනැඟෙන සිද්ධාන්තයක්‌ ලෙස නොව වාසි පැත්තට පැනීමේ උත්සාහයක්‌ ලෙසටය. උතුරු මැද පළාතේ වකුගඩු රෝගය සම්බන්ධව වැරැදි සහ විද්‍යාත්මක නොවන දත්තයන් මත ගොඩනැඟීමට උත්සාහ කළ කැඩ්මියම් සහ සම්බන්ධ වූ මෙවැනිම සාවද්‍ය සිද්ධාන්තයක්‌ කලකට ඉහත දී පුවත්පත්වල පළවිය. 

මෙහිදී වැදගත් වනුයේ සහලෙහි ආසනික්‌ පිළිබඳ ප්‍රකාශයන් නිකුත් කළ විද්‍යාඥයන් තමන්ගේ විශ්ලේෂණ ක්‍රියාවලිය දෙස ආපසු බැලීමත්, එම ක්‍රියාවන් විද්‍යාත්මක ලෙස වලංගු කිරීමත්ය. ඉන්පසුව නියෑදි සිය ගණනක්‌ විශ්ලේෂණය කොට තොරතුරු ඉදිරිපත් කිරීම ජාතික අවශ්‍යතාවන් සඳහා කළ හැකි වැදගත් සේවයකි.

ආචාර්ය උපාලි සමරජීව 


සක්‍රිය-අක්‍රිය සංයෝග කියා වෙන් කර ගැනීම විසඳුම නො වෙයි
FRIDAY, 01 JULY 2011 8:00

රුහුණ විශ්වවිද්‍යාලයයේ
සත්ත්ව විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
මංගල සී. එස්‌. ද සිල්වා


කෘෂිරසායනවල ආසනික්‌ අන්තර්ගත වීම සම්බන්ධයෙන් මේ දිනවල පවතින කතාබහට සිය අදහස්‌ එක්‌ කරමින් රුහුණ විශ්වවිද්‍යාලයයේ සත්ත්ව විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය මංගල සී. එස්‌. ද සිල්වා දක්‌වන අදහස්‌ අපි මෙසේ සටහන් කරමු. 


"අදින් දශකයකට පමණ පෙර සිට ආසනික්‌ පළිබෝධ නාශකයක්‌ ලෙස භාවිත කර තිබෙනවා. ඒ ඇලුමිනියම් ආසනේට්‌, කොපර් ආසනේට්‌, ලෙඩ් ආසනේට්‌, පැරිස්‌ ග්‍රින් හෙවත් කොපර් ඇසිටො, ඩයිමීතේන් ආසනේට්‌, සහ මොනො සෝඩියම් මීතේන් ආසනේට්‌ කියන සංයෝග හයයි. බොහෝ විට මේවා වල්නාශක විදියටයි භාවිත කෙරෙන්නේ. 

ලෝක සෞඛ්‍ය සංවිධානය මේ රසායනික ද්‍රව්‍ය පිළිකාජනක ලෙසත් හඳුනාගෙන තිබෙනවා. මේ නිසා ලෝක ප්‍රවණතාවට අනුව මේ ආසනික්‌ අඩංගු පළිබෝධනාශක භාවිතයෙන් ඉවත් කරන්න තීරණය කර තිබෙනවා. ඉන්දියාව වර්ෂ 1995 දී මේ පළිබෝධනාශක භාවිතයෙන් ඉවත් වුණත් පළිබෝධනාශක පනතට අනුව වර්ෂ 2001 දී තමයි ශ්‍රී ලංකාව මේ පළිබෝධනාශක භාවිතයෙන් ඉවත් වුණේ. 

පළිබෝධනාශක ශ්‍රී ලංකාවට ගෙන්වන සමාගම් මහත්මා ගුණයෙන් ක්‍රියා කරනවා නම් මේ සංයෝග පළිබෝධ නාශක ද්‍රව්‍ය කිහිපයක හෝ තිබෙන්න විදියක්‌ නෑ කියන එකයි මගේ අදහස. මේ වන විට එක්‌ කණ්‌ඩායමක පර්යේෂණවලින් අනාවරණය වී තිබෙනවා මෙවැනි සංයෝග පළිබෝධ නාශකවල අඩංගුයි කියල. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පළිබෝධනාශක රෙජිස්‌ට්‍රාර් කාර්යාලයෙන් පරීක්‍ෂා කරලා කියනවා පළිබෝධ නාශක තුනක පමණයි ආසනික්‌ තිබෙන්නේ කියල. මේ අනුව ඒ කණ්‌ඩායමේ මතය මුළුමනින් ප්‍රතික්‌ෂේප කරන්නට බැහැ. තිබෙන ප්‍රමාණය අපට වැදගත් නෑ. තිබෙනවා ද නැද්ද යන්නයි වැදගත් වෙන්නේ. 

අපේ රටේ සක්‍රීය සංයෝග විදියට පළිබෝධනාශකවල ආසනික්‌ තියෙන්න බෑ. ඉතින් දැන් නිදහසට කරුණු ඉදිරිපත් වන්නේ හමු වූ ආසනික්‌ සක්‍රීය නො වන තත්ත්වයේ පවතින බව කියමින්. මෙහි දී කිව යුතු දෙයක්‌ තමයි මේ "නිෂ්ක්‍රිය" සංයෝග කියන සංකල්පයේ වරදක්‌ තිබෙන බව. ඒකට හොඳ ම උදාහරණය තමයි ලෝකයේ අක්‍රීය සංයෝග 3000කට අධික ප්‍රමාණයක්‌ තිබෙනවා. ඒත් මෙයින් 500ක්‌ විතර සක්‍රීය සංයෝග විදියටත් යම් යම් අවස්‌ථාවල භාවිත කෙරෙනවා. ඒ නිසා සක්‍රීය නො වූ පමණින් මේ සංයෝග ක්‍රියාකාරී නැහැයි කියල පිළිගන්න අමාරුයි. පරිසරයට සිදු වන හානි දෙස බැලුවොත් සක්‍රීය සංයෝග සමග එකතු කළ සක්‍රිය නො වන සංයෝග විෂ ස්‌වභාවයෙන් ඉහළ අගයක්‌ ගන්නා බැව් පෙනී යනවා. 

මේකට හොඳ ම නිදසුන තමයි ග්ලයිෆොසෙට්‌ කියන රසායන ද්‍රව්‍ය. මේ පිළිබඳව පරීක්‌ෂා කළ පර්යේෂණ කණ්‌ඩායම් දෙක ම ඔප්පු කරල තිබෙනවා ග්ලයිෆොසෙට්‌ කියන සක්‍රීය සංයෝගය අඩංගු පළිබෝධ නාශකවල ආසනික්‌ තිබෙනව කියල. ප්‍රමාණය ගැන නෙමෙයි මම මේ කතා කරන්නෙ. 

අපි බොහෝ විට පර්යේෂණ කරන්නේ සක්‍රීය සංයෝග සමගයි. සක්‍රීය නො වන සංයෝග සමග පරීක්‍ෂණ කරන්නේ නෑ. නිදසුනක්‌ ලෙස සක්‍රිය සංයෝගයකට සක්‍රිය නො වන සංයෝගයක්‌ එකතු කළ විට මොකද වෙන්නේ? සක්‍රිය සංයෝගයේ විෂ සහිත බව වැඩි වීමයි. මේ නිසා සක්‍රිය නො වන සංයෝගවලින් ගොවියා වැඩි විෂකට නිරාවරණය වීමේ හැකියාව වැඩි කරන්න පුළුවන්. මිනිසුන් වෙනුවට මීයන් යොදාගෙන කළ පර්යේෂණවලින් අනාවරණය වී තිබෙනවා, උන් ගේ අක්‌මාවේ මයිටොකොන්ඩි්‍රයා, සෛලවල ක්‍රියාකාරීත්වය ක්‍රමයෙන් අඩු කරන බව. ඒ වගේ ම මානව කලලබන්ධ සෛලවලටත් හානි සිදු කරන බව අනාවරණය වී තිබෙනවා. කලල බන්ධ සෛලවල ඇරෝමැටික සංයෝග තිබෙනවා. මෙමගින් කරන්නේ ඇන්ෙඩ්‍රාජන් හෝමෝනය ඊස්‌ට්‍රජන් හෝමෝනය බවට පත් කිරීමයි. මේ එන්සයිම ක්‍රියාකාරීත්වය නැති කිරීමට ග්ලයිෆොසෙට්‌වලට හැකියාව තිබෙනවා. ග්ලයිෆොසෙට්‌ විතරක්‌ ගත් විට මේ දේ සිදු කරන්නේ නෑ. සක්‍රිය නො වන සංයෝගයක්‌ එකතු කළ විටයි සිදු වන්නේ. මෙවැනි සංයෝගවලට මිනිස්‌ සිරුර නිරාවරණය වූ විට ශරීරයට අවශෝෂණය කිරීම වේගවත් වෙනවා. 

සක්‍රිය සංයෝගවලට සක්‍රිය නො වන සංයෝග එකතු කරන්නේ ද්‍රාවකයක්‌ විදිහටයි. සක්‍රිය සංයෝග දිය නො වන නිසා මෙවැනි පළිබෝධ නාශක උග්‍ර විෂ සහිතයි. මේ ද්‍රව්‍ය භාවිතයේ දී ශරීර ආවරණ හා අත්වැසුම් භාවිත කරන්න උපදෙස්‌ දෙනවා. නවතම සොයා ගැනීම්වලට අනුව මේ සක්‍රිය නො වන සංයෝගවලට අත් වැසුම් දිය කිරීමේ හැකියාව ඇති බැව් අනාවරණය වී තිබෙනවා. එනිසා ගොවියා පළිබෝධනාශක විෂවලට වේගයෙන් නිරාවරණය වෙනවා. වෙනත් රටවල වරක්‌ භාවිත කළ ආවරණ නැවත භාවිත කරන්නේ නෑ. ශ්‍රී ලංකාවේ පළිබෝධ නාශක ඉසීමේ දී එක ම ඇඳුම වාර ගණනාවක්‌ භාවිත කරනවා. මේ ඇඳුම් සේදුවත් රසායන ඉවත් වෙන්නේ නෑ. හේතුව සක්‍රිය සංයෝගවල තිබෙන තෛලෝදකරණය සේදුම් කාරකවල ක්‍රියාකාරීත්වය අඩපණ කිරීමයි. මේ නිසා පළිබෝධනාශක ඉසින ගොවියා ඇඳුම තුළින් වැඩි වාර ගණනක්‌ පළිබෝධ නාශකවලට නිරාවරණය වීම ඔහුට රෝගී තත්ත්වයක්‌ ගෙන දීමට හේතුවක්‌. 

පරිසරයට සිදු කරන්නේ කවර හානියක්‌ ද යන්න ගැන ඔබ පර්යේෂණ කර තිබෙනවා ද?

මම මගේ ආචාර්ය උපාධිය සඳහා ලංකාවේ භාවිත වන සක්‍රිය සංයෝග වර්ග 4ක්‌ පිළිබඳව පර්යේෂණ කළා, ගැඩවිලුන් යොදාගෙන. උන් ගේ ප්‍රජනනය, වර්ධනය, මරණයට පත් වීම සහ උන් ගේ චර්යාව වෙනස්‌ වනව ද කියා පර්යේෂණ කළා. මෙයින් පෙනී ගියා පළිබෝධනාශකවල තිබෙන AC50 අගය 2ත් 6ත් අතර ගණනකින් වෙනස්‌ වන බව. සක්‍රිය සංයෝගයකින් මෙසේ වෙනස්‌ අගයක්‌ පෙන්වන්නේ නෑ. මෙසේ වෙනස්‌ වීමට හේතුව සක්‍රිය නො වන සංයෝගයි. තවත් උදාහරණයක්‌ තමයි කලින් කිව්ව ග්ලයිෆොසෙට්‌ සංයෝගය මාළුන්ට දැම්මාම වඩාත් විෂ සහිත බව පෙනී යනවා. උභය ජීවීන්ටත් මේ ආකාරයට විෂ සහිත බැව් අනාවරණය වුණා. මෙයින් අපට පෙනී යන දෙයක්‌ තමයි සක්‍රිය සංයෝගය විෂ සහිතයි, සක්‍රිය නො වන සංයෝගය විෂ රහිතයි කියා වෙන් කර ගැනීමට නොහැකි බව. 

මෙහි දී කළ යුත්තේ පළිබෝධනාශකවල අඩංගු සංයෝග ලේබලයේ සඳහන් කිරීම නේ ද?

ඔව්. පළිබෝධනාශක බෝතලයේ ලේබලයේ මේ සංයෝග සඳහන් කළ යුතුයි. මෙයින් ගැටලු රැසක්‌ අඩු වෙනවා. අපිට උවදුරක්‌ ඇති වුණොත් සොයා ගන්න ලෙහෙසියි. ඉන්දියාවේ මේ සංයෝග සියල්ල ම සඳහන් කරනවා. ලංකාවේ සඳහන් කරන්නේ නෑ. අපේ සඳහන් වන්නේ සක්‍රිය සංයෝගය විතරයි. මේ නිසා මේ ආසනික්‌ ගැටලුව සමග පළිබෝධ නාශක පනතේ තිබෙන සමහර කරුණු ගැන නැවත සිතා බලන්න වෙනවා. මේ දේ කළ යුතුයි කියල විතරක්‌ මදි ක්‍රියාත්මක කරන්නත් අවශ්‍යයි.

එහෙම වුණොත් පළිබෝධ නාශක කාර්යංශයේ වෙන ම තැනක මේ සංයෝග පිළිබඳ පරික්‍ෂණ පවත්වන්න හැකියාව තිබෙනවා. මේ සඳහා විශාල මුදලක්‌ වැය වෙනවා. නවීන උපකරණ අවශ්‍ය වෙනවා. ඒත් මේ පළිබෝධ නාශක නිසා රෝගී වන පුද්ගලයන්ට ප්‍රතිකාර කරන්න රජය දරන මුදල ගැන බැලුවාම මේ සඳහා වැය වන්නේ සුළු මුදලක්‌. මේ ගැන සිතා බැලිය යුතුයි. පළිබෝධනාශක සමාගම් මෙසේ සංයෝග සඳහන් නො කිරීමට හේතුව ලෙස ඔවුන් දක්‌වන්නේ එය වෙළෙඳ රහසක්‌ ලෙස තියා ගන්නා බවයි. පාරිභෝගිකයාට පළිබෝධ නාශකයක අඩංගු ද්‍රව්‍ය හා ක්‍රියාකාරීත්වය දැන ගැනීමේ අයිතියක්‌ තිබෙනවා. ගොවියාට අදාළ දැනුම නැති නිසා දැනුම තිබෙන අය ගොවියාට දැනුම ලබා දෙන්න ඕනෙ. පළිබෝධ නාශක රෙජිස්‌ට්‍රාර් පනතේ තිබෙන්නේ මෙය පළ කරන්නයි. රෙජිස්‌ට්‍රාර් කාර්යාලයේ පළිබෝධ නාශකවල අඩංගු සක්‍රිය නො වන සංයෝගවල ලැයිස්‌තුවක්‌ තිබෙනවා. මේ ආසනික්‌ ගැටලුවේ දී ආසනේට්‌ තිබිය හැක්‌කේ සක්‍රිය නො වන සංයෝගයක්‌ ආකාරයටයි. මේ දත්ත ලැයිස්‌තුව අනුව නීතිමය ක්‍රියාමාර්ගයක්‌ ගන්න පහසුයි. මේ නිලධාරීන් කියන්නේ කිලෝගෑමයට ආසනික්‌ මයික්‍රොග්‍රෑම් 300ක්‌ තියෙනවා කියලා. මෙහි දී ගණන අවශ්‍ය නෑ. ආසනික්‌ තිබෙනවා ද නැද්ද යන්නයි අවශ්‍ය වෙන්නේ. මෙහි ප්‍රායෝගික තත්ත්වය දන්නේ නැතිවයි කථා කරන්නේ. 

වරකට මයික්‍රොග්‍රෑම් 300කට නිරාවරණය වුවත් වාර ගණන වැඩි නම් ප්‍රමාණය වැඩි වෙනවා. කන්නයකට මේ පළිබෝධනාශක වාර කීයක්‌ යොදනවා ද? මේ සැම අවස්‌ථාවක දී ම ගොවියා නිරාවරණය වෙනවා. මේ නිසා යම් කාලයක්‌ ගත වීමේ දී ගොවියා රෝගියකු බවට පත් වෙනවා. මෙහි දී ඇති වී තිබෙන ප්‍රධාන ගැටලුව තමයි ආසනික්‌ තිබෙනවා ද නැද්ද යන්න කියන එක අමතක කර තිබීම. 

මේක සංකීර්ණ ගැටලුවක්‌. විසඳීමට තිබෙන මඟ කුමක්‌ ද?

මම කලින් කිව්ව නේ මෙහි දී අවශ්‍ය වෙන්නේ ආසනික්‌ අඩංගු ප්‍රමාණය නො වෙයි තිබෙනවා ද නැද්ද යන්න සොයා ගැනීමයි කියා. මොකද එයින් සිදු කරන හානිය විශාල නිසා. මෙහි දී රාජ්‍ය නිලධාරීන් වැඩ පටලවාගෙන. සාමාන්‍ය ජනතාවට අදාළ වන්නේ සහල්වල ආසනික්‌ කථාව වෙන්න පුළුවන්. මෙතන දී අවශ්‍ය වෙන්නේ පළිබෝධනාශකවල ආසනික්‌ අඩංගු ද යන්න විමසීමයි. මේ අය කරන්නේ සහල්වල ආසනික්‌ ප්‍රශ්නයෙන් පළිබෝධනාශක ප්‍රශ්නය යට ගැසීSමට උත්සාහ කිරීමයි. මේක සිය අතින් සිය දිවි හානි කර ගැනීමක්‌. 

මෙතැන දී පළිබෝධ නාශකවල අඩංගු ආසනික්‌වල අවම ප්‍රමාණය කොපමණ ද යන්න පිළිබඳ නිර්ණායක දීම ලෙහෙසි කාරණයක්‌ නො වෙයි. පරිසර අවදානම් තක්‌සේරු වාර්තාවක්‌ (Environment risk Assesment) සෑදිය යුතුයි. මේක අමාරු දෙයක්‌. ආසනික්‌වල ප්‍රභවය කුමක්‌ ද, ඒවා පසේ තිබෙනවා ද, ජලයේ කොපමණ තිබෙනවා ද, ශාකවල කොපමණ තිබෙනවා ද, මිනිසුන්ට කොපමණ හානියක්‌ ඇති කරනවා ද, ශරීරයට අවශෝෂණය වෙනවා ද ශ්වසනය මගින් ශරීරගත වෙනවා ද යනාදී කරුණු රැසක්‌ විශ්ලේෂණය කරන්න වෙනවා. මේක බටහිර රටවලත් ඉතා ම අමාරු කාර්යයක්‌. මෙය විසඳීම සඳහා ගණිතය, පරිසර විද්‍යාව විෂයයන් පිළිබඳ විද්‍යාව, වෛද්‍ය විද්‍යාව වැනි විෂය ක්‍ෂෙත්‍ර ගණනාවක දැනුම අවශ්‍ය වෙනවා. මේ වගේ දෙයක්‌ කිරීම බොහෝ අපහසු නිසා සරල තැනකින් පටන් ගන්න ඕනේ. 

මේ ආකාරයට පර්යේෂණ කණ්‌ඩායම් කඹ ඇදීමෙන් අමාරුවේ වැටෙන්නේ අසරණ ගොවි ජනතාවයි. ඔබ ගේ අදහස කුමක්‌ ද?

ඔව්. විශ්වවිද්‍යාලවල ආචාර්යවරු පර්යේෂණ කරන්නේ ජනතාව වෙනුවෙන්. රාජ්‍ය දෙපාර්තමේන්තුවල නිලධාරීන් පර්යේෂණ කරන්නේ ජනතාව වෙනුවෙන් නම් මේ දෙගොල්ලන් ම එක මේසයකට එකතු කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශයට හැකි විය යුතුයි. මේ දෙගොල්ලන් ගේ අපහසුතා සොයා බැලිය යුතුයි. පළිබෝධ නාශක පනත සංශෝධනය කළ යුතුයි. 1970 වැනි ඈත යුගයක දී පිහිටුවූ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ පර්යේෂණාගාරයේ තාක්‍ෂණය අද තාක්‍ෂණය තරම් දියුණු නෑ. එදා භාවිත කළ පළිබෝධ නාශකවලට වඩා වෙනස්‌ පළිබෝධනාශක අද භාවිත වෙනවා මම දන්නා තරමට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ පර්යේෂණාගාරයේ පර්යේෂණ සිදු කිරීමට තරම් ප්‍රමාණවත් රසායන ද්‍රව්‍ය නැහැ. මේක සහතිකයක්‌ පමණක්‌ දෙන ආයතනයක්‌ බවට පත් වෙලා. ප්‍රායෝගික බවක්‌ නෑ. අපි පළිබෝධනාශක පනතෙන් ඔබ්බට යා යුතුයි. එසේ නො වුණොත් සිදු වන්නේ මහා විනාශයක්‌. වකුගඩු රෝගයට ආසනික්‌ විතරක්‌ නො වෙයි, රසදිය වැනි වෙනත් ද්‍රව්‍ය රැසක්‌ හේතු වෙන්නත් පුළුවන්. ඒ ගැනත් සොයා බැලිය යුතුයි රජය මේ ප්‍රශ්නයෙන් මඟහරින්න උත්සාහ කරන්නේ තවත් ප්‍රශ්න රාශියකට මුල පිරීමකට බව අමතක කළ යුතු නෑ ඒ නිසා රාජ්‍ය අංශයෙන් වඩාත් සාධාරණ විසඳුමක්‌ අවශ්‍ය වෙනවා. 

රුහුණ විශ්වවිද්‍යාලයයේ
සත්ත්ව විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
මංගල සී. එස්‌. ද සිල්වා

සාකච්ඡා කළේ අමල් උඩවත්ත -VIDUSARA


සහල් සහ පළිබෝධනාශකවල ආසනික්‌ තිබේ ද?
FRIDAY, 01 JULY 2011 8:00

ආචාර්ය අනුර විජේසේකර
පළිබෝධනාශක රෙජිස්‌ට්‍රාර් 
ලංකාවේ පළිබෝධනාශක ආනයනය, ගබඩාකිරීම, බෙදාහැරීම, තත්ත්ව පාලනය සහ ආරක්ෂාකාරී භාවිතය පිළිබඳ වගකීම පැවරී ඇත්තේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ සිටින පළිබෝධනාශක රෙජිස්‌ට්‍රාර්වරයා වෙත ය. 1980 අංක 33 දරන පළිබෝධනාශක පාලන පනත මගින් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට වගකියන සේ පළිබෝධනාශක රෙජිස්‌ට්‍රාර්වරයා වෙත එම බලය පවරා ඇත.


මේ දිනවල ලංකාවේ මාධ්‍ය මගින් ප්‍රසිද්ධියට පත් කර ඇති සහල් සහ පළිබෝධනාශකවල අධික විස සහිත මූලද්‍රව්‍යයක්‌ වන ආසනික්‌ අඩංගු වී තිබීම කැලණිය සහ රජරට විශ්වවිද්‍යාලයන්හි විද්වත් මඬුල්ලක්‌ විසින් කරන ලද පර්යේෂණවල ප්‍රතිඵලයකි. ඉන් කියවෙන්නේ රජරට ප්‍රදේශයේ ජනතාව ගොදුරු වී ඇති, හේතුව සොයා නො ගත් වකුගඩු රෝගයට හේතුකාරක වන්නේ වකුගඩුවල ආසනික්‌ තැන්පත් වීම බවයි. මේ සොයාගැනීමෙන් ධෛර්යවත් වූ විද්වත් පිරිස මිනිසුන් ගේ ශරීරයට ආසනික්‌ අධික ලෙස ඇතුඵ වන්නේ කෙසේ ද යන්න සොයා බැලීමේ දී ඔවුනට පසක්‌ වී ඇත්තේ රජරට ප්‍රදේශයේ වී වගාව සඳහා යොදවන ලද පළිබෝධනාශකවල අධික ලෙස ආසනික්‌ සහ රසදිය යන මූලද්‍රව්‍ය අඩංගු වන අතර එම පළිබෝධනාශක වී වගාවට භාවිත කිරීම නිසා පරිසරයට මුදාහැරෙනු ලබන ආසනික්‌ අධික ලෙස සහල් ඇටයේ තැන්පත් වන බව ය. එසේ ආසනික්‌ තැන්පත් වූ සහල් ආහාරයට ගන්නා ගොවීන් ඇතුළු රජරට ජනතාව වකුගඩු රෝග ව්‍යසයනයට ග්‍රහණය වන බව ඔවුන් පවසා තිබිණි.

රජරට හඳුනා නො ගත් වකුගඩු රෝගයේ හේතුකාරකය ලෙස මෑතක දී ඉදිරිපත් වූ පස්‌ වැනි සංකල්පය මෙය වේ. කෙසේ වුව ද පළිබෝධනාශක රෙජිස්‌ට්‍රාර්වරයා ලෙස මා හට පැවරී ඇති වගකීම නොපිරිහෙලා ඉටු කළ යුතු බැවින් මේ චෝදනාවට භාජන වන පළිබෝධනාශක කවරේ ද, ඒවායේ ආසනික්‌ අඩංගු දැයි බැලීමට එම විද්වත් මණ්‌ඩලය විසින් යොදා ගනු ලැබු ක්‍රමවේදය කුමක්‌ ද, (ආසනික්‌ මැනීම සඳහා ක්‍රම කිහිපයක්‌ ඇත) ඒ සඳහා භාවිතා කරන ලද උපකරණයන්හි නිරවද්‍යභාවය ගැන දිය හැකි සහතිකය කවරේ ද? ආසනික්‌ අඩංගු පළිබෝධනාශකවල නියෑදි ලබාගත් ස්‌ථාන කවරේ ද? සහ එක්‌ එක්‌ පළිබෝධනාශකයේ තිබූ ආසනික්‌ ප්‍රමාණය කොපමණ ද යන කරුණු සඳහන් විද්‍යාත්මක වාර්තාවක්‌ මා වෙත ලබා දෙන ලෙස ඉල්ලා සිටිමින් කෘෂිකර්ම අධ්‍යක්‌ෂ ජෙනරාල්තුමාට පිටපත් සහිතව විද්වත් මණ්‌ඩලයේ සියලු ම සාමාජිකයන් හට ලිතව දන්වා සිටින ලදී. ඔවුන් චෝදනා කරන පරිදි ආසනික්‌ හා රසදිය කෘමිනාශකවල අඩංගු නම් එය ඉතා භයානක තත්ත්වයක්‌ බැවින් හැකි ඉක්‌මනිsන් පිළිතුරු ලබාගැනීම සඳහා මේ ලිත ඉල්ලීම ෆැක්‌ස්‌ මගින් ද ඔවුන් වෙත යොමු කරන ලද අතර, පර්යේෂණ කණ්‌ඩායමේ සාමාජික වෛද්‍ය ජයසුමන මහතා ගේ ජංගම දුරකථනයට අමතා ද මේ විස්‌තර හැකි ඉක්‌මනිsන් ලබා දෙන ලෙස දන්වා සිටින ලදී. එහෙත් මේ දක්‌වා එම ඉල්ලීමට කිසිවකු ප්‍රතිචාරයක්‌ දක්‌වා නොමැති බව කණගාටුවෙන් වුව ද ප්‍රකාශ කිරීමට සිදු වී ඇත.

එහෙත් වරින් වර වෛද්‍ය ජයසුමන මහතාට දුරකථනයෙන් අමතා කළ ඉල්ලීම්වල ප්‍රතිඵලයක්‌ ලෙස පළිබෝධනාශක 28ක නම් ලැයිස්‌තුවක්‌ පමණක්‌ ඔහු විසින් මා වෙත ලබා දීමට කටයුතු කරන ලදී. මේ නම් ලැයිස්‌තුවේ ඇත්තේ ආසනික්‌ සහිත පළිබෝධනාශක විය හැකි බව උපකල්පනය කර පුවත්පත් ලිපියක ඔහු සඳහන් කර තිබු වකුගඩු රෝගය ඉතා බහුල ප්‍රදේශවලට අප කාර්යාලයේ නිලධාරීන් යවා පළිබෝධනාශක පාලනය කිරීමේ පනතේ දක්‌වා ඇති ක්‍රමවේදයට අනුව එක්‌ පළිබෝධනාශකයකින් (එක්‌ ඇසුරුමක්‌ ගෙන) එයින් නියෑදි තුනක්‌ ලබා ගැනිණි. වෙළෙඳසල් පාලකයා ඉදිරියේ දී ගනු ලැබූ නියෑදි මුද්‍රා තබා ඉන් එකක්‌ වෙළෙඳසල් පාලකයාට තබා ගැනීම සඳහා ලිඛිතව භාර දී ඔහු ඉදිරියේ ම මුද්‍රා තැබූ අනෙක්‌ නියෑදි දෙක වැඩිදුර පරීක්‌ෂණය සඳහා පළිබෝධනාශක කාර්යාලය වෙත රැගෙන එන ලදී. මේ අයුරින් මා හට ලබා දුන් ලේඛනයේ සඳහන් පළිබෝධනාශක 28හි ම නියෑදිවලින් එකක්‌ පළිබෝධනාශක රෙජිස්‌ට්‍රාර් කාර්යාලයේ සුරක්‌ෂිතව තබා ඇති අතර, අනෙක්‌ නියෑදියේ ආසනික්‌ තිබේ දැයි විශ්ලේෂණය කර බැලීම සඳහා ලංකාවේ මෙන්ම විදේශ රටවලින් පවා තත්ත්ව සහතික ලබා ගෙන ඇති විද්‍යා හා තාක්‌ෂණ කටයුතු අමාත්‍යාංශය යටතේ පවත්වාගෙන යනු ලබන පළිබෝධනාශක පනතට අනුකූලව උසාවියක්‌ මගින් පිළිගන්නා කාර්මික තාක්‌ෂණ ආයතනය වෙත ලබා දෙන ලදී.

කාර්මික තාක්‌ෂණ ආයතනයේ ප්‍රතිඵල ලබා දෙන තුරු මේ තත්ත්වය පිළිබඳව අදහස්‌ දැක්‌වීම පළිබෝධනාශක රෙජිස්‌ට්‍රාර් කාර්යාලය විසින් නො කරන ලදී. මේ වන විට අදාළ ලැයිස්‌තුවේ සඳහන් වූ පළිබෝධනාශක 28න් 23ක විශ්ලේෂණ ප්‍රතිඵල කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වෙත ලබා දි ඇති අතර එම ප්‍රතිඵල ජනාධිපතිවරයා වෙත ද ලබා දී ඇත. පහත වගුවේ දැක්‌වෙනුයේ අප වෙත ලබා දි ඇති එම ප්‍රතිඵලයි.

වගුව 1හි දැක්‌වෙනුයේ අප වෙත ලබා දී ඇති එම ප්‍රතිඵලයි.

එම ප්‍රතිඵලවලට අනුව කාබොෆියුරාන් යන කමිනාශකයේ සහ ග්ලයිපොසේට්‌ යන වල්පැළෑටි නාශකයේ ඉතා සුළු ප්‍රමාණයකින් ආසනික්‌ අඩංගු බවට තහවුරු කර ඇත.

ශ්‍රී ලංකාව ඇතුළුව ලොව බොහෝ රටවල පානීය ජලය ද ඇතුළුව අනෙකුත් පාරිභෝගික භාණ්‌ඩවල ආසනික්‌ මුලද්‍රව්‍ය අඩංගු විය හැකි උපරිම ප්‍රමාණයන් ඒ ඒ රටවල පාරිභෝගික භාණ්‌ඩ තත්ත්ව පාලන අධිකාරිය මගින් දක්‌වා ඇත. වගුව 2 හි දැක්‌වෙනුයේ ශ්‍රී ලංකාවේ ද්‍රව්‍ය කිහිපයක්‌ සඳහා ලබා දී ඇති ආසනික්‌ උපරිම මට්‌ටමයි.


අදාළ ලැයිස්‌තුවේ අඩංගු එකදු පළිබෝධනාශකයක්‌ සඳහා වත් එවන් උපරිම මට්‌ටමක්‌ ලංකාවේ හෝ ජාත්‍යන්තරව පිළිගත හැකි ආයතනයකින් ලබා දී නොමැත. එහෙත් අනෙකුත් පාරිභෝගික භාණ්‌ඩ (සෘජුව ආහාරයට ගන්නා) හා සසඳා බැලීමේ දී මේ කෘමිනාශක වල අඩංගු ආසනික්‌ ප්‍රමාණය ඉතා අඩු මට්‌ටමක පවතින බව ඔබට පසක්‌ වනවා ඇත.

රට තුළ පවත්නා තත්ත්වය සැලකිල්ලට ගෙන මා හට පනතින් ලබා දී ඇති බලතල අනුව දැනට කාර්මික තාක්‌ෂණ ආයතනයෙන් මා හට ලබා දී ඇති විශ්ලේෂණ වාර්තාවේ ආසනික්‌ ඇතැයි දැක්‌වෙන පළිබෝධනාශක දෙකට අදාළ වෙළෙඳනාමය සහිත නිෂ්පාදන 3ක්‌ ලංකාවට ආනයනය කිරිම ගෙන්වා ඇති තොග ලංකාව තුළ බෙදාහැරීම සහ විකිණිම නැවත දන්වන තුරු නවතා දමන ලෙස මා විසින් අදාළ ආයතනවලට නියෝග කරනු ලැබ ඇත.

මෙසේ නියෝග කිරීමට පෙර පළිබෝධනාශක රෙජිස්‌ට්‍රාර් කාර්යාලයේ නිලධාරීන් එම සමාගම් ගබඩා පරීක්‌ෂා කර බලා ඒවායේ පවතින තොග ගණන් ගන්නා ලදි. අදාළ පළිබෝධනාශක වෙළෙඳපොළට නිකුත් නො කරන ලෙස මා මෙන්ම එම ආයතන විසින් ද එම ආයතනවල ශ්‍රී ලංකාවේ සියලු ම නියෝජිතයන් වෙත දන්වා ඇති අතර, දැනටමත් වෙළෙඳපොළ වෙත නිකුත් කර ඇති එම වර්ගයේ පළිබෝධනාශක නො විකුණන මෙන් පළිබෝධනාශක වෙළෙඳුන් වෙත ද දන්වා ඇත. ශ්‍රී ලංකාවේ පළිබෝධනාශක වෙළඳුන් මේ කාර්යාලයේ ලියාපදිංචි වි ඇති අතර, ඔවුන් අධීක්‌ෂණය සඳහා බලය ලත් නිලධාරීන් දිවයිනේ සැම ප්‍රදේශයකට ම කෘෂිකර්ම අධ්‍යක්‌ෂ ජෙනරාල්වරයා විසින් පත් කරනු ලැබ ඇති බැවින් එම බලය ලත් නිලධාරින් මගින් වෛළඳාම වැළැක්‌වීමට කටයුතු සලසා ඇත.

පරීක්‌ෂණයට ලක්‌ කර ඇති මේ පළිබෝධනාශකවල අඩංගු වන ආසනික්‌ ප්‍රමාණය මිනිසාට හෝ පරිසරයට හෝ හානිදායක මට්‌ටමක පවතී දැයි මා හට නිගමනය කිරිමට බලයක්‌ නොමැති අතර, එවන් අවස්‌ථාවක දී පළිබෝධනාශක රෙජිස්‌ට්‍රාර්වරයාට උපදෙස්‌ දීම සඳහා තාක්‌ෂණික හා උපදේශක කමිටුවක්‌ පළිබෝධනාශක පනතට අනුව පත් කර ඇත.

සාමාජිකයන් 15 දෙනකු ගෙන් යුක්‌ත වූ මේ කමිටුවේ සභාපති කෘෂිකර්ම අධ්‍යක්‌ෂ ජෙනරාල් වන අතර, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්, තේ, රබර්, පොල් පර්යේෂණ ආයතනයේහි අධ්‍යක්‌ෂවරුන්, රජයේ රසපරීක්‌ෂක ආදි නිල බලයෙන් පත් වන සාමාජිකයන් 10 දෙනකු සහ කෘෂිකර්ම ඇමැතිවරයා විසින් පත් කරනු ලබන ශ්‍රී ලංකාවේ පිළිගත්, කෘමිනාශක පරිහරණය පිළිබඳ හසල දැනුමක්‌ ඇති වෙළෙඳ සබඳතා නොමැති විද්වතුන් පස්‌ දෙනකු ගෙන් චද මේ කමිටුව සමන්විත වේ.

අදාළ සියලු ම කාමිනාශකවල විශ්ලේෂණ වාර්තාව පළිබෝධනාශක රෙජිස්‌ට්‍රාර්වරයා වෙත ලබා දුන් වහා ම එම වාර්තාව ඉහත සඳහන් කමිටුවට ලබා දී ආසනික්‌ සහිත කෘමිනාශක සඳහා ඉදිරියේ දී ගත යුතු පියවර ගැනීම පිළිsබඳව තාක්‌ෂණ කමිටුවේ උපදේශය අනුව පළිබෝධනාශක රෙජිස්‌ට්‍රාර්වරයා ලෙසින් මම ක්‍රියා කිරීමට බලාපොරොත්තු වෙමි.

ඉහත සඳහන් කරුණු ද සහිතව ආසනික්‌ කලබැගෑනියේ ඇත්ත නැත්ත ජනතාවට ලබා දීම සඳහා මා ද ඇතුළත් මාධ්‍ය සාකච්ඡාවක්‌ කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් 2011 ජුනි මස 13 වැනි දින කෘෂිකර්ම අමාත්‍යංශයේ පවත්වන ලදි. අවාසනාවට මෙන් එම මාධ්‍ය සාකච්ඡාවේ දී හෙළි කළ සත්‍ය කරුණු සියල්ල ම නිවැරැදිව මාධ්‍ය තුළින් ජනතාව අතරට ගෙන ගොස්‌ නොමැති බැව් පෙනී යන අතර තත්ත්වය පිළිබඳව විවිධ කල්පිත තොතරතුරු මාධ්‍ය තුළින් තවදුරටත් ප්‍රචාරය වෙමින් පවතින නිසාත් ඒ පිළිබඳව මහජනයා දැනුවත් කිරීම මා ගේ රාජකාරියේ කොටසක්‌ වන නිසාත් පහත සඳහන් කරුණු අවබෝධ කර ගන්නා ලෙස පාඨකයන් ගෙන් ඉල්ලා සිටිමි.

2001 ජුනි මස 6 වැනි දින රජයේ ගැසට්‌ පත්‍රයෙන් තහනම් කර ඇත්තේ (අනෙකුත් පළිබෝධනාශක කිහිපයක්‌ ඇතුළුව) ආසනික්‌ හා රසදිය සක්‍රීය ද්‍රව්‍ය ලෙසට තිබෙන පළිබෝධනාශක ලංකාවට ආනයනය කිරිම පමණි. ආසනික්‌ සක්‍රීය ද්‍රව්‍ය නො වී අනෙකුත් අඩංගු ද්‍රව්‍ය සමග ස්‌වල්ප වශයෙන් කලවම් වී ඇති විට එවන් පළිබෝධනාශක ගෙන්වීම නැවැත්වීමට බලයක්‌ එම ගැසට්‌ නිවේදනයෙන් නො ලැබේ.

මේ සිදුවීම් මාලාව පිළිබඳ මාධ්‍ය වාර්තාවලින් ගම්‍ය වනුයේ ආසනික්‌ යනු ලංකාවේ නො තිබුණු වෙනත් රටවලින් ගෙනැවිත් දමනු ලැබූ විෂ රසායනික ද්‍රව්‍යයක්‌ බවයි. එහෙත් ඇත්ත තත්ත්වය එය නො වේ. ආසනික්‌ යනු පොළෝ තලයේ බහුලතාව අතින් 20 වැනි ස්‌ථානය ගන්නා මූලද්‍රව්‍යය වේ. එය පසෙහි, ජලයෙහි, ගස්‌වැල්වල, සතුන් ගේ ශරිරයේ මෙන්ම මනුෂ්‍ය ශරිරයේ ද ස්‌වාභාවිකව ඇති මූලද්‍රව්‍යයක්‌ වන අතර සමහර ප්‍රදේශවල පසෙහි හා ජලයේ සාමාන්‍ය තත්ත්වයට වඩා වැඩිපුර තිබිය හැකි ය.

ශාකවලට ආසනික්‌ උරාගන්නා ප්‍රමාණය පසේ හෝ ජලයේ හෝ ඇති ආසනික්‌ ප්‍රමාණය මත අඩු වැඩි විය හැකි අතර වී ශාකය ජලයේ වැඩෙන බැවින් අනෙකුත් ධාන්‍ය වර්ග හා සසඳන විට වී ශාකය සාපේක්‌ෂව වැඩි ප්‍රමාණයක්‌ ආසනික්‌ උරා ගන්නා බව වාර්තා වී ඇත. එහෙත් වී ශාකය උරාගන්නා ආසනික්‌ ප්‍රමාණයෙන් සහල් ඇටය තුළ තැන්පත් වනුයේ උරාගන්නා මුළු ආසනික්‌ ප්‍රමාණයෙන් 2-3 %අතර ප්‍රමාණයක්‌ පමණි.

සහල්වල ද ආසනික්‌ සුඵ ප්‍රමාණයක්‌ අඩංගු විය හැකි අතර ලෝකයේ මෙතෙක්‌ කර ඇති පර්යේෂණ අනුව සාමාන්‍ය තත්ත්වයට වඩා වැඩි ආසනික්‌ සහිත ප්‍රදේශවල නිෂ්පාදිත සහල්වල ආසනික්‌ 80-200 µg/kg පමණ ප්‍රමාණයක්‌ අඩංගු විය හැකි ය. චීනයේ එසේ ආසනික්‌ වැඩි පස්‌ සහිත ප්‍රදේශ පවතින බැවින් සහල්වල උපරිම තිබිය හැකි ආසනික්‌ ප්‍රමාණය 150 µg/kg ලෙසට සම්මත කරගෙන ඇත. එසේ වුව ද සහල්වල තිබිය හැකි උපරිම ආසනික්‌ ප්‍රමාණය පිළිබඳ අගයක්‌ ලෝක සෞඛ්‍ය සංවිධානය හා ආහාර හා කෘෂිකර්ම සංවිධානය මගින් මෙතෙක්‌ ගණනය කර නොමැත. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් වකුගඩු රෝග පවතින ප්‍රදේශ මෙන්ම රටේ අනෙකුත් ප්‍රදේශවලින් ද ලබාගත් නොයෙක්‌ වී ප්‍රභේදයන්හි සහල්වල ආසනික්‌ නොමැති බව බතලගොඩ වී පර්යේෂණ ආයතනය තහවුරු කර ඇත.

සහල්වල මෙන්ම පාන් පිටි ඇතුළු නොයෙකුත් ආහාර ද්‍රව්‍යවල ආසනික්‌ සුළු ප්‍රමාණවලින් තිබිය හැකි බැව් දැනුවත් වි සිටීම වැදගත් බව හඟීSමි. මුහුදෙන් ලැබෙන ආහාරවල සාමාන්‍යයෙන් වැඩිපුර ආසනික්‌ අඩංගු බව සනාථ කර ඇත.

මේ කලබැගෑනියේ දී රේගුව ක්‍රියාත්මක වී ඇති ආකාරයට ක්‌ෂණිකව පළිබෝධනාශක රෙජිස්‌ට්‍රාර් කාර්යාලය ක්‍රියාත්මක වි නැත්තේa ඇයි දැයි චෝදනාත්මකව මාධ්‍ය මගින් සාකච්ජා කර ඇත. මේ සඳහා පැවසිය යුත්තේ පළිබෝධනාශක රෙජිස්‌ට්‍රාර්වරයාට ක්‍රියා කළ හැක්‌කේ අංක 33 දරන 1980 පළිබෝධනාශක පනතේ ලබා දී ඇති නීතිමය රාමුව තුළ පමණක්‌ වන අතර එම නීතිමය රාමුව තුළ අප ඉතා වගකීමෙන් කටයුතු කර ඇති බවයි. රේගුවට පිළිsගත හැකි විශ්ලේෂණ වාර්තා පළිබෝධනාශක රෙජිස්‌ට්‍රාර්වරයාට පිළිගැනීමේ හැකියාවක්‌ නොමැති බව සඳහන් කරනු වටියි.

ලිපිය අවසන් කිරීමට පෙර බොහෝ දෙනකු ගේ අවධානය යොමු නො වූ පැතිකඩක්‌ පිළිබඳව අදහසක්‌ ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. එනම් මේ කලබැගෑනියේ ප්‍රතිඵලයක්‌ ලෙස අප රටේ බොහෝ කෘෂි අපනයන නිෂ්පාදකයන් හට අහිතකර බලපෑම් එල්ල විමට හැකි බව ය. 




මයික්‍රෝ ග්රෑම් එකක්‌ යනු ග්රෑම් 0.000001කි.

** පළිබෝධනාශකයේ පොදු නම හෝ වෙළෙඳ නාමය 
කාර්මික තාක්‌ෂණ ආයතනය වෙත ලබා දී නොමැති අතර 
ඔවුනට දෙනු ලැබුයේ නියෑදි අංකය පමණි

ආචාර්ය අනුර විජේසේකර
පළිබෝධනාශක රෙජිස්‌ට්‍රාර්


රසායනික කෘෂිකර්මයෙන් තොර ගොවිතැනේ වාසි

FRIDAY, 01 JULY 2011 8:00

සබරගමුව විශ්වවිද්‍යාලයයේ කෘෂි විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
ආචාර්ය පී. අයි. යාපා

ශක පහක්‌ පමණ පුරා අප රටේ පවත්වාගෙන ආ හරිත විප්ලවයේ දායාදයක්‌ වන කෘත්‍රිම රසායනික ද්‍රව්‍ය මත යෑපෙන රසායනික කෘෂිකර්මාන්තය මෑතක්‌ වන තුරු අපට ප්‍රාතිහාර්යයක්‌ විය. ඒකීය බිම් ප්‍රමාණයකින් ලබාගන්නා වූ අස්‌වාභාවික විශාලත්වයකින් යුත් අස්‌වැන්න මේ කෘෂි ක්‍රමවේද කෙරෙහි අප බොහෝ දෙනකු ගේ ආකර්ෂණය වැඩි කරයි. 

එහෙත් මේ විද්‍යාව හා තාක්‍ෂණය සමග අත්වැල් බැඳගත් කෘෂි ක්‍රමවේදයෙහි නො දුටු පැත්තක්‌ ඇති බව අප සිහි තබාගත යුතු ය. ඒ අතර ඉන්ධන, ජලය සහ මතුපිට පස කිසිසේත් තිරසාර නො වන ආකාරයකට භාවිත වීම ප්‍රධාන කොට ගත හැකි ය. මෙහි ප්‍රතිපල ලෙස වායුගෝලය, ජල සම්පත, පස, ජෛව විනාශය මේ වන විටත් සිදු ව ඇත. 

රසායනික කෘෂි ක්‍රමවේදය භාවිතයේ දී ගොවිපොළක්‌ කර්මාන්ත ශාලාවක්‌ ලෙස සලකනු ලබයි. එහි දී අමුද්‍රව්‍ය ලෙස කෘමිනාශක, රසායනික පොහොර, වල් නාශක සහ ඉන්ධන වැනි දේ සලකනු ලබන අතර භෝග සහ සත්ත්ව අස්‌වැන්න නිෂ්පාදන ලෙස සලකයි. රසායනික කෘෂිකර්මාන්තයේ ඒකායන අරමුණ වන්නේ අමුද්‍රව්‍ය සඳහා යන වියදම අවම කරමින් ඒකීය භූමි ප්‍රමාණයකින් නිශ්චිත වූ කාල සීමාවක්‌ තුළ සිදු කරනු ලබන නිෂ්පාදනයේ ප්‍රමාණය සහ එයින් ලැබෙන ආර්ථික ලාභය උපරීම කර ගැනීමයි. 

මෙකී අරමුණු මත පදනම් වූ කෘෂිකර්මාන්තයක්‌ රටට පවත්වාගෙන යැමේ දී සාමාජයට, පරිසරයට සහ ස්‌වාභාවික සම්පත්වලට පැමිණෙන බරපතළ විනාශයන් වැළඳගැනීමට අපට අකැමැත්තෙන් වුවත් සිදු වේ. උදාහරණයක්‌ ලෙස රසායනික කෘෂිකර්මාන්තයේ දී ස්‌වාභාවික වරණය හොඳින් ක්‍රියාත්මක වේ. තාක්‍ෂණය, ප්‍රාග්ධනය, වෙළෙඳ සහ දේශපාලනික බලයෙන් පිරිපුන් කොටස තරගයෙන් ජය ලබන අතර තාක්‍ෂණය, ප්‍රාග්ධනය, වෙළෙඳ පොළ සහ දේශපාලනිකව දුර්වල තුන්වැනි ලෝකයේ ගොවියා රසායනික කෘෂිකර්මාන්ත සටනින් හැම විටක ම පාහේ පරාජිතයෙක්‌ වේ. තුන්වැනි ලෝකය තුළ තත්ත්වය පමණක්‌ සැලකුවත් හැම විට ම සුළු පරිමාණ දුප්පත් ගොවියා අභිබවා මහා පරිමාණ ගොවියා ඉදිරියට පැමිණේ. 

පස, ජලය ඇති ස්‌වාභාවික සම්පත් සමග පරිසර පද්ධතියක තුලනය ස්‌ථායීව පවත්වාගැනීමට උපකාරී වන ජෛවවිවිධත්වය ඒකීය භෝග වගාව සමග පිරිහීම සහ එයින් පරිසරයට සිදු වන හානිය පැති කීපයකින් සිදු වේ. ඒකීය භෝග වගාව සඳහා අධි අස්‌වනු භෝග යොදා ගැනීමෙන් තත්ත්වය තවත් නරක අතට තල්ලු කරයි. මෙවැනි වගාවන් පවත්වාගෙන යැම සඳහා අධික විෂ සහිත කෘමිනාශක, වල්නාශක, දිලීරනාශක සහ කෘත්‍රිම පොහොර අත්‍යවශ්‍ය අංග වනු ඇත. මේ අතිශයින් විෂ සහිත රසායනික පරිසරයට එකතු වීමෙන් මනුෂ්‍ය වර්ගයාට ගොවිපොළ සහ අනෙකුත් සතුන්ට සහ ශාකවලට වන හානිය හුදු කර්මාන්තයක්‌ ලෙස කරගෙන යනු ලබන රසායනික කෘෂිකර්මාන්තයේ දී සැලකිල්ලට නො ගැනෙයි. හේතුව ආර්ථික ලාභය පමණක්‌ මෙහි දී සැලකීමයි. අස්‌වාභාවික ඉඩම් භාවිතය සහ කෙටිකාලීන ආර්ථික අරමුණු පමණක්‌ සැලකිල්ලට ගෙන කරනු ලබන පාංශු පාලනය හේතුවෙන් සිදු වන පාංශූ ඛාදනය බරපතළ විනාශයක්‌ ලෙස සැලකිය හැකි ය. 

ගැඹුර සෙන්ටිමීටර තිහක්‌ පමණ දක්‌වා තිබෙන මතුපිට පස මානව ශිෂ්ටාචාරයේ පැවැත්ම තීරණය කරනු ලබයි. හේතුව ආහාර භෝගවලට ප්‍රධාන වශයෙන් ම දායක වන්නේ මතුපිට පස වීමයි. අවාසනාව නම් රසායනික කෘෂිකර්මය හේතුවෙන් සිදු වන පාංශු ඛාදනයෙන් නැති වී යන්නේ ප්‍රධාන වශයෙන්ම මේ වැදගත් පාංශු ස්‌ථරය වීමයි. 

අධි අස්‌වනු භෝග, ඒකීය භෝග වගා ක්‍රම, වගා සඳහා ජල සම්පාදනය, කෘෂි රසායනික යන මේවායේ සංකලනයක්‌ වන රසායනික කෘෂිකර්මාන්තයෙන් ජල සම්පතට එල්ල වී ඇති තර්ජනය අති මහත් වේ. භෝග වගා සඳහා අධික ජල භාවිතය හේතුවෙන් පාංශු ජලය සහ ජලාශ සිඳී යැම, කෘෂි රසායන මිශ්‍ර වීමෙන් සිදු වන ජල දූෂණය මෙහි දී සිහි තබාගත යුතු වේ. 

අධික බිම් සැකසුම හා බැඳුණු මේ කෘෂි ක්‍රමවේදය කරගෙන යැමේ දී පසෙහි ස්‌වාභාවිකව එකතු වන කාබනික ද්‍රව්‍ය ශීඝ්‍රයෙන් විනාශ වී කාබන්ඩයොක්‌සයිඩ් වායුව ලෙස වායුගෝලයට එකතු වේ. කෘත්‍රිම නයිට්‍රජන් පොහොර වන යූරියා වැනි රසායනික පොහොර භාවිතය හේතුවෙන් නයිට්‍රස්‌ ඔක්‌සයිඩ් වායුව වායුගෝලයට එකතු වේ. මෙහි දී අවබෝධ කරගත යුත්තේ මේ වායු දෙක ම ගෝලීය උණුසුමට කෙළින් ම දායක වන සාධක දෙකක්‌ බවයි. පළිබෝධයන් සහ ලෙඩ රෝග මර්දනය සඳහා යොදන රසායනික ද වායුගෝලයට මිශ්‍ර වන අතර වායු දූෂණයට මේ කෘෂිකර්මාන්තයෙන් ලැබෙන දායකත්වය මෙයින් පැහැදිලි වේ.

මේ තත්ත්වයන් සලකා බැලීමේ දී රසායනික කෘෂිකර්මය කිසිසේත් තිරසාර කර්මාන්තයක්‌ නො වන බවත් එය හුදෙක්‌ කෙටිකාලීන ලාභ පමණක්‌ ලබා දෙන්නක්‌ බවත් පැහැදිලි ය. එනිසා ආහාර නිෂ්පාදනය තිරසාර කර්මාන්තයක්‌ බවට හරවා ගැනීම සඳහා වගා කටයුතු ඇරඹීම කාලීන අවශ්‍යතාවක්‌ වනු ඇත. එනිසා කෘෂිකර්මාන්තයේ පැන නැඟී ඇති ප්‍රධානතම අර්බුද වන පරිසරය සහ ස්‌වාභාවික සම්පත් විනාශය අවම කරගැනීම සඳහා තිරසාර කෘෂිකර්මාන්තය රසායනික කෘෂිකර්මාන්තයට ආදේශකයක්‌ ලෙස සාර්ථකව යොදාගත හැකි ය. 

තිරසාර කෘෂිකර්මාන්තයේ අරමුණ දීර්ඝ කාලීන ප්‍රතිලාභ අත් කර ගැනීමයි. සාර්ථක ආහාර නිෂ්පාදනය මෙහි දී අරමුණු කරන අතර ම පස, ජල සම්පත, ජෛවවිවිධත්වය, පරිසරය සහ සමාජීය අවශ්‍යතා ද ඒ සමග ම ආරක්‍ෂා කරගෙන යැම මත තිරසාර කෘෂිකර්මය පදනම් ව ඇත. මෙකී අරමුණු මත පදනම් වූ කෘෂිකාර්මික ක්‍රමයක්‌ පවත්වාගෙන යැමේ දී ස්‌වාභාවික අමුද්‍රව්‍ය මත වගා පදනම් කර ගැනීම කරනු ලබයි. රසායනික පොහොර වෙනුවට ස්‌වාභාවිකව කාබනික පොහොර ද රෝග පළිබෝධ මර්දනය සඳහා ස්‌වාභාවික ශාක සහ සත්ත්ව සාරයන් ගෙන් නිෂ්පාදිත රෝග පළිබෝධනාශක ද යොදා ගැනේ. ස්‌වාභාවික පරිසර පද්ධතියක සිදු වන ස්‌වාභාවික සතුරන් මගින් රෝග පළිබෝධ පාලනය ද තිරසාර කෘෂිකර්මාන්තයේ දී සාර්ථකව යොදාගත හැකි ය. මේ අනුව, තිරසාර කෘෂිකර්මාන්තයක්‌ සාර්ථකව පවත්වාගෙන යැම සඳහා ක්‍රමවේදවල හිඟයක්‌ කිසිසේත් නැති බව පැහැදිලි වේ. 

රසායනික කෘෂිකර්මාන්තයෙහි අතුරුපල ලෙස දැනට අපට පෙනෙන පාංශු සහ ජල දූෂණයට ප්‍රතිකාර ද, තිරසාර කෘෂිකර්මාන්තය හේතුවෙන් පසෙහි වැඩෙන හියුමස්‌ ද්‍රව්‍ය සහ හිතකර කෘෂුද්‍ර ජීවීන් ගෙන් පසුව ලැබෙනු ඇත. රසායනික විෂ විෂ රහිත ද්‍රව්‍ය බවට පත් කිරීම මේවායින් සිදු වේ. උදාහරණ ලෙස පළිබෝධ සහ වල්නාශක විනාශ කරන හිතකර ක්‌ෂුද්‍ර ජීවීන් ඕනෑ තරම් ඇත. බැර ලෝහ ශාකවලට සහ භූගත ජලයට එකතු වීම වැළැක්‌වීම හියුමස්‌ මඟින් සාර්ථකව කරනු ලබයි. 

ආනයනික අමුද්‍රව්‍ය මත පදනම් නො වූ තිරසාර කෘෂිකර්මාන්තයක්‌ අන්තර්ජාතික වෙළෙඳ සහ අනෙකුත් අර්බුද හමුවේ කඩා වැටීමේ අවදානමකට ද භාජන වේ. තව ද දිනෙන් දින උග්‍ර අතට හැරෙන ෆොසිල ඉන්ධන ප්‍රශ්නයෙන් ද තිරසාර කෘෂිකර්මාන්තයට එතරම් බලපෑමක්‌ නො වේ. මෙහි වැදගත් ම දෙය නම් වස විසෙන් තොර පෝෂ්‍යදායී ආහාර නිෂ්පාදනයක්‌ අඛණ්‌ඩව පවත්වාගෙන යැමට විශේෂයෙන් නිවර්තන තෙත් කලාපීය කාලගුණය පවතින ශ්‍රී ලංකාව වැනි රටකට දැනට ලෝකයේ තිබෙන තාක්‍ෂණය අනුව හඳුන්වා දිය හැකි වෙනත් කෘෂිකාර්මික ක්‍රමවේදයක්‌ නොමැති වීමයි.

සබරගමුව විශ්වවිද්‍යාලයයේ කෘෂි විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
ආචාර්ය පී. අයි. යාපා


විද්‍යාත්මක ක්‍රමය පට්‌ටපල් බොරුවක්‌

SUNDAY, 26 JUNE 2011 8:00

කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨයේ පීඨාධිපති මහචාර්ය නලින් ද සිල්වා 

රජරට වකුගඩු රෝගයට ද ප්‍රධාන හේතුව ලෙසින් කැලණිය විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්‌ඩායම ප්‍රකාශයට පත් කළ රජරට පානීය ජලයෙහි සහ පලිබෝධනාශකවල ආසනික්‌ අඩංගු වී ඇතැයි කළ නිගමනය විශාල ආන්දොaලනයකට තුඩුදී ඇත.

ශ්‍රී ලංකාවේ ප්‍රකට රසායන විද්‍යාඥයන් පිරිසක්‌ එම නිගමනය ප්‍රතික්‍ෂේප කිරීම එයට හේතුවයි. අද මේ සාකච්ඡාව පැවැත්වෙන්නේ රජරට ජලයෙන් සහ මහපොළොවෙන් ආසනික්‌ සොයා ගත්තේ යෑයි කියන පර්යේෂණ කණ්‌ඩායමේ නියමුවා සමගය. ඔහු කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨයේ පීඨාධිපති මහචාර්ය නලින් ද සිල්වා මහතායි.

ආසනික්‌ සම්බන්ධ ගැටලුව දැන් අපේ රටේ විශාල ආන්දෝලනයකට තුඩු දී ඇති කාරණයක්‌ වී තිබෙනවා. වී පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ අධ්‍යක්‍ෂත් පළිබෝධනාශක රෙජිස්‌ට්‍රාර්වරයාත් පවසන්නේ ඔබ ඇතුළු කැලණි විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්‌ඩායමේ නිගමන පිළිගන්න බෑ කියලයි?

"මේ අය පදනම් කරගන්නෙ අයිටීඅයි ආයතනය එනම් කාර්මික හා තාක්‍ෂණ ආයතනය කර ඇති පර්යේෂණයි. අයි.ටී.අයි. එකේ වැඩ ගැන මම එක දෙයක්‌ කියන්නම්. දැනට සති කිsහිපයකට කලින් අපි ආසනික්‌ සඳහා පරීක්‍ෂා කරල දෙන්න කියල අපේ සාම්පල් වගයක්‌ අයිටීඅයි එකට යෑව්වා. ඒ සඳහා මුදලුත් ගෙව්වා. නමුත් ඒවා පරීක්‍ෂා කරන්න බෑ කියල සල්ලිත් එක්‌කම ආපහු එව්වා. හේතුව හැටියට කිව්වෙ ඒවා පරීක්‍ෂා කරන්න ගිය එක්‌ තැනැත්තියක්‌ සිහි නැතුව ඇදගෙන වැටුන කියල. නැවත වතාවක්‌ යෑව්වම පරීක්‍ෂා කරල තිබුණ. කලින් වතාවෙ පරීක්‍ෂා කරන්න යෑව්වම සිහි නැතිවෙන්නත්, දෙවැනි වතාවේදී පරීක්‍ෂා කරන විට සිහිනැති නොවෙන්නත් හේතුව කුමක්‌ද? කොහොමත් ඔය ආයතනයෙන් දෙන නිගමන පිළිබඳ අපට සැකයක්‌ තිබෙනවා. ඒ අය පාවිච්චි කරන්නෙ එක ක්‍රමයයි. ඕකෙන් හැම දේම කියන්න බෑ."

ඕනෑම දෙයක්‌ පරීක්‍ෂා කර බලා නිගමනවලට එළඹීම සඳහා පිළිගත් විද්‍යාත්මක විධි ක්‍රමයක්‌ තිබෙනවා. ඔබ කියන්නෙ අයි.ටී. අයි ආයතනයේ එම ප්‍රමිතිය නැහැ කියලද?

"විද්‍යාත්මක විධි ක්‍රමය කියන්නෙ අමුම අමු මිථ්‍යාවක්‌ විදිහටයි මම සලකන්නෙ. විද්‍යාත්මක විධි ක්‍රමයක්‌ නෑ කියල ඕනම කෙනෙක්‌ ඉදිරිපිට මම ඔප්පු කරල පෙන්වනවා. අද ලෝකෙ තියෙන ලොකුම මිථ්‍යාව තමයි ඔය විද්‍යාත්මක විධි ක්‍රමය. නමුත් අයි.ටී.අයි ආයතනය විශ්වාස කරන විද්‍යාත්මක විධි ක්‍රමට අනුව වුණත් එක තැනකින් විතරක්‌ දත්ත අරගෙන පාඨාංක අරගෙන නිගමනවලට එන්න පුළුවන්ද?

අනෙක්‌ කාරණය අපේ රටේ පළිබෝධ නාශකවල ආසනික්‌ නෑ කියල කිසිම පුද්ගලයකුට කියන්න බෑ. ඒ අයට කියන්න පුළුවන් අපේ ක්‍රමයට අනුව මේ යන්ත්‍රයෙන් සිදු කළ පරීක්‍ෂණවලදී මේ පළිබෝධ නාශකවල ආසනික්‌ තිබුණෙ නෑ කියල. ඒ අනුව සියලු පළිබෝධ නාශකවල ආසනික්‌ නෑ කියන්න පුළුවන්ද? ඒක හරියට අපි සුදු කපුටෙක්‌ දැක්‌කෙ නෑ කියල ලෝකෙ සුදු කපුටො නෑ කියනව වගේ කතාවක්‌."

ඊළඟ කාරණය ඔය අයගෙ රසායන විද්‍යාව කියන්නෙ සූප ශාස්‌ත්‍රයක්‌. මොනව හරි කෑමක්‌ හදන කොට එකතු කරන ප්‍රමාණ තියෙනවනෙ. දෙහි මිලි ග්‍රෑම් 3 යි පිටි කිලෝ ග්‍රෑම් 1 වගේ. ඒක රසායන විද්‍යාව නෙමෙයි. සූප ශාස්‌ත්‍රය. මේ අය රසායන විද්‍යාව කරන්නෙත් එහෙමයි. නයිටි්‍රක්‌ ඇසිඩ් මෙච්චරයි. අර භෂ්මය මෙච්චරයි. මේ උෂ්ණත්වයට රත් කරන්න ඕන. සුද්ද දීල තියෙන ඔය විධි ක්‍රමයට ආසනික්‌ අහුවෙන්නෙ නෑ. සමහර ද්‍රව්‍යවල අහුවෙන්නෙ තියෙන ප්‍රමාණයට වඩා අඩුවෙන්. කැලණි විශ්වවිද්‍යාලෙ කණ්‌ඩායම කළේ ඔය සුද්දගෙ පොතේ තියෙන ක්‍රමය සංශෝධනය කිරීමක්‌"

නමුත් කැලණි විශ්වවිද්‍යාලයේ විද්‍යාගාරය තුළ මෙබඳු පර්යේෂණයක්‌ කිරීමට පහසුකමක්‌ නැහැ කියල චෝදනාවක්‌ එල්ල වී තිබෙනව නේද?

"අපේ විද්‍යාගාරෙ යන්ත්‍ර සූත්‍ර කැඩිල කියල කිය කියා ඇවිදින ගැහැනු මනුස්‌සයෙක්‌ ඉන්නව. ඉස්‌සර කැඩිල තියෙන්න ඇති. එයා දන්නෙ නෑ දැන් ඒව හදල කියල. යන්ත්‍රයක්‌ එක දවසක්‌ දෙකක්‌ කැඩිල තිබුණට ඒක හැමදාම කැඩිල කියල නිගමනය කරන්න විද්‍යාඥයකුට පුළුවන්ද? මම අභියෝග කරනව එයාටයි ඔය කතාව කියන අනිත් අයටයි ඇවිත් බලන්ඩ කියල මේ යන්ත්‍ර වැඩ කරනවද නැද්ද කියල. අයි.ටී.අයි. ආයතනය පිළිගත් ආයතනයක්‌ වෙන්න ඇති. ඒකෙ යන්ත්‍ර සූත්‍රත් ඇති. නමුත් පරීක්‍ෂණ හරියට කරන්න ඕකේ මිනිස්‌සු ඉන්නවද කියල මම අහනව. අපට යන්ත්‍ර සූත්‍රත් තියෙනව මිනිස්‌සුත් ඉන්නව.

බ පසුගියදාක ප්‍රකාශ කළා මේ ප්‍රශ්නය ජනතා අධිකරණයට බාර දීල කියල. නමුත් ආහාරවල සහ පළිබෝධ නාශකවල ආසනික්‌ තියෙනව කියන්නෙත් නැහැ කියන්නෙත් විද්‍යාඥයො. පර්යේෂණ අනුව විද්‍යාඥයන් ප්‍රකාශ කරන දෙයකට ජනතාව තීන්දුවක්‌ දෙන්නෙ කොහොමද?

උසාවියකදී නඩුවකට තීන්දුවක්‌ දෙන විනිසුරුවරයා විද්‍යාඥයෙක්‌ද? ඔහු සමහර විට පාලි හා බෞද්ධ අධ්‍යයනයක නිරත වූවෙක්‌ වෙන්න පුළුවන්. සිංහල බෞද්ධ චින්තනය ක්‍රිස්‌තියානි චින්තනයට වඩා හුඟක්‌ ඉහළයි. මිනී මැරුම් නඩුවක තීන්දුව දෙන්නෙ කවුද? සාමාන්‍ය මිනිසුන්ගෙන් යුතු ජූරි සභාවකින්. මේ මිනිහ මිනිහෙක්‌ මැරුවද නැද්ද කියල තීන්දු කරන්න අධිකරණ වෛද්‍ය විද්‍යාවේ හෝ වෙනත් විද්‍යාවක විශේෂඥයකු විය යුතු නැහැ. මේ වගේ දේවල්වලට තීන්දු දෙන්න ඕන ඒ ඒ ක්‍ෂේත්‍රවල විශේෂඥයො කියල හිතාගෙන ඉන්න එක මහා මිථ්‍යාවක්‌. මේවට තීන්දු දෙන්න හොඳම අය තමයි සාමාන්‍ය ජනතාව. දෙපැත්තම කරුණු ඉදිරිපත් කළාට පස්‌සෙ කවුද හරි කියල තීරණය කරන්න සාමාන්‍ය ජනතාවට පුළුවන්. දෙකෝටියකට වැඩි ජනගහනයක්‌ ඉන්න අපේ රටේ මේ ආසනික්‌ ගැන කෝටියක්‌වත් උනන්දු වෙනව ඇතිනේ. ඒ කෝටියම මේ ප්‍රශ්නයේ විනිශ්චයකරුවො. වඩා හරි එක්‌කෙනෙකුගෙ දෙන්නකුගෙ හරි එක ආයතනයක හරි නිගමනය ද නැත්නම් කෝටියකගෙ විනිශ්චයද?

අපේ රටේ ජනතාව භාවිත කරන ජලයේ සහ ආහාරවල ආසනික්‌ නැතැයි කියන කණ්‌ඩායම එල්ල කරන ප්‍රධාන චෝදනාව වන්නේ ඔබේ කණ්‌ඩායම ජලයේ සහ ආහාරවල ආසනික්‌ තිබෙනවා යෑයි සොයාගත් ක්‍රමවේදය විද්‍යාත්මකව තහවුරු කරල නෑ කියලයි. ඔබ සම්මත රසායන විද්‍යා නියමයන්ට අනුකූලව නෙමෙයිද මේ නිගමන ප්‍රකාශ කළේ?

විද්‍යාත්මක ක්‍රමය මම ප්‍රතික්‍ෂේප කළාට අපේ රටේ අධිපතිවාදී මතයක්‌ තියෙනව විද්‍යාත්මක ක්‍රමය හරියි කියල. රෝම ලන්දේසි නීතිය මම පිළි නොගත්තට යම් දිනයක උසාවියකදී මට කරුණු ප්‍රකාශ කරන්නට වුණොත් මට රෝම ලන්දේසි නීතිය පිළිගන්නට වෙනව. අන්න ඒ වගේ විද්‍යාත්මක විධි ක්‍රමය මම ප්‍රතික්‍ෂේප කළත් මහජනයා වෙනුවෙන් සිදුකළ මේ කාරණයේදී අපි කටයුතු කළේ සම්මත රසායන විද්‍යාවට අනුවයි. සම්මත රසායන විද්‍යාවේ නීති රීතිවලින් මූලික නියමවලින් බැහැර වන්නේ නෑ. අපි එහෙම කරන්නෙ විද්‍යාත්මක ක්‍රමය අද අපේ රටේ අධිපතිවාදය බවට පත්වෙලා තියෙන හින්දයි. මේ විද්‍යාත්මක ක්‍රමය මම දැඩි පිළිකුලෙන් හෙළා දකිනවා. අධිරාජ්‍යවාදීන් මේ ගැටයෙන් අද අපේ බෙල්ල හිරකරලයි තියෙන්නේ. මම මේ විශ්වවිද්‍යාලෙ විද්‍යාපීඨ පීඨාධිපති තමයි. මම මෙතෙන ඉන්නෙ මේ බොරුකාරයන්ගෙ විද්‍යාව උගන්වන්න නෙමෙයි. මේ විද්‍යාවට විරුද්ධව ළමයින්ට කරුණු කියන්න. මම පඩි ගන්නෙ මට නියම කරල තියෙන වැඩේට විරුද්ධ වැඩක්‌ කරලයි. ඒක සදාචාර නොවෙන්න පුළුවන්. නමුත් ඒක මගේ සදාචාරයට හරි. මගේ සදාචාරය තමයි රට. රටේ යහපත. මම බටහිර රසායන විද්‍යාව පිළිකෙව් කළත් මේ කාරණයේදී මම ක්‍රියාකරන්නෙ බටහිර රසායන විද්‍යාවට අනුවයි. මට මෙහි කිසි පටලැවිල්ලක්‌ නෑ.

මේ සියලු කණ්‌ඩායම් එක හඬින් ඉල්ලන්නෙ අපි පරීක්‍ෂා කළ සාම්පලවල ආසනික්‌ නෑ. ඒ සාම්පල්වලආසනික්‌ තිබෙන බව නිගමනය කරන්න ඔබේ කණ්‌ඩායම අනුගමනය කළ ක්‍රමවේදය කුමක්‌ ද කියලයි?

පත්තරවලින් ජනමාධ්‍යයෙන් නෙමෙයි අපෙන් ලිතව ඉල්ලුවොත් ඒ ක්‍රමවේදය අපි දෙනව. පීඨාධිපති හැටියට මගෙන් නිල වශයෙන් ඉල්ලුවොත් ඒ ක්‍රමවේදය මම දෙනව.

නාථ දෙවියන්ගේ මඟ පෙන්වීම් මේ සොයා ගැනීම් සඳහා උපකාර වුණා යෑයි පළ වී ඇති තොරතුරු සහ මේ ක්‍රමවේදය අතර තිබෙන සම්බන්ධය කුමක්‌ද?

නාථ දෙවියො කියන්නෙ මතු බුදුවන මෛත්‍රී බෝසතාණන් වහන්සේ. උන්වහන්සේ සමඟ සන්නිවේදන කටයුතු කළ හැකි කාන්තාවක්‌ අපේ මේ කණ්‌ඩායමට සම්බන්ධව සිටිනවා. දෙවියන් ආරූඪ වීමක්‌ වැනි දෙයක්‌ නෙමෙයි. ඒ මහත්මිය සතු කිසියම් පාරමී ශක්‌තියක්‌ තිබෙනවා.

ආහාරවල පළිබෝධ නාශකවල ආසනික්‌ තිබෙන බවට මුලින්ම තොරතුරු කිව්වෙ ඒ මහත්මියද?

රජරට වකුගඩු රෝගය පිළිබඳ මම මගේ මිතුරන් සමඟ අවුරුදු කිහිපයක්‌ම සාකච්ඡා කළා. රජරට විශ්වවිද්‍යාලයේ සේවය කරන වෛද්‍ය චන්න ජයසුමන එයින් එක්‌කෙනෙක්‌. කොටි තර්ජන තිබුණු ඒ කාලේ අපි මුලින්ම හිතුවෙ මේක කොටින්ගෙ වැඩක්‌ කියලයි. අපි එහෙම සැක කළේ මේ රෝගය වැඩිපුරම පැතිරුණේ කොටි තර්ජනය තිබුණු ගම්මානවල නිසා. පසුව මම මගේ මිත්‍රයා කලින් සඳහන් මහත්මිය වෙත යොමු කළා. රජරට ප්‍රදේශයේ ජලයේ සහ පස්‌වල ආසනික්‌ ඇති බවත් මේ රෝගයට හේතුව එය බවත් ප්‍රකාශ කළේ ඇය. ඇය ඒ තොරතුරු ලබා ගත්තෙ නාථ දෙවියන්ගෙන්. ඒ වගේම අපේ කණ්‌ඩායමේ කිහිපදෙනෙක්‌ ඉන්නව භාවනාව දියුණු කරපු අය. ඔවුන් භාවනානුයෝගීව සමාධිගතව සිටින විට කිසියම් ද්‍රව්‍යයක්‌ දෙස බලා එහි අඩංගුව ඇති දේවල් හඳුනා ගැනීමට හැකියාවක්‌ තිබෙනවා. එය නාථ දෙවියන් හා සම්බන්ධ කාරණයක්‌ නෙමෙයි. රජරට ජලයේ සහ පස්‌වල ආසනික්‌ තිබෙන බව අපි නාථ දෙවියන්ගෙනුත් දැන ගත්තා. භාවනාව දියුණු කළ අපේ කණ්‌ඩායමේ කිහිපදෙනෙකුත් එය තහවුරු කළා. නමුත් අපි මෙය කාටවත් කිව්වේ නැහැ. අපි සම්මත රසායන විද්‍යාවට අනුව ඒ ගැන සොයා බැලුවා. නමුත් ඒ පරීක්‍ෂණවලදී අපට ආසනික්‌ තිබෙන බවට කිසිදු හෝඩුවාවක්‌ ලැබුණෙ නෑ. අපේ කණ්‌ඩායම නැවතත් භාවනාව තුළිsන් මෙහි නිරවද්‍යතාව පරීක්‍ෂා කළා. එහිදී ඒ අයට පෙනුණා ආසනික සොයන්නට භාවිත කරන ක්‍රමය වැරදි බව. පළමු ක්‍රමය මඳක්‌ සංශෝධනය කර ක්‍රියාත්මක කළ දෙවැනි ක්‍රමයේදී රජරට ජලයේ සහ පස්‌වල ආසනික්‌ ඇති බව පෙනුණා. අමුතු දෙයක්‌ කළේ නෑ. ඒ ඇසිඩ්මයි ඒ භෂ්මමයි. නමුත් එකතු කළ ප්‍රමාණවල වෙනසක්‌ සිදු කළා. මේක අපේ ක්‍රමයක්‌. භාවනාවෙන් සිත දියුණු කර සොයා ගත යුතු ක්‍රමයක්‌.

අපේ රටේ කිසිදු විද්‍යාඥයකුට මෙවැනි අදහසක්‌ පහළ වෙලා නැහැ. අවුරුදු 18 දී විශ්වවිද්‍යාලයට ඇවිත් අවුරුදු 66 ක්‌ විශ්වවිද්‍යාලයේ හිටපු මම අපේ රටේ බුද්ධිමතුන් හොඳට හඳුනනවා. අපේ විද්‍යාඥයො කරන්නෙ පොතේ තියෙන දෙයක්‌ අරං ප්‍රශ්නයක්‌ විසඳනව මිසක්‌ ඔවුන්ට අලුත් අදහස්‌ නෑ. අදහස්‌ පහළ වෙන්නෙ කොහොමද කියලවත් අපේ අද විද්‍යාඥයො දන්නෙ නෑ.

මේ සොයා ගැනීම කවර ආකාරයකින් සිදු වුණත් පානීය ජලයේ සහ ආහාරවල ආසනික්‌ අඩංගුව ඇත්නම් එය බරපතළ කාරණයක්‌. මෙහිදී ඔබ ජනතාවට දෙන පනිවිඩය කුමක්‌ද?

රජරට වකුගඩු රෝගය මේ ආසනික්‌ නිසා සෑදෙන බව අපට සියයට අනූනවයක්‌ම විශ්වාසයි. අද රට පුරා පැතිරෙන මී උණත් ඔය පළිබෝධනාශක නිසා ඇතිවන ලෙඩක්‌. එහෙම නැතිව මී මුත්‍රා නිසා නෙමෙයි. මී උණ පැතිරෙන්නෙ දැනට අවුරුදු 25 ක විතර කාලෙක ඉඳන්. මීට අවුරුදු 25 කට කලින් හිටපු මීයො මුත්‍රා කළේ නැද්ද? මේ පළිබෝධනාශක නිසා කුඹුරුවලට වස විස ඇවිත් තියෙනව. හේතුව ඒකයි. මේකට තිබෙන විසඳුම කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිත නොකරන ගොවිතැනට නැවත යැමයි. ඊළඟට මේ වෙනුවට කාබනික පොහොර, හරිත පොහොර, කොම්පෝස්‌ට්‌ පොහොර ආදී නම් වට්‌ටෝරුවක්‌ තියෙනවා. ඒව නරකයි කියනව නෙමෙයි. නමුත් විසඳුම නෙමෙයි. ඒවත් බටහිරෙන් එන යෝජනා. ඊටත් වඩා පහසු ක්‍රියාත්මක කිරීමට ලේසි ක්‍රම තියෙනවා. අපේ ආචාර්යවරුයි ශිෂ්‍යයොයි එකතු වෙලා මේ කිට්‌ටුව කුඹුරක්‌ ඇස්‌වැද්දුව. අපි කෘමිනාශක පාවිච්චි කළේ නෑ. කැප්පෙටිය, නිදිකුම්බා වැනි කොළ වර්ග කිහිපයක්‌ පමණයි යෙදුවේ. අපි කන්න ගණනාවක්‌ එසේ වගා කළා.

මේ වෙනස දවසින් දෙකෙන් කරන්න බෑ. ආණ්‌ඩුව මැදිහත් වුණොත් තව වසර පහක්‌ ඇතුළත කෘෂි රසායන නැති ගොවිතැන් ක්‍රමයක්‌ රටේ ඇති කරන්න පුළුවන්.

සාකච්ඡා කළේ
පාලිත සේනානායක - DIVAINA


ආසනික්‌ හා සුදු කපුටෝ
මහාචාර්ය නලින් ද සිල්වා
Thu, Jun 23, 2011, 08:00 am 


ඔබ ඇපල් මලක්‌ වාගේ.. ලස්‌සන වසන්ත කාලේ... යනුවෙන් ආරම්භ වන ගීතයක්‌ ඇත. මේ ගීතයෙහි පදමාලාව රචනය කළ තැනැත්තා යුරෝපීය හෝ වෙනත් බටහිර වසන්තයක්‌ හා ඇපල් මල් දැක ඇතැයි සිතමු. එසේ නම් ඔහුට ඇපල් මල ගැන ඇත්තේ සංයුක්‌ත සංකල්පයක්‌ පමණක්‌ නො වේ. ඔහුට එය ඉන්ද්‍රිය ගෝචර සංකල්පයක්‌ වෙයි. ඒ සංකල්පය ඔහු ගේ පංෙච්න්ද්‍රියන්ට ගෝචර වී ඇත. ඔහුට ඒ ඇපල් මල නැත්නම් ඇපල් මල් ලංකාවේ දී වුව ද සිතෙන් මවාගත හැකි වෙයි. මා මෙය ලියන අතර මට අවශ්‍ය නම් රුවන්වැලිසෑය සිතෙන් මවාගත හැකිවාක්‌ මෙන් ඇපල් මලක්‌ දැක ඇති අයකුට ඒ අමතක වී නැත්නම් ඇපල් මලක්‌ ඕනෑ ම අවස්‌ථාවක සිතෙන් මවාගත හැකි වෙයි. එසේ ම ගී පද රචකයාට වසන්තය පිළිබඳ සෘජු පංෙච්න්ද්‍රිය ගෝචර අත්දැකීම් ද ඇතැයි සිතිය හැකි ය.

එහෙත් මෙහි දී කිව යුත්තක්‌ වෙයි. කාලයක්‌ ඇවෑමෙන් ඇපල් මල පිළිබඳ මතකය දුරස්‌ වත් ම සිතෙන් මවාගත හැකි අපල් මල ද වෙනස්‌ වෙයි. එහි හැඩය, වර්ණය ආදිය කල් යැමේ දී සිතෙහි වෙනස්‌ වෙයි. වසන්තය ගැන ඇති හැඟීම් වුව ද කල් ගත වත් ම වෙනස්‌ වෙයි. නැවත නැවතත් යුරෝපයට හෝ වෙනත් ප්‍රදේශයකට හෝ ගොස්‌ තම මතකය අලුත්වැඩියා නො කරගන්නකුට ඒ අදාළ අත්දැකීම් පිළිබඳ මතකය ක්‍රමයෙන් ඈත් වෙයි. මෙය ගීතයෙහි පද රචකයාට පමණක්‌ නො ව ඕනෑ ම අයකුට සිදු විය හැකි ක්‍රියාවලියකි.

එයින් කියෑවෙන්නේ ඇපල් මල් අවුරුදු පතා නො දකින, කාලයකින් ඒ නො දුටු අයකු ගේ ඇපල් මල පිළිබඳ සිතෙහි මැවෙන සංකල්පය කාලයත් සමඟ වෙනස්‌ විය හැකි බව ය. වසන්තය සම්බන්ධයෙන් ද තත්ත්වය එසේ ම ය. දැන් මේ ගීතය රසවිඳින කිසි දා ඇපල් මලක්‌ නො දුටු අයකු ගනිමු. ඔහු ඇපල් මලක්‌ ලෙස සිතෙහි මවා ගන්නේ කුමක්‌ ද? ඔහු ඡායාරූපයක ඇපල් මලක්‌ (මල්) දැක ඇත්නම් ඒ අනුසාරයෙන් ඇපල් මලක්‌ සිතෙහි මවාගනු ඇත. ඒ ඇපල් මල ගීත රචකයා ගේ ඇපල් මලෙන් වෙනස්‌ වන බව අමුතුවෙන් කිව යුතු නො වේ.

ගීතය රස විඳින්නා ඡායාරූපයකින් වත් ඇපල් මලක්‌ දැක නැත්නම් ඔහු ඇපල් මලක්‌ සිතෙන් මවාගන්නේ කෙසේ ද? ගීතයෙහි ඇපල් මල යොදාගෙන ඇත්තේ රූමත් යෑයි කිව හැකි කතක්‌ ගැන කීමට බැවින් ඇපල් මල ලස්‌සන යෑයි ගීය රස විඳින්නා පළමුව සිතනු ඇත. ඉන්පසු ඔහු තමා දැක ඇති ලස්‌සන මල් ඇසුරෙන් ඇපල් මලක්‌ සිතෙහි නිර්මාණය කරගනු ඇත. එවැන්නකු ගේ ඇපල් මල පිළිබඳ සංකල්පය ගී පද රචකයා ගේ ඇපල් මල සමඟ සමපාත වීමට ඇති ඉඩකඩ බෙහෙවින් අඩු ය.

එපමණක්‌ නො වේ. ඇපල් මල් දුටු අය සියල්ලන් ම එක ම ආකාරයේ ඇපල් මල් පිළිබඳ සංකල්ප ඇති කරගන්නේ යෑයි නො සිතිය යුතු ය. ඇපල් මල දුටු දිනයේ සිතෙහි වූ හැඟීම, ප්‍රීතියෙන් සිටියේ ද, කණගාටුවෙන් සිටියේ ද ආදිය හා තවත් බොහෝ කරුණු ඒ සංකල්පය ඇති කර ගැනීමේ දී බලපායි. අප සියලු දෙනා ම දකින්නේ එක ම පොල් මලක්‌ යෑයි නො සිතිය යුතු ය. අප එකිනෙකා ගේ පොල් මල් වුව ද එකිනෙකට සාපේක්‍ෂ වෙයි. අපට බොහෝ විට සමාන ඉන්ද්‍රිය පද්ධති තිබුණ ද මනස සමඟ එකතු වී සංස්‌කරණය කෙරෙන සංකල්ප සම්බන්ධයෙන් අප සැම අතින් ම එකඟ වන්නේ යෑයි නො සිතිය යුතු ය. එසේ සිතන්නට අප පුරුදු වී ඇත්තේ බටහිර ආත්මවාදීන් ගේ දැඩි පීඩනය හේතුවෙනි. අඩු ම තරමෙන් සිංහල සංස්‌කෘතියේ අප දකින පොල්මල හා ඉංගිරිසිකාරයකු ලංකාවේ දකින පොල් මල අතර වෙනසක්‌ ඇති බව වටහාගත යුතු ය.

සංකල්පවල සාපේක්‍ෂභාවය ගැන සාකච්ජා කරන අතර ඊනියා වාස්‌තවික මිනුම්වල සාපේක්‍ෂතාව ගැන කෙටි සටහනකට මේ අවස්‌ථාව යොදාගනු කැමැත්තෙමි. අද ලංකාවේ සිටින බොහෝ විද්‍යාඥයන් යෑයි කියන කරුණක්‌ නම් කැලණිය විශ්වවිද්‍යාලයට සම්බන්ධ රජරට නිදන්ගත වකුගඩු රෝගය පිළිබඳ ගවේෂණයක යෙදෙන කණ්‌ඩායම පළිබෝධ නාශකවල, රජරට ඊනියා පානීය ජලයෙහි හා රජරට නිපදවන සහල් වැනි ද්‍රව්‍යවල ආසනික්‌ ඇති බවට කරන ප්‍රකාශ සාවද්‍ය බව ය. ඔවුනට අනුව ඒ සහල්වල ආසනික්‌ නැත. එමෙන් ම පළිබෝධ නාශක දෙකක හැර අනෙක්‌ බොහොමයක ද ආසනික්‌ නැත. ඔවුන් කියන්නේ තවත් පළිබෝධනාශක නියෑදි කිහිපයක්‌ පමණක්‌ පරීක්‍ෂාවට ලක්‌ කළ යුතු ව ඇති බව ය. ඊනියා පානීය ජලයෙහි හෙවත් බොන වතුරෙහි ආසනික්‌ ඇත් ද නැත් ද යන්න පිළිබඳව මේ විද්‍යාඥයන් ගෙන් නිශ්චිත ප්‍රකාශයක්‌ නිකුත් කෙරී නැත. එසේ නම් කැලණිය විශ්වවිද්‍යාලයට සම්බන්ධ කණ්‌ඩායම, ඇතැමුන් කියන්නාක්‌ මෙන් රටට විරුද්ධව කුමන්ත්‍රණය කරන්නේ ද?

මේ ප්‍රකාශ කරන ඇතැමුන් තමන් හඳුන්වා ගන්නේ විශ්ලේෂණාත්මක රසායන විද්‍යාඥයන් ලෙස ය. ඒ එසේ විය හැකි ය. එහෙත් කිසි ම විෂයයක්‌ ඊනියා විශේෂඥයන් ගේ පමණක්‌ බූදලයක්‌ නො වේ. සාමාන්‍ය බුද්ධියක්‌ ඇති ඕනෑ ම අයකුට බොහෝ දේ තේරුම් ගැනීමේ හැකියාවක්‌ ඇත. අනෙක්‌ අතට කාබනික රසායන විද්‍යාව දන්නා මහාචාර්යවරුන්ට දෙවැනි වසරේ ශිෂ්‍යයන්ට උගන්වන ඊනියා විශ්ලේෂණාත්මක රසායන විද්‍යාව අවබෝධ කර ගැනීමට නො හැකි නම් විශ්වවිද්‍යාලයෙහි ඉගැන්වෙන රසායන විද්‍යාවෙහි විශාල අඩුපාඩුවක්‌ තිබිය යුතු ය.

පළිබෝධනාශකවල ආසනික්‌ නැතැයි කියන අය තම මතය ප්‍රකාශ කරන්නේ කාර්මික හා තාක්‍ෂණ ආයතනයේ කරන ලද පරීක්‍ෂණ පමණක්‌ උපයෝගී කරගනිමිනි. එය ඊනියා විද්‍යාත්මක විධික්‍රමයට එකඟ දැයි දැනගනු කැමැත්තෙමි. එක ආයතනයක පමණක්‌ කරන ලද පරීක්‍ෂණ මත පදනම් වී සාධාරණ (General පොදු යන අරුතින්) නිගමනවලට එළඹෙන්නේ කෙසේ ද?

ආසනික්‌ සම්බන්ධයෙන් කෙරෙන පරීක්‍ෂණවල දී යොදා ගැනෙන්නේ සාමාන්‍යයෙන් සම්මත රසායන විද්‍යා පොත්පත්වල හා පර්යේෂණ සඟරාවල ඇති ක්‍රම ය. මේ ක්‍රම අනුව කාර්මික හා තාක්‍ෂණ ආයතනයෙහි කරන ලද පරීක්‍ෂණවල දී පළිබෝධනාශකවල ආසනික්‌ හඳුනාගන්නට නොහැකි වන්නට ඇත. එසේත් නැත හොත් ඉතා සුළු ප්‍රමාණයක්‌ පමණක්‌ ඇතැම් නියෑදිවල ඇති බව පෙනී යන්නට ඇත. එහෙත් එපමණකින් ඔවුන් පළිබෝධනාශකවල ආසනික්‌ නැතැයි යන නිගමනයට පැමිණෙන්නේ කෙසේ ද?

ඔවුනට කිව හැක්‌කේ තමන් විසින් යොදා ගන්නා ලද ක්‍රමයට අනුව තමන් විසින් පරීක්‍ෂණයට ලක්‌ කරන ලද නියෑදිවල ආසනික්‌ නැති බව පමණ ය. එය සාධාරණ නිගමනයක්‌ විය නො හැකි ය. එහෙත් යමකු යම් පරීක්‍ෂණයකින් පළිබෝධනාශක නියෑදියක ආසනික්‌ ඇති බව දැනගත හොත් එයින් කියෑවෙන්නේ අඩු ම තරමෙන් එක්‌ පළිබෝධනාශකයක ආසනික්‌ ඇති බව හා අනෙක්‌ පළිබෝධනාශකවල ද ආසනික්‌ තිබේ දැයි දැනගැනීමට පරීක්‍ෂණ පැවැත්වීම යෝග්‍ය බව ය.

තමන් ගේ පරීක්‍ෂණාගාරයෙහි තමන් දන්නා ක්‍රමයකට පළිබෝධනාශකවල ආසනික්‌ තිබේ දැයි පරීක්‍ෂා කර ඒ පරීක්‍ෂණවලට ආසනික්‌ හසු නො වූ කල පළිබෝධනාශකවල ආසනික්‌ නැතැයි නිගමනය කරන ඊනියා විද්‍යාඥයන්ට සාමාන්‍ය ව්‍යවහාර ඥනය වත් ඇත් ද යන සැකය මතු වෙයි. කැලණිය විශ්වවිද්‍යාලයීය කණ්‌ඩායම පළිබෝධනාශකවල මෙන් ම රජරට ළිං හා වැව්වල ජලයෙහි ද, සහල්වල හා වෙනත් ද්‍රව්‍යයන් ගේ ද ආසනික්‌ ඇත් දැයි සොයා බැලීමේ දී සම්මත ක්‍රමය ඇතැම් සංශෝධනයන්ට ලක්‌ කර ඇත. අප කණ්‌ඩායමට ඒ ඒ නියෑදිවල ආසනික්‌ ඇති බව පෙනී ගොස්‌ ඇත්තේ එසේ සංශෝධිත ක්‍රම මගින් නියෑදි පරීක්‍ෂා කිරීමෙහි දී ය.

ඒ සංශෝධිත ක්‍රම කවරේ දැයි අප කණ්‌ඩායමේ විද්‍යාඥයෝ රටට දැනුම් දීමට සූදානමින් සිටිති. එහෙත් එක්‌ ආයතනයකින් හැරෙන්නට අනෙක්‌ ආයතනවලින් ඒ පිළිබඳව ලැබී ඇත්තේ නිෂේධාත්මක ප්‍රතිචාර ය. අපේ කණ්‌ඩායමේ සංශෝධිත ක්‍රම අනුව පරීක්‍ෂා කළ ආයතනයේ විද්‍යාඥයන්ට අදාළ නියෑදිවල ආසනික්‌ හඳුනාගැනීමට හැකි වී ඇත. රජයේ ම ආයතනයක්‌ වූ ඒ ආයතනයෙහි ද නිරීක්‍ෂණ රජයේ ඇතැම් නිලධාරින් විසින් ප්‍රතික්‌ෂේප කරනු ලැබ ඇත.

රජයේ නිලධාරීන් කුමක්‌ කීව ද කුමක්‌ කළ ද, මේ සියල්ලෙන් පැහැදිලි වන කරුණක්‌ වෙයි. එනම් යොදා ගන්නා ක්‍රම වෙනස්‌ වන විට ඊනියා විශ්ලේෂණාත්මක රසායන විද්‍යාවෙහි (Analytical Chemistry) ප්‍රතිඵල වෙනස්‌ වන බව ය. ප්‍රතිඵලය ඉතා පැහැදිලි ව යොදාගන්නා ක්‍රමය මත වෙනස්‌ වන විට වාස්‌තවිකත්වයක්‌ ඇත්තේ කොහේ ද? යොදාගන්නා ක්‍රමය සංශෝධනය කළ විට, අවශ්‍ය නම් වර්ධනය කළ විට, එතෙක්‌ නො පෙනී තිබූ ආසනික්‌ පෙනෙන්නට ගන්නේ නම් අපට කළ හැක්‌කේ සැම විට ම මේ මේ අවශ්‍යතා යටතේ මේ මේ ප්‍රතිඵල ලැබෙන බවත් මේ මේ නිගමනවලට එළඹිය හැකි බවත් ප්‍රකාශ කිරීම පමණකි. 

එහෙත් මෙයින් යම් ක්‍ර්‍රමයක්‌ යොදා ගැනීමෙන් ආසනික්‌ ඇති බව පෙනී යැමෙන් පසු ඒ ක්‍රමය තවත් වර්ධනය කිරීමෙන් ආසනික්‌ නැති බව පෙන්වා දීමට ඉඩක්‌ ඇතැයි යන්න ගම්‍ය නො වේ. එක්‌ ක්‍රමයක්‌ යොදා ගැනීමෙන් ආසනික්‌ ඇති බව පෙනී ගිය හොත් ඉන් කියෑවෙන්නේ අදාළ නියෑඳියෙහි ආසනික්‌ කිනම් ආකාරයකින් වුව අඩංගු බව ය. එහෙත් එසේ ආසනික්‌ අඩංගු වේ ය යන්න ද ඊනියා යථාර්ථයක්‌ නො වේ. ඒ නිගමන සියල්ල අවසාන වශයෙන් අපේ පංෙච්න්ද්‍රිය මනස හා සංස්‌කෘතිය මත පදනම් වෙයි. සංස්‌කෘතියෙන් මනසෙන් පංෙච්න්ද්‍රියන් ගෙන් ස්‌වායත්ත වූ දැනුමක්‌ ඇති බව ඒ කිසිවකින් තොර ව පෙන්වා දිය හැකි නො වේ.

ආසනික්‌ ඇතැම් කණ්‌ඩායමක යොදාගන්නා ක්‍රමයට හසු නො වූ පමණින් ඒ නැතැයි කිම එක්‌ අතකින් සුදු කපුටන් නැතැයි කීමට සමාන ය. සුදු කපුටකු නො දැකීම හේතුවෙන් සුදු කපුටන් නැතැයි නිගමනය කළ හැකි නො වේ. සුදු කපුටන් සිsටිය ද, අප ඔවුන් නිරීක්‍ෂණය කර නොමැති නම් අපට සාපේක්‍ෂව සුදු කපුටන් නැතැයි කිව හැකි ය. එහෙත් එපමණින් කිසිවකුට සුදු කපුටන් නැතැයි යන සාධාරණ නිගමනයට පැමිණිය හැකි නො වේ. මේ කරුණුවලින් අප යොමු කෙරෙන්නේ ඊනියා වාස්‌තවික යථාර්ථයක්‌ නැතැයි යන තැනට මිස වාස්‌තවික යථාර්ථයක්‌ ඇතැයි යන තැනට නො වේ. වාස්‌තවික යථාර්ථයක්‌ ඇතැයි යන්න මනසෙන් තොර ව වාස්‌තවිකව පෙන්වා දිය හැකි සමතකු නැත. සංකල්ප අවසාන වශයෙන් මනසෙහි නිර්මාණ වෙයි.


මහාචාර්ය නලින් ද සිල්වා


රජරට වකුගඩු රෝගයට හේතු පිළිබඳ ප්‍රබල අනාවරණයක්‌

2011 - 06 - 22, 9:13 a.m.
වෛද්‍ය චන්න සුදත් ජයසුමන
 

ඉතා ඈත අතීතයේ පෘතුගීසි පාලනයට පෙර වැව්වලට පණ පොවා ඇති මේ ශ්‍රී ලංකාද්වීපයේ අප මුතුන් මිත්තන් ගත කළ ජීවිතය ගැන සිතීමට පවා අද සිටින බොහෝ දෙනකු නො පෙළඹෙන බව, ඒ බව සිතීමට පවා නොහැකි බව රජරට වැව් තාවුලුවල තිබෙන වීදුරු කටු සහ හිස්‌ මත්පැන් බෝතල් සාක්‍ෂි දරයි. කලකට පෙර වැවක්‌ ළඟට ගිය විට මනසට දැනුණ සුවය අද නැති වෙමින් පවතින්නේ මන්ද? වැව ඉස්‌මත්තට ගිය විට දකින කෙත් යායවල් අප ගේ සිතට අවබෝධ කරවන්නේ කුමක්‌ ද? පුරාණ රජ දවස ගැන අභිමානවත් කතාන්දරයක්‌ ද? නැත හොත් අද රජරට හඬවන ගොවියන් ගේ සෝචනීය විලාපය ද?

මා අනුරාධපුරයට ගොස්‌ ඉතා සතුටින්, චිත්ත ප්‍රීතියෙන් එහි වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට උගැන්වීම ආරම්භ කළ මොහොත තවමත් මගේ සිහියට නැඟේ. වීරෝදාර අප මුතුන් මිත්තන් ගේ අභිමානය පෙන්වන වැව් අතර සිට දිනක්‌ හෝ වෛද්‍ය වෘත්තිය ගැන කියා දීමට මා පෙළඹුණේ ඉතා ම උතුම් කාර්යයකට අත ගැසීමට ලැබීම වාසනාවක්‌ යෑයි සිතමිනිග එහෙත් වැඩි කල් යැමට පෙර එම උතුම් කාර්යය කිරීමෙන් පමණක්‌ අප රට බේරාගැනීමට නොහැකි බව තේරුම් ගත්තෙමි. වකුගඩු රෝග මාරයා අද වන විට මුළු රජරට ම ගිලගෙන ඇත්තේ රක්‌තක්‍ෂි රාක්‍ෂයා මෙනි. බටහිර වෛද්‍ය විද්‍යාව ඒ හමුවේ කිසිදු පිළියමක්‌ නැතිව කඳුළු සලයිග එසේ නම් කුමන ක්‍රමයකින් හෝ මේ වකුගඩු රෝග මාරයා ගෙන් රජරටත් මුළු රටමත් මුදා ගත යුතු ය. ඒ සඳහා අප සියලු දෙනා එකමුතු විය යුතු ය.

අද වන විට රජරට ප්‍රදේශයේ දක්‌නට ලැබෙන්නේ සුවිශේෂී වකුගඩු රෝගයකි. සාමාන්‍ය ලෙස දීර්ඝ කාලීන වකුගඩු රෝගයකට හේතු සාධක ලෙස සැලකෙන්නේ දියවැඩියාව හෝ අධිරුධිර පීඩනයයි. එහෙත් රජරට වකුගඩු රෝගයට එවන් 

නිශ්චිත හේතුවක්‌ හඳුනා ගත නොහැකි ය. මේ නිසා ම 2008 වසරේ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යංශය මගින් නිකුත් කරන ලද චක්‍රලේඛනයකින් රජරට වකුගඩු රෝගීන් හඳුනා ගැනීමට විශේෂ නිර්නායක හඳුන්වා දෙනු ලැබී ය. ඒ අනුව දියවැඩියාවට,අධික රුධිර පීඩනයට ප්‍රතිකාර නො ලැබූ හෝ නො ලබන වෙනත් මුත්‍රා මාර්ගයේ රෝගයක්‌ නොමැතිල සර්ප දෂ්ටනයට ලක්‌ නො වූ වකුගඩු රෝගීන් රජරට වකුගඩු රෝගීන් ලෙස හඳුනා ගැනේග එසේ හඳුනා ගත් රෝගීන් ඔවුන් ගේ ගුච්ඡික පෙරණ ශීඝ්‍රතාව (GFR) අනුව තවදුරටත් කාණ්‌ඩ 4කට වර්ග කෙරේ.

රජරට වකුගඩු රෝගය වසංගතයක්‌ ලෙස පැතිර යැම ඇරඹුණේ විසි වසරක පමණ කාලයක සිට ය. පදවිය, ශ්‍රී පුර, කැබිතිගොල්ලෑව, මැදවච්චිය, මහවිලච්චිය, තන්තිරිමලේ, මැදිරිගිරිය, හිඟුරක්‌ගොඩ, දෙහිඅත්තකණ්‌ඩිය, ගිරාඳුරුකෝට්‌ටේ සහ නිකවැව ප්‍රදේශවලින් ඉතා ඉහළ රෝගීන් සංඛ්‍යාවක්‌ හමු වේග :සිතියම 1*. ඉතා අලුත් සොයා බැලීම් අනුව කුරුණෑගල, නිකවැරටිය, ඉපලෝගම, කැකිරාව, දඹුල්ල, මහියංගනය වැනි ප්‍රදේශවලින් ද රෝගී තත්ත්වය ඉස්‌මතු වෙමින් ඇත. පදවියල මැදවච්චිය වැනි ප්‍රදේශවලින් ඉස්‌මතු වූ රෝගය රටේ වෙනත් ප්‍රදේශ කරා ද ඉතා ශීඝ්‍රයෙන් පැතිර යන බව පෙනී යයි. මේ වන විට විසි දහසකට ආසන්න රෝගීන් ප්‍රමාණයක්‌ හඳුනාගෙන ඇති අතර, හඳුනා නො ගත් රෝගීන් සංඛ්‍යාව මීට වඩා ඉතා ඉහළ අගයක්‌ විය හැකි ය.

අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ වකුගඩු රෝගීන් සම්බන්ධයෙන් මීට පෙර කරන ලද සොයා බැලීමක දී හෙළි වී ඇත්තේ රෝගීන් ගෙන් 87%ක්‌ පානීය ජල ප්‍රභවය ලෙස භාවිත කරන්නේ ළිඳ හෝ නළ ළිඳ හෝ බවයි.

විවිධ පර්යේෂණ කණ්‌ඩායම් රෝගය හට ගැනීමට හේතුව ලෙස විවිධ අදහස්‌ පළ කළ ද ඒ එකකට හෝ රෝගයේ භූගෝලීය ව්‍යාප්තිය සහ රෝග ලක්‍ෂණ සංගත ලෙස පැහැදිලි කිරීමේ හැකියාවක්‌ නො වී ය. රෝගය බහුල ලෙස පැතිර ඇති ප්‍රදේශවල ජලයේ ඇති ඉහළ ෆ්ලෝරයිඩ අයන සාන්ද්‍රණය, බාල තත්ත්වයේ ඇලුමිනියම් සමග ප්‍රතික්‍රියා කර තැනෙන විෂ සංයෝග වකුගඩු නරක්‌ කරන බවට අදහස්‌ ඉදිරිපත් විය. එහෙත් ඉහළ ෆ්ලෝරයිඩ සාන්ද්‍රණයක්‌ ඇතිල බාල තත්ත්වයේ ඇලුමිනියම් භාවිත කරන රටේ බොහෝ ප්‍රදේශවල රෝගී තත්ත්වය නොමැති වීමත්, සමාන තත්ත්ව ඇති ලෝකයේ අනෙක්‌ රටවල රෝගය දක්‌නට නො ලැබීමත් නිසා එම අදහස ප්‍රතික්‌ෂේප විය. රසායනික පොහොරවල ඇති කැඩ්මියම් රෝගයට හේතු කාරකය විය හැකි බවට තවත් අදහසක්‌ ඉදිරිපත් විය. රසායනික පොහොර භාවිත කරන ප්‍රදේශවල එක හා සමානව රෝගය පැතිරී නැති වීම සහ දිගුකාලීන කැඩ්මියම් විෂ වීමක දී දක්‌නට ලැබෙන රෝග ලක්‍ෂණ රෝගීන් තුළ නොමැති වීම නිසා කැඩ්මියම් අදහස ද ප්‍රතික්‌ෂේප විය.

මේ අතර 2008 වසරේ දී මවිසින් අලුත් අදහසක්‌ ඉදිරිපත් කරනු ලැබී ය. එහි දී ප්‍රධාන වශයෙන් අවධානයට යොමු වූයේ රෝගයේ භූගෝලීය ව්‍යාප්තියයි. එවකට කොටි ත්‍රස්‌තවාදීන් නිජබිම ලෙස ඉල්ලා සිටි රටේ වත්මන් උතුරු සහ නැඟෙනහිර පළාත්වලට මායිම් ව පිහිටි සිංහල ගොවි ගම්මානවල රජරට වකුගඩු රෝගය වංසගතයක්‌ ලෙස පැතිර යන බව මා විසින් නිරීක්‍ෂණය කරන්නට යෙදිණි. ඒ අනුව කොටි ත්‍රස්‌තවාදීන් ගේ හෝ ඔවුන් ගේ අනුග්‍රාහකයන් ගේ හෝ මැදිහත් වීමකින් වතුරට එක්‌ කරන ලද විෂ ද්‍රව්‍යයක්‌ හෝ විෂ නිපදවන දිලීරයක්‌ හෝ සයනොබැක්‌ටීරියාවක්‌ හෝ නිසා මේ රෝගය හටගන්නේ දැයි සැකයක්‌ ඇති විය. 2008 වසරේ මැයි මස 7 වැනි දින ලෝක සෞඛ්‍ය සංවිධානය කොළඹල රුධිර බැංකු ශ්‍රවණාගාරයේ දී පැවැත්වූ රජරට වකුගඩු රෝගය සම්බන්ධ සම්මන්ත්‍රණයේ දී ද මේ අදහස මතු කළෙමි. කෙසේ වුවත් එම ප්‍රදේශවල ජලයෙන් එවැනි විෂ රසායනයක්‌ හෝ විෂ නිපදවන දිලීරයක්‌, සයනොබැක්‌ටීරියාවක්‌ අපට සොයාගත නොහැකි විය.

මෑතක දී මේ සයනොබැක්‌ටීරියා (නීල හරිත ඇල්ගේ* කතාව නැවතත් මතු විය. ඒ පේරාදෙණිය වෛද්‍ය පීඨයේ වෛද්‍ය ධම්මිකා මැණිකේ දිසානායක මහත්මිය වෙතිනි. ඒ මහත්මියට අනුව රජරට වකුගඩු රෝගයට හේතුව සයනොබැක්‌ටීරියාවක්‌ නිපදවන විෂ සංයෝගයකි.

මේ රෝගයට හේතු කාරකය කෙසේ වුව ද රෝගය සුව කිරීමට ප්‍රතිකාරයක්‌ සොයා ගැනීමේ අටියෙන් කැලණි විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය නලින් ද සිල්වා, එම පීඨයේ ම රසායන විද්‍යා අංශයේ අංශ ප්‍රධානී මහාචාර්ය ප්‍රියානි පරණගම, එම පීඨයේ ම උද්භිද විද්‍යා අංශයේ අංශ ප්‍රධාන මහාචාර්ය මාලා අමරසිංහ, ගණිත අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කිත්සිරි සේනානායක සහ වෛද්‍යවරුන් පිරිසක ගෙන් යුත් පර්යේෂණ කණ්‌ඩායමක්‌ සමග මම පර්යේෂණ කටයුතු ඇරඹීමි.

මෙහි දී රෝගීන් පරීක්‍ෂාවේ දී මා නිරීක්‍ෂණය කළ සුවිශේෂ ලක්‍ෂණයක්‌ වූයේ රෝගීන් ගේ අත් සහ යටි පතුල්වල තිබූ පැල්ලම් විශේෂයකිග (රූප බලන්න* සාමාන්‍යයෙන් මෙවැනි පැල්ලම් ආසනික්‌ විෂ වීමකට ලාක්‍ෂණික වේග තවදුරටත් රෝගීන් සම්බන්ධයෙන් කළ සොයා බැලීම්වල දී හෙළි වූයේ දීර්ඝකාලීන ආසනික්‌ විෂවීමකට අදාළ රෝග ලක්‍ෂණ සියල්ලක්‌ ම පාහේ මේ රෝගීන් ගෙන් දැකගත හැකි බවයි. (වගුව 01)


මේ රෝග ලක්‍ෂණ අනුව රෝගීන් ගේ ශරීරයට ආසනික්‌ එකතු වූයේ කෙසේ දැයි දැනගැනීමේ අටියෙන් වැව්වල, ළිංවල සහ නළ ළිංවල ජලය පරීක්‍ෂණයට භාජන කළෙමු. එහි දී අප හඳුනාගත්තේ එම ජලයේ ආසනික්‌ පමණක්‌ නො ව මර්කරි/රසදිය ද ඉතා ඉහළ මට්‌ටමකින් අඩංගු බවයි. බොහෝ රටවල පානීය ජලයේ තිබිය හැකි උපරිම ආසනික්‌ මට්‌ටම ලෙස දක්‌වා ඇත්තේ 10µg/L ය. මර්කරි සඳහා එම අගය 1µg/L වේ. එහෙත් අප පරීක්‍ෂණයට භාජන කළ බොහෝ ළිං සහ නළ ළිංවල ආසනික්‌ සහ මර්කරි මට්‌ටම එම අගයන්ට වඩා බෙහෙවින් වැඩි ය.

තව ද මේ ජල සාම්පල නිරීක්‍ෂණය කිරීමේ දී දැනට වකුගඩු රෝගය ඇති වීමට හේතුවක්‌ ලෙස වෛද්‍ය ධම්මිකා මැණිකේ දිසානායක මහත්මිය විසින් ප්‍රකාශිත සයනොබැක්‌ටීරියා අපට නිරීක්‍ෂණය කළ නොහැකි විය. විලච්චිය, පදවිය, ශ්‍රීපුර ප්‍රදේශවල වැව්, නළ ළිං, ළිංවලින් ලබාගත් ජල සාම්පල නැවත නැවතත් නිරීක්‍ෂණයට භාජන කළ ද විෂ සහිත සයනොබැක්‌ටීරීයා විශේෂ අපට හඳුනා ගැනීමට හැකි වූයේ නැත. එහෙත් Eudorina නම් ඇල්ගාව මේ ජලයේ නිරීක්‍ෂණය විය. මහාචාර්ය මාලා අමරසිංහ මහත්මියට අනුව  Eudorina ඇල්ගාව සහ Microsystis  නම් විෂ සංයෝග නිපදවන සයනොබැක්‌ටිරියාව රූපීයව බොහෝ දුරට සමාන ය. මේ නිසා යමකු Eudorina ඇල්ගාව Microsystis ලෙස වැරැදියට හඳුනාගත හැකි ය. කෙසේ වුවත් Eudorina යනු මිනිස්‌ සිරුරට විෂ සහිත ඇල්ගාවක්‌ නො වේ. එමගින් විෂ සහිත සංයෝග ද නො නිපදවයි. දෙවනුව අපට මෙසේ සයනොබැක්‌ටීරියා නිරීක්‍ෂණය නො වූ ජලය, පානීය ජලය ලෙස භාවිත කළ රෝගීන් විශාල පිරිසක්‌ හමු විය. එසේ නම් ඔවුන්ට රෝගය වැළඳුණේ කෙසේ ද යන්න ප්‍රශ්නයකි.

තවදුරටත් පර්යේෂණ කටයුතුවල නියෑළුණු අපට වතුර සාම්පලවල ඇති කිවුල සමග මේ ආසනික්‌ සහ මර්කරි යම් සබඳතාවක්‌ දක්‌වන බව නිරීක්‍ෂණය විය. දැනට අප පරීක්‍ෂාවට භාජන කළ ජල සාම්පලවල ආසනික්‌ සහ මර්කරි වැඩි වීම සමග කිවුලේ වැඩි වීමක්‌ ද හඳුනාගත හැකි විය. මෙය තවදුරටත් පර්යේෂණ මට්‌ටමේ පවතී. මෙහි අවබෝධය ඇති කරගැනීම සඳහා පස්‌ල ශාක සහ භූගත ජලය අතර සම්බන්ධතාව මේ දිනවල අධ්‍යයනය කරමින් සිටිමු.

ඉහත දැක්‌වූ කිවුල, ආසනික්‌, සහ මර්කරි අතර සබඳතාව තුළින් මගේ සැකයට පාත්‍ර වූයේ ආම්ලික මාධ්‍යයක දී කැල්සියම් ආසනේට්‌ සහ මැග්නීසියම් ආසනේට්‌ වැනි සංයෝග ගොඩනැඟී ඒවා වකුගඩුවලට හානි කරන්නේ ද යන වගයි. මීට පෙර පර්යේෂණාගාර තත්ත්ව යටතේ මීයන්ට කැල්සියම් ආසනේට්‌ සහ මැග්නීසියම් ආසනේට්‌ ලබා දීමෙන් එම සතුන් ගේ වකුගඩුවල රෝගී තත්ත්ව ඇති වූ බව නිරීක්‍ෂණය 
කර ඇත.

රෝගීන් ගේ රුධිරයේ, මුත්‍රාවල, හිසකෙස්‌වල සහ වෙනත් අවයවවල ඇති ආසනික්‌ සහ මර්කරි ප්‍රමාණය පිළිබඳ වත්, ළිං සහ නළ ළිංවලට ආසනික්‌ සහ මර්කරි එකතු වූ ආකාරය පිළිබඳ වත්, රෝගය ව්‍යාප්ත ව ඇති ප්‍රදේශවල වැව්, ළිංල නළ ළිං-භූගත ජලය, ශාක පද්ධතිය-භූගත ජලය, ශාක පද්ධතිය-වැව් අතර ඇති සබඳතාව ද අපි අධ්‍යයනය කරමින් සිටිමු.

පුරා විසි වසරක්‌ දහස්‌ සංඛ්‍යාත මිනිස්‌ ජීවිත බිලිගනිමින් උතුරු මැද සිට රටේ අනෙකුත් පළාත්වලට පැතිර යන වකුගඩු රෝග මාරයා පරාජය කිරීමේ අභියෝගය අප හමුවේ ඇත. දැනට මේ රෝගය කුරුණෑගල, දඹුල්ල වැනි ප්‍රදේශවලට ද පැතිර යමින් පවතී, පදවිය වැනි ප්‍රදේශවල සැම නිවසක ම පාහේ වකුගඩු රෝගියකු සිටින අතර, මේ රෝගයට ගොදුරු වී ඇත්තේ අපේ රටේ ගොවි ජනතාව ය. තවදුරටත් මෙය ව්‍යාප්ත වුව හොත් අනාගතයේ දී අප ආහාර ප්‍රශ්නයට ද මුහුණ දෙනු නොඅනුමාන ය.

මේ තාක්‌ කල් වකුගඩු රෝග මාරයා පරාජය කිරීමට ප්‍රධානතම බාධකයක්‌ වූයේ රෝග කාරකය කුමක්‌ දැයි හඳුනාගැනීමට නොහැකි වීමයි. තව ද මේ රෝගය මෙසේ ව්‍යාප්ත වුව හොත් මුළු රට ම රෝගීන් වීමේ අවදානමක්‌ ඇති නො වන්නේ ද?

අද උතුරුමැද සහ තදාසන්න ප්‍රදේශවල රටට බත සපයන ගොවීන් ගේ ජීවිත වකුගඩු රෝගය මගින් බිලිගනිමින් පවතී. උත්කෘෂ්ඨ වූ ශිෂ්ටාචාරයක හදබිම වූ අනුරාධපුරය විසාලා මහනුවරක්‌ වෙමින් පවතී. මේ ජාතික ව්‍යසනයෙන් රට මුදා ගෙන වහා රෝගීන් සුවපත් කිරීමට හැකි ප්‍රතිකාර ක්‍රමයක්‌ පිළිබඳව අපි අවධානය යොමු කළ යුතු වෙමු. ඉදිරි සති කීපයේ දී මේ ගැන තවත් තොරතුරු දැය හමුවේ තැබීමට අපට හැකි වනු ඇත.


වෛද්‍ය චන්න සුදත් ජයසුමන
කථිකාචාර්ය
වෛද්‍ය පීඨය, රජරට විශ්වවිද්‍යාලය, අනුරාධපුරය.



Chronic renal failure in the north-central province and arsenic: Science versus myth

June 22, 2011, 9:00 am 

By Prof. Oliver A.Ileperuma, University of Peradeniya

 
This arsenic hypothesis cannot explain why this disease is not found in other agricultural areas of the country where pesticide use is widespread. More importantly, this cannot explain why people in Anuradhapura town or Padaviya town are not affected by this disease. Do they eat only imported rice? This was similar to the cadmium theory when it was claimed that people in the town eat sea fish and not tilapia. It is inconceivable as a theorybecause it cannot explain simple scientific facts. According to the doctors at both the Kandy Nephrology unit and the Anuradhapura hospital, no clinical symptoms of arsenic poisoning have been observedin any of the patients numbering over 300, they have treatedat these two hospitals. Arsenic poisoning is common in Bangladesh where people show clinical symptoms such as skin lesions, skin pigmentation etc. There is no independent confirmation of this hypothesis and also no clear details of their analytical techniques are given. Reporting arsenic levels at the parts per billion range(ppb) requires extremely careful instrumentation, supervision of the experiments by a trained analytical chemist and eliminating interferences.This needs a sophisticated atomic absorption spectrophotometer with a hydride generation apparatus to detect such low levels of arsenic. It is not clear whether the Kelaniya University’s hydride generator was indeed used during this analysis. Prof. JanithaLiyanage who has experience with this instrument has refuted these claims in one of her articles to newspapers. Very recently, the Minister of Agriculture explained that out of the 60 samples of rice analysedat the Industrial technology Institute, none were found to contain arsenic. Similarly out of the 16 pesticide formulations analysed, except for two, none had detectable levels of arsenic. These two samples too had quite low levels of arsenic probably originating from the dolomite used in their formulations. Even if traces of arsenic are found, they are excreted by the body causing no harm and only prolonged exposure to relatively higher concentrations can cause arsenic poisoning.

Giving wide publicity that arsenic has invaded all our agricultural products can create unnecessary fear amongst people who consume our rice and vegetables. A more serious problem would be that now exporters of fresh produce from Sri Lanka will have to test each batch of produce to confirm that they are free from arsenic to satisfy their buyers abroad. This is costly and only a few laboratories are available to produce such reports. Therefore, this will create a multitude of problems for our export sector which is unwarranted. Also discontinued application of pesticides may seriously affect our agricultural productivity.


A hypothesis put forward by one research group has to be checked carefully by other research groups and accepted to be true to carry the hypothesis further into a theory. This is how modern science develops as opposed to mythology. Science develops by scientific arguments and not by forcing one’s ideas scaring others that this is an act of god. No one can be bullied into accepting a hypothesis but scientists should be invited to verify such claims. There were even fancier claims earlier regarding this disease that this is the result of bio-terrorism referring to the general observation that some of the border villages facing the LTTE terrorists at that time were affected.No self-respecting scientist would buy this argument and now some of the proponents of the bio-terrorism theory are championing the arsenic theory.


While I have my serious doubts about the arsenic theory due to reasons given above, it merits further independent confirmation. This does not necessarily mean that my vision is limited to the narrow confines of modern science, it also borders on common sense combined with the practical aspects of the life of people from Rajarataof which I had plenty of opportunities to observe. Unlike the arsenic theory proponents, I do not have the divine powers of god Natha or any other god. Any hypothesis put forward to explain the causes of this disease need to take into account the observed facts. Some even think what the gods tell them in a dream are sacrosanct and should not be questioned by others. This is a malaise affecting a lot of people in our country who have become slaves to rogues, soothsayers and others who claim to have supernatural powers. The infamous short lived episode of magic curing of diseases at Dolukanda is one such example. There are rogue healers who proclaim to have divine powers to even cure cancer misleading gullible people. Healing powers of such bogus practitioners is generally short lived once people get to know the hollowness of their divine powers. Thus, these theories without sound scientific background generally fade into oblivion.


The role of arsenic has to be tested by other laboratories and it is not just enough to analyse rice samples from the affected areas. Those scientists involved in proposing the arsenic theory should get together with the other scientists and commence a healthy discussion on the validity of their proposition. To claim that they have discoveredthe cause of the Rajarata disease without general acceptance can only result in similar fracas like that of the cadmium theory. They shouldtake the proactive step to get their results independently verified by reputed laboratories with ISO certification to carry out such analysis such as the ITI, Government Analyst’s department, other Universities and the Institute of Fundamental studies where appropriate instrumentation is available. Then only they can be confident of stating their results with confidence. Media also has a role to play by first verifying facts with other researchers who have worked on this problem for the past eight years so that giving a wrong message to the general public can be averted.



දූෂකකාරක රඳවා ගැනීමට සමත් ජල පෙරහණක්‌ 
හඳුන්වා දීම රජරට වකුගඩු ලෙඩේ වළක්‌වා ගැනීමට 
සුබවාදී විසඳුමක්‌ විය හැකියි

මහාචාර්ය ජනිතා ලියනගේ කැලණිය සරසවියේ රසායන විද්‍යා අංශයේ විශ්ලේෂණ රසායන විද්‍යාඥවරියක සේම ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද ආයතනයේ අධ්‍යක්‌ෂවරියද වෙයි. පර්යේෂණ රැසක්‌ සඳහා මූලිකත්වය ගෙන ඇති ඇයගේ විෂය පථයට ලෝහ දේහගත වීම සමග සත්ත්වයන් හා ගහකොලවල හැසිරීම අධ්‍යයනය කිරීම විශේෂයෙන්ම ඇතුළත්ය. පහත පළවන්නේ විදුසර හා බෙහෙවින් සමීප විද්වතකු වන ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ මහාචාර්ය හිරාන් අමරසේකර මහතාගේ ඇරයුමකට අනුව ඉකුත් දිනක මහාචාර්ය ජනිතා ලියනගේ මහත්මිය සමග විදුසර කළ සාකච්ඡාවකි.

මෙරට ජනතාව ආසනික්‌ විෂට ගොදුරු වීමේ අවදානම සම්බන්ධයෙන් විශේෂ කතාබහක්‌ ඇති වී තිබෙනවා. ඔබ මේ සම්බන්ධයෙන් විශේෂයෙන් ම රජරට වකුගඩු රෝගයට වගකිව යුතු සාධක සම්බන්ධයෙන් වෙනත් අධ්‍යයන අත්දැකීම් ඇති අයකු වන අතර ම වෙනත් මතයක්‌ දරන බව අපට දැනගන්නට ලැබුණා. මේ සම්බන්ධයෙන් ඔබ දක්‌වන්නේ කෙබඳු අදහසක්‌ ද?

මා දැනට වසර 5ක පමණ කාලයක සිට රජරට ප්‍රදේශයේ ජලයේ ගුණාත්මකභාවය, ජනතාව ගන්නා ආහාර පාන සහ පරිසර සාධක සම්බන්ධ අධ්‍යයනවල නිරත වී සහ ඒවාට සම්බන්ධ වී සිටිනවා.

රජරටින් පටන්ගත් අධ්‍යයන කටයුතු පසුව ගිරාඳුරුකෝට්‌ටේ, මහියංගනය, දෙහිඅත්තකණ්‌ඩිය, අම්පාර වැනි පැතිවලටත් ව්‍යාප්ත කළා. 

මේ බොහෝ ප්‍රදේශ වකුගඩු රෝගයෙන් පීඩා විඳින ජනතාව වෙසෙන ප්‍රදේශ. මේ බොහෝ ප්‍රදේශවල දිගු කලක සිට වකුගඩු රෝගීන්ට ප්‍රතිකාර කරමින් සිටි විශේෂඥ වෛද්‍ය තිලක්‌ අබේසේකර මහතා ප්‍රමුඛ වෛද්‍යවරුන්ට මේ රෝගයට බලපාන නිශ්චිත සාධක හඳුනාගැනීමේ දැඩි අවශ්‍යතාවක්‌ මතු ව තිබුණා. ඒ අනුවයි මටත් මේ අධ්‍යයන කටයුතුවලට දායක වීමේ අවස්‌ථාව උදා වුණේ. 

වකුගඩු රෝaග සඳහා වෙනත් රෝග (දියවැඩියාව, අධික රුධිර පීඩනය) වැනි සාධකත් හේතු විය හැකි නමුත් මේ ප්‍රදේශවල රෝගය පැතිර යන ආකාරය අනුව මෙයට පාරිසරික සාධක විශේෂයෙන් ම බලපා ඇතැයි යන සැකය අපට මතු වුණා. 

ටික කලකින් වෙනත් විවිධ කණ්‌ඩායම් ද මේ රෝගයට හේතු සෙවීමට එක්‌ වූ අතර ඔවුන් ද යම් යම් අනුමාන ඔස්‌සේ අධ්‍යයන කටයුතුවල නිරත වුණා. වසර දෙකක්‌ පමණ ගත වෙද්දී වසංගතවේද අංශය ද මේ සඳහා මැදිහත් වී ලෝක සෞඛ්‍ය සංවිධානය ද දැනුවත් කර මෙකී කණ්‌ඩායම් සියල්ල කණ්‌ඩායම් 9ක්‌ ආකාරයට වඩාත් විධිමත්ව ඒකරාශි කළා. වෛද්‍යමය තොරතුරු සෙවීම වෙන ම පිරිසක්‌ විසින්, රෝගීන් වැඩිපුර ම හමු වන ප්‍රදේශ සොයා බැලීම තවත් පිරිසක්‌ විසින් ආදී වශයෙන් පරීක්‌ෂණ කටයුතු කණ්‌ඩායම් අතර බෙදාගැනුණා.

මෙයින් එක්‌ කණ්‌ඩායමක ප්‍රධානියා ලෙස කටයුතු කරන අතර මේ කණ්‌ඩායම්වලට අදාළ රසායනික විශ්ලේෂණ දේශීයව සිදු කෙරෙන්නේ මා විසිනුයි. මා දැනට කණ්‌ඩායම් 3කට සෘජුව ම සම්බන්ධයි. 

මේ කණ්‌ඩායම් හරහා ලබාගත් දත්ත අනුසාරයෙන් රෝගයට තුඩු දිය හැකි යෑයි සැක කෙරෙන පස, ආහාර, ජලය වගේ සාධක 15ක්‌ පමණ විශ්ලේෂණයට බඳුන් කළා. රෝගීන් වැඩි මෙන්ම අඩු ප්‍රදේශවලිනුත් මේ සාම්පල ලබා ගෙන පරීක්‌ෂා කළා.

මේ අතර මා වෙන ම අධ්‍යයනයක්‌ මගින් ජලය විශේෂයෙන් විශ්ලේෂණය කර බැලුවා. අම්පාර, කොළඹ වැනි ප්‍රදේශවලිනුත් ජලය ලබා ගත්තා. අම්පාර ප්‍රදේශයේ ජලයේ ෆ්ලෝරයිඩ් වැඩියි. කඨිනත්වයක්‌ (කිවුල) තිබෙනවා. ඒත් වකුගඩු රෝගීන් අඩුයි. කොළඹ ජලය සාමාන්‍යයි. රෝගීනුත් අඩුයි. මේ විදියට පුළුල් පරාසයක්‌ නියෝජනය වන විදියටයි සාම්පල තෝරාගත්තේ. 

ඉතින්, මේ විශ්ලේෂණ මගින්, වැඩියෙන් ම බලපාන සාධකය ලෙස ඔබට යමක්‌ හඳුනගන්න ලැබුණ ද?

මෙහෙමයි. ජලයේ, රෝගයට හේතු වන ප්‍රමුඛ සාධකයක්‌ කියල දෙයක්‌ හඳුනගත්තෙ නැහැ. නමුත් පොදුවේ ජලයේ ගුණාත්මකභාවය ඔය රෝගය වැඩියෙන් තියෙන පැතිවල අනෙක්‌ පැතිවලට වැඩිය අඩු බව කියන්න පුළුවන්.

ගුණාත්මකභාවය අඩුයි කිව්වේ...?

ඒ ජලයේ සමහර ලෝහ වර්ග වැඩියෙන් තියෙනවා අනෙක්‌ ප්‍රදේශවලට සාපේක්‌ෂව. හැබැයි ඉතා අධික ප්‍රමාණවලිනුත් නැහැ. ඒ කිව්වේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශ කරනු ලැබ තිබෙන උපරිම අගය ඉක්‌මවා ගියත් ඒ ඉතා ම සුළු වශයෙන්. හැබැයි එය අනෙක්‌ ප්‍රදේශවල අන්තර්ගතයට වඩා වැඩි අගයක්‌ බව ඇත්තයි. ඉතින් මට හිතෙන්නේ මේවා ජලයට එකතු වීම සම්පූර්ණයෙන් ම වළක්‌වන්න බැරි වුණත් අඩු තරමින් මෙවැනි අපවිත්‍රකාරක ලෝහ වර්ග ජලයෙන් පෙරා හැරිය හැකි ක්‍රමවේදයක්‌ ජනතාවට හඳුන්වා දීම මේ ප්‍රශ්නයට එක්‌ විසඳුමක්‌ විය හැකි බවයි. ජලයෙන් තමයි මේ දූෂක ව්‍යාප්ත වෙන්නේ කියන එක සඳහා සාධක පවතිනවා. 

එතකොට අනෙක්‌ සාධක සියල්ල ම බැහැර කරන්න පුළුවන් ද?

නැහැ. අනෙක්‌ සාධකවලටත් සමහර විට ජලයේ බලපෑම පැහැදිලිව තිබෙන නිසා ඒවා සියල්ල බැහැර කරන්න බැහැ. ඒ කියන්නෙ ඒ සමහර සාධකත් ජලය මගින් දූෂණය වෙන්න පුළුවන් ඒවා. කෑමට ජලයෙන් දූෂක එකතු වෙන්න පුළුවන්. ජලය වාහකයක්‌ ලෙස ආහාරයට ජලයෙන් දූෂක එක්‌ වෙන්න පුළුවන්. කුඹුරක්‌ ගත්තොත් එතනත් ජලය තියෙනවා නේ. එළවළු වවන තැන්වලත් ජලය තියෙනවා. පැළෑටිවලට, පසට වුණත් ජලයෙන් තමයි දූෂක එක්‌ වන්නට ඉඩ තිබෙන්නේ. 

ජලයට කොහෙන් ද මේවා එකතු වෙන්නේ කියන කාරණයත් සොයා බලන්නට ඇති?

ඇත්තට ම අප එය තවමත් පැහැදිලිව හඳුනාගෙන නැහැ. පසේ තිබිල දිය වෙලා එන්න පුළුවන්. ඒ වගේ ම බාහිර සාධවලිනුත් එන්න පුළුවන්. 

එක්‌ දූෂකයක්‌ වැඩිපුර තියෙනව කියල හඳුනගෙනත් නැහැ. අනික මෙවැනි දූෂකයක්‌ කැපී පෙනෙන විදියට වැඩියෙන් තිබුණොත් තව රෝග ලක්‌ෂණ පහළ වෙන්න ඕන නේ..

ඒ කිව්වේ...?

අපි හිතමු එක්‌ ලෝහයක්‌ වැඩිපුර තියෙනව කියල. එතකොට එම ලෝහයට අදාළ වෙනත් රෝග ලක්‌ෂණත් පහළ විය යුතුයි. වකුගඩු රෝගීන් පරීක්‌ෂා කරන ඒ පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් ගෙන් එවැනි රෝග ලක්‌ෂණ ඇත් ද යන්න ගැන විමසා ඕන ම කෙනකුට මේ ගැන සැක හැර ගන්න පුළුවන්.

එතකොට ඔබේ අධ්‍යයන කටයුතු තවමත් කෙරීගෙන යනව ද?

ඔව්. ඒත් පෞද්ගලික අදහසක්‌ විදියට මම හිතනවා ආරම්භක මට්‌ටමේ පිළියමක්‌ අත්හදා බලන්න, අවුරුදු 5ක්‌ විතර විශ්ලේෂණ මගින් අපි හොයාගෙන තිබෙන කරුණු හොඳට ම ප්‍රමාණවත් කියලා. මිනිස්‌සු වැඩිපුර ම පරිභෝජනය කරන්නේ ජලය නිසා මම හිතන්නේ මෙතෙක්‌ ලද ප්‍රතිඵල අනුසාරයෙන් මූලික විසඳුමක්‌ විදියට ප්‍රබල ජල පෙරහණක්‌ ජනතාවට හඳුන්වා දීම අපට අත්හදා බලන්නට පුළුවන්. 

මේ තොරතුරු නිල වශයෙන් ප්‍රසිද්ධ කරන්න කොපමණ කලක්‌ ගත වෙයි ද?

අපි ලෝක සෞඛ්‍ය සංවිධානය හා එකඟ වී සිටිනවා ඔවුන් ගේ අදහස්‌ නො විමසා මේ සම්බන්ධයෙන් නිල වශයෙන් ප්‍රසිද්ධ කිරීමක්‌ සිදු නො කරන බවට. ඔවුන් විටින් විට නියෝජිතයන් මෙහි එවලා අපේ වැඩකටයුතුවල ප්‍රගතිය සමාලෝචනයට ලක්‌ කරනවා. ඒ ඇසුරින් විද්‍යාත්මක ප්‍රජාව අතර පමණක්‌ සංසරණය කිරීම සඳහා පූර්ව ප්‍රකාශනත් ඔවුන් එළි දක්‌වනවා.

ඒ හැරෙන්නට මේ රෝගය පැතිරෙන ප්‍රදේශවල ජනතාවට අපි මෙතෙක්‌ කළ සොයාගැනීම් ගැන දැනුවත් කරන්නට ද අප ඉක්‌මන් වන්නේ නැහැ. ප්‍රායෝගික විසඳුමකුත් සමග ඔවුන් වෙත යනවා විනා අප ගේ ප්‍රතිඵල පමණක්‌ දැනුවත් කර ඔවුන් තුළ භීතියක්‌ නිර්මාණය කිරීම අප අතින් සිදු නො විය යුතු දෙයක්‌. 

එතකොට ඒ පෙරහණ මේ සියලු දූෂකකාරක පෙරීමට සමත් එකක්‌ වෙන්න ඕන නේ ද?

ඔව්. ඒ සඳහා අදාළ විශේෂඥ දැනුම ඇති පිරිස්‌ සමග අදහස්‌ හුවමාරු කරගනිමින් සිටිනවා.


අනතුරුදායකයි බත් පතේ ආසනික්‌ (Vidusara)

වෛද්‍ය චන්න සුදත් ජයසුමන

රජරට වකුගඩු රෝගයට හේතුව කැල්සියම් ආසනේට්‌ විෂ වීම බව මීට සති කිහිපයකට පෙර විදුසර ඔස්‌සේ රටට හෙළි කෙරිණි. භූගත ජලයේ අධික කිවුල ඇති ප්‍රදේශවල කිවුලේ ඇති කැල්සියම් ලවණ ආසනික්‌ සමග එක්‌ ව තනන "කැල්සියම් ආසනේට්‌" වකුගඩුවලට ඉතා විෂ සංයෝගයකි. එය දීර්ඝ කාලයක්‌ පුරා ශරීරගත වීම රජරට ප්‍රදේශයේ ඇති ව තිබෙන නිධන්ගත වකුගඩු අකර්මණ්‍ය වීම පිටුපස සිටි "අභිරහස්‌ ඝාතකයා" බව අප ද ඇතුළත් කැලණිය සහ රජරට විශ්වවිද්‍යාලවල විද්වතුන් පිරිසක්‌ විසින් හඳුනා ගැනිණි. මේ බව ප්‍රකාශ කළ බොහෝ අවස්‌ථාවල දී පැන නැඟුණු ප්‍රශ්නයක්‌ නම් භූගත ජලයට ආසනික්‌ එකතු වූයේ කෙසේ ද යන්නයි. එහෙත් අපි ඒ අවස්‌ථාවන්හි දී සෘජු පිළිතුරක්‌ නො දී අප ගේ ඉතිරි පර්යේෂණ සඳහා කාලය ලබා ගතිමු. පසුගිය මාස කිහිපයක කාලය පුරා කළ දුෂ්කර වූත් වෙහෙසකර වූත් පර්යේෂණ මාලාවකින් පසු ආසනික්‌ අපේ පොළොවට, වතුරට එක්‌ වන ප්‍රභවය කිසිදු සැකයකින් තොර ව හඳුනා ගැනීමට අපට හැකි විය. 

ඇතැම් විට මිනිස්‌ ක්‍රියාකාරීත්වයකින් තොර ව ද භූගත ජලයේ ආසනික්‌ පැවතිය හැකි ය. ඒ ස්‌වාභාවික පාෂාණ ස්‌ථරවල සංයුතියේ ආසනික්‌ අඩංගු වීම නිසා ය. දීර්ඝ කාලයක්‌ පුරා පාෂාණ ජීර්ණය වීමෙන් ආසනික්‌ භූගත ජලයට එක්‌ විය හැකි නමුත් සැම ස්‌ථානයක ම ඇති පාෂාණවලින් ඒ ආකාරයට ආසනික්‌ භූගත ජලයට එක්‌ නො වේ. ඒ සඳහා විශේෂ වර්ගයේ පාෂාණ සංයුතියක්‌ තිබිය යුතු ය. ශ්‍රී ලංකාවේ පාෂාණ ස්‌ථර ආසනික්‌ භූගත ජලයට එක්‌ කරන වර්ගයේ ඒවා නො වේ. ඇමෙරිකා එක්‌සත් ජනපදය, චිලී, බොලිවියාව, චීනය, බටහිර ඉන්දියාව සහ ඇතැම් අග්නිදිග ආසියාතික රටවල සමහර ප්‍රදේශවල භූගත ජලයට ස්‌වාභාවිකව ආසනික්‌ මිශ්‍ර වී ඇති බව හඳුනාගෙන ඇත. 

අප ගේ පර්යේෂණවලින් අනාවරණය වූ වැදගත් කරුණක්‌ නම් රජරට ප්‍රදේශයේ වී ගොවිතැන් කරන කුඹුරු වතුරේ අධික ආසනික්‌ ප්‍රමාණයක්‌ අඩංගු බවයි. ස්‌වාභාවික ක්‍රමයකින් පොළොවට ආසනික්‌ එක්‌ වූ විට කුඹුරු ජලය වැනි මතුපිට ජලයේ ඒවා තිබිය හැකි නො වේ. මේ අනුව අප ගේ සැකය යොමු වූයේ ඉතා සරුවට රජරට පොළොවට එක්‌ කෙරෙන කෘෂි රසායන වෙත ය. අප ගේ සැකය සනාථ කරමින් අප ලබාගත් බොහෝ කෘමි නාශක, වල් නාශක, දිලීර නාශක සාම්පලවල ඉතා ඉහළ අගයකින් ආසනික්‌ අඩංගු විය. 

ආසනික්‌ කෘෂි රසායනවල අඩංගු විය හැකි ද? 
ආසනික්‌ යනු උග්‍ර විෂකි. ආසනික්‌ අඩංගු කෘමි නාශක සහ වෙනත් පළිබෝධ නාශක ලොවට හඳුන්වා දුන්නේ අදින් වසර සියයකට පමණ පෙර ය. එහෙත් වැඩි කල් යැමට මත්තෙන් කෘමීන්ට පමණක්‌ නො ව මිනිසුන්ට ද අහිතකර නිසා ආසනික්‌ අඩංගු කෘෂි රසායන භාවිතය ලොව බොහෝ රටවල තහනම් කෙරිණි. ඒ වෙනුවට පසුව කෘමිනාශක ලෙස කාබනික සංයෝග හඳුන්වා දෙනු ලැබිණි. 1939 වසරේ දී පෝල් මුලර් විසින් DDT හඳුන්වා දෙනු ලැබීමත් සමග ආසනික්‌ අඩංගු කෘමි නාශක භාවිතය අවම විය. ශ්‍රී ලංකාවේ නීතිය අනුව ද ආසනික්‌ හෝ ආසනික්‌ සංයෝග සහිත පළිබෝධ නාශක මෙරටට ගෙන්වීම ද, බෙදාහැරීම සහ අලෙවි කිරීම ද සපුරා තහනම් ය. 2001 ජුනි මස 29 සිකුරාදා නිකුත් කරන ලද අංක 1190/24 දරන අති විශේෂ ගැසට්‌ පත්‍රය මගින් එම නියෝගය පනවා ඇත. 

රටේ නීතියට අනුව, අඩංගු විය නොහැකි නමුත් අනුරාධපුර ප්‍රදේශයේ පසුගිය මහ කන්නයට සුලබ ලෙස භාවිත වුණු කෘෂි රසායනවල අඩංගු වූ ආසනික්‌ ප්‍රමාණයන් මේ අයුරින් විය.

             

(පුවත්පතෙහි පළ කළ හැකි යම් යම් සීමාවන් සැලකිල්ලට ගෙන අදාළ කෘෂි රසායන වෙළෙඳ නාමවලින් හඳුන්වා නැති බව සලකන්න) 

ගොයම් ගසට, වී ඇටයට, බත් පතට ආසනික්‌?
කෘෂි රසායනවල ආසනික්‌ ඉතා ඉහළ අගයකින් හඳුනාගැනීමත් සමග අප පර්යේෂණ කණ්‌ඩායමේ ඊළඟ අවධානය යොමු වූයේ සහල්වල ආසනික්‌ පවතී ද යන කරුණ වෙත ය. ඊට හේතු වූයේ චීනයේ සහ බංග්ලාදේශයේ ආසනික්‌ මගින් අපවිත්‍ර වූ ජලය ඇති ප්‍රදේශවල වගා කළ වී ඇටවලින් ඉහළ ආසනික්‌ ප්‍රමාණයක්‌ හඳුනාගෙන තිබීම ය. 2007 වසරේ දී කරන ලද පර්යේෂණයකින් හෙළි වී ඇති පරිදි ජලයේ ඇති ආසනික්‌ උරා ගැනීමේ සහ ඒවා පැළෑටිය තුළ තැන්පත් කිරීමේ ඉහළ ම හැකියාවක්‌ ඇත්තේ ගොයම් පැළෑටියට ය. අනෙකුත් ධාන්‍ය වර්ග සමග සන්සන්දනය කරන විට සහල් ඇටය තුළ දස ගුණයක්‌ ඉහළ සාන්ද්‍රණයකින් ආසනික්‌ තැන්පත් වේ. 

පානීය ජලයේ ආසනික්‌ පැවතිය යුතු ඉහළ ම අගය 10µg/L ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය හඳුන්වා දී ඇති නමුත් සහල් හෝ වෙනත් ධාන්‍ය සඳහා එවන් අගයක්‌ මේ වන තෙක්‌ හඳුන්වා දී නැත. කෙසේ වෙතත් චීනය පමණක්‌ හානියකින් තොර ව මිනිස්‌ පරිභෝජනය සඳහා නම් සහල්වල පැවතිය යුතු උපරිම ආසනික්‌ ප්‍රමාණය 150µg/kg ලෙස නීති පනවා ඇත.

 

 

 

 

මේ සිතියමේ දක්‌වා ඇත්තේ ශ්‍රී කලංකාවේ වකුගඩු රෝගීන් වැඩියෙන්ම හමුවන ප්‍රදේශයන්ය. මෙරට සහල් නිෂ්පාදනයේ හදවත ද රජරට මෙකී ප්‍රදේශම වන බව අපට නොසලකා හැරිය නොහැකිය.

 අප ගේ පර්යේෂණයෙන් හෙළි වූ පරිදි රජරට ප්‍රදේශයෙන් ලබාගත් සහල්වල අඩංගු වූ ආසනික්‌ ප්‍රමාණ මෙසේ ය.

මහවිලච්චිය 258 µg/kg
පදවිය 326 µg/kg
ශ්‍රීපුර 550 µg/kg

2010 වසරේ දී පේරාදෙණි සරසවියේ මහාචාර්ය රෝහණ චන්ද්‍රජිත් ඇතුළු කණ්‌ඩායම විසින් සිදු කරන ලද පර්යේෂණයක ප්‍රතිඵල අනුව ගිරාඳුරුකෝට්‌ටේ සහ නිකවැව ප්‍රදේශවලින් ලබාගත් සහල් සාම්පලවලින් ද  90-260 µµg/kg අතර ප්‍රමාණයකින් ආසනික්‌ හමු වී ඇත. 

සහල්වල ආසනික්‌ පැවතීමේ අවදානම 
අද මේ රටේ කුඹුරු ගොවිතැන් කරන අය ගෙන් අති බහුතරයක්‌ නූතන කෘෂිරසායන භාවිත කරති. කෘමි නාශක වල් නාශක, සහ දිලීර නාශකවලින් තොර ව වී ගොවිතැන් කරන කුඹුරු අක්‌කර ප්‍රමාණය දෙ තුන් සියයකට වඩා වැඩි විය නොහැකි ය. එතරම් ගොවිජනතාව මේ කෘෂි රසායනවලට ඇබ්බැහි වී ඇත. අවාසනාවකට සහල් ඇටය තුළට ආසනික්‌ පැමිණි පසු එය ලෙහෙසියෙන් ඉවත් කළ නොහැකි ය. පිසීමෙන්, තැම්බීමෙන් හෝ වෙනත් සාමාන්‍ය ක්‍රමයකින් සහල්වල ඇති ආසනික්‌ ඉවත් නො වේ. කෙසේ වෙතත් සහල්වල අඩංගු වන ප්‍රමාණයෙන් ආසනික්‌ සිරුරට ඇතුළු වීමෙන් දිනකින් දෙකකින්, සතියකින් හෝ මාසයකින් සෞඛ්‍ය ප්‍රශ්න පැන නො නඟී. එහෙත් වසර කිහිපයක්‌ දිනපතා මේ අයුරින් සුළු ප්‍රමාණවලින් ආසනික්‌ ඇතුළු වීමෙන් බරපතළ රෝගී තත්ත්ව ඇති විය හැකි ය. ලෝකයේ විවිධ රටවල පර්යේෂකයන් පෙන්වා දී ඇති පරිදි දිගුකාලීන ආසනික්‌ විෂ වීම නිසා, 

* දියවැඩියාව (අග්න්‍යාශයික ඉන්සියුලින් නිෂ්පාදනයට ආසනික්‌ බාධා ඇති කරවයි)
* හෘදයාබාධ 
* ආඝාතය - මොළයට රුධිරය සපයන රුධිර වාහිනීවල අවහිර වීම් නිසා ඇති වන තත්ත්වයකි. 
රුධිරය කැටි ගැසීම වළකන හෙපරින්a නම් රසායන ද්‍රව්‍ය නිපදවීමට සහ එහි ක්‍රියාකාරීත්වයට ආසනික්‌ බාධා පමුණුවයි. 
* ආමාශයේ ආබාධ 
* පිළිකා 
* වකුගඩු රෝග 


සුලබ ලෙස ඇති වේ. පසුගිය වසර දහයක පහළොවක කාලය තුළ අපේ රටේ දියවැඩියාව, හෘදයාබාධ, පිළිකා ඉතා ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී. රජයේ රෝහලක දියවැඩියාව හෝ හෘදරෝග සායනයක්‌ දෙස බැලූ විට පෙනී යන කරුණක්‌ නම් නව යොවුන් තරුණ තරුණියන් පවා ඒවාට සහභාගී වන බවයි. අවුරුදු 20-30 පසු වන තරුණ තරුණියන්ට පවා දියවැඩියාව, හෘදරෝග, පිළිකා රෝග ඇති කළේ ආසනික්‌ විය නොහැකි ද?

මේ ජාතික ව්‍යසනයෙන් මිදෙන ක්‍රමය කුමක්‌ ද?
අප සියවස්‌ ගණනාවක්‌ පුරා බත් කෑ ජාතියකි. මේ රට කලක්‌ පෙරදිග ලෝකයේ ධන්‍යාගාරය ලෙස හඳුන්වනු ලැබී ය. කෘමි නාශක, වල් නාශකවලින් තොරව වී ගොවිතැන් කිරීමේ අනභිභවනීය වූ දැනුමක්‌ අප සතු විය. මහ අස්‌වනු ලබා දිය හැකි පෝෂණීය ගුණයෙන් අනූන කළු හීනටි, රත්දැල්, සුවඳැල්, ආදී වූ වී වර්ග අප සතු විය. හරිත විප්ලවය නාමයෙන් පැමිණි රකුසෙක්‌ ඒ සියල්ල ගිල ගත්තේ ය. කළු හීනටි, සුවඳැල් වෙනුවට දෙමුහුම් වී ප්‍රභේද පිටරැටියන් විසින් හඳුන්වා දෙනු ලැබිණි. නව දෙමුහුම් වී වර්ග සමග නා නා ප්‍රකාරයේ ලෙඩ රෝග ද වී ගොවිතැනට ආනයනය කෙරිණි. කෘමි නාශක, වල් නාශක නැති ව අලුත් වී වර්ග වගා කළ නොහැකි විය. අවසානයේ බුසල් කිහිපයක වැඩි අස්‌වැන්නට අනාදිමත් කාලයක සිට දැහැමින් සෙමින් වී ගොවිතැන් කළ ගොවියා රවටනු ලැබී ය. කෘමි නාශක සමග ගොවියා ගේ දැහැමිකම් තුරන් විය. එක්‌ කන්නයකට කෘමි සතුන්, ගැඩවිලුන්, පණුවන් බිලියන ගණන් මරා දැමිය හැකි මහා පව්කාරයකු බවට ගොවි මහතුන් පත් කරනු ලැබී ය. කෘමි සතුන් මරා දැමීමට ඉසිනු ලබන කෘමි නාශකවල අඩංගු වූ ආසනික්‌ කිවුල් ජලය හා ආහාර ඔස්‌සේ එම ගොවිමහතුන් ගේ සිරුරට ද ඇතුළු වී වකුගඩු නරක්‌ කළේ ය. කෘමි නාශකවල තිබූ ආසනික්‌ සහල් ඔස්‌සේ ගමන් කර මුළු රට ම රෝගී කිරීමේ අවදානමක්‌ මතු ව ඇත. 

මේ වන විට රජරට ප්‍රදේශයේ වැවෙන අනෙකුත් පැළෑටි ද අපි පර්යේෂණයට බඳුන් කරමින් සිටින්නෙමු. පිල වැනි සුලබව දැකගත හැකි පැළෑටියක මුල්, කඳ සහ කොළවල පවා ආසනික්‌ ඇති බව මේ වන විට පෙනී ගොස්‌ ඇත. එම ප්‍රදේශවල වගා කළ එළවළු, පලතුරු සහ සත්ත්ව නිෂ්පාදන පර්යේෂණයට බඳුන් කෙරෙමින් පවතින අතර යම් හෙයකින් ඒවායේ ද ආසනික්‌ හමු වුව හොත් පැනනඟින තත්ත්වය කුමක්‌ විය හැකි ද?

මේ හමුවේ අප කළ යුත්තේ බත් කෑම අත්හැරීම ද? බත් කෑම අත්හැර ඊටත් වඩා රෞද්‍ර වූ පාන් පිටි කරා ගමන් කිරීම ද? නැත. කිසිසේත් ම නැත. අප කළ යුත්තේ ආසනික්‌ අඩංගු මේ කෘමි නාශක, වල් නාශක, භාවිතය අත්හැරීමයි. අපට උරුම අපේ ගොවිතැන වෙත ගමන් කිරීමයි. පළිබෝධ නාශක නොමැති ව වගා කළ නොහැකි වී ප්‍රභේද වෙනුවට පෝෂණයෙන් සපිරි අපේ රටට, පසට, ඇඟට ගැලපෙන අපේ වී වර්ග කරා නැවත ගමන් කිරීමයි. එය කළ හැකි කටයුත්තක්‌ දැයි කෙනකු ප්‍රශ්න කළ හැකි ය. 

ඒ සඳහා පිළිතුර මේ වන විටත් කැලණිය විශ්වවිද්‍යාලයයේ විද්‍යා පීඨයෙන් ලබා දී ඇත. පීඨාධිපති නලින් ද සිල්වා මහාචාර්යතුමා ගේ මැදිහත් වීමෙන් ආචාර්යවරුන් සහ සිසු සිසුවියන් එක්‌ ව දැන් කන්න තුනක්‌ "ධාර්මික හෙළ ගොවිතැන" සිදු කර සාර්ථක ප්‍රතිඵල පෙන්වා ඇත. යටපත් ව ගිය අතුරුදන් වී යයි සැලකුණු අප සතු ව තිබූ තාක්‍ෂණික ක්‍රමවේද, වගා උපක්‍රම නැවත මතු කරගෙන එහි සාර්ථකත්වය ලබා ගැනීමට ඔවුනට හැකි වී ඇත. ඉදිරි කාලයේ දී ධාර්මික හෙළ ගොවිතැනට ඔවුන් මුළු රටට ම මඟපෙන්වනු ඇත.



පර්යේෂකයන් කණ්‌ඩායම

මහාචාර්ය නලින් ද සිල්වා - විද්‍යා පීඨාධිපති, කැලණිය විශ්වවිද්‍යාලයය.
මහාචාර්ය ප්‍රියානි පරණගම - රසායන විද්‍යා අංශ ප්‍රධානී, කැලණිය විශ්වවිද්‍යාලයය.
මහාචාර්ය මාලා අමරසිංහ - උද්භිද විද්‍යා අංශ ප්‍රධානී, කැලණිය විශ්වවිද්‍යාලයය.
ආචාර්ය කිත්සිරි සේනානායක - ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, කැලණිය විශ්වවිද්‍යාලයය.
වෛද්‍ය චන්න ජයසුමන - වෛද්‍ය පීඨය, රජරට විශ්වවිද්‍යාලයය
වෛද්‍ය කේ. දහනායක - විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී, කරාපිටිය ශික්‌ෂණ රෝහල.
වෛද්‍ය චින්තක විඡේවර්ධන - ස්‌ථාන භාර වෛද්‍ය නිලධාරී, පදවි ශ්‍රීපුර රෝහල.
වෛද්‍ය පණ්‌ඩුක මහමිතව - වෛද්‍ය පීඨය, රජරට විශ්වවිද්‍යාලය.
වෛද්‍ය ලක්‌ෂිත රාජකරුණා - වෛද්‍ය පීඨය, රජරට විශ්වවිද්‍යාලය.
වෛද්‍ය ධනංජය සමරසිංහ - කරවනැල්ල මූලික රෝහල.
 

විමසුම
රජරට විශ්වවිද්‍යාලයයේ 
වෛද්‍ය පීඨයේ කථිකාචාර්ය 
වෛද්‍ය චන්න සුදත් ජයසුමන 
 

Arsenic Poisoning


  
 Systematic epidemiological research investigating the Chronic Kidney Disease (CKD) of Uncertain Etiology (CKD of UE) prevalent in the North Central region of the country, was commenced in year 2000 by a group of researchers from the Faculties of Medicine and Science of University of Peradeniya and the Renal Care Unit of Teaching Hospital, Kandy.
  
 
  
  
 
Study Areas
  
 
The populations that were screened were as follows:
 
Central Province ( Year 2002)
253
North Central Province - Medawachchiya (Year 2003)
4107
Uva Province - Girandurukotte (Year 2006)
1345
Eastern Province (Year 2008)
3232
  
 The research team has already covered several areas in the Eastern province (Ampara District) to find out the prevalence of CKD in the area and hopes to extend their activities in several other regions (Southern Province ,Uva Province, North Western Province, Western province) of Sri Lanka in the near future.
  
 
 
  
  
 
Prevalence of CKD: (As per persistent proteinuria) – Over 18 years of age
 
Central Province (2002)
3.16 %
North Central Province - Medawachchiya (2003)
3.77 %
Uva Province - Girandurukotte (2006)
4.28 %
(Below 18 years of age)
1.77 %
Eastern Province (2008)
2.2 %
  
  
 
Patient Characteristics
  
 
The disease progresses slowly and majority of patients do not have any symptoms until they are in the late stages of the disease. At the last stages of the disease the quality of life of the patients become very poor and the mortality rate is almost 100% if they are unable to find a suitable donor in time for a kidney transplant. Almost all patients are within the age group of 30 – 60 years, with a male preponderance and the majority being paddy farmers.
  
  
 Patient Care
  
 
 
  
 
Currently routine special renal care clinics are held at
(Number of patients currently being followed up)
General Hospital Anuradhapura
1500
District Hospital Medawachchiya
2500
District Hospital Girandurukotte
1250
District Hospital Padaviya
1000
District Hospital Medirigiriya
600
Base Hospital Polonnaruwa
800
  
 
  
 
The patient care includes clinical, laboratory care and drug management. Laboratory investigations are carried out routinely to monitor the disease progression and to intervene with appropriate medications, by way of conducting routine follow up clinics.
Ċ
TubeWell TubeWellSriLanka,
Jul 9, 2011, 8:17 PM
Comments